WFTW Body: 

ස්වාමින් වහන්සේමට, මඟ පෙන්වූ ආකාරය ගැන මම බොහෝ වාරයක් ආපසු හැරී බළා ඇත - එය මගේ ඇදහිල්ල අලුත් කර ඇත. ගැළවීමට මඟක් නොමැති යැයි පෙනෙන්නට ඇති දුෂ්කර තත්වයකට මුහුණ දීමට මට සිදුවූ විට, මම බයිබලයේ පොරොන්දු ගැන මතක් කර, වෙනත් ඇදහිළිවන්තයින් මට දෙන දිරිගැන්වීම්වලට සවන් දෙමි. නමුත් සියල්ලටම වඩා මගේ ඇදහිල්ල වැඩියෙන්ම ශක්තිමත් කරන දෙය වන්නේ මම ආපසු හැරී බැලීමය. ස්වාමින් වහන්සේමගෙන් අසන්නේ “එක් වරක් වත් මම ඔබව මඟ හැර තිබේ ද?” මට පිළිතුරු දීමට සිදුවන්නේ “නෑ ස්වාමිනි එක් වරක් වත් නැත” කියා ය. එවිට උන්වහන්සේ කියා සිටින්නේ “දැන් වුවද මම නුඹව මඟ හරින්නේ නැත” කියා ය. අන් හැම දෙයකටම වඩා මෙය මාව දිරිගන්වන්නේ ය.

ඔබ නැවත වැටී තිබේද? අතීතය බළා ස්වාමින් වහන්සේ ඔබට සමාව දුන් ආකාරය දෙස බලන්න. උන්වහන්සේ ඔබට සමාව දුන් විට ඔබ නැවත වැටෙන බව උන්වහන්සේ දැන නොසිටියේද? ඔබ නැවත වැටීම එය උන්වහන්සේව මවිතයට පත් කළේද? නැත. එසේ නම්, උන්වහන්සේ ඔබට නැවත සමාව දේවි. කෘතඥථාවයෙන් අතීතය දෙස බලන්න. එය ඔබගේ ඇදහිල්ල ශක්තිමත් කරයි. උන්වහන්සේගේ දයාණුකම්පාවට ස්තූතිවන්ත වන්න. අතීතයේ ඔබගේ අසාර්ථකත්වයන් දෙස බැලූ විට, ඔබ වටා අසාර්ථකව සිටින අනෙකුත් ඇදහිළිවන්තයින්ට දයාණුකම්පාව දක්වන්න ඔබ ඉගෙන ගනීවි.

අප ඉහළ දෙසට බැලීමෙන් ස්වාමින් වහන්සේගේ මහිමය වඩ වඩාත් දැකීම කිසි විටෙකත් නතර නොකළ යුතුය. අප තවමත් නොදැකපු යේසුස් වහන්සේගේ මහිමය බොහෝ සේ ඇත. අප මෙය උදෙසා වැඩි වැඩියෙන් ප්‍රිය විය යුතුය, මක්නිසාද ශුද්ධාත්මයාණන් අපව පරිවර්ථනය කිරීමට උත්සහ කරන ස්වරූපය එයයි. ස්වාමින් වහන්සේගේ මහිමය අප දකින කළ අපගේම අවශ්‍යථාවය අපි දකින බැවින් එය අපිව යටහත් කරයි. අපගේ ජීවිතයේ අවසානය දක්වාම යටහත්ව සිටීමේ රහස මෙයයි.

දෙවියන් වහන්සේ ආළේප කර බලවත් ලෙස පාවිච්චි කළ කෙනෙකුට උඬඟුවීම ඉතා පහසුය. මම එවැනි දේශකයන් බොහෝ දැක ඇත්තෙමි. දෙවියන් වහන්සේ ඔවුන්ව පාවිච්චි කර ඇති නිසා ඔවුන් ඉතා උඬඟු වී මිනිසුන්ගෙන් ඈත්ව සිටිති. අපගේ ජීවිතයේ අවසානය දක්වාම කැඩුණුභාවයෙන් හා යටහත්කමින් සිටීමට අපට හැකියාව දිය හැක්කේ කුමකටද? එක් දෙයකට පමණි. අපගේ ඇදහිල්ලේ කතෘ සහ අවසන් කරන්නා වන යේසුස් වහන්සේ දෙස බැලීමය. අප යේසුස් වහන්සේ දෙස බලන විට උඬඟු වීමට කොහෙත්ම අපහසුය. මිනිසෙකු අන් අය දෙස බැලීමට ආරම්භ කරන විට ඔහු උඬඟු වී, ඔහු ඔවුන්ට වඩා යහපත් හෝ ආළේප ලත් හෝ ඔවුන්ට වඩා පාවිච්චි කිරීම යනාදී...ලෙස සිතයි.

