“අන්‍යයන් විනිශ්චය කිරීම හෝ හෙලා දැකීම නොකරව; එසේ කළහොත් නුඹලාද විනිශ්චය කරනු ලබන්නහුය. මක්නිසාද නුඹලා විනිශ්චය කරන විනිශ්චයෙන්ම නුඹලාද විනිශ්චය කරනු ලබන්නහුය; නුඹලා මැනූ මිම්මෙන්ම නුඹලාටද මැන දෙනු ලබන්නහුය. නුඹලාගේම ඇසෙහි කොටයක් තිබියදී, නුඹලාගේ සහෝදරයාගේ ඇසෙහි ඇති පොඩි රොඩ්ඩක් බලන්නේ මක්නිසාද? නැතහොත්, ‘නුඹගේ ඇසෙන් එම රොඩ්ඩ ඉවත් කරදෙන්නෙමි’ යයි නුඹලාගේ සහෝදරයාට කියන්නේ කෙසේද? බලව, නුඹලාගේම ඇසෙහි කොටයක් ඇත. වංචාකාරය, පළමුව නුඹගේම ඇසෙන් කොටය ඉවත් කරගනින්න; එවිට නුඹට පැහැදිලිව දැක, නුඹගේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ ඉවත් කිරීමට හැකිවනු ඇත.” (මතෙව් 7:1-5).
දැන් අවාසනාවකට මෙන්, ක්‍රිස්තියානුවන් අතර බොහෝම සාමාන්‍යව පවත්නා කටයුත්තක් නම් මනුෂ්‍යයන් විනිශ්චය කිරීමද, ඔවුන්ව හෙලා දැකීමද වේ. බොහෝ වෙලාවට ඔවුන් ගැන සම්පූර්ණයෙන් නොදැන සිටිනා අතරතුර, තමාම අනෙකුත් අය කෙරෙහි වඩා යහපත්යැයි සිතීමද ක්‍රිස්තියානුවන් අතර පොදු දෙයකි. හෙබ්‍රෙව් 9:27 හි මෙසේ ලියා ඇත: “මනුෂ්‍යයන්ට එක් වරක් මරණය නියමකරනු ලැබ ඇත; එයින් පසු විනිශ්චයය ඇත.” එසේ නම් සර්වබලධාරී දෙවියන්වහන්සේ, මේ විශ්වයේ නිර්මාතෘවරයා, මනුෂ්‍යයා විනිශ්චය කරන්නේ කවදාද? මෙම වචනයට අනුව, “එක් වරක් මරණය, එයින් පසු විනිශ්චයය.” එබැවින් දෙවියන්වහන්සේ මනුෂ්‍යයන් විනිශ්චය කරන්නේ ඔවුන් මියගිය පසුම ය.
ඔබ මනුෂ්‍යයන් විනිශ්චය කරන්නේ කවදාද? ඔබ ඔවුන් මැරෙන්නට බොහෝසේ කලින්ම විනිශ්චය කරයි. දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙකු මියයන තුරු ඔහුව විනිශ්චය කිරීමට ඉවසන්නේ ඇයි? ඔහු දුෂ්ටයෙක් විය හැකිය; එහෙත් දෙවියන්වහන්සේ, “ඔහු ගැන මට බලාපොරොත්තුවක් ඇත ; ඔහු වෙනස් විය හැකිය” කියමින් ඉවසන සේක. කුරුසියේ මියයමින් සිට ස්වර්ගයට ගිය සොරාව, මියයාමට පෙර දෙවියන්වහන්සේ විනිශ්චය කළේ නම් කෙසේ වෙයිදැයි