WFTW Body: 
Document

ඔබ දෙවියන් වහන්සේගේ වචනයට ගරු කිරීමට ඉගෙනගෙන ඇති බව යක්‍ෂයා දකින විට, ඔහු දෙවියන් වහන්සේගේ වචනය, එහි අර්ථය කිසිසේත්ම නොවන්නාවූ වෙනස් අරුතක් ගෙනහැරපාන පිණිස එම වචනය විකෘති කිරීමට උත්සාහ කරන්නේ ය. ඔහු දෙවියන් වහන්සේගේ වචනය එහි සන්දර්භයෙන් ඉවත් කර, එය වැරදි ලෙස උපුටා දක්වනු ඇත. ඔහු යේසුස් වහන්සේට පවා මෙය කළේය!

ඔබ ශුද්ධ ලියවිලි දෙකම එකට සසඳන විට, ඔබට සත්‍යය වැටහෙනු ඇත. දෙවියන් වහන්සේ ඔබට පවසන දේ ඇසීමට ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීම වැදගත් වන්නේ එබැවිනි.

මතෙව් 4:6 හි ඔහු මෙසේ පැවසීය, "ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම්, ඔබ දේවමාළිගාවේ මුදුනෙන් බිමට පැන දෙවියන් වහන්සේගේ පොරොන්දුව ඉල්ලා නොසිටින්නේ මන්ද?" ඔහු ගීතාවලිය 91 පවා උපුටා දැක්වීය, 'ඔහු තම දූතයන්ට ඔබ ගැන අණ දෙන සේක; ඔබේ පාදය ගලක නොවදින ලෙස ඔවුන් ඔවුන්ගේ අත්වලින් ඔබව උසුලනු ඇත.'

මෙයින් අපට උගන්වන්නේ සාතන්ට ඔබව පාපයට පොළඹවා ගැනීම සඳහා දෙවියන් වහන්සේගේ වචනය පවා ඔබට උපුටා දැක්විය හැකි බවයි.

මෙම පරීක්‍ෂාව පළමු පරීක්‍ෂාව හා සම්බන්ධයි. පළමු වතාවට, සාතන් යේසුස් වහන්සේට ගල් රොටි බවට පත් කරන ලෙස පැවසූ විට, යේසුස් වහන්සේ මෙසේ කීසේක, "ඒයි, මිනිසා රොටිවලින් පමණක් ජීවත් නොවේ; ඔහු දෙවියන් වහන්සේගේ සෑම වචනයකින්ම ජීවත් වේ." සාතන්ද එය අල්ලාගෙන මෙසේ කීවේය, "දෙවියන් වහන්සේගේ සෑම වචනයක්ම, නේද? හරි, මෙන්න දෙවියන් වහන්සේගේ වචනය: 'ඔහු තම දූතයන්ට ඔබ කෙරෙහි අණ දෙන අතර ඔබේ පාදය ගලක නොවදිනු ඇත.' ඉතින් දේවමාළිගාවෙන් පනින්නෙ නැත්තේ ඇයි?"

මා කීවාක් සේ, ඔබ දෙවියන් වහන්සේගේ වචනයට ගරු කිරීමට ඉගෙනගෙන තිබෙන බව යක්‍ෂයා දුටු විට, ඊළඟට කරන්නේ එහි අර්ථය කිසිසේත්ම නොවන්නාවූ වෙනස් අරුතක් ගෙනහැර දක්වන පිණිස එම වචනය විකෘති කිරීමට උත්සාහ කිරීමය. ඔහු දෙවියන් වහන්සේගේ වචනය සන්දර්භයෙන් ඉවත් කර දේව වචනය වැරදියට උපුටා දක්වන්නේය. මගේ ජීවිතේ මට මුණගැහුණු බොහෝ කිතුනුවන්, ඔවුන් තමන්ගේම ආශාවන් තෘප්තිමත් කර ගැනීම සඳහා දේවවචනයෙන් විවිද ස්ථාන වලින් පද උපුටා සන්දර්භයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර පවසන ආකාරයන් මට සිහිවේ. ශුද්ධ ලියවිල්ලට ගොස් ඔබට කිරීමට අවශ්‍ය දේ කිරීමට පදයක් සොයා ගැනීම ඉතා පහසුයි. ශුද්ධ ලියවිල්ලට ගොස් තමන්ට කිරීමට අවශ්‍ය දේ හරියටම සාධාරණීකරණය කරන පදයක් සොයා ගන්නා බොහෝ දෙනෙක් සිටිති.

දෙවියන් වහන්සේගේ වචනය ලැබීමේ වැදගත්කම අප වටහා ගන්නා විට සහ නිතිපතා ශුද්ධ ලියවිල්ල කියවන විට, මෙම පරීක්‍ෂාවෙන් අප මතක තබා ගත යුත්තේ සාතන්ට පැමිණ ශුද්ධ ලියවිල්ල වැරදි ලෙස උපුටා දැක්විය හැකි බවයි. ශුද්ධ ලියවිල්ල එහි සන්දර්භය තුළ අධ්‍යයනය කිරීම අපට වැදගත් වන්නේ එබැවිනි, යේසුස් වහන්සේ පැවසූ පරිදි, එක් ශුද්ධ ලියවිල්ලකින් පමණක් නොව, "දෙවියන් වහන්සේගේ සෑම වචනයකින්ම" මුළු ශුද්ධ ලියවිල්ලම අධ්‍යයනය කිරීම වැදගත් වන්නේ එබැවිනි. අපට එක් ශුද්ධ ලියවිල්ලකින් ජීවත් විය නොහැක (නිදසුනක් වශයෙන්, "මිනිසා දෙවියන් වහන්සේගේ සෑම වචනයකින්ම ජීවත් වනු ඇත"), ඒ නිසා මුළු ශුද්ධ ලියවිල්ලම දැන ගැනීම වැදගත් වේ. එම නිසා එය අධ්‍යයනය කිරීම වැදගත් වේ. ඔබ තරුණ වියේ පසුවන්නේ නම්, යම් විෂයක් සම්බන්ධයෙන් ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේ තේරුම් ගැනීමට ඔබ සිතන සෑම අවස්ථාවකම වචනය දන්නා දේවභක්තික වැඩිහිටි පුරුෂයන්ගෙන් උපදෙස් ලබා ගැනීම හොඳය. එය ඉතා පහසුයි. මුළු ශුද්ධ ලියවිල්ලම නොව, එක් විශේෂිත ශුද්ධ ලියවිල්ලකින් පමණක් ජීවත් වීමට උත්සාහ කිරීමෙන් තමන්වම රවටා ගත් බොහෝ දෙනෙකු මට හමු වී ඇත.

මේ කාරණය ඉස්මතු කර පෙන්වීමට මම හාස්‍යජනක නිදර්ශනයක් භාවිතා කරමි: ග්‍රේස්(අනුග්‍රහය) නම් ගැහැණු ළමයෙකුට බොහෝ සේ ආදරය කරන තරුණයෙකු සලකා බලන්න. ඔහුට දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයා ගැනීමට අවශ්‍යයි, නැතහොත් අවම වශයෙන් ඔහු එසේ කරන බව සිතයි, නමුත් ඔහු දැනටමත් මෙම ගැහැණු ළමයාට බොහෝ සේ ආදරය කරයි. සත්‍යය නම්, ඔහු ඇයව විවාහ කර ගැනීමට කැමති අතර ඔහුට අවශ්‍ය වන්නේ දෙවියන් වහන්සේගේ අනුමැතිය පමණි. ඉතින් දිනක් ඔහු 2 කොරින්ති 12:9 කියවයි, "මගේ අනුග්‍රහය ඔබට ප්‍රමාණවත්", දැන් ඔහුට ඒත්තු ගැන්වී ඇත. "ආහ්, දෙවියන් වහන්සේ මට කතා කළා, ග්‍රේස්(අනුග්‍රහය) තමා මට සුදුසු ගැහැණු ළමයා," ඔහු තමාටම කියා ගනී. ඔහු තමාගේම ආශාව තෘප්තිමත් කර ගනිමින් සිටී. දැන් තවත් තරුණයෙකු සලකා බලන්න, ඔහුගේ දෙමව්පියන් ඔහුට ග්‍රේස් නම් ගැහැණු ළමයෙකු යෝජනා කර ඇත. ඔහු ඇයට කිසිසේත් කැමති නැත, ඔහුට කිසිදු උනන්දුවක් නැත, එබැවින් ඔහු තම දෙමාපියන්ට පවසන්නේ "මට දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයා ගැනීමට සිදුවනු ඇත" යනුවෙනි. ඔහු එම පදයම කියවයි, 2 කොරින්ති 12:9, "මාගේ අනුග්‍රහය ඔබට ප්‍රමාණවත්". ඔහු තම දෙමාපියන් වෙත ගොස් මෙසේ කියයි, "දෙවියන් වහන්සේ උන්වහන්සේගේ අනුග්‍රහය මට ප්‍රමාණවත් බව පවසා ඇත. මට මේ ග්‍රේස් කියන ගැහැණු ළමයා අවශ්‍ය නැහැ, දෙවියන් වහන්සේගේ අනුග්‍රහය(ග්‍රේස්) මට ප්‍රමාණවත්." එකම පදයෙන් මෙම තරුණයන් දෙදෙනා තමන්ගේම ආශාවන් තෘප්තිමත් කර ගැනීම සඳහා වෙනස් පිළිතුරු දෙකක් ලබා ගන්නා ආකාරය ඔබට දැක ගත හැකිය. ඔවුන්ට කිරීමට අවශ්‍ය දේ, ඔවුන් දෙවියන් වහන්සේගේ වචනයට ඇතුළත් කිරීමට උත්සාහ කරති. යක්‍ෂයාට ශුද්ධ ලියවිල්ලක් ගෙන එය ඔබට උපුටා දැක්විය හැකි ආකාරය පිළිබඳ එක් උදාහරණයකි. ඔහු එය යේසුස් වහන්සේ සමඟ උත්සාහ කළා නම්, ඔහු ඔබ සමඟ එය උත්සාහ කරයි කියා ඔබ සිතන්නේ නැද්ද?

යේසුස් වහන්සේ යක්‍ෂයාට දුන් පිළිතුර කුමක්ද? මතෙව් 4:6 හි යක්‍ෂයා "එය මෙසේ ලියා ඇත" යනුවෙන් පැවසූ විට, මතෙව් 4:7 හි යේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, "එය මෙසේද ලියා ඇත" යනුවෙන් පැවසීම දැකීම ඉතා සිත්ගන්නා සුළුය. නැතහොත්, "අනෙක් අතට, එය මෙසේද ලියා ඇත." උන්වහන්සේ අදහස් කළේ එයයි, "නැවතත් එය ලියා ඇත" යන්නයි. මෙය අපට උගන්වන්නේ සම්පූර්ණ සත්‍යය "ලියා ඇත" යන්නෙන් පමණක් නොව "ලියා ඇත, නැවතත් එය මෙසේද ලියා ඇත" යන්නෙන් සොයාගත හැකි බවයි.

ඔබ ශුද්ධ ලියවිලි දෙකම එකට සසඳන විට, ඔබට සත්‍යය වැටහෙනු ඇත. දෙවියන් වහන්සේ ඔබට පවසන දේ ඇසීමට ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීම වැදගත් වන්නේ එබැවිනි. එසේ නොමැතිනම්, ඔබට ශුද්ධ ලියවිලි පදයක් ගෙන සම්පූර්ණයෙන්ම නොමඟ යා හැකිය.