කර්තෘ :   සැක් පූනන් වර්ග :   ස්ත්‍රිය
WFTW Body: 

දෙවියන්වහන්සේ  ඒව  සෑදුවේ,  ඇය  මිනිසාට  සුදුසු  සහකාරියක්  වන  පිණිසයි  (උත්පත්ති  2:18). මෙම මහිමාන්විත​ සේවය අප දකින්නේ,  ශුද්ධාත්‍මයාණන්ටද,  සහකරු යන  තනතුරින් යේසුස්වහන්සේ  ආමන්ත්‍රණය  කිරීමේදීය  (යොහන්  14:16).  ශුද්ධාත්මයාණන්වහන්සේ  ඇසට නොපෙනෙන ලෙස සහ නිහඬව එහෙත් බලවත් ලෙස, ඇදහිලිවන්තයින්ට උපකාර කරන ලෙසම, මිනිසාට උපකාර කරන පිණිස ස්ති්‍රය මවන ලදී. ශුද්ධාත්මයාණන්වහන්සේගේ සේවය ප්‍රසිද්ධියෙන් සැගවෙච්ච පසුබිමක කි්‍රයාවකි. කාන්තාවකගේද එසේ විය යුතුයි.

  යේසුස්වහන්සේගේ    ජීවිතය    කාන්තාවට    ආදර්ශයකි.    දෙවියන්වහන්සේ    (පියාණන්) ක්‍රිස්තුස්වහන්සේගේ  හිසව  සිටින  ආකාරයටම,  මිනිසා  ස්ති්‍රයගේ  හිස  බව  දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශ කරයි (1 කොරින්ති 11:3). යේසුස්වහන්සේ සැමවිටම පියාණන්ට යටහත්ව ක්‍රියාකල සේක. දේව බිය ඇති ස්ත්‍රියක්, තම ස්වාමි පුරුෂයාටද එලෙසම ක්‍රියාකරයි. ඒදන් උයනේදී ඒවට වැරදුනේ ඇය තීරණයක් ගන්ට ප්‍රථම ඇගේ ස්වාමිපුරුෂයාගේ උපදෙස් නොලැබූ බවයි. එබැවින් සාතාන් ඇයව රැවැට්ටුවා (1 තිමෝති 2:14). ඒවට වැරදුනු තැනේ, යේසුස්වහන්සේ පි යාටද, සභාව ක්‍රිස්තුස්වහන්සේටද යටත්වුනු ආකාරයටම, තම ස්වාමිපුරුෂයන්ට යටත්වීමේ මහිමය ප්‍රකාශ කරන පිණිස, අද දෙවියන්වහන්සේ කිතුණු භාර්යාවන් කැඳවු සේක (එපීස 5:24).

   ලුසිෆර්ගේ  කැරළි  ගැසීමෙන්  පාපය  මේ  විශ්වයට  ඇතුල්වුනේය.  ගැළවීම  පැමිණියේ කි්‍රස්තුස්වහන්සේගේ යටහත්කම තුළි න්ය. විශ්වයේ ඇති විශාලතම බලය නම් දෙවියන්වහන්සේගේ ආධිපත්‍යයට යටහත්වීමේ ආත්මයයි - මන්ද එය ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයයි. කැරළි ගැසීමේ සියළුම ආත්ම කුරුසියේදී එම ආත්මය විසින් පරාජය කල සේක. භාර්යාවන් තම ස්වාමිපුරුෂයාට යටහත්වීමෙන්,  ඇයට  එසේ  කරන්ට  කියා  අණකරන  දේවවචනෙ ය්  ආධිපත්‍යයට  ඇය  සැබවින්ම යටත්වෙනවා.  එවිට  විශ්වයේ  තිඛෙන  විශාලතම  බලය  ඇයට  බලපෑමක්  ඇති  කරනවා. නොඇදහිලිවන්ත ස්වාමිපුරුෂයන්ද පවා දිනාගන්නට මේ බලය කි්‍රයාකරන්ට පුළුවන (1 පේතෘස් 3:1-2). ඇය මෙම යටහත්වීමේ ආත්මය ඇගේ භූමික ජීවිතය  තුළ පවත්වා ගන්නේ නම්, ඇය සැබවින්ම  ජයගන්නා කෙනෙක්  වී, සදාකාල  යුගය  වෙනුවෙන්,  යේසුස්වහන්සේ  සමඟ  පාලනය කිරීමට සුදුසුකම ලබන්නේය (එළිදරව් 5:21).

 

  සාතාන් නැවතත් කාන්තාව රවටන්නේ මෙතනදීය. දේවදූතයන් නොමඟ යැවූ ලෙසම, ඔහු කාන්තාව නොමඟ  යවන්නේද  කැරළි  ගැසීමේ  ආත්මය  තුළින්ය. කැරළි  ගසන  භාර්යාවක්,  ඇගේ  නිවස කාන්තා රයකටත් වඩා හිස්වූ වඳ භූමියකට හරවයි  (හිතෝපදේශ 21:19 පදයේ ඇගයීම එයයි). අනෙක් අතට ගුණවන්ත යටහත් බිරිඳක් ඇගේ සැමියා රජෙකු මෙන් කිරුළු පැළඳ, ඇගේ නිවස මාළිගාවකට හරවන්නීය (හිතෝපදේශ 12:4). ආත්මිකව සසඳන කල, ඔබේ නිවස මාළිගාවක් හෝ කාන්තාරයක් විය හැක. මේ සියල් ල රඳා පවතින්නේ, ඔබ කුමන ආකාරයේ බිරිඳක්ද යන කරුණ මතය. එබැවින් මෘදුවූ (කරුණාවන්තවූ) සහ නිශ්චලවූ ආත්මයක් දෙවියන්වහන්සේ වැඩියෙන් අගය කිරීම පුදුමයට කරුණක් නොවන්නේය (1 පේතෘස් 3:4).

