WFTW Body: 

යේසුස් වහන්සේ අපගේ පෙරටුව යන්නා (එම තරඟයම අපට ඉදිරියෙන් දිව ගිය තැනැන්වහන්සේ) ලෙස, අපට පියාණන් වහන්සේගේ අභිමුඛයට ඇතුළු වී සෑම විටම එහි වාසය කිරීමට මාර්ගයක් විවෘත කර ඇත. මෙම මාර්ගය "නව සහ ජීවමාන මාර්ගය" ලෙස හැඳින්වේ (හෙබෙව් 10: 19). පාවුල්තුමා එය පවසන්නේ "සෑම විටම යේසුස් වහන්සේගේ මරනු ලැබීම (ස්ව-කැමැත්තට මැරීම), තම ශරීරයෙහි උසුලා දරාගත් බවයි" ( 2 කොරින්ති 4: 10). ඔහුගේ පෞද්ගලික සාක්ෂිය ලෙස, ඔහු ක්‍රිස්තුස් වහන්සේ සමඟ කුරුසියේ ඇණ ගසනු ලැබූ බවත්, ඔහු තවදුරටත් ජීවත් (තමාම වෙනුවෙන්) නොවූ බවත්, වරක් පැවසුවේය. දැන් ඔහු තුළ ජීවත් වූයේ ක්‍රිස්තුස් වහන්සේය, මන්ද උන්වහන්සේම කල්වාරිය මත මැරුණු බැවිනි (ගලාති 2: 20). ඔහුගේ පුදුමාකාර ජීවිතය හා දෙවියන් වහන්සේට ප්‍රයෝජනවත් වීමේ රහස මෙයයි.

යේසුස් වහන්සේ සෑමවිටම කුරුසියේ මාර්ගයේ ගමන් කළසේක - එනම්, ස්වකැමැත්ත මරණයට පත් කිරීමේ මාවත. උන්වහන්සේ එක් වරක්වත් තමන්ව සතුටු කළේ නැත (රෝම 15: 3). යමෙකුගේම කැමැත්ත සතුටු කිරීම සියලු පාපයේ කැපී පෙනෙන අංගයයි. යමෙකුගේම කැමැත්ත ප්‍රතික්ෂේප කිරීම ශුද්ධකමේ කැපී පෙනෙන අංගයයි. යේසුස් වහන්සේ වරක් ප්‍රකාශ කළේ තමන්වම දිනපතාම ප්‍රතික්ෂේප කර දිනපතා තමන්ගේම ස්ව- කැමැත්තට මැරෙන්නට තීරණය කළහොත් මිස, කිසිවෙකුට උන්වහන්සේව අනුගමනය කළ නොහැකි බවයි (ලූක් 9: 23). එය පැහැදිලි ය. අපි දිනපතා අපවම (ස්ව-කැමැත්ත) ප්‍රතික්ෂේප නොකරන්නේ නම් යේසුස් වහන්සේව අනුගමනය කිරීම කිසිසේත් කළ නොහැක්කකි. අපි ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයෙන් පවිත්‍ර වී, ශුද්ධාත්මයාණන් ලබා ඇති අතර, වචනය පිළිබඳ ගැඹුරු දැණුමක් ඇතත්, අපි දිනපතා අපගේම කැමැත්තට නොමැරෙන්නේ නම්, අපට ‍ස්වාමී වූ යේසුස් වහන්සේව අනුගමනය කළ නොහැක. එය ස්ථිරය.

පරණ වස්ත්‍රයකට අලුත් රෙද්දකින් කෑල්ලක් කපා පරණ වස්ත්‍රයේ ඉරීමක් වසා දැමීමට උත්සාහ කරන අය ගැන යේසුස් වහන්සේ වරක් කථා කළසේක. මෙය පරණ වස්ත්‍රය ඉරා දමන බව උන්වහන්සේ කීසේක. අවශ්‍ය වුවේ පරණ වස්ත්‍රය ඉවත් කර දමා අළුත්ම වස්ත්‍රයක් ගැනීමය. තවත් උපමාවක, ඵළ හොඳ වීමට අවශ්‍ය නම්, ගසම යහපත් කිරීම ගැන උන්වහන්සේ කීසේක. නරක ඵළ කපා දැමීමෙන්ම පමණක් පළක් නොවීය.

මෙම උපමා සියල්ලෙහිම මූලික වශයෙන් එක් පාඩමක් ඇත: පරණ මනුෂ්‍යයාට (අප තුළ ඇති) වැඩිදියුණු වීමට නොහැක. ඔහුව දෙවියන් වහන්සේ විසින් කුරිසිපත් කර ඇත (රෝම 6: 6). මෙම උපමා සියල්ලටම එක් පාඩමක් ඇත: පරණ මිනිසා වැඩිදියුණු කළ නොහැක. දැන් අපි ඔහු කෙරෙහි දෙවියන් වහන්සේගේ විනිශ්චයට එකඟ විය යුතු අතර, ඔහුව ඉවත් කර, අලුත් මනුෂ්‍යයා පැළඳගත යුතුය.

කුරුසියේ මාර්ගය (ස්ව -කැමැත්තට මැරීම) ආත්මික දියුණුවේ මාර්ගයයි. ඔබ කෝපය, නොරිස්සීම, නොඉවසිළිමත්කම, තෘෂ්ණා සිතිවිලි, වංකකම, ඊර්ෂ්‍යාව, ද්වේෂය, තිත්තකම සහ මුදලට ඇති ඇල්ම වැනි පාපයන් ජය නොගන්නේ නම්, පිළිතුර රැදී තිබෙන්නේ මෙතැනයි: ඔබ කුරුසියේ මාර්ගය මඟහැර ඇති බවයි.

මැරුණු මිනිසෙක් තම අයිතිවාසිකම්වලට නැඟී සිටින්නේ නැත. ඔහු නිවැරදි යයි ඔප්පු කිරීමට සටන් කරන්නේ නැත. ඔහු තම කීර්ති නාමය ගැන තැකීමක් නොකරයි. ඔහු පළිගන්නේ නැත. ඔහුට කිසිවෙකුට වෛර කිරීමට හෝ කිසිවෙකු කෙරෙහි තිත්තකමක් ඇති කර ගත නොහැක. තමාටම මැරෙන්න යන්නෙහි තේරුම මෙයයි. අපගේ ආත්මික වර්ධනය උදෙසා දෙවියන් වහන්සේ විසින් සපයාදී ඇති අනෙකුත් සියලුම දේ මෙන්ම, මෙම කුරුසියේ මාර්ගයද, අප ආත්මික දියුණුවක් ලබා ගැනීමට නම්, අපට දිනපතා අවශ්‍ය වන දෙයකි.