WFTW Body: 

යේසුස් වහන්සේගේ ජීවිතය පරිපූර්ණ විශ්‍රාම ජීවිතයක් විය. තම පියාණන්ගේ සියලු කැමැත්ත කිරීමට උන්වහන්සේට සෑම දිනකම පැය 24 තුළ ප්‍රමාණවත් කාලයක් තිබුණි. නමුත් උන්වහන්සේට යහපත් ලෙස පෙණෙන දේ කිරීමට උන්වහන්සේ තීරණය කළේ නම්, දවසේ පැය 24 ම ප්‍රමාණවත් නොවන අතර බොහෝ දිනවල උන්වහන්සේ නොසන්සුන්ථාවයෙන් පෙළෙන්නට ඉඩ තිබුණි.

ස්වාමින් වහන්සේ අපගේ එඬේරා වන අතර උන්වහන්සේ තම බැටළුවන් විශ්‍රාමයේ තණබිම් කරා ගෙන යන සේක.

 

යෙරුසලමේ දේවමාළිගාවේ අලංකාර දොරටුවෙන් පිටත, කොර මිනිසෙකු දානය ඉල්ලා සිටිනු යේසුස් වහන්සේ නිතරම දුටුසේක. නමුත් උන්වහන්සේ ඔහුව සුව කළේ නැත, මන්ද එසේ කිරීමට උන්වහන්සේගේ පියාණන්ගෙන් මඟ පෙන්වීමක් උන්වහන්සේට නොතිබුණි. පසුව, උන්වහන්සේ ස්වර්ගයට නැඟීමෙන් පසුව, පේදුරු සහ යොහාන්, පියාණන්ගේ නිසි කාලයෙහි එම මිනිසාට සුවය ගෙනාවෝය - ප්‍රතිඵළයක් ලෙස බොහෝ මිනිසුන් ස්වාමින් වහන්සේ වෙතට හැරුණෝය (ක්‍රියා 3:1-4:4). එය මිනිසාව සුව විය යුතු පියාණන්ගේ සුදුසු කාලය මිස, ඊට පෙර නොවේ. යේසුස් වහන්සේ කළින් ඒ මිනිසාව සුව කළා නම් පියාගේ කැමැත්තට බාධා කරන්නට තිබුණි. පියාණන්ගේ කාලය පරිපූර්ණ බව උන්වහන්සේ දැන සිටි අතර, එබැවින් උන්වහන්සේ කිසිවිටෙකත් කිසිවක් කිරීමට නොඉවසිළිමත් නොවීය.

තමා වෙත පැමිණි සෑම බාධාවකදීම යේසුස් වහන්සේට ප්‍රීති විය හැකි වූයේ, ස්වර්ගයේ සිටින ස්වෛරී පියෙකු තම දෛනික කාලසටහන සැළසුම් කරන බව උන්වහන්සේ පිළිගත් බැවිනි. ඒ නිසා උන්වහන්සේ කිසිවිටෙකත් බාධා කිරීම්වලට අමනාප නොවූසේක. යේසුස් වහන්සේගේ ජීවනය අපගේ අභ්‍යන්තරය ද පරිපූර්ණ විශ්‍රාමයකට ගෙන එනු ඇත. මෙයින් අදහස් කරන්නේ අප කිසිවක් නොකරන බව නොවේ, නමුත් අපි අපගේ ජීවිත සඳහා පියාගේ සැළැස්මේ ඇති දේ පමණක් කරමු. එවිට අපි අපේම පෙර තීරණය කළ වැඩසටහනට වඩා පියාණන්ගේ කැමැත්ත අවසන් කිරීමට උනන්දු වන්නෙමු.

ප්‍රාණික කිතුණුවන් 'තමන්ගේම දේ' කිරීමට කොතරම් අභිප්‍රාය කර තිබේද යත් ඔවුන් නිතරම කෝපයට පත් වන අතර නොසන්සුන් වේ. ඔවුන්ගෙන් සමහරක් අවසානයේ ස්නායු හෝ ශාරීරික බිඳවැටීමක් ඇති කරගනියි. මාර්තා ස්වාමින් වහන්සේට සහ උන්වහන්සේගේ ගෝලයින්ට සේවය කිරීමේදී කිසිම පාපයක් කළේ නැත. එහෙත් ඇය නොසන්සුන් වූ අතර මරියාව විවේචනය කළාය. මෙය ප්‍රාණික සේවයේ පැහැදිළි චිත්‍රයකි. ප්‍රාණික කිතුණුවා නොසන්සුන් හා කෝපයට පත් වේ. ඔහු "තමන්ගේම ක්‍රියාවලින්" වැළකී, දෙවියන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුල් වී නැත (හෙබ්‍රෙව් 4:10). ඔහුගේ අභිප්‍රාය යහපත් ය, නමුත් ඔහුගේම ක්‍රියා කෙතරම් හොඳ වුවත්, පරිවර්ථනයෙන් (නැවත හැරීමෙන්) පසුව පවා, දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ තවමත් "අපිවිත්‍ර වස්ත්‍ර" බව ඔහු වටහාගෙන නැත (යෙසායා 64: 6).

