WFTW Body: 

“පොළොවේ සිටින සාන්තුවරයෝ වනාහි මාගේ මුළු ප්‍රීතිය උපදවන උත්තමයෝය.” (ගීතාවලිය 16: 3)

සාන්තුවරයන් තුළ "ප්‍රීතිවීම" යන්නෙන් ප්‍රායෝගිකව අදහස් කරන්නේ කුමක්ද? අපගේ පවුලේ මෑත කාලීන අත්දැකීමක් මෙම පදය අළුත් ආලෝකයකින් දැකීමට මට උපකාර කළ අතර, ස්වාමින් වහන්සේ කෙරෙහි මෙම ආකල්පය කෙතරම් අගනේදැයි බැලීමට මට උපකාර විය.

“උන්වහන්සේගේ කරුණාව සියලු ප්‍රේමයේ අඩුව ගැන පසුතැවිලි වීමට අපව යොමු කරත්වා, උන්වහන්සේගේ පවුල තුළ උන්වහන්සේගේ ප්‍රීතියේ පූර්ණත්වය අපගේ හදවත් පුරවාලත්වා

ඇත්ත කථාව: අපේ 1-හැවිරිදි දරුවා ඇවිදීමට ඉගෙන ගන්නට ආසන්නව සිටියේය. තමාව ස්ථාවර කර ගැනීම සඳහා ඇය බොහෝ විට ගෘහ භාණ්ඩ අල්ලාගෙන සිටියද, ඇය කිසිවිටෙකත් ආධාරකයක් නොමැතිව පටු ආලින්දයක වත් නිර්භීතව ඇවිදීමට උත්සහ නොකළේය.

ඉන්පසුව එක් විශේෂ දිනයක්, ඇය යන්නට ඉඩ හැර, මා සිටි ස්ථානය දෙසට විසිත්ත කාමරය හරහා සිනා සහගත නමුත් වෙව්ලන ගමනක් ආරම්භ කළාය. මා සතුටට පත් වී! මම ඇයට ඔල්වරසන් දෙන්නට පටන් ගත්තේ ඇය කාමරය හරහා යාමට ගත් පළමු උත්සාහයේදී ඇයට එය සාර්ථක කර ගත හැකි දැයි දැන ගැනීමේ ආශාවෙනි.

නමුත් පසුව සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත දෙයක් සිදු විය, එය මගේ සතුට වෙනත් මට්ටමකට වැඩි කළේය. නැත, කුඩා දරුවා වේගයෙන් දුවන්න පටන් ගත්තේ නැත; ඇගේ වැඩිමහල් සොහොයුරිය මා අසලට පැමිණ ඇයට ඔල්වරසන් දීමේ ප්‍රීතියට මා හා එක් විය. මගේ වැඩිහිටි ගැහැණු ළමයෙකු කුඩා දරුවා ගැන මගේ සතුට බෙදාගත් බව දුටු විට මගේ සතුට කොතරම් වැඩි වේද යන්න දැකීමෙන් මා මවිතයට පත් විය.

අවංකවම, කුඩා දැරිය ඇවිදීමට ගත් උත්සාහයට වඩා වැඩිමහල් දැරියගේ සතුට ගැන මම ප්‍රීති වන්නට ඇත!

මෙම කථාව වසර ගණනාවක් පුරා විවිධ ආකාරවලින් පුනරාවර්ථනය වී ඇති අතර, මම සෑම විටම මෙම පාඩමෙන් පුදුමයට පත් වෙමි: මගේ දරුවන් එකිනෙකා ගැන ප්‍රීති වන විට - එකිනෙකාගේ වර්ධනය, ඔවුන්ගේ අසමසම දීමණා යනාදිය - එය පියෙකු ලෙස මගේ හදවතට විශේෂ සතුටක් ගෙන එයි. ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින මගේ සහෝදර සහෝදරියන් කෙරෙහි සැබෑ ප්‍රේමයෙන් මම ප්‍රීති වන විට, ස්වර්ගයේ සිටින මගේ පියාණන්ගේ හදවතට විශේෂ ප්‍රීතියක් ගෙන එන්නේ කෙසේදැයි එය මට යමක් උගන්වා ඇත.

