යෝෂුවා 1:1 "ස්වාමින්වහන්සේගේ මෙහෙකරුවා වන මෝසේස්ගේ මරණයෙන් පසු, ස්වාමින්වහන්සේ නුන්ගේ පුත්‍රවු යෝෂුවාට කථාකොට කියනසෙක්, මාගේ මෙහෙකරුවූ මොසේස් මෙළේය. එබැවින් දැන් නැගිට යොර්දානයෙන් එතරව පලයල්ලා." මෝසේස්ගෙන් පසු නායකයා බවට යෝෂුවාව උසස් කොට පත්කලේ ස්වාමින්වහන්සේමය. අපව නායකත්වයට ස්වාමින්වහන්සේ පත්කළේ නැතිනම්, එම ස්ථානය ප්‍රබල ලෙස ක්‍රියාවට යෙදවීමට නොහැක.
යෝෂුවා විසින් අඩිය තබන සියලූම ස්ථාන ඔහුට දුන් බවත් (යෝෂුවා 1:3), එසේම ඔහුගේ ජිවිතයේ සියලූදවස්වල කිසිවෙකුට ඔහුට විරුද්ධව සිටින්ට නොහැකිබවත් ස්වාමින්වහන්සේ යෝෂුවාට පැවසූසේක(යෝෂුවා 1:5) . මෙය රෝම 6:14 දී තිඛෙන අළුත් ගිවිසුමේ පොරොන්දූව සංකේතවත් කරයි. එනම් "නුඹලා අනුග්‍රහය යටතෙහි සිටින බැවින්, පාපය නුඹලා කෙරෙහි අධිපතිකම් නොකරන්නේය." අතීතයේදී කානාන් දේශය පාලනය කරනලද්දේ බොහෝ යෝධයන් විසිර්‍ණ. නමුත් ඔවුන් සියළුමදෙනා පරාජයට පත්විය. එසේම (කොතරම් බලවත්වූ) එක පාපයකටවත් අපෙන් ජයගත නොහැක. අප වෙනුවෙන් දෙවියන්වහන්සේගේ කැමැත්ත එයයි. නමූත් ඇත්තෙන්ම යම් භුමි ප්‍රදේශයක යෝෂුවාගේ දෙපාතබා ස්වාමින් වහන්සේගේ නාමයෙන් අයිතිවාසිකම් කියා සිටිමට යෝෂුවාට සිදූවිය. ඔහු එසේ කළ විට පමණක් එය ඔහුගේම විය. අපටත් එසේමය. ඇදහිමෙන් අපේ උරුමයට අපි අයිතිවාසිකම් කියා සිටිය යුතුය. දෙවියන්වහන්සේගේ පොරොන්දූ අපේම ලෙස අපි අල්ලා නොගතහොත්, එය කවදාවත් අපේ ජිවිතයේ ඉෂ්ඨ නොවෙයි.
ශුභාරංච්යතුල තම අයිතිවාසිකම් යේසුස්වහන්සේගේ නාමයෙන් පාවුල්තුමා කියා සිටියේය, එහි ප්‍රතිථලයක් ලෙස මහිමවත් ජිවිතයකට ඔහු ඇතුලත්විය. "අපව නිතරම ජයට පමුණුවන්නාවු දෙවියන්වහන්සේට ස්තුති වේවා." යයි 2 කොරින්ති 2:14 ඔහු පැවසීය (නිරන්තර ජයග්‍රහණය) පාවුල් තුමාගේ විජයග්‍රහණයේ ගීතයයි - අපේද ගීතය විය යුත්තේ එයමයි.
