කර්තෘ :   සැක් පූනන් වර්ග :   ගෝලයෙක්
WFTW Body: 

අවසාන දින හරියට, නෝවා සහ ලොත්ගේ කාළයේ දී මිනිසුන් කමින් බොමින් මිළදී ගනිමින් විකුණමින් සිටුවමින් ගොඩනගමින් යනාදි දේ කරමින් සිටියාක් මෙන්, වන බව යේසුස් වහන්සේ (ලූක් 17: 26-30) හි අපට පවසන්නේය. මේ කිසිම දෙයක පාපිෂ්ඨභාවයක් නොමැති බව ඔබ වටහා ගෙන තිබේද? මේ සියල්ල ස්වාභාවික (සාමාන්‍ය) කටයුතු වේ. එසේනම් ඇයි යේසුස් වහන්සේ, මෙම කරුණු ගැන, අරුම (අමුතු, සාමාන්‍යයෙන් දක්නට නොලැබෙනා විශේෂ ස්වභාවයන්) ලෙස, එම පාපකාරී දිනයන්හි දී පැවතුණ බව සඳහන් කලේ? මක්නිසාද ඒ දිනවල වෙසුණු මිනිසුන් බහුල ලෙස එම කටයුතුවල යෙදුණේ දෙවියන් වහන්සේ උදෙසා කිසිසේත් කාලයක් නැති ලෙසටයි. දෙවියන් වහන්සේව, ඔවුන්ගේ ජීවිතවලින් සහමුළින්ම ඈත්කිරීමට සාතන් සාර්ථක වූවා. මෙහි කිව නොමනා (සැබැවින්ම) ප්‍රතිඵලය, සැමවිටම මෙන් වූයේ, සදාචාරාත්මක ගුණය (තමාට මේ ජීවනය ලැබී ඇති බවත්, තමා එයට දෙවියන් වහන්සේට ගණන් දිය යුතු බවත් තම හෘද සාක්‍ෂියේ, සාක්‍ෂිය) ජරාවාසවීම (දිරාපත් වීම) සහ දූෂිතයයි.