සිතන්න. ඔහු මියයාමට මිනිත්තු කිහිපයකට හෝ පැය කිහිපයකට පෙර දෙවියන්වහන්සේ ඔහුව විනිශ්චය කළේ නම්, එය කෙතරම් භයානකද! අවසානයේ ඔහුට පාරාදීසයට යායුතුව තිබූ නමුත්, ඔහු විනිශ්චය කර දඬුවම් ලැබ නිරයට යන්න තිබුණි. දෙවියන්වහන්සේ ඔහු මියයන තුරු බලාසිට, ඉන්පසු ඔහුව පාරාදීසයට ගෙනගිය සේක. මෙයින් පැහැදිලි වන්නේ දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙකු මියයන තුරු ඔහුව විනිශ්චය කිරීමට බලාසිටින බවය. එහෙත් මනුෂ්‍යයා ඉවසීම නැතිව, මනුෂ්‍යයන් මියයාමට පෙරම විනිශ්චය කරයි. මෙය මනුෂ්‍යයාගේ මෝඩකමය. ඔහු සම්පූර්ණ තතු නොදනී. ඔහුට එම පුද්ගලයාගේ පුද්ගලික අභ්‍යන්තර ජීවිතයේ 99% ක්ම ගැන කිසි අවබෝධයක් නැත. ඔහු කෙතරම් අරගලයක සිටියා ද, කෙතරම් යාච්ඤා කළාද යන්නත් නොදනී; එහෙත් ඔහුව විනිශ්චය කරයි. සාක්ෂි ඉතා සුළු විටදී කිසිදු ගෞරවනීය උසාවි විනිසුරුවරයෙකු එසේ විනිශ්චය නොකරන්නේය. නඩුවේ 1%ක් පමණක් දන්නා විනිසුරුවරයෙකු නම්, “අසන්න, විනිශ්චය දීමට පෙර මට තවත් සාක්ෂි අවශ්‍යය. එතෙක් මම විනිශ්චයය තාවකාලිකව නවත්වන්නෙමි” යයි කියන්නේය. සෑම කිතුනුවෙකුම මෙසේම කියා සිටිය යුතුය.
අපි කෙනෙකු විනිශ්චය කරන කල, ඇත්ත වශයෙන්ම පෙනෙන්නේ අපගේම හදවතේ තත්ත්වයය. හිතෝප 27:19 හි මෙසේ කියා ඇත: “ජලයේදී මුහුණ මුහුණට ප්‍රතිබිම්බවන්නාක් මෙන්, මනුෂ්‍යයාගේ හදවත මනුෂ්‍යයාට ප්‍රතිබිම්බවේ.” එසේ නැතහොත් දර්පණයකින් මනුෂ්‍යයෙකු තමාගේම මුහුණ දකිනවාක් මෙනි. මෙහි අර්ථය නම්, නුඹලා අනික් පුද්ගලයාගේ හදවත තුළ නරක අරමුණක් ඇතැයි සිතනා ඒ සිතිවිල්ල, නුඹගේම හදවත තුළ ඇති වැරදි ආකල්පයෙහි ලකුණක් පමණක්ය. “ඔහුට හොඳ අරමුණකින් එය කරන්නට නොහැක” යැයි නුඹ සිතයි. “මෙය නරක අරමුණකින්ම විය යුතුය, මක්නිසාද මාම එවැනි දෙයක් කරන්නේ නම් නරක අරමුණකින් පමණකි” යයි නුඹ සිතයි. මෙයින් නුඹගේම හදවත ප්‍රකාශ වේ. අනික් අය විනිශ්චය කිරීම ඉතා අඥානකමකි.