නමුත් බොහෝ කිතුණුවන් මෙම ජයග්‍රාහි ජිවිතයට ඇතුල් වී නැත. ඉශ්‍රායලිතයන් 600000 ක් මිසරයෙන් පිටතට පැමිණියෝය. නමුත් එයින් කානාන් දේශයට ඇතුල්වුයේ යෝෂුවා සහ කාලෙබ් පමර්‍ණ. එවැනිම සමඅනුපාතයක කිතුණුවන් පිරිසක් (2/600000 ක) පමණක් ජයග්‍රාහි ජිවිතයට ඇතුලත් වන්නේය. "දේශය අල්ලාගන්ට කියා දෙවියන්වහන්සේ අපට කියා තිබුනේනම්, එය කිරිමට අපට පුලූවන් වේ" යන ආකල්පය යෝෂුවා සහ කාලෙබ්ට තිබුන හෙයින් ඔවුන් පොරොන්දූ දේශයට ඇතුල්වුවෝය, ඇදහීම නම් මෙයයි. ඇදහිම ගණන් ගැණෙන්නේ අපි මුහුණ දෙන අමාරුකම් තුළ නොව දෙවියන්වහන්සේගේ පොරොන්දූ සමඟ පමණී. අනෙක් ඉශ්‍රායෙල්වරු මෙය කළ නොහැකිබව පැවසුවේ මෙම යෝධයන් ඉතාබලවත්සේම විශාල නිසාය. අදත් සමහර කිතුණුවන්ට කෝපය සහ ඇස්වල තෘෂ්ණාවෙන් ජය ගැනීමට නොහැකි යැයි දැණෙන්නේ, මෙවැනි තෘෂ්ණා ඉතා බලවත්ව දීර්ඝ කලක් ඔවුන් කෙරෙහි බලපැවැත්වු හෙයිර්‍ණ. මෙවැනි ඇදහිලිවතුන් ඔවුන්ගේ ජිවිත කාලයේම පරාජිතව සිට (ආත්මික වශයෙන් කථාකරනවා නම්) වනාන්තරයේදීම විනාශ වී යයි.
ස්වර්ගයේ සිට ඇදහැලෙන ආත්මික ගංගාව අපේ හදවත තුළින් ගලන විට අප හදවත තුල ඇති අපවිත්‍ර මාර්ග - එනම් නරකසිතුවිලි, කෙඳිරිගැම්,වරද තැබිම් සහ මුදලට ඇති ආශාව යන දේවලින් අපවිත්‍ර වු මාර්ගයන් තුලින් ගැලීමට ඉඩ නොතැබිය යුතුය. පාපයෙන් නිදහස්වූ පවිත්‍රවූ, ශුද්ධ වු මාර්ගයක් එයට සම්බ විය යුතුය. එවිට අපිඅවට ඉන්නාවූ මනුෂ්‍යයන්ට පිරිසිඳුවූ ස්වර්ගීය ජලයෙන් ආශිර්වාද කිරිමට ඒ ගංගාවට හැකිවේ. ක්‍රිස්තියානි රාජ්‍යයේ අද තිඛෙන මහත් ශෝකාන්තය නම් එහි සිටින දේශකයන්ගේ ඇතුලාන්තය පවිත්‍ර නොවීමයි. ඔවුන් ඔවුන්ගේම හදවත්වල සහ තම පෞද්ගලික ජිවිතයේ පාපවලින් ජයගෙන නැත. ඔවුන්ගේ මුදලට ඇති ආශාව, ඇස්වල තෘෂ්ණාව, තික්තකම, එසේම අනෙකුත් ක්‍රිස්තියානි නායකයන් සමාගම් සමඟ ඇති තරඟකාරිත්වයේ ආත්මය, ඊර්ෂ්‍යාව, බොරුකීම, ඔවුන්ගේ භාර්යාවන්ට කෑගැසීම සහ තවත් බොහෝ පැතිතුල ජයගෙන නොමැත. එසේවුවත් ඔවුන් දෙවියන්වහන්සේගේ සෙනඟට දේශනා කරති. දෙවියන් වහන්සේගේ සෙනඟට ඔවුන්ට ඉගැන්විය හැක්කේ කුමක්ද? ක්‍රියාවට ඔවුන් නඟන දේවල් පමර්‍ණ - නාමිකව කියතොත්, තමන්ගේ භාර්යාවට කෑගසන හැටි, තික්තකම ඇති කරගන්න ආකාරය, ඊර්ෂ්‍යාවෙන ආකාරය සහ අනෙක් අය සමඟ තරඟ කරන ආකාරයන් වේ. ඔවුන් උගන්වන අන් සෑම දෙයක්ම හිස්වු න්‍යායයන්ය. ඔබගේ ජිවිතය තුල ජයග්‍රාහිකයෙක් නොවී ඉගෙන ගැනීම තුලින් ලබාගන්නා බයිබල් දැනීමෙන් පලක් නැත.
