WFTW Body: 

යේසුස් වහන්සේ පැවසුවේ ස්වර්ග රාජ්‍යය ආත්මයෙන් දිළිඳු අයට අයිති බවයි (මතෙව් 5: 3). ආත්මයෙන් දිළිඳුන් යනු ඔවුන්ගේ මානව ඌනථාවයන් ගැන දැණුවත් අයවන අතර එබැවින් දෙවියන් වහන්සේගේ කැමැත්තට සම්පූර්ණයෙන්ම යටත් වන්නාවූ අය වෙති.
“යේසුස් වහන්සේගේ ජීවිතයේ සෑම දෙයක්ම පියාණන්ගේ කාලය සහ කැමැත්ත මගින් නියාමනය විය”.
මෙම ඉහත කාරණාව සම්බන්ධයෙන් ගත් කල, යේසුස් වහන්සේ ආත්මයෙන් නිරන්තරව දිළිඳු විය. දෙවියන් වහන්සේ, මිනිසා ජීවත්විය යුතුයැයි අදහස් කළ පරිදි, උන්වහන්සේ ජීවත් වූ සේක - දෙවියන් වහන්සේ මත සදාකාලික යැපීම, දෙවියන් වහන්සේගෙන් තොර තම මණසෙහි බලයන් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම.
උන්වහන්සේගේ වචන සලකා බලන්න:
පුත්‍රයාණන්ට තමන් විසින්ම කිසිවක් කළ නොහැක.... මාගේම මුල් පිරීමෙන් කිසිවක් නොකරමි, නමුත් මම කථා කරන්නේ පියාණන් මට ඉගැන්වූ ලෙසය. මම ආවේ මාගේම මුල් පිරීමෙන් නොවේ, නමුත් උන්වහන්සේ මා එවූසේක. මා කථා කළේ මාගේම මුල් පිරීමෙන් නොවේ, නමුත් මා එවූ පියාණන්ම මට ආඥාවක් දී ඇත, කුමක් කිව යුතුද, කුමක් කථා කළ යුතුද කියා.... මා ඔබට කියන වචන මාගේම මුල් පිරීමෙන් නොවේ පියාණන් මා තුළ රැඳී සිට උන්වහන්සේගේ කාර්යය කරන සේක (යොහාන් 5:19, 30; 8: 28, 42; 12: 49; 14:10).
යේසුස් වහන්සේ කිසිවිටෙකත් ක්‍රියා කළේ අවශ්‍යථාවක් දුටු පමණින් නොවේ. උන්වහන්සේ අවශ්‍යථාවය දුටුසේක, ඒ ගැන සැලකිළිමත් වූ නමුත් ක්‍රියා කළේ උන්වහන්සේගේ පියාණන් උන්වහන්සේට පැවසූ විට පමණි.
ලෝකය බළාපොරොත්තු සුන්වූ අවධියක සිටියදී, ගැළවුම්කරුවෙකුගේ අවශ්‍යථාවය අධිකව තිබියදී, එවිට උන්වහන්සේගේ පියාණන් උන්වහන්සේව එවූ විට, පොළොවට පැමිණිසේක (යොහාන් 8: 42). එතෙක් උන්වහන්සේ අවම වශයෙන් අවුරුදු හාරදහසක් ස්වර්ගයේ බලා සිටිසේක. "නියම කාලය පැමිණි විට, දෙවියන් වහන්සේ තීරණය කළ කාලයේදී, උන්වහන්සේ තම පුත්‍රයා එවූසේක" (ගලාති 4: 4 - ජීවමාන බයිබලයේ පරිවර්ථනය). දෙවියන් වහන්සේ සෑම දෙයකටම නියම වේලාවක් නියම කර ඇත (දේශනාකාරයා 3: 1). එම කාලය දන්නේ දෙවියන් වහන්සේ පමණි, එබැවින් අපි යේසුස් වහන්සේ කළාක් මෙන් සෑම දෙයකදීම පියාණන්ගේ කැමැත්ත සොයන්නෙමු නම් අපට වරදින්නේ නැත.
එසේම යේසුස් වහන්සේ මේ පොළොවට පැමිණි වෙලාවේ, උන්වහන්සේට හොඳ යැයි හැඟෙන කිසිදු දෙයක් කරමින් නිකම් එහේ මෙහේ ගියේ නැත. උන්වහන්සේගේ මණස පරිපූර්ණව පැවතියද, උන්වහන්සේගේ මණසට එන කිසිදු දීප්තිමත් අදහසක් මත කිසිදා ක්‍රියා නොකළසේක. නැත. උන්වහන්සේ තම මණස ශුද්ධාත්මයාණන්ගේ සේවකයෙකු බවට පත් කළසේක.
උන්වහන්සේ වයස අවුරුදු දොළහ වන විට ශුද්ධ ලියවිල්ල හොඳින් දැන සිටියද, උන්වහන්සේ ඊළඟ වසර දහඅට වඩු කාර්මිකයෙකු ලෙස මේස පුටු ආදිය සාදමින්, තම මව සමඟ නැවතී සිටි සේක. උන්වහන්සේ වටා මරණයට පත්වන මිනිසුන්ට අත්‍යවශ්‍ය පණිවිඩය උන්වහන්සේ සතුව තිබුණද දේශනා කිරීමේ සේවයට අවතීර්න නොවූසේක. ඒ මන්ද? මක්නිසාදයත් පියාණන්ගේ කාලය එතෙක් පැමිණ නොතිබූ බැවිනි.
බලා සිටීමට යේසුස් වහන්සේ බිය වූයේ නැත.
විශ්වාස කරන තැනැත්තා ඉක්මන් නොවන්නේය (යෙසායා 28: 16).
තම පියාණන්ගේ කාලය පැමිණි විට, උන්වහන්සේ තම ලීබඩු සාප්පුවෙන් පිටතට ගොස් දේශනා කිරීමට පටන් ගත්සේක. ඉන් පසුවද බොහෝ විට, උන්වහන්සේ සමහර ක්‍රියා මාර්ගයන් ගැන මෙසේ පවසන්නට විය, "මාගේ පැය තවම පැමිණ නැත" (යොහාන් 2: 4; 7: 6). යේසුස් වහන්සේගේ ජීවිතයේ සෑම දෙයක්ම පියාණන්ගේ කාලය සහ කැමැත්ත මගින් නියාමනය විය.
මිනිසුන්ගේ අවශ්‍යථාවය කිසිවිටෙකත් යේසුස් වහන්සේට ක්‍රියාත්මක වීම උදෙසා සාධකයක් වූයේ නැත, මන්ද එසේ වූයේ නම් එය ක්‍රියා කරවන්නේ උන්වහන්සේගෙන්ම විය හැක - උන්වහන්සේගේ ප්‍රාණයෙන්. මිනිසුන්ගේ අවශ්‍යථාවය සැළකිල්ලට ගත යුතුව තිබූ නමුත් එහි දෙවියන් වහන්සේගේ කැමැත්තයි සිදුවිය යුතුව තිබුණේ .
යේසුස් වහන්සේ තම මිතුරන් යෝජනා කළ බොහෝ යහපත් දේ නොකළේ, මිනිසුන්ට ඇහුම්කන් දී පෙණෙන පරිදි යහපත් දේ කළහොත්, තම පියාණන්ට උන්වහන්සේ වෙනුවෙන් තිබූ හොඳම දේ උන්වහන්සේට අහිමි වන බව උන්වහන්සේ දැන සිටි නිසාය.