අකීකරු පුත්‍රයාගේ කථාව සිහි කර බලන්න. එම කථාවේ වැඩිමහල් පුත්‍රයා ගැන අපි කියවමු. අකීකරු පුත්‍රයා ආපසු පැමිණීම ගැන පියා සතුටු වී උත්සවයක් පැවැත්වූවායැයි ඔහු දුටු කල, වැඩිමහල් පුත්‍රයා අතිශයින් කෝපයට පත්විය. පියා පිටතට ගොස්, ඔහු ඇතුළට නොආවේ මක්නිසාදැයි අසන කල, ලූක් 15:30 හි ඔහු කියන්නේ මෙසේය: “ඔබගේ මේ පුත්‍රයා.” ඔහු අඩුතරමින් “මගේ මේ සහෝදරයා” යයිවත් නොකියයි. කොතරම් හෙලා දැමීමේ කථනයක්ද! “වේශ්‍යාවන් සමඟ ඔබගේ දේපල ඔහු කා දැමුවේය” යයි කියයි. ඔහු එය දැනගත්තේ කෙසේද? ඔහුගේ බාල සහෝදරයා වේශ්‍යාවන් සමඟ ගැවසුනු බව ඔහු සිතන්නේ කෙසේද? කවුරුහරි පැමිණ එය ඔහුට කීවාද? කිසිසේත් නැත. ඔහු තමාගේ බාල සහෝදරයා අනිවාර්යයෙන්ම වේශ්‍යාවන්ට මුදල් වියදම් කර ඇති බවට උපකල්පනය කළේය. එය කිසිසේත් සත්‍ය නොවන්නට ඇත. ඔහු මත්පැන් පානය කර, මෝඩ ලෙස මුදල් නාස්ති කලා විය හැකිය; එහෙත් වේශ්‍යාවන්ට වියදම් කළාද යන්න නොදනී. එහෙත් මේ වැඩිමහල් පුත්‍රයාගේ වැනි වැරදි ආකල්පයක් ඔබ තුළ තිබේ නම්, අනික් පුද්ගලයා ගැන සෑමවිටම නරකම දේම සිතීමට ඔබට හැකිය. තවත් කෙනෙකු ගැන නරකම දේ සිතන සෑම වතාවකම, දෝෂය අනික් පුද්ගලයාට වඩා ඔබ තුළම වැඩියෙන් ඇතැයි හඳුනාගන්න. අනික් පුද්ගලයා පියා සමඟ කෑම මේසයේ අසුනක් ගෙන, තරකළ වසුපැටියා කා, සතුටු විය හැකි නමුත්, ඔබ ගෙවත්තටම, පිටතටම වැටී සිටිය හැකිය.
නාස්තිකාර වූ පුත්‍රයාගේ කථාව මෙසේය: කථාවේ ආරම්භයේදී බාල පුත්‍රයා ගෙදරින් පිටතය, වැඩිමහල් පුත්‍රයා ගෙදර ඇතුළතය. කථාවේ අවසානයේදී බාල පුත්‍රයා ගෙදර ඇතුළතය, වැඩිමහල් පුත්‍රයා ගෙදරින් පිටතය - මක්නිසාද ඔහු මනුෂ්‍යයන් විනිශ්චය කරන්නේය. ප්‍රමාණවත් තොරතුරු නොමැතිව මනුෂ්‍යයන් විනිශ්චය කිරීම නිසා, ඔබද පියාගේ ගෙදරින් පිටතට වැටී නොයන්නට බලාගන්න. කළ යුතු ඉතාම ආරක්ෂිත දෙය වන්නේ විනිශ්චය නොකිරීමය.
විනිශ්චය නොකරව. යේසුස් වහන්සේ මෙසේ කියන සේක: නුඹ විනිශ්චය කරන්නේ නම්, නුඹගේ සහෝදරයාගේ ඇසෙහි ඇති පොඩි රොඩ්ඩක් විනිශ්චය කරමින් සිටියදී, නුඹගේම ඇසෙහි කොටයක් තිබීමෙන් නුඹ කරන දෙය කුමක්ද? එයයි උන්වහන්සේ ප්‍රකාශ කළේ. මනුෂ්‍යයෙකුගේ ඇසෙහි තිබෙන මේ “කොටය” කුමක්ද? ඇස තුළ සැබෑ ලී කඳක් තිබිය නොහැක. එහෙත් නුඹගේ පාපය ඔහුගේ පාපයට සාපේක්ෂව කෙතරම් බරපතළදැයි පෙන්වීමට යේසුස් වහන්සේ මෙහි එය විශාලකර දක්වන්නේය. ඔහු කිසිවිට ඉතා දැඩි වැරැද්දක් කළා වුවත්, ඔහුගේ පාපයට සාපේක්ෂව, ඔහු කෙරෙහි නුඹගේ සෙනෙහසක් නැති ආකල්පය කොටයක් මෙන් ය; ඔහුගේ පාපය නම් රොඩ්ඩක් පමණකි.