මෙම කටයුතුවල තත්වය (පලහිලව්ව), අද දවසේ ලෝකය තුළ අප දකින දේ සමඟ සසඳා බලන කළ අප දකින්නේ හරියටම සමාන ආකල්පයක් සහ විපාක ලෙස ලැබී ඇති ප්‍රතිවිපාකයයි. ස්ත්‍රීන්ට සහ පිරිමින්ට දෙවියන් වහන්සේට ඇහුම්කම් දීමට කිසිම විවේකයක් නැතිලෙසට කාර්‍ය බහුලවී ඇත. ඔබගේම ජීවිතය දෙස බලන්න මෙය අසත්‍යයක්ද යන වගට? ලෝකයේ ආත්මය සෙමින් සෙමින් ඇඳහිළිවන්තයාගේම හදවතට රිංගා ඇත. විද්‍යාඥයින් විසින් අපගේ මුතුන්මිත්තන් හට හිමි නොවූ, කාළය ඉතිරි කරගත හැකි බොහෝ උපාංග සොයා‍ ගෙන ඇතත්, මිනිසා තාමත් කාළය සමඟ හරඹ කරයි. අද අපි කාර් දුම්‍රිය හෝ ගුවන්‍යානා ගමනාගමනය සඳහා භාවිතා කලත්, ඔවුනට සතුන් පිට හෝ දෙපයින් ගමන් කළ යුතුව තිබුණි. අද අපගේ ගෙදර දොර කටයුතු යන්ත්‍ර සූත්‍ර මගින් සිදුවීමුත්, අපගේ මුතුන්මිත්තන් හට එදිනෙදා කටයුතු සඳහා බොහෝ වේලාව වැයවිය, එහෙත් අද දවසේ මිනිසුන්ට වඩා ඔවුන්ගෙන් බොහෝමයකට දෙවියන් වහන්සේ උදෙසා බොහෝ වේලාව සොයාගන්නට හැකිවුණි. ඇයි? මක්නිසාද ඔවුන්ගේ ප්‍රමුඛත්වයන් නිසියාකාරව තිබුණි. ඔවුහු මූලික දේට මුල් තැන දුන්නෝය.
අප අපගේ ස්වාමින් වහන්සේට ඵලදායි සාක්‍ෂිකරුවන් වීමට නම් අවශ්‍යතම කාරණය වන්නේ සෑම දිනකම උන්වහන්සේගේ පාදපාමුළෙහි සිට වේලාව ගත කරමින්, උන්වහන්සේගේ හඞට ඇහුම් කන් දෙමින් සිටීමය. දේශනා කිරිමට ප්‍රියකරනමුත් දිනපතා දෙවියන් වහන්සේගේ හඞට ඇහුම්කම් දීමේ පුරුද්ද කිසිසේත් වර්ධනය කරනොගත් අය බොහෝ සිටිති. එහි ප්‍රතිඵලය නම් "දේව වචනය" කණගාටුදායක ලෙස අල්ප (හිඟ) වී මනුෂ්‍යයින්ගේ ‍පිළිකුල් උපදවන (අප්‍රිය) වදන් බහුල වීමයි. . අද දවසේ දේශකයින්ගෙන්, කීයෙන්, කිප දෙනෙකු ගැනද කිව හැක්කේ "දේව වචනය ඔහු සමඟයි" කියා (2 රාඡා 3: 12). ඒත් බයිබලයේ සඳහන් වන සැබෑ දේව දාසයා වෙන්කර හඳුනා ගැනීමේ සලකුණ වූයේ මෙයයි. පළමුව තමුන්ට දෙවියන් වහන්සේ පවසන දේ ඇසීමට කාලය ගත නොකරන කිසිවකුට දෙවියන් වහන්සේ ගැන තව අයෙකුට කථා කිරීමේ අයිතියක් නොමැති අතර මෙය පෞද්ගලික සාක්‍ෂිදැරීම මෙන්ම දේශනා කිරීමට ද අදාළවේ. මෝසෙස් ගැන ලියා තිබෙන ලෙස ඔහු ස්වාමින් වහන්සේගේ අභිමුඛයට ගොස් ඉන් පසු "ඔහු පිටත්ව අවුත් තමන්ට අණකරන්ට යෙදුණු කාරණා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීවේය " යන්න ය (නික්ම 34: 34). යෝෂුවාට පවසා තිබුණේ ඔහු දිනපතා දේව වචනය මෙනෙහි කරන්නේ නම් පමණක් ඔහුගේ ජීවිතය සාර්ථක වන බවයි (යෝෂුවා 1: 8). සාමුවෙල් දෙවියන් වහන්සේ කථා කරන තුරු ඉවසීමෙන් බලාසිට ඉන්පසු ජනතාවට කථාකළ අයකු ගැණ ශ්‍රේෂ්ඨ උදාහරණයකි. එහි ප්‍රතිඵලය වූයේ, ස්වාමින් වහන්සේ ඔහු ළඟ සිට ඔහු "කී හැම දෙයක් ම එකක් වත් නෑර ඉෂ්ට කිරීමයි." (1 සාමුවෙල් 3: 19).