  ගුණවන්ත ස්ත්‍රියක් පිළිබඳ යම් ගුණාංග හිතෝපදේශ 31:10-31 දක්වා විස්තර කර ඇත. ඇගේ හදවත,  අත්  සහ  දිව  උතුම්  බව  සඳහන්  කර  ඇත.  ඇගේ ශාරීරික අලංකාරය  හෝ  ඇගේ රුපශී්‍රය පිළිබඳව කිසිවක් සඳහන් කර නැත. මන්ද මේවා නොවටිනා බවත්, රැවටිලිකාර බවත් සඳහන් කර ඇත. සිය ̈ම කාන්තාවන් සහ තරුණියන් සහ විශේෂයෙන්ම විවාහය ගැන සිතන තරුණියක් මේ කාරණා අවබෝධ කරගැනීම ඉතා සුදුසු කරුණකි. මෙතන  සඳහන්  කරන  ගුණවන්ත  ස්ත්‍රියක්,  සේව  බිය  ඇති  තැනැත්තියකි  (හිතෝපදේශ  31:30). ඇගේ මුළු ජීවිතයේම අත්තිවරම මෙයයි. ඇය දෑතින් ක්‍රියාශිලීව ඇඳුම් මසන්නීය, කෑම පිළියෙල කරමින්,  ගස්  වවමින්  සහ  දිළිඳුන්ට  උදව්  කරන්නීය  (හිතෝපදේශ  31:13-22).  ඇය කරුණාවන්තකමින්  සහ  ප්‍රඥාවන්තව,  සැමවිටම  ඇගේ  දිව  පාවිච්චි  කරන්නීය  (හිතෝපදේශ 31:26).  ඇය  දේව  භක්තියෙන්  යුක්තව,  වෙහෙසවී  ක්‍රියාශීලි  වන  කරුණාවන්ත  තැනැත්තියකි - අලංකාර නොවුනත්, දෙවියන්වහන්සේගේ මහිමය ඇගේ පවිත්‍ර හදවතින්, රළු අත්වලින් සහ මෘදු දිව තුළින් ප්‍රකාශ වන්නේය. (ලෞකික ස්තී්‍රන් ඊට පරස්පර විරෝධිය. ඔවුන් අපවිත්‍ර හදවත්, මෘදු අත් සහ රළු දිවක් සහිත වූහ). මේ අංශ තුළ දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශ වන පිණිස, අද දින සිටින කාන්තාවන් දෙස උන්වහන්සේ බලන සේක.

 

  මේ ගුණවත් කාන්තාව, භාර්යාවක් ලෙස ඇගේ ස්වාමිපුරුෂයාට සැබෑ උපකාර කරන්නියකි. විටින් විට  නොව,  නිතිපතා  ඇගේ  ජීවිතයේ  අවසානය  දක්වා  ඇය  ඔහුට  යහපත  කරන්නියකි (හිතෝපදේශ 21:12). වෙනත් වචනවලින් පැවසුවහොත් ඇය කිසිවිටෙක ඔහු කෙරෙහි ඇති පළමු ප්‍රේමය  නැතිකරගන්නේ  නැත.  ඔහුගේ  වෘත්තියටත්,  දේව  කැඳවීමටත්  අනුව  ඇය  වෙනස්වී, ඇයගේ  කි්‍රයාශීලිභාවයෙන්  ඔහුගේ  වැටුපට  එකතුවක්  අැති  කරගන්නීය.  කිසිම  මුදලක්  නාස්ති නොවන පිණිස, අරපිරිමැස්ම ඇතුව ප්‍රවේශමෙන් වියදම් කරන්නීය. දෙවියන්වහන්සේගේ සේවයක් කිරීම  පිණිස,  නිවසේ  වගකීම්වලින්  ඔහුව  නිදහස්  කරන්නීය  (හිතෝපදේශ  31:23-27).  ලෝකයේ සිටින  සියළුම  කාන්තාවන්ට  වඩා  (කාන්තා  අගමැතිනියන්ටත්  කාන්තා  දේශකයින්ටත්) ඇය  හොඳ බව,  ඇගේ  ස්වාමියා  ප්‍රශංසා  කිරීම  පුදුමයට  කරුණක්  නොවේ  (හිතෝපදේශ  31:29).  මෙවැනි කාන්තාවක්  අනිවාර්යයෙන්ම  ප්‍රසිද්ධියේ  පැසසුම්  ලැබිය  යුතුයි  (හිතෝපදේශ  31:31).  මන්ද  ඇය ඇයගේ කැඳවීමේ මහිමය කාන්තාවක් ලෙස අවබෝධ කරගෙන ඒ තුළ නිරතවීම නිසාය.