WFTW Body: 

ස්වාමින් වහන්සේ වෙතට පැමිණීමට අප සූදානම් වන්නේ අපිම වෙරදැරීම සම්පූර්ණයෙන්ම අවසානයකට පැමිණි විට පමණි. යේසුස් වහන්සේ මිනිසුන්ට ආරාධනා කළේ, "වෙහෙසට පත් වූ සහ බර උසුලන සියල්ලෙනි, මා වෙතට එන්න" (මතෙව් 11: 28). යේසුස් වහන්සේ ඕනෑම කෙනෙකුටම තමන් වෙතට එන්න කියා ආරාධනා කරන්නේ නැත. මෙහි දී අප දකින්නේ උන්වහන්සේ ආරාධනා කර න්නේ තමුන්ගෙම, පාපයෙන් පරාජිත ජීවිත ගැන, සම්පූර්ණයෙන්ම වෙහෙසට පත්, කලකිරුණු අය හට පමණක් බවය. අකීකරු පුත්‍රයා තම පියා වෙත ආපසු පැමිණියේ ඔහු "සියල්ල වියදම් කර" සහ "කිසිවෙක් ඔහුට කිසිවක් නොදුන්" පසුව පමණි. ඔහු සිහිඋපදවා ක්‍රියා කළේ එවිට පමණි(ලූක් 15: 16-18). අපට ආත්මිකව වර්ධනය විය හැක්කේ මිනිසුන්ගේ ගෞරවය ගැන නොසලකා, මිනිසුන් සහ තත්වයන් ගැන මැසිවිලි නැඟීම නතර කර - දැන් අපගේම පරාජිත ජීවිත ගැන වෙහෙසට පත්ව කලකිරී සිටින ස්ථානයට පැමිණීමෙන් පමණි. එය සැබෑ පසුතැවිල්ලයි.

දෙවියන් වහන්සේ අපව ඉඳහිට බිම හෙළීමට ඉඩ සලසයි. නමුත් අපි වෙනත් අය වගේ වැටුනු තැන ඉන්නේ නැත. අපි නැඟිට දිගටම යන්නෙමු.”

එසේ නොවුවහොත් අපි නොමේරූ ළදරුවන් හා සමාන වනු ඇත, ඔවුන් නිරන්තරයෙන් ඉන්කියුබේටරය(උණුසුම් පෙට්ටියක්) තුළ තබා ගත යුතුය (අන් අය විසින් නිරන්තරයෙන් උණුසුම් කර දිරිගන්වනු ලබා). අපේ සුරක්ෂිතභාවය (රැකවරනය) ස්වාමින් වහන්සේගේ ප්‍රේමය තුළ පමණක් මිස, සභාව තුලවත් නොවිය යුතුය. එසකියෙල් 36: 25-30 නව ගිවිසුම යටතේ යේසුස් වහන්සේ අපට දෙන සමෘධිමත් ජීවනය ගැන අනාවැකි පළ කරයි. අපි එම ජීවිතයට පැමිණි විට, "අපගේ පෙර දිනවල අප කළ සියළු දුෂ්ඨකම් ගැන අපටම පිළිකුළක්" ඇතිවන බව 31 වන පදයේ සඳහන් වේ. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයෙකුගේ මූලික ලක්ෂණයක් නම්, "අනේ කාළකණ්ණි මනුෂ්‍යයෙක් වූ මා, මෙම සියළු පාපයෙන් මුළුමනින්ම මිදෙන්නේ කෙසේද?" (රෝම 7: 24 - විස්තරාත්මක පරිවර්ථනය). සියළු කෙලෙසීම්වලින් හා මාංශයෙහි පාපයේ සුවඳින් පවා නිදහස් වීමට ඔහු නිරන්තරයෙන් ආශාවෙන් සිටී.

දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ විපත්ති දවසේදී ඔබ ශක්තිමත්ව සිටීමයි (හිතෝපදේශ 24: 10). නමුත් ඔබට එම විපත්ති දවසේදී ශක්තිමත් වීමට අවශ්‍ය නම්, මෙම සාමයේ කාලය තුළ ඔබ ස්වාමින් වහන්සේ පිළිබඳ ඔබේ දැණහඳුනා ගැන්ම ගොඩනඟා ගත යුතුය.

දෙවියන් වහන්සේගේ මාර්ග අපගේ මාර්ග නොවේ. උන්වහන්සේ මුලින්ම ඔබව බිඳ දැමිය යුතුයි - බොහෝ කළකිරීම් සහ අසාර්ථකත්වයන් හරහා - එබැවින් උන්වහන්සේ ඔබ වෙනුවෙන් සැලසුම් කර ඇති එම ආත්මික අධ්‍යාපනය ඔබට ලබා ගත හැකි තැනට උන්වහන්සේ ඔබව යවනසේක. 

මෝසෙස් ඉශ්‍රායෙල්හි ශ්‍රේෂ්ඨතම නායකයා වීමට සූදානම් කරන පිණිස, බැටළුවන් බලාගැනීමට වසර 40ක් පාළුකරයට යැවීමට සහ ඔහුගේ මාමණ්ඩියා සමඟ නැවතී ඔහු යටතේ වැඩ කිරීමට සිදුවීමේ නින්දාවට මුහුණ දීමට මෝසෙස්ව යැවීම අප කිසිවකු කිසිවිට නොසිතන්නට ඇත. නමුත් එය දෙවියන් වහන්සේගේ මාර්ගයයි. දෙවියන් වහන්සේ යාකොබ් දෙවියන් වහන්සේගේ කුමාරයෙකු (ඉශ්‍රායෙල්) බවට පත් කිරීමට පෙර ඔහු සමඟ මේ හා සමාන දෙයක් කළසේක. දෙවියන් වහන්සේට ඇති දුෂ්කරම කාර‍්‍යය වන්නේ මිනිසෙකු බිඳ දැමීමයි. නමුත් දෙවියන් වහන්සේ එය කිරීමට සමත් වූ විට, එවැනි මිනිසෙකු හරහා මුදා හරින ලද බලය පරමාණුව කැඩී ගිය විට නිකුත් කරන ලද බලයට වඩා බොහෝ සෙයින් වැඩි වනු ඇත!

පාවුල් ඔහුගේ අත්දැකීම ගැන පැවසුවේ, "අපිව බිම හෙළා දමනු ලබමුව, නමුත් අපි නැඟිට ඉදිරියට යන්නෙමු" (2 කොරින්ති 4: 9 - ජීවමාන බයිබලයේ පරිවර්ථනයකි). දෙවියන් වහන්සේ අපව ඉඳහිට බිම හෙළීමට ඉඩ සලසයි. නමුත් අපි වෙනත් අය වගේ වැටුනු තැන ඉන්නේ නැත. අපි නැඟිට දිගටම යන්නෙමු. සාතන්ව තවත් කෝපයට පත් කරන්නේ එයයි. දෙවියන් වහන්සේ අපව බිම හෙළීම තුළින්, අපව පවිත්‍ර කර, උන්වහන්සේ උදෙසා වෙන් වූ ජීවිතයක් පිළිබඳ අධ්‍යාපනයක්ද අපට ලබා දෙයි, එවිට එය අපගේ යහපත්ම දේ සඳහා හැරේ. ඒ නිසා එදවස පටන් මම යන හැමතැනකම යේසුස් වහන්සේගේ ජයග්‍රහණය සහ සාතන්ගේ පරාජය තව තවත් ප්‍රකාශ කරමි. හාලේලූයා!!

©Zac Poonen – [email protected] කර්තෘගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදු නොකළයුතුය.