අපගේ "නිසි" උගත් සහ සංකීර්ණ මණස තුළ, දෙවියන් වහන්සේගේ පවුලේ අනෙකුත් සාමාජිකයින් කෙරෙහි ප්‍රීතියක් වැනි දෙයක් ක්‍රිස්තුස් වහන්සේට, ප්‍රේමයේ විෂය පථයට යටින් ඇති බව සිතීම පහසුය. එහෙත් දෙවියන් වහන්සේගේ පවුලේ අන් අය කෙරෙහි ප්‍රේමයේ නිර්ලජ්ජිත ප්‍රකාශයන් සමහරක් පරිණතම කිතුණුවකුගෙන් පැමිණෙන බව අපි දකිමු:

"නුඹලා කෙරෙහි මෙතරම් සෙණෙහසක් ඇති බැවින්, නුඹලා අපට ඉතා ප්‍රිය වූ බැවින්, දෙවියන් වහන්සේගේ ශුභාරංචිය පමණක් නොව අපගේම ජීවිතද නුඹලාට ලබා දීමට අපි ඉතා ප්‍රීතියෙන් සිටියෙමුව." (1 තෙසලෝනික 2: 8).

“මා සිරගතව සිටියදී මා බිහිකළ මගේ දරුවා ඔනේසිමස් වෙනුවෙන් මම ඔබෙන් උදක්ම ඉල්ලන්නෙමි... මම ඔහුව පෞද්ගලිකව ඔබ වෙත ආපසු එව්වෙමි, එනම් මාගේම හදවත යවමි” (පිලෙමොන් 1: 10, 12).

"මක්නිසාද ඔහු මරණාසන්න ලෙස රෝගාතුරව සිටියේය, නමුත් දෙවියන් වහන්සේ ඔහුට අනුකම්පා කළ සේක, ඔහුට පමණක් නොව මට ද අනුකම්පා කළ සේක, එවිට මට දුක පිට දුකක් ඇති නොවුනය " (පිලිප්පි 2: 27).

“ඇසට, ‘මට ඔබෙන් අවශ්‍යථාවයක් නැතැයි’ කියා අතට කිව නොහැක. හෝ නැවතත් හිස දෙපයට, 'මට ඔබව අවශ්‍ය නැත...' නමුත්, එම ගෞරවය අඩු වූ අවයවයට වැඩි ගෞරවයක් ලබා දෙමින්, ශරීරයේ කිසිදු භේදයක් ඇති නොවන පරිදි, එය සාමාජිකයින්ට එකිනෙකා කෙරෙහි එකම සැළකිල්ලක් තිබිය හැකි ලෙස දෙවියන් වහන්සේ ශරීරය සකස් කර ඇත (1 කොරින්ති 12: 21, 24-25).

"මක්නිසාද දෙවියන් වහන්සේ මාගේ සාක්ෂිකරු වන අතර, මම ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ සෙණෙහසින් ඔබ සියල්ලන් කෙරෙහි කොතරම් ආශා කරනවාද යන්නයි" (පිලිප්පි 1: 8).

"ඔබ ස්වාමීන් වහන්සේ තුළ ස්ථිරව සිටින්නහු නම්, අපි දැන් ජීවත්වමුව" (1 තෙසලෝනික 3: 8).

සභාවට ඇති ප්‍රේමය පිළිබඳ පාවුල්තුමාගේ ආදර්ශය සළකා බැලීම මට මහත් අභියෝගයකි. "මම සභාවට ආදරෙයි" යැයි පැවසීම පහසුය. මෙහි දක්වා ඇති උදාහරණයට අදාලව, ශරීරයේ අනෙකුත් විශේෂිත සාමාජිකයින් කෙරෙහි මගේ සෙණෙහස අවංකව සංසන්දනය කිරීම තවත් දෙයකි. මම අන් අයගේ වර්ධනය ගැන සහ අන් අයගේ දීමණා ගැන සතුටු වෙනවාද? මම ස්වාමීන් වහන්සේත් සමඟ පැමිණෙනවාද (ඔවුන් උදෙසාද මැදහත්කම් කිරීමට නිරතුරුවම ජීවත් වන -හෙබ්‍රෙව් 7: 25), සහ මගේ වැඩිමහල් දියණිය කුඩා දරුවා වෙනුවෙන් කළාක් මෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ මගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් මුල් බැස ගන්නවාද?

ප්‍රීතියේ ප්‍රතිවිරුද්ධය :

සියලු ආකාරයේ වෛරයෙන් අපව පිරිසිදු කිරීම ඉතා වැදගත් වේ. නමුත් අපට අන් අය කෙරෙහි ද්වේෂයක් නොමැති බව හෝ ඕපාදූප නොකියන බව හෝ අප චෝදනා නොකරන බව යනාදිය ගැන මෝඩ ලෙස අපටම සුභ පතාගෙන ප්‍රශංසා කිරීමෙන්, මේවා ප්‍රීතියේ ප්‍රතිවිරුද්ධ දේ යැයි සිතන්නට පුළුවන. නමුත් එයින් ආරක්ෂා වීමට, ප්‍රීතියට වඩා භයානක ප්‍රතිවිරුද්ධ දෙයක් ඇති බව මම දුටුවෙමි, එය උදාසීනත්වයයි.