යෙසායා 50: 4 හි, යේසුස් වහන්සේ ගැන අනාගත වාක්‍යය පවසන්නේ දෙවියන් වහන්සේ උදයක් උදයක් පාසා උන්වහන්සේට කථා කළ බවයි, මන්ද පියාණන්ගේ හඬ ඇසීමට උන්වහන්සේ, උන්වහන්සේගේ කණ් හික්මවා තිබුණා. එම පදයම අපට පවසන පරිදි එහි ප්‍රතිඵලය වූයේ, උන්වහන්සේ ළඟට පැමිණි සියළු දෙනාගේ අවශ්‍යතාවයට වචනයක් උන්වහන්සේ ළඟ සූදානම් ව තිබීමයි. උන්වහන්සේ සැබවින්ම පියාණන් වහන්සේගේ පූර්ණ හඬ වුණි. දිනපතා දෙවියන් වහන්සේගේ හඬට ඇහුම්කම් දීමේ පුරුද්ද යේසුස් වහන්සේට අත්‍යාවශ්‍ය වූයේ නම්, අපට, එයට වඩා කොපමණ එය අවශ්‍ය වන්නේ ද? අප මෙහිදී අසමත් වන්නේ නම් අවශ්‍යතාවෙන් පෙලෙන අය උදෙසා ප්‍රමාණවත් සේවයක් කිරීමට අපට කිසිදා නොහැකිවේ. අප "ගෝලයෙක්" මෙන් ඇහුම්කන් දීමට ඉගෙන ගනිද්දී පමණයි අපට "ගෝලයෙකුගේ මුඛයක්" ලැබෙන්නේ. අවාසනාවට, මේ වනවිට අන් අයට ඉගැන්විය යුතු බොහෝ දෙනා තාමත් ආත්මික ළදරුවන් වේ, මක්නිසාද ඒ අය මේ "එකම එක දේ" එක්කෝ අතපසු කර, නැත්නම් ප්‍රතික්‍ෂේප කර තිබීමයි.

දෙවියන් වහන්සේට සවන් දිම යනු හුදෙක් බයිබලය කියවීම ම නොවේ. සාමාන්‍ය පුරුද්දක් ලෙස බයිබලය කියවන අය බොහෝ සිටිති. ස්වාමින් වහන්සේට සවන් දීම යනු එයට වඩා වූ දෙයකි. එහි අර්ථය නම්, උන්වහන්සේගේ වචනය මෙනෙහි කිරීමෙන්, එය තුළින්, අප උදෙසා වූ උන්වහන්සේගේ පණිවුඩය ලැබෙන තුරු මෙනෙහි කිරීමයි. මෙලෙස පමණයි අපගේ මනස අමුතුවෙන් ප්‍රාණවත් කරවා සහ ක්‍රිස්තුස් වහන්සේගේ මනසට අනුකූලව වර්ධනය වෙමින් පැවැත්විය හැකි වන්නේ. නමුත් තම බයිබලය කියවන බොහෝ දෙනා තාමත් මෙලෙස මෙනෙහි කිරීමට කිසිවිටකත් ඉගෙන ගෙන නැත.
යේසුස් වහන්සේගේ පාද පාමුල සිටියාවූ මරියාගෙන් අඩුතරමින් ආත්මික සත්‍යථාවයන් තුනක්වත් ඉගෙන ගත හැක.
වාඩිවී සිටීම - ඇවිදින්නාක් මෙන් නොව, දිවීම හෝ සිටගෙන සිටීමට වඩා වාඩිවී සිටීම මූලික වශයෙන් විශ්‍රාමයේ (විවේකයේ) ලක්‍ෂණයකි. මෙය අපට උගන්වන්නේ, දෙවියන් වහන්සේගේ කථා කිරීම ඇසීමට පෙර අපගේ හදවත් විශ්‍රාමයෙන් (විවේකීව) සහ අපගේ මනස නිෂ්‍චලව තිබිය යුතු බවයි.

