WFTW Body: 

හෙබ්‍රෙව් 10:5 හී "දෙවියන්වහන්සේට අපගේ පඬුරු අවශ්‍ය නොවන බව"අප කියවන්නෙමු. දේශකයින් විසින් ඔවුන්ගේ පඬුරු දෙවියන්වහන්සේට අවශ්‍ය යැයි නිතර කියමින් පීඩාව යටතේ තබන ලද මිනිසුන්ට මම මෙම පදය උපුටා දක්වන්නෙමි. දෙවියන්වහන්සේට අපගෙන් අවශ්‍ය වන්නේ යැයි මෙතැනදී පැවසෙන්නේ කුමක්ද? අපගේ ශරීරයි. පැරණි ගිවිසුම යටතේ නුඹලාගේ "දශයෙන් කොටස ලෙවී වරුන්ට ගෙවන්නැයි" අවධාරණය කර තිබුණි. අලුත් ගිවිසුම තුල අවධාරණය කෙරෙන්නේ" නුඹලාගේ ශරීර දෙවියන්වහන්සේට දියල්ලා" යන්නයි( රෝම 12:1 ). නිතරම මිනිසුන්ට තම දශයෙන් කොටස ගෙවන්නැයි ඉල්ලීම් කරන සභාවක් පැරණි ගිවිසුම් සභාවක්වේ. අලුත් ගිවිසුම් සභාවක් අවධාරණය කරන්නේ අපගේ ශරීර - අපගේ ඇස් - අපගේ අත් - අපගේ දිව ආදිය ජීවමාණ යාගයක් ලෙස දෙවියන්වහන්සේට පිළිගන්වන ලෙසයි. අද දවසේ දෙවියන්වහන්සේ අපගෙන් බලාපොරොත්තු වන්නේ ද්‍රව්‍යමය පඬුරු නොව නමුත් අපගේ ශරීරයි. අපගේ ශරීර දෙවියන්වහන්සේට දීම පරණ ගිවිසුමේ දසයෙන් කොටසට සමාන අලුත් ගිවිසුමේ පිළිගැන්වීමයි - හරියටම පරණ ගිවිසුමේ පාස්කු දිනයේ බැටළුවා පූජා කිරීමට සමාන ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියේ මරණය මෙන්වේ. දෙවියන්වහන්සේගේ පොළොවේ කාර්‍යයන් උදෙසා කිසිම මුදලක් දීමට අපට අවශ්‍ය නොවන බව මින් අදහස් වන්නේද? ඔබ සැබවින්ම දිය යුතුයි, නමුත් දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබ සතුටින් දෙන දෙයයි( 2 කොරින්ති 9:7 ). මොන තත්වයක් යටතේ වූවත්, උන්වහන්සේට සියල්ලට පළමුවෙන් ඔබගේ ශරීරය අවශ්‍යයයි. දෙවියන්වහන්සේට තමන්ගේ ශරීර භාරදෙන්නාවූ අය නිතරම අන්සෑම දේම උන්වහන්සේට දෙන්නේය. නමුත් සෑම දෙයක්ම සතුටු සිතින් සහ ප්‍රීතියෙන් දිය යුතුමය.

යේසුස්වහන්සේ මෙලොවට පැමිණි විට, උන්වහන්සේ පියාණනවහන්සේට දසයෙන් කොටස් සහ ද්‍රව්‍යමය දේවල් දීමට පැමිණියේ නැත( හෙබ්‍රෙව් 10:5 ). උන්වහන්සේ පැමිණියේ තම ශරීරය පූජාවක් ලෙස දීමටයි. උන්වහන්සේ අලුත් ගිවිසුමේ මැදිහත්කරුවාණන් වන අතර දෙවියන්වහන්සේට අපගෙන් මූලිකව අවශ්‍ය වන්නේ අපගේ ශරීරය බව අපට ඉගැන්වූ සේක.

යේසුස්වහන්සේ ස්වර්ගයේ සිටින විට උන්වහන්සේට ශරීරයක් තිබුණේ නැත. උන්වහන්සේ මෙලොවට පැමිණෙන විට පියාණන්වහන්සේ උන්වහන්සේට ශරීරයක් දුන්සේක. එම ශරීරයත් සමග උන්වහන්සේට කරන්නට තිබුණේ කුමක්ද? අප්‍රිකාව වැනි දුෂ්කර ප්‍රදේශයක මිෂනාරි සේවයකට යාම තුලින් පියාණන්වහන්සේ කෙරෙහි ඇති තමන්ගේ ප්‍රේමය පෙන්වීමට තිබුණේද? හෝ උන්වහන්සේට දිනකට පැය 4 ක් යාඤා කිරීම සහ සති දෙකකට වරක් නිරාහාරව සිටීම කරන්නට තිබුණේද? මේවායින් කිසිවක් නොවේ. උන්වහන්සේ පවසන්නේ "මම පැමිණ තිබෙන්නේ(පොළොවට) ඔබගේ කැමැත්ත කිරීමටයි පියාණෙනී - පඬුරු පූජා කිරීමට නොවේ"( හෙබ්‍රෙව් 10:7 ). යේසුස්වහන්සේ තම ශරීරය පාවිච්චි කළේ මෙයටයි - එසේම අපද අපගේ ශරීර පාචිච්චි කළ යුත්තේ මෙයටයි. අප අපගේ ශරීර දෙවියන්වහන්සේට පූජා කළවිට , ඉන්පසු එහි සෑම අවයවයකින්ම උන්වහන්සේගේ කැමැත්ත විය යුතුය - අපගේ ඇස් වලින්, අත් වලින්, දිවෙන්, ආශාවන් වලින්, කැමැත්තෙන් යනාදිය.. වේ. ඉන්පසු අපගේ එකම ආශාව සෑම දිනකම දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීම වනු ඇත.