“‘අපි නිරාහාරව සිටියත් ඔබට නොපෙණෙන්නේ ඇයි? අප අපවම යටහත් කළෙමු එහෙත් ඔබ නොසළකන්නේ මන්ද?' (ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙයි,) බලව, ඔබේ උපවාස දිනයේ දී ඔබ ඔබේ ආශාව සොයාගෙන, ඔබේ සියලු සේවකයින් වෙහෙස මහන්සියට පත් කරති. මා තෝරාගත් උපවාසය මෙය නොවේද, දුෂ්ඨකමේ බැඳීම් ලිහිල් කරන්න, වියගහේ පටි ලිහා දමන්න, පීඩිතයන්ට නිදහස ලබා දී සෑම වියගහක්ම බිඳ දමන්නද? කුසගින්නෙන් පෙළෙන අයට ඔබේ රොටි බෙදා දීමත්, නිවාස නොමැති දුප්පතුන් ගෙදරට ගෙන ඒමත් නොවේ ද? ඔබ නිරුවත දකින විට, ඔහු ආවරණය කිරීමට; ඔබේම මාංසයෙන් ඔබව සැඟවීමට නොවේද? එවිට උදාව මෙන් ඔබේ ආලෝකය විහිදෙන්නේය, ඔබේ සුවය ඉක්මනින් උදා වන්නේය. එවිට ඔබේ ධර්මිෂ්ඨකම ඔබට පෙරටුව යන්නේ ය. ස්වාමීන් වහන්සේගේ මහිමය ඔබේ පසු පසින් ආරක්ෂා වනු ඇත. (යෙසායා 58: 3, 6-8)

දිනෙන් දින උන්වහන්සේව දැන ගැනීමට උත්සාහ කළ මිනිසුන්ට දෙවියන් වහන්සේ ප්‍රකාශ කළ පාපය (යෙසායා 58: 1-2) නොසැළකිලිමත්කමේ, උදාසීනත්වයේ, නොසළකා හැරීමේ පාපයයි. ඔවුන්ට දෙවියන් වහන්සේව දැන ගැනීමට අවශ්‍ය වූ අතර, උන්වහන්සේගේ මාර්ග දැනගැනීමට ප්‍රිය වූ නමුත්, එම ලුහුබැඳීම ඔවුන්ගේ සහෝදර සහෝදරියන් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව ඔවුන් උපකල්පනය කළ නිසා ඔවුන් වැරදිකරුවන් විය! ඔවුන් සිතුවේ ඔවුන්ට දෙවියන් වහන්සේව සොයමින් උන්වහන්සේගේ පවුල කෙරෙහි උදාසීන විය හැකි බවයි!

අප ස්වාමින් වහන්සේ සමඟ ගමන් කරන විට, නියත වශයෙන්ම උන්වහන්සේට අවශ්‍ය වන්නේ කරන පව් (වෛරය, ඕපාදූප, චෝදනා, යනාදී) සමඟ කටයුතු කිරීමටය, නමුත් ඊට වඩා, උන්වහන්සේට අවශ්‍ය වන්නේ පැහැර හැරීමේ සෑම පාපයක්ම, විශේෂයෙන් අපගේ හදවත් තුළ ඇති ප්‍රේමය නොමැතිකම ආමන්ත්‍රණය කිරීමටයි. උන්වහන්සේගේ ආශාව හුදෙක් අපගේ අවශ්‍යථා සඳහා උන්වහන්සේගේ ප්‍රේමයෙන් අපව පුරවාලීම නොව, අන් අය වෙනුවෙන් උතුරා යන ප්‍රේමයෙන් අපව පිරවීමයි (යොහාන් 7: 38). එය විශ්වාස කිරීමට අපහසුය, නමුත් දෙවියන් වහන්සේගේ වචනය පවසන්නේ නොසැළකිලිමත්කම සැබවින්ම වෛරයට වඩා නරක බවයි - “ඔබේ ක්‍රියාවන් මම දනිමි, ඔබ සීතළ හෝ උණුසුම් නොවන බව; ඔබ සීතළ හෝ උණුසුම් නම් මම කැමතියි. එබැවින් ඔබ ඇල්මැරුණු නිසාත්, උෂ්ණවත් හෝ සීතළවත් නැති නිසාත්, මම ඔබව මගේ කටින් කෙළ ගසමි" (එළිදරව් 3: 15-16) — ඇත්තෙන්ම දෙවියන් වහන්සේ ඇල්මැරුණුකමට වඩා සීතළට කැමතියි!!