පාපෝච්චාරණය නොකරන ලද පාප කළින් කිවූ දේට (හදවතට) අවහිර කරණ අතර, උවමනාවට වඩා මේ ලෝකය ගැන සැලකිලිමත්වීම සහ වස්තුව අත්පත් කර ගැණීම, පසුව කිවූ දේට (මනසට) අවහිර කරණු ඇත. සිතට (හදවතට) පහසුවක් නැති හෘද සාක්‍ෂියක් හෝ බිය සහ කනස්සල්ලෙන් පිරුණු මනසක් ඇතිව අප කෙසේ ද දෙවියන් වහන්සේගේ "නිෂ්චල සියුම් හඬ" බලාපොරොත්තු වන්නේ? ගීතාවලිය 46: 10 අපට පවසන්නේ දෙවියන් වහන්සේ දැන ගැණීමට නම් අප නිෂ්‍චල විය යුතු බවයි.
දෙවනුව, අයකුගේ පාමුල වාඩිවී සිටීම ද, යටහත් කම පෙන්නුම් කරන්නෙකි. යේසුස් වහන්සේගේ මට්ටමේ පුටුවක මරියා වාඩිවී නොසිටියේය, නමුත් ඊට වඩා පහළින්‍ය. විනිශ්චයේදී හැර දෙවියන් වහන්සේ කිසිවිට, උඩඟු මනුෂ්‍යකුට කථා නොකරන්නේය. නමුත් උන්වහන්සේ ඉදිරියේ ළදරුවෙක් මෙන් යටහත්වන ආත්මයකට කථා කිරීමටත් කරුණාව ප්‍රදානය කිරීමටත් උන්වහන්සේ නිතර සූදානම්‍ය (මතෙව් 11: 25).
තෙවනුව මරියා මෙන් වාඩිවී සිටීම යටත්කමේ ලක්‍ෂණයකි. එය ස්‍වාමියා ඉදිරියේ සිටින ගෝලයෙකුගේ ස්වභාවයයි. දේව වචනයට කීකරුවීම තුළ අපගේ යටත්කම ප්‍රදර්ශණය වේ.
දෙවියන් වහන්සේ අපගේ කුතුහලය සනසාලීමට හෝ අපට තොරතුරු දීමට උන්වහන්සේගේ වචනයෙන් කථා කර නොමැත. උන්වහන්සේගේ වචනය, උන්වහන්සේගේ හදවතේ අභිලාෂය ප්‍රකාශ කිරීමකි. උන්වහන්සේ කථා කරණුයේ, අප කීකරු වන ලෙසයි.

යේසුස් වහන්සේ යොහාන් 7: 17 හි මෙය පැහැදිළි කරමින් කීවේ, අප උන්වහන්සේගේ කැමැත්ත කිරීමට කැමති නම් පමණක්, එම කැමැත්ත තේරුම් ගැණීම අපට ලැබෙන බවයි.

බොහෝ කිතුණුවන් මාස, අවුරුදු ගණන් බයිබලය කියවීමේ යෙදෙනවා, එතුළින් උන්වහන්සේ තමන්ට කථා කරනවා දැයි සෙවීමක් නොකොට. එහෙත් ඔවුන් තාමත්, එහි ඉතා සෑහීමට පත්ව ඇති බවයි පෙනෙන්නේ. මම ඔබගෙන් අසනවා සෑම දවසකම ඔබ දෙවියන් වහන්සේගේ හඬ අසනවාද? එසේ නැත්නම් හේතුව කුමක්ද? උන්වහන්සේ කථා කරන්නේ ඇහුම්කන් දෙන අයටයි. ඔබගේ ආත්මික කණ් වසා සිටින්නා වූ දෙය කුමක්ද? එය උන්වහන්සේ ඉදිරියේ නිෂ්චලවීමේ මදිකමද, ආත්මයේ යටහත්වීම මදිකමද හෝ දැනටමත් උන්වහන්සේ ඔබට පවසා ඇති දෙයට කීකරු නොවීමද? නැත්නම් ඒ ගැන ආශාවක් නොමැති වීමද? එය කුමක් වුවත් දෙවියන් වහන්සේ, එසැණින්ම සහ ස්ථිර ලෙස එය හරියාකාර සාදා දෙන සේක. සාමුවෙල්ගේ යාච්ඤාව කරන්න "කථා කළ මැනව ස්වාමිණී ඔබගේ දාසයා අසා සිටිනවා "ඉන් පසු ඔබගේ බයිබලය ඇර ඉතා ඕනෑ කමින් (අව්‍යාඡව) දෙවියන් වහන්සේගේ මුහුණ සොයන්න, එවිට ඔබත් උන්වහන්සේගේ හඬ අසනු ඇත.