හිතෝපදේශ 4:12(විස්තරාත්මකව) දෙවියන්වහන්සේ පියවරෙන් පියවර ඔබ ඉදිරියේ මාර්ගය විවෘත කරන බව පවසයි. පියවර දෙකක් ඔබට ඉදිරියේ ඇත්තේ කුමක්දැයි දැනගැනීමට ඔබට අවශ්‍ය නොවේ. ඔබට පෙනෙන පියවර පමණක් ගන්න, ඉන්පසු අනෙක් පියවර ඔබ දකිනු ඇත. දෙවියන්වහන්සේ ඔබට මඟ පෙන්වන්නේ එලෙසයි. ඔබට ඉදිරියේ දොරවල් වැසී තිබෙන්නාක් මෙන් ඔබ දකියි. නමුත් ඔබ ඒවා වෙත ලඟාවනවිට ඒවා ඉබේ විවෘතවනු ඇත. නමුත් ඔබ ඒවාට ලඟාවන තුරු ඒවා විවෘත නොවනු ඇත. එලෙසයි දෙවියන්වහන්සේ ඔබව රැගෙන යන්නේ. එනිසා ඔබ ඉදිරියේ දොරක් වැසී තිබෙන්නේ නම් සැක සහිතවන්නවත් බයවන්නවත් එපා. දෙවියන්වහන්සේ ඔබට මඟ පෙන්වන පියවර ගෙන ඉදිරියට යන්න. "මම ඔබ ඉදිරියේ ඇරුනු දොරක් තබා ඇත" යි ස්වාමින්වහන්සේ පවසයි, එය "කිසිවෙකුට වසන්නට බැරිය"( එළි. 3:8 ).
දෙවියන්වහන්සේ ඔබගේ මාවත ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝකවේගන යන්නාවූ අලුයම් ආලෝකය මෙන් වන්නට සලස්වන බව හිතෝපදේශ 4:18 ලියා තිබේ. අලුත් උත්පාදනය මෙහිදී හිරු උදාවට සමානකර ඇති අතර ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම මධ්‍යහනයේ හිරුට සමානකර ඇත. ඔබ කෙරෙහි දෙවියන්වහන්සේගේ පරිපූර්ණ සැලැස්ම නම් අලුත් උත්පාදනයේ සිට ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පැමිණීම තෙක් ඔබ ඔබගේ ජීවිතයේ සෑම දිනකම වඩවඩාත් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වියයුතු බවයි. ධර්මිශ්ඨයන්ගේ මාවත එයයි - මේ මාවතේදී පමණක් දේවවචනය ගැන වඩවඩාත් එළිදරව් කිරීම්ද, ඔබගේ ස්වකැමැත්තෙහි දූෂිතභාවය ගැන වඩවඩාත් අවබෝධය, සහ ඔබ දිවියේ මුහුණ දෙන ප්‍රායෝගික අවස්ථා සඳහා ප්‍රඥාවද ඔබ ලබනු ඇත. ඔබ මේ මාවතේ දිගටම ගමන් කරන්නේ නම්, හිරු කිසිවිටක අහසේ පසුපසට නොයන්නාක් මෙන් ඔබ කිසිවිටක පසුබට නොවනු ඇත,
සියල්ලටම පළමුව දෙවියන්වහන්සේ අපව කැඳවා ඇත්තේ උන්වහන්සේගේ නමස්කාරකරුවන් විමටයි - එසේම එහි අර්ථය උන්වහන්සේ කෙරෙහි පමණක් ආශා වීමයි. ඉන්පසු ඔබ හරියටම යෙසායා දුටු ආකාරයටම දෙවියන්වහන්සේගේ මහිමය දකිනු ඇත. ක්‍ෂනිකවම යෙසායා තමන්ගේම පාපිෂ්ඨ ස්වභාවයද දුටුවේය - ඔබද එලෙසම වනු ඇත( යෙසායා 6:1-5 ). එසේනම් නමස්කාරකරුවෙකු වන්න දෙවියන්වහන්සේ ඔබට එළිදරව් කරන ඔබ දිවියේ ක්‍රිස්තුස්වහනසේගේ මෙන් නොවන තැන් පවිත්‍ර කරගන්න. එවිට දෙවියන්වහන්සේ ඔබට උන්වහන්සේගේ ස්වභාවයේ පංගුකාරත්‍වය දරන්නෙකු ලෙස වඩවඩාත් සෑම දවසකම තබනු ඇත. දේව වචනය තුළ අප යේසුස්වහන්සේගේ මහිමය දකිනවිට, ශුද්ධාත්මයාණන් වහන්සේ අපව එක ආකාරයක තේජසින් තවත් ආකාරයක තේජසට වෙනස් කරයි. එවිට අප කෙරෙහි උන්වහන්සේගේ මහිමය දිනෙන් දිනට වැඩිවනු ඇත ( 2කොරි. 3:18 ). වෙනත්වචන වලින් කිවහොත් අප සම්පූර්ණයෙන්ම ආත්මයාණන්ට භාරවූවිට, අප ජීවිතය මත අලේපය වසර කීපයකට පෙර තිබුණාට වඩා අද වැඩිවනු ඇත, එසේම වසර 30 ට පෙර තිබුණාට වඩා බොහෝ වනු ඇත.