මම සම්පූර්ණයෙන්ම නොසළකා හරින දේ (මාගේ පැහැර හැරීම්) දැකීමට වඩා "කරන" (මා කරන වැරදි) වෙත අවධානය යොමු කිරීම පහසු බව මම දුටුවෙමි. නමුත් දෙවියන් වහන්සේ හුදෙක් නරක ("සීත ගතිය") ඉවත් කිරීමෙන් පමණක් සෑහීමකට පත් නොවේ, අපව උදාසීන ("ඇල්මැරුණු බව"); උන්වහන්සේට අවශ්‍ය වන්නේ අපව යහපතෙන් (උන්වහන්සේගේ ගිනිමය උණුසුම් ප්‍රේමයෙන්) ගලා ඒමටයි; උන්වහන්සේගේ කරුණාවෙන් අප පසුකර යාමට උත්සාහ කළ යුතු තීරණාත්මක අවස්ථාව වන්නේ හිස්බව, ඇල්මැරුණු බව, නොසැළකිලිමත්කම සහ උදාසීනත්වය යන කාන්තාරයයි.

“අශුද්ධාත්මය මනුෂ්‍යයෙකුගෙන් නික්මුණු කළ, එය විශ්‍රාමයක් සොයමින් ජලය නැති තැන් මැදින් ගොස්, කිසිවෙක් නොසොයා, ‘මම පැමිණි මාගේ නිවසට නැවත එන්නෙමි’යි පවසයි. ඌ ආ කළ එතැන අතුගා පිළිවෙලට තබා ඇති බව දැක. එවිට එය ගොස් තමාට වඩා නපුරු වෙනත් ආත්මයන් හත්දෙනෙකු රැගෙන යයි; එවිට එම මිනිසාගේ අවසාන තත්වය පළමු තත්වයට වඩා නරක අතට හැරේ” (ලූක් 11: 24-26).

ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ නොසැළකිලිමත්කම අපගේ ප්‍රාණයට වෛර කිරීම තරම්ම භයානක ලෙස අප දැකිය යුතුය. අප එසේ කරන්නේ නම්, අනෙක් සහෝදර සහෝදරියන් කෙරෙහි අපගේ උදාසීනත්වය පිළිබඳව අපට හෙළිදරව් කරන ලෙස අපි ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමු. උන්වහන්සේගේ කරුණාව සියලු ප්‍රේමයේ අඩුව ගැන පසුතැවිලි වීමට අපව පොළඹවන සේක්වා, උන්වහන්සේගේ පවුල තුළ උන්වහන්සේගේ ප්‍රීතියේ පූර්ණත්වය අපගේ හදවත් පුරවාලත්වා. පියෙකු ලෙස වර්ධිත වූ ප්‍රීතිය පිළිබඳ මගේම අත්දැකීම මෙණෙහි කිරීම මට ඉමහත් ආශීර්වාදයක් වී ඇති අතර, අප දෙවියන් වහන්සේගේ හදවත උන්වහන්සේගේ පවුලේ අනෙකුත් සාමාජිකයින් සඳහා බෙදා ගන්නා විට, උන්වහන්සේගේ ප්‍රීතිය වැඩි කිරීමට අපට අවස්ථාව ඇති බව මතක තබා ගන්න.

"මාගේ ආඥාව නම්, මා නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන්නය යනුය" (යොහාන් 15: 12).

"සියල්ලෙහි අවසානය ළං වී ඇත... සියල්ලටම වඩා, එකිනෙකාට ප්‍රේමයෙන් උද්‍යෝගයෙන් සිටින්න, මන්ද ප්‍රේමය පව් රාශියක් ආවරණය කරයි." (1 පේදුරු 4: 7-8).

“අධර්මිෂ්ඨකම වැඩි වන නිසා බොහෝ මිනිසුන්ගේ ප්‍රේමය සීතළ වනු ඇත. නුමුත් (දෙවියන් වහන්සේගේ ගිනිමය ප්‍රේමයෙහි) අවසානය දක්වා විඳදරාගන්නා තැනැත්තා ගැළවෙනු ඇත” (මතෙව් 24: 12-13).