WFTW Body: 

රෝමාණු කතෝලික සභාවේ, මිනිසුන් තම පාප පූජකයාට පාපොච්චාරණය කිරීමේ පුරුද්දක් ඇත. සමහර රෙපරමාදු සභාද ඇදහිළිවන්තයින් තම පාප එකිනෙකාට පාපොච්චාරණය කිරීමට දිරිගන්වන අතර සෑම ඇදහිළිවන්තයෙකුටම පාපයෙන් මිදීමට මාර්ගයක් ලෙස ඔහුගේ සියලු පාප නිතිපතා පාපොච්චාරණය කරන "වගකිවයුතු හවුල්කරුවෙකු" සිටිය යුතු බව උගන්වයි. එවැනි ඉගැන්වීමක් නව ගිවිසුමේ කොතැනකවත් දක්නට නොලැබේ. එය මානව මනෝවිද්‍යාවේ ඉගැන්වීම මිස ශුද්ධාත්මයාණන්ගේ ඉගැන්වීම නොවේ. එහෙත්, බොහෝ ඇදහිළිවන්තයින් මෙම ව්‍යාජ ඉගැන්වීම අන්ධ ලෙස පිළිගෙන එය පිළිපදී.

වගවීමේ හවුල්කරුවෙකු සිටීම ගැන බයිබලය කිසිවිටෙක කොතැනකවත් කථා නොකරයි. එවැනි පාපයෙන් වැළකීමේ මාර්ගය සැබවින්ම මිනිසාට ඇති බිය තුළින් ශුද්ධකම ලුහුබැඳීමයි - කෙනෙකුගේ "වගවීමේ සහකරු" වෙත පාපොච්චාරණය කිරීමට සිදුවීමේ ලැජ්ජාව නිසා පාපයෙන් වැළකී සිටීමයි. නමුත් බයිබලය අපට අණ කරන්නේ මනුෂ්‍යයින්ට බියෙන් නොව දෙවියන් වහන්සේට බියෙන් ශුද්ධකම සම්පූර්ණ කරන ලෙසයි (2කොරින්ති 7: 1). අපි දෙවියන් වහන්සේට ගණන් දිය යුතුයි - “අප ගණන් දිය යුතු එකම තැනැන්වහන්සේ උන්වහන්සේමය (හෙබ්‍රෙව් 4: 13)

අපි අපේ පාප පාපොච්චාරණය කළ යුත්තේ ස්වාමීන් වහන්සේට පමණි. යාකොබ්5: 16 හි "ඔබේ පාප එකිනෙකාට පාපොච්චාරණය කරන්න" යන ආඥාව බොහෝ විට සන්දර්භයෙන් ඉවත් කර ඇත. මෙහි සන්දර්භය තුළ, එය ඔහුගේ සභාවේ වැඩිමහල්ලන් විසින් යාච්ඤා කරනු ලබන රෝගී ඇදහිළිවන්තයෙකු ගැන සඳහන් කරන බව පැහැදිළිය. සමහර අවස්ථාවලදී රෝගය පාපය නිසා ඇති වන බැවින් ( යොහන් 5: 14 හි අප දකින පරිදි), එහිදී "ඔහුව සුව කළ හැකි වන පරිදි" රෝගී පුද්ගලයාට ඔහුගේ පාප (ඔහුගේ අසනීපයට හේතුව විය හැකි) පාපොච්චාරණය කරන ලෙස පවසා ඇත. එය නම් ඇදහිළිවන්තයින්ට ඔවුන්ගේ පාප වෙනත් ඇදහිළිවන්තයින්ට පාපොච්චාරණය කිරීමට ඉගැන්වීම නොවේ. ඕනෑම පදයක් එහි සන්දර්භයෙන් ඉවතට ගත් විට එය ඉතා භයානක ය. සන්දර්භයෙන් ඉවත් කරන ලද පදයක් බොහෝ විට ව්‍යාජ ඉගැන්වීම්වලට කඩතුරාවක්වේ (වැස්මක්වේ). එබැවින් ඔබ සියලුම පද ඒවායේ ආසන්න සන්දර්භය තුළ අධ්‍යයනය කර ඒවා බයිබලයේ එකම විෂය පිළිබඳ වෙනත් පද සමඟ සංසන්දනය කිරීමට ප්‍රවේශම් වන්න.

අප මනුෂ්‍යයෙකුට පාපොච්චාරණය කළ යුතු එකම පාපය නම් අප ඔහුට විරුදධව කළ පාපයයි - නිදසුනක් වශයෙන්, අප ඔහුට වංචා කර ඇත්නම් හෝ ඔහුට යම් ආකාරයක රිදවීමක් කර ඇත්නම්, (මතෙව් 5: 23,24). මෙය නිතරම මතක තබා ගන්න.

අප කිසිවිටෙකත් අපගේ අතීත පාපයන් ගැන විස්තරාත්මකව කිසිවෙකුට කථා නොකළ යුතුය, මන්ද එය සාතන්ව (අපව එම පාප කිරීමට සැළැස්සවූ) ගෞරවයට පත් කරන අතර අපගේ පාපොච්චාරණ අසන අයගේ මණසද දූෂ්‍ය කරයි. අපි දැන් දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයෙන් අපව පවිත්‍ර කර ධර්මිෂ්ඨ කර ඇති බව (මම කවදාවත් කිසිදු පාපයක් නොකළාක් මෙන්) ප්‍රකාශ කිරීමෙන් ය. ඔබ මෙය ඔබේ ජීවිත කාලය පුරාම මතක තබා ගත යුතුය. අපි දෙවියන් වහන්සේගේ අනුග්‍රයෙන් ගැළවීම ලැබූ පව්කාරයින් බව අප සැමවිටම පිළිගත යුතුය. නමුත් අප කිසිවිටෙකත් අපගේ පාප පිළිබඳ විස්තර දෙවියන් වහන්සේට හැර අන් කිසිවෙකුට පාපොච්චාරණය නොකළ යුතුය. මෙය නව ගිවිසුමේ මාර්ගයයි.

සියලුම ඇදහිළිවන්තයින් තම සාක්ෂිය දෙන විට දෙවියන් වහන්සේ ඔවුන් තුළ කර ඇති කාර්‍යය (ධණාත්මක කොටස) සඳහා සැමවිටම දෙවියන්වහන්සේව මහිමයට පත් කළ යුතු අතර, ඔවුන්ගේ පෙර නොහැරුණු අතීතයේදී සාතන් ඔවුන් ළවා කළ සියල්ල ගැන විස්තර සඳහන් කිරීමෙන් කිසිවිටෙකත් සාතන්ව මහිමයට පත් නොකළ යුතුය. අපි පව්කාරයෝ, පසුබටවූවෝ හෝ කැරළිකාරයෝ යනාදී වශයෙන් කීම ප්‍රමානවත්ය.

පේත්‍රැස් තුමා ඔහුගේ ලිපිවල අන්වෙසක් වීමේ අත්දැකීම ගැන කථා කළා මිස ස්වාමින් වහන්සේව ප්‍රතික්ෂේප කිරීම ගැන නොවන බව දැකීම මා පෞද්ගලිකව දිරිමත් කර ඇත (2 පේත්‍රැස් 1: 17,18). ඒ හා සමානව, පාවුල්තුමා යුදෙව්වන්ට (ක්‍රියා 22) සහ අග්‍රිපාට (ක්‍රියා 26) ඔහුගේ සාක්ෂිය දෙන විට, ඔහු ස්වාමීන් වහන්සේ සමඟ සම්මුඛවීම ගැන ඉතා විස්තරාත්මකව කථා කළද කිතුණුවන්ට පීඩා කිරීම ගැන කථා කළේ අල්පයක් පමණි. විශේෂිත පාපයන් පාපොච්චාරණය කිරීම රෝමාණු කතෝලික සහ මිථ්‍යාදෘෂ්ටිකයින්ගේ අදහසකි, අවාසනාවකට මෙන් වර්තමානයේ සමහර රෙපරමාදු ලේඛකයින් ද එය දිරිගන්වයි. මෙය "ස්වයං-නිර්මාණය කරන ලද ආගමේ සහ ස්වයං-හිංසා කරගැනීමේ ප්‍රඥාවේ පෙණුම ඇත ,නමුත් ඇත්ත වශයෙන්ම එහි කිසිදු වටිනාකමක් නැත" (කොලොස්සි 2: 23). ආත්මාවමානය ස්වයං-හිංසා කිරීම යටහත්කම නොවේ - එය ප්‍රඥාව ද නොවේය. අපේ ලොකුම අවශ්‍යථාවය වන්නේ ප්‍රඥාවයි.

©Zac Poonen – [email protected]