ඔහු වේශ්‍යාවන් වෙත ගියා වියහැක? ඔව්, එය පාපයකි. එහෙත් එම පාපය පවා ඔහු කෙරෙහි ඔබගේ සෙනෙහසක් නැති ආකල්පයට සාපේක්ෂව රොඩ්ඩක් පමණකි; නමුත් ඔබ සතු එය කොටයක් මෙන්ය. ස්වාමීන්වහන්සේ කියන්නේ අනික් අය කෙරෙහි ඇති එම සෙනෙහසක් නැති ආකල්ප ඉවතලන ලෙසය. උන්වහන්සේ පවසන්නේ, එවැනි සෙනෙනෙහසක් නැති ආකල්පය නිසා ඔබ සෑමවිටම ඔහු තුළ දෝෂ සෙවීමට කැමති වන බවය. ඔහු කරන සෑම දෙයකම ඔබ වැරද්දක් සොයයි. ඔහුට හොඳ කිසිවක් කළ නොහැකි බව ඔබට පෙනේ. ඔහු ඔබගේ ඇස්වල දුෂ්ටයෙක්ය; නමුත් එවැනි සෙනෙහසක් නැති ආකල්පයක් තබාගැනීමෙන් ඔබ කෙතරම් දුෂ්ටදැයි ඔබ දකින්නේ නැත. එහෙත් උන්වහන්සේ කුමක් කියන සේක්ද? ඉතා දුර්වල දෘෂ්ටියක් ඇති මනුෂ්‍යයෙකු ගැන සිතන්න. ඔබගේ ඇසෙන් යමක් ඉවත් කරගැනීමට ඔබ ඔහු වෙත යන්නෙහිද? ඇසේසුද (cataracts) සහ අනෙකුත් දෝෂ නිසා සම්පූර්ණ අන්ධ වීමට ආසන්න දෘෂ්ටියක් ඇති ඇස් වෛද්‍යවරයෙකු වෙත ඔබ යන්නෙහිද? ඔහුට කෙසේ ඔබගේ ඇස තුළ බලමින්, ඉතා කුඩා රොඩ්ඩක් ඉවත් කර දෙන්නට හැකිද? මා නම් එවැනි කෙනෙකු අසලටවත් යාමට නොකැමැත්තෙමි.
ඒක තමයි ස්වාමීන් වහන්සේ පවසන්නේ. ඔබේ ඇස තුළ විශාල කොටයක් තිබී, එය ඔබව නිවැරදිව දැකීමෙන් වළක්වන්නේ නම්, ඔබේ සහෝදරයාට, “ඔබගේ ඇසෙන් රොඩ්ඩ ඉවත් කර දෙන්නෙමි” යයි ඔබ කියන්නේ කෙසේද? ඔබ ඔහුගේ ඇසට පවා හානි කළ හැක. නමුත් ස්වාමීන්වහන්සේ කියන සේක: “වංචාකාරය! නුඹගේ සෙනෙහසක් නැති ආකල්පය බලව.” අනික් පුද්ගලයෙකු කෙරෙහි සෙනෙහසක් නැතිව, ඔහුව විනිශ්චය කරන සෑම කෙනෙක්ම මතෙව් 7:5 අනුව වංචාකාරයින්ය. පළමුව මෙම සෙනෙහසක් නැති ආකල්පය ඉවතලන්න; එවිට ඔබට පැහැදිලිව පෙනේවි. එවිට එම සහෝදරයාම තමාගේ කැමැත්තෙන් ඔබ වෙත පැමිණ, “සහෝදරය, කරුණාකර මගේ ඇසෙන් මේ රොඩ්ඩ ඉවත් කර දෙන්න” යයි කියන්නටද පුළුවනි. එවැනි තත්ත්වයකට පැමිණීම කෙතරම් ආශීර්වාදයක්ද!
සවන් දීමට.