කෙසේවෙතත් ඔහු යේසුස් වහන්සේ දෙස ඉහළ බැලුවහොත්, ආපොස්තුළු යොහාන් තුමා පත්මොස් දූපතේදී කළාක් මෙන් - ඔහු මුණින් අතට දූවිල්ලේ වැටී පසුතැවිළි වනු ඇත. ඔහු දිගින් දිගටම යේසුස් වහන්සේ දෙස බැලුවහොත් සදහටම තම මුහුණ දූවිල්ලෙහි තබා ගනීවි. සෑමවිටම අපගේ මුහුණ දූවිල්ලෙහි තබා ගැනීමට අප සියලු දෙනා ඉගෙන ගත යුතුය. එයයි ආරක්ෂිත ස්ථානය. එබැවින් ඔබගේ කාලය අවසන් වන තුරු දෙවියන් වහන්සේ ඔබ සමඟ සතුටින් සිටීමට ඔබට අවශ්‍ය නම්,ඉහළ දෙසට නිතරම බලමින් සිටින්න.

දෙවියන් වහන්සේ අප වෙනුවෙන් අපූරු දේවල් තැන්පත් කර ඇත. අප තුළින් ඉෂ්ටකිරීමට මහත්වූ කාර‍්‍යයක්, උන්වහන්සේ ට ඇත. අපට කවදා මේ ලෝකය හැර යන්නට වේද යන්න අප නොදනිමු. නමුත් ස්වාමින් වහන්සේ පැමිණීමට ප්‍රථම උන්වහන්සේට මේ පොළොවේ ප්‍රයෝජනවත් යමක් කිරීමට අපි බළා සිටිමු. ලෝකයේ බොහෝ මිනිසුන් අනාගතය දෙස බලන්නේ බියෙන් හා කණස්සල්ලෙනි. නමුත් අප ඇදහිල්ලෙන් බළා සිටින්නෙමු.

ද්විතීය කථාව 11:21 (KJV) හි මෝසෙස් ඔවුන්ට පැවසුවේ දෙවියන් වහන්සේට ඔවුන් කෙරෙහි ඇති ආශාව "ඔබේ දවස් සහ ඔබේ පුත්‍රයන්ගේ දවස් මිහිපිට ස්වර්ගයේ දින මෙන් දේශයේ වැඩි වන බවයි". අප සියල්ලන් සඳහා දෙවියන් වහන්සේගේ කැමැත්ත මෙයයි - අපේ පොළොව මත දවස් ස්වර්ගයේ දවස් මෙන් වනු ඇත. දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අපගේ නිවෙස්වල සහ අපගේ සභාවල ස්වර්ගයේ ප්‍රීතිය, සාමය, ප්‍රේමය, පවිත්‍රකම සහ යහපත්කම පිළිබඳ පූර්ව රසයක් අපට දැන්මම තිබීමයි. මම එය ටිකක් අත්විඳ ඇත්තෙමි. ඒ නිසා මගේ ජීවිතය සහ මගේ සේවය මට ලොකු බරක් නොවීය. කිසිසේත්ම නැත. එය ප්‍රීතිමත් වූ අතර සෑම දිනකම උද්වේගකාරී විය, මන්ද මම පොළොවේ නොව ස්වර්ගයේ මූලධර්මවලට අනුව ජීවත් වීමට ඉගෙන ගෙන ඇති බැවිනි. ඔබ ඔබේ කිතුනු ජීවිතය ආරම්භ කරන විට මෙය කිරීමට තීරණය කළේ නම් ඔබට පහසු වේ. නමුත් මේ එළඹෙන වසර තුළදීවත් පොළොවේ නොව ස්වර්ගයේ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වීමට ඔබ තීරණය කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. අවසානය දක්වා විඳදරාගත් යේසුස් වහන්සේ දෙස ඔබේ ඇස් යොමු කරන්න - එවිට ඔබේ දවස් මිහිපිට ස්වර්ගයේ දින මෙන් විය හැක. එයයි අපි වෙනුවෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත.

ඔබ සැමට සෑම දිනකම දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් පිරුණු නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි.

©

Zac Poonen – [email protected]