WFTW Body: 

1 කොරින්ති 11 හි, අප රොටි කඩන විට ස්වාමීන් වහන්සේගේ මරණය සිහි කරන ලෙස අපට පවසා ඇත. යේසුස් වහන්සේ පැමිණ උන්වහන්සේගේ ජීවිතයෙන් සහ උන්වහන්සේගේ ඉගැන්වීමෙන් "මරණය දෙවියන් වහන්සේගේ ජීවණයට දොරටුව" බව අපට පෙන්වා දුන්සේක (2 කොරින්ති 4:10 බලන්න). එබැවින් ක්‍රිස්තුස් වහන්සේගේ මරණයේ සෑම අංගයක්ම මෙනෙහි කිරීම සහ එම මැරීමට (සිය-කැමැත්ත මරණයට භාජනය කිරීමට) පංගුකාරයෝ වීම(කැඩුවාවූ රොටි අනුභව කිරීම) යන්නෙහි අර්ථය වඩා පැහැදිලිව වටහා ගනිමින් ක්‍රිස්තුස් වහන්සේ සමඟ කුරුසියේ ඇණ ගසනු ලැබීම අපට යහපත්‍ ය.

"යේසුස්වහන්සේදෙසබලන්න - ඔබඋන්වහන්සේදෙසබලනවිට, ඔබේමදූෂිතභාවයඔබටපෙනෙනුඇත"

ක්‍රිස්තුස් වහන්සේගේ මරණයේ එක් අංගයක් නම්, උන් වහන්සේ කිසිදා නොකළ දේ වෙනුවෙන් කුරුසියේ වරද භාර ගැනීමයි ("මමකවදාවත්නොකළවරදටදඬුවම්ලබනඅතරමමකවදාවත්පැහැරනොගත්දේමටනැවතලබාදියයුතුවීඇත" - ගීතාවලිය 69:4 - ජීවමාන බයිබල් පරිවර්තනය). මෙය ආදම් කළ දෙයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ දෙයකි - ඔහු තමා කළ දෙයට වරද භාරගැනීම ප්‍රතික්‍ෂේප කළේය. ඔහු තම බිරිඳට වරද පැටවූවේය (උත්පත්ති 3:12). මේවා ආදම්ගේ දරුවන් සහ දෙවියන් වහන්සේගේ දරුවන් ගමන් කරන සම්පූර්ණයෙන්ම වෙනස්වූ මාර්ග දෙකකි.

ආදම්ගේ දරුවන් තම පියා මෙන් සාධාරණීකරණය කර ගනිති. "නුඹලා නුඹලාවම සාධාරණීකරණය කර ගන්නාවූ ඒ අය වෙති" යැයි, යේසුස් වහන්සේ පරිසිවරුන්ට පැවසූ සේක (ලූක් 16:15). ආදම්ට තමාගේම අවශ්‍යතාවය හෝ තමාගේම පාපය දැකීමට නොහැකි විය. ඔහුට පෙනුනේ තව කෙනෙක්ගෙ පව් පමණි. යමෙක් අන් අයට දොස් පවරන විට සහ තමා තුළ කිසිදු වරදක් නොදකින විට, ඔහු ඇත්ත වශයෙන්ම චෝදනා කරන්නා වන සාතන් සමඟ සහභාගීකම් පවත්වයි.

මරණාසන්නව සිටි සොරා ගැළවීම ලබාගත්තේ “ස්වාමීනි, මා සිහිකළ මැනව”කියා කී නිසාම නොවේ. ඒ එම වදන් කීමට පෙර තමන් කළ පව්වලට වරද තමන් විසින්ම භාරගත් නිසාය.

අන් අයව විනිශ්චය කිරීමට දෙවියන් වහන්සේට අපගේ උපකාර අවශ්‍ය නොවේ. ඒ සියල්ල උන්වහන්සේ විසින්ම කිරීමට උන්වහන්සේට සම්පූර්‍ණ හැකියාවක් ඇත! උන්වහන්සේට අවශ්‍ය වන්නේ අප අපවම පමණක් විනිශ්චය කිරීමය. දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේ එකම එක දෙයක් කිරීමටය: "ඔබේම අයුතුකම් පිළිගන්න" (යෙරේමියා 3:13). ලෝකයේ ප්‍රීතිමත්ම මිනිසුන් වන්නේ එවැනි ඇදහිළිවන්තයින් ය.

ස්වාමින් වහන්සේ යෙරෙමියා කරණකොටගෙන යූදා ජාතියට පැවසුවේ ඊශ්‍රායලයේ උතුරු රාජ්‍යයේ අසාර්ථකත්වයෙන් ඔවුන් තමන්ටම පාඩමක් ඉගෙන ගෙන නැති බවයි (යෙරෙමියා 3:6-8). ඉන්පසු උන්වහන්සේ පැවසුවේ ඊශ්‍රායලය යූදාට වඩා හොඳ බවයි. මිය ගිය නිකායන්ගෙන් පිටතට පැමිණි බොහෝ කිතුනු කණ්ඩායම් දෙවියන් වහන්සේ එම මළ නිකායන්ට කළ දේවලින් පාඩමක් ඉගෙන ගෙන නැත. එමනිසා, ඔවුන් එම නිකායන්ට වඩා ඵරිසිආත්මික සහ මළවුන් ලෙස අවසන් වී ඇත.

සෑම විටම යේසුස් වහන්සේ දෙස බලා සිටිමින්, උන් වහන්සේ ඉදිරියෙහි ජීවත් වන්න . මෙය නිරන්තර ස්වයං විනිශ්චයක ජීවිතයකට මඟ පාදයි. එමෙන්ම එය සියලු ආත්මීක දියුණුවේ මාර්ගයයි. මෙය ඔබ යන කිසිම සභාවක එහි ඔබට ඇසෙන පණිවිඩයක් නොවේ. එබැවින් ඔබ ඔබටම දේශනා කරන්නෙකු විය යුතුය. ඔබ අභ්‍යන්තර විමර්ශකයෙකු නොවිය යුතුය - මන්ද එය ඔබව හෙළා දැකීමට සහ අධෛර්‍යමත් කිරීමට හේතු වනු ඇත. නමුත් යේසුස් වහන්සේ දෙස බලන්න - ඔබ උන්වහන්සේ දෙස බලන විට, යෙසායා, යෝබ් සහ යොහන් (පත්මොස්හි) දුටුවාක් මෙන් ඔබේම දූෂිතභාවය ඔබට පෙනෙනු ඇත. එවිට ඔබට ඔබවම විනිශ්චය කරගත හැකිය.

මම කවදාවත් මගේ ඇතුළත දෙස නොබලමි. මම නිරතුරුවම යේසුස් වහන්සේ දෙස බලන්නේ - උන් වහන්සේගේ පරිපූර්ණ පාරිශුද්ධ භාවය (මනුෂ්‍යයෙකු ලෙස, මා මෙන් පරීක්‍ෂාවට ලක් වූ), උන් වහන්සේගේ ප්‍රේමය සහ යටහත්කම දෙස පමණි. එය මගේ අවශ්‍යතාවය ගැන නිතරම මාව දැනුවත් කරන්නේය.

©Zac Poonen – [email protected]

කර්තෘගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදු නොකළයුතුය.