"මම නුඹ සමඟ සිටිමියි" කියා ස්වාමින්වහන්සේ යෝෂුවාව ශක්තිමත් කලසේක. යෝෂුවාට විරුද්ධව කිසි මිනිසෙක්ට නැඟී සිටිමට නොහැකි වුයේ මේ නිසාය. සමහර ධර්ම ඇදහිම තුලින් හෝ සමහර අත්දැකිම් තුලින් පාපයෙන් ජය ගැනිමට අපට හැකියාවක් නැත. ස්වාමින්වහන්සේගේ අභිමුඛය නිතරම අප සමඟ තිබිමෙන්ද, ආත්මයාණන්ගේ මඟ පෙන්වීම තුලින්ද පමණක් අපට ජය ලබාගත හැකිය. තම හදවත්වල ඇති පවිත්‍රකම තුලින් අන්අයට පිහිට විය හැකි සහ එය රඳවාගත හැකි එවැනි නායකයන්ව ක්‍රිස්තියානි රාජ්‍ය තුළ අද ස්වාමින්වහන්සේ සොයන සේක.
දෙවියන්වහන්සේ යෝෂුවාට කියන සේක් "ශක්තිමත්ව සහ ධෛර්්‍යමත්ව සිටපන්න. බොහෝ කාලයක් ඔවුන්ගේම සතුරන් විසින් පාලනය කළ මේ දේශය ඔවුන් අයිතිකර ගැනීම සඳහා නුඹ මේ සෙනඟට මඟ පෙන්වන්නේය" (යෝෂුවා1:6). කවර පාපයකටවත් අපි බියවිය යුතු නැත. බොහෝ අවුරුදූ ගණනක් පාපය විසින් පාලනය කළ ඔවුන්ගේ ශරීරයේ- ඇති පාපයෙන් ජයගැනිමට අපි පිටතට ගොස් දෙවියන්වහන්සෙගේ සෙනඟට ශක්තිය දිය යුතුය. ඔවුන්ව ඇදහීමට ගෙන ඒම සහ බව්තිස්ම දෙකට ගෙන ඒම - උළුවස්ස මත ලේ දැමීම, රතු මුහද මැදින් ගමන් කිරීම සහ වලාකූල තුලින් ආවරණය වීම - පමණක් සැහීමකට පත්නොවේ . මෙය හරියටම ආරම්භයයි. එය බාලාංශයේ පාඩම පමණයි. අපේ දරුවන් බාලාංශ පන්තිය පසුකලාම අපි ඔවුන්ගේ අධ්‍යාපනය නතර කරමුද? නැත. නමුත් ක්‍රිස්තියානි රාජ්‍යයයේ අද සිදූවෙන්නේ එයයි.
වළා ටැඹ - ශුද්ධ ආත්ම බව්තිස්මය - පැමිණියේ ඔවුන්ව පොරොන්දූ දේශයට ඇතුල් කිරිමටය. අවුරුදූ 2 ක් ඇතුලත ඔවුන්ට එහි ඇතුල්වීමට හැකිව තිබුණත්, අවුරුදූ 40 ක් යනතෙක්ම ඇතුල් නොවුයේ තම නායකයන්ගේ නොඇදහීම නිසාය. "ඇසීමෙන් ඇදහිල්ල පැමිණේ" (රෝම 10:17). සභා රැස්විම් තුළ ඇදහිලිවතුන්ට මෙම සත්‍යය උගන්වන්නේ නැතිනම්, ඇදහිලිවතුන් කෙසේ අදහාගනීද? එසේනම් ඔවුන් පාපයෙන් ජයගන්නේ කෙසේද?