අප සෑම දිනකම දේව කැමැත් කරන්නට නම්, අප සෑම දිනකම දෙවියන්වහන්සේට ඇහුම්කන් දීමේ පුරුද්ද වර්ධනය කරගත යුතුය. යේසුස්වහන්සේ මරියා ගැන පැවසුවාක් මෙන්( ලූක් 10: 42 ), වෙනත් ඕනෑම දෙයකට වඩා අපට අවශ්‍ය කරන එකම දෙය නම් උන්වහන්සේගේ වචනයට ඇහුම්කන් දීමයි. බයිබලයේ පලමුවැනිම පරිච්ඡේදයේ අප කියවනු ලබනවා දෙවියන්වහන්සේ සෑම දවසකම උන්වහන්සේගේ වචනය කතා කලබව - එහි ප්‍රතිඵලයක් ලෙස පොලොව සෑම දිනකම ටිකෙන් ටික වෙනස්වන්නට වුණි. අපට මේ වසරේදී ක්‍රිස්තුස්වහන්සේගේ ස්වරූපයට වෙනස් වන්නට අවශ්‍ය නම්, අපට අවශ්‍ය වටිනාම දෙය නම් සෑම දිනකම දෙවියන්වහන්සේට ඇහුම්කන් දීම සහ කීකරු වීමයි. බයිබලය අවබෝධ කරගැණීමේ රහස නම් සියල්ලට පළමුවෙන් ස්වාමින්වහන්සේ සමඟ කුළුපග සම්බන්‍දතාවයක් පැවැත්වීමයි. ශුද්ධාත්මයාණන් දේවවචනය තුලින් සිතට කාවද්දන දෙයෙහි අර්ථය පැහැදිලි කරදීමට උන්වහන්සේට පුළුවන. එබැවින් මුල් ගෝලයන් කළාක් මෙන් යේසුස් වහන්සේ සමඟ ඇවිදින්න, උන්වහන්සේ ඔබට කතා කරනවා ඇසීමට ආශාවෙන් සිටින්න. එවිට ඔවුන්ගේ මෙන්ම ඔබගේද ඇස් ඇරෙනු ඇත ඔබගේ හදවත්ද ඔවුන්ගේ මෙන් දැල්වෙනු ඇත.
සෑම දිනකම අපගේ ශරීරයේ අප වඩාත්ම පාවිච්චි කරන අවයවය නම් අපගේ දිවයි. යේසුස්වහන්සේ උන්වහන්සේගේ දිව අන් අයව ධෛර්‍යමත් කිරීම උදෙසා භාවිතා කළසේක, එලෙස එය දෙවියන්වහන්සේගේ හස්තයේ ජීවනයේ ආයුධයක් කලසේක. උන්වහන්සේ වෙහෙසවූ අයට සැනසිල්ලේ වචන කතා කරමින් ඔවුන්ගේ බරවූ ආත්ම එසවූ සේක. එබැවින් යෙසායා 50:4 අපට පවසන්නේ මක්නිසාද උන්වහන්සේ දිනපතා තම පියාණන්ගේ හඬට ඇහුම්කන් දීම නිසා උන්වහන්සේගේ පෙරමඟට පැමිණි වෙහෙසටපත් ආත්ම උදෙසා හරි වචනය තමන් තුල තිබූ බවයි. අප දිනපතා දෙවියන්වහන්සේට ඇහුම්කන් දීමේ පුරුද්ද වර්ධනය කරගන්නේ නම් අපටද සෑම දිනකම අප අවට සිටින වෙහෙසට පත් ආත්ම උදෙසා එවැනි ආශිර්වාදමත් සේවයක් ලැබිය හැක. අප වැදගැම්මකට නැති කතා කිරීම් ප්‍රතික්‍ෂේප කරන්නේ නම් සහ අපගේ දිනපතා සංවාදයන්හීදී අනර්‍ග වචන පමණක් කතා කිරීම තෝරා ගන්නේ නම්, උන්වහන්සේ යෙරමියාව කලාක් මෙන් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචන අපට දී අපව උන්වහන්සේගේ මුඛය කරනු ඇත ( යෙරමියා 15:19).