පළමු කොටම අප කෙරෙහි දෙවියන්වහන්සේගේ කැමැත්ත කුමක්ද? "දෙවියන්වහන්සේගේ කැමැත්ත නම් නුඹලා ශුද්ධව සිටීමයි"( 1 තෙසලෝනික 4:3 ). අප සෑම කෙනෙක් උදෙසාම දෙවියන්වහන්සේගේ කැමැත්තේ පළමු කොටස එයයි. අපගේ සේවය ගැන සැලකීමේදී, අප එහෙ මෙහෙ ගොස් දෙවියන්වහන්සේ උදෙසා යම් දෙයක් කිරීමට උත්සහ නොකළ යුතුය. නැවතත් අප දෙවියන්වහන්සේගේ කැමැත්ත අපගේ සේවය තුල කළ යුතුය. යේසුස්වහන්සේ අපට යාඤා කිරීමට ඉගැන්වූ සේක "ස්වර්ගයේ මෙන් පොලොවේද ඔබගේ කැමැත්ත ඉටු වේවා" ස්වර්ගයේදී දේව දූතයන් එහේ මෙහේ දිවගොස් දෙවියන්වහන්සේ උදෙසා එක් විදිහකින් හෝ වෙනත් විදිහකින් කාර්‍ය බහුල වීමට උත්සහ කරන්නේ නැත. යේසුස්වහන්සේද එහේ මෙහේ දිව ගොස් පියාණන් වෙනුවෙන් යම් දෙයක් හෝ වෙනත් දෙයක් කිරීමට උත්සහ නොකළ සේක. උන්වහන්සේ පියාණන්ගේ කැමැත්ත සෙවූ අතර එය පමණක් කළ සේක. පියාණන්වහන්සේ උන්වහන්සේට වයස අවුරුදු 18 සිට 30 දක්වා වඩුවෙකු ලෙස වැඩ කිරීමට පැවසූ විට, උන්වහන්සේ එය කළ සේක. එම වසරවල උන්වහන්සේ පොලොවේ වැඩ ගැන විශ්වාසවන්තව සිටි අතර පියාණන්වහන්සේ උන්වහන්සේට පිටතට ගොස් වසර 3 ½ ක් දේශනා කරන ලෙස පැවසූ සේක. යේසුස්වහන්සේ සුභාරංචිය දේශනා කිරීමේදී හා රෝගීන් සුවකරන කාලයේදී මෙන්ම වසර 12 ක කාලයක් මේස බංකු ආදිය සෑදීමේදීද එක හා සමානව පියාණන්වහන්සේට ප්‍රසන්නව සිටි සේක.

යේසුස්වහන්සේ මිෂනාරි වරයෙකු හෝ පූර්‍ණ කාලීන දේවසේවකයෙකු වීම පිණිස මෙලොවට නොපැමිණි සේක. උන්වහන්සේ පැමිණියේ කුමන දෙයක් වූවත් පියාණන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස පමණි. පියාණන්වහන්සේගේ කැමැත්ත වඩු වැඩ වනවිට, උන්වහන්සේ එය කළ සේක. අප විසින්ද අපව අර වැඩේට හෝ මේ වැඩේට නොව පියාණනවහන්සේගේ කැමැත්ත කරන පිණිස කැප කල යුතුය. දෙවියන්වහන්සේ ඔබව මිෂනාරිවරයෙකු නොව වඩුවෙකු ලෙස වැඩ කිරීමට කැඳවිය හැක. ඔබ කැමති වන්නේද?

යේසුස්වහන්සේ " ස්වාමිණ්වහන්ස මා පැමිණියේ ඔබගේ කැමැත්ත කිරීමටයි දෙවියන්වහන්ස" යි පැවසූ සේක. එසේ උන්වහන්සේ පළමු ගිවිසුම අහක් කොට දෙවන ගිවිසුම පිහිටෙවූ සේක( හෙබ්‍රෙව් 10:8,9 ). පළමු ගිවිසුම තුල බොහෝ ආගමික ක්‍රියාකාරකම් පැවතුණි - විශේෂයෙන් කූඩාරම සහ දේව මාලිගාව තුළ. නමුත් යේසුස්වහන්සේ 99% ක්වූ තම මෙලොව දිවිය තුල කිසිදු ආගමික වැඩක් නොකළ සේක. උන්වහන්සේ වසර 30 ක් තම මවට උපකාර කරමින් වඩුවෙකු ලෙස තම නිවසට උදව් කළ සේක. ඉන්පසු ඊලඟ වසර 3 ½ උන්වහන්සේ දේශනා කළසේක. එසේ උන්වහන්සේ තම පියාණන්වහන්සේ පැවරූ කාර්‍යය නිම කර උන්වහන්සේව මහිමයට පත් කළසේක( ශු:යොහාන් 17:4 බලන්න ) . එතැනදී අප නිවසේදී ඔබගේ මවට උපකාර කිරීම දෙවියන්වහන්සේගේ ඇස් ඉදිරියේ රෝග සුව කිරීම මෙන්ම වැදගත් බව ඉගෙන ගන්නෙමු. අලුත් ගිවිසුම තුල , යම් විශේෂිත කාල සීමාවක ඔබ යම් විශේෂිත කාර්‍යයක් කිරීම දෙවියන්වහන්සේට අවශ්‍ය නම් ඒ දේව කැමැත්තයි - එබැවින් ඒ කාල සීමාවේදී ඔබ විසින් කළ යුතු ශුද්ධම දෙය එයයි.