මාර්තා මෙන් 'සේවය' කරන අය, කොතරම් අවංක වුවත්, සැබවින්ම සේවය කරන්නේ තමන්ටම පමණි. ඔවුන් ස්වාමියාගේ සේවකයින් ලෙස හැඳින්විය නොහැක, මන්ද සේවකයෙකු සේවය කිරීමට පෙර තම ස්වාමියා ඔහුට කරන ලෙස පවසන දේ ඇසීමට බලා සිටින බැවිනි. යේසුස් වහන්සේට ස්නායු බිඳවැටීමක් ඇති වීමට නොහැකි විය, මන්ද උන්වහන්සේ සිය අභ්‍යන්තර මිනිසා තුළ පරිපූර්ණ විශ්‍රාමයෙන් සිටි බැවිනි. උන්වහන්සේ අපට මෙසේ කියනසේක. මාගේ වියගහ ඔබ මතට ගෙන මාගේ ආදර්ශයෙන් ඉගෙන ගන්න, එවිට ඔබටත් ඔබගේ ප්‍රාණයන්හි විශ්‍රාමයක් ලැබෙණු ඇත (මතෙව් 11: 29).

දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ අපට වචනයෙන් පෙන්වා දෙන යේසුස් වහන්සේගේ මහිමය මෙය වන අතර උන්වහන්සේ එය අප තුළට ඇතුල්කොට අප තුළින් ප්‍රකාශ කිරීමටත් කැමති වනසේක.

ස්වාමින් වහන්සේ අපගේ එඬේරා වන අතර උන්වහන්සේ තම බැටළුවන් විශ්‍රාමයේ තණබිම් කරා ගෙන යන සේක. බැටළුවන් තමන්ගේම වැඩසටහනක් සැළසුම් කරන්නේ හෝ මීළඟට කුමණ තණබිම් වෙත යා යුතුද යන්න තීරණය කරන්නේ නැත. ඔවුන් ඔවුන්ගේ එඬේරා අනුගමනය කරයි. ඒත් එසේ එඬේරා පස්සෙන් යාමට තම-ආත්ම විශ්වාසභාවය සහ තම-ස්වයංපෝෂිතභාවය හිස් විය යුතුය. යේසුස් වහන්සේ යටහත්ව තම පියාව අනුගමනය කළසේක. නමුත් ප්‍රාණික කිතුණුවන් බැටළුවන් වීමට කැමති නැත, එබැවින් ඔවුන්ගේ බුද්ධිය විසින් ඔවුන්ව නොමඟ යවනු ලැබේ. අපගේ බුද්ධිය දෙවියන් වහන්සේගේ පුදුමාකාර හා වඩාත්ම ප්‍රයෝජනවත් ත්‍යාගයකි, නමුත් එය අපගේ ජීවිතයේ ස්වාමිත්වයේ ස්ථානයට උසස් කළහොත් එය සියලු ත්‍යාගයන්ගෙන් වඩාත්ම භයානක විය හැකිය.

ස්වාමින් වහන්සේ තම ගෝලයින්ට ඉගැන්වූයේ, "පියාණෙනි, ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි සිදු වන්නාක් මෙන් පොළොවෙහිද සිදු වේවා" කියා යාච්ඤා කරන ලෙසයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ සිදු වන්නේ කෙසේද? එහි සිටින දේවදූතයින් 'දෙවියන් වහන්සේ වෙනුවෙන් යමක්' කිරීමට උත්සාහ නොකරති. ඔවුන් එසේ කළහොත් ස්වර්ගයේ ව්‍යාකූළත්වයක් ඇති වේ. ඔවුන් කුමක් කරන්නේ ද? ඔවුන් දෙවියන් වහන්සේ අණ කරන දේ ඇසීමට දෙවියන් වහන්සේ ඉදිරියෙහි බලා සිටින අතර, ඔවුන් තනි තනිව කළ යුතු දේ හරියටම කරති. ගාබ්‍රියෙල් දේව දූතයා සෙකරියාස්ට පැවසූ වචනවලට සවන් දෙන්න, "මම දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිටින ගේබ්‍රියෙල් වෙමි; ඔබ සමඟ කථා කිරීමට මා එවා ඇත.... (ලූක් 1: 19) මෙය ස්වාමින් වහන්සේද ගත් ස්ථාවරයයි. - තම පියාණන්ගේ අභිමුඅඛයෙහි බලා සිටිමින්, උන්වහන්සේගේ හඬ අසා උන්වහන්සේගේ කැමැත්ත කරමින්.

 ප්‍රාණික කිතුණුවන් වෙහෙස මහන්සි වී බොහෝ කැපකිරීම් කළ හැකිය, නමුත් සදාකාලිකත්වයේ පැහැදිළි ආලෝකය "ඔවුන් මුළු රාත්‍රිය පුරාම වෙහෙස මහන්සි වී කිසිවක් අල්ලා නොගත්" බව හෙළි කරනු ඇත. නමුත් දිනපතා තම කුරුසිය රැගෙන (ඔවුන්ගේ ප්‍රාණික ජීවිතය ප්‍රතික්ෂේප කර එය මරණයට පත් කළ) සහ ස්වාමින් වහන්සේට කීකරු වූ අයට එදින මාළුවලින් පිරුණු දැල් තිබෙණු ඇත (යොහාන් 21: 1-6).

"මම ඔහු වෙනුවෙන් සැළසුම් කරන වැඩවලින් අවධානය වෙනතකට යොමු කිරීමට ඉඩ දෙන ඕනෑම කෙනෙකු" දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැතැයි" යේසුස් වහන්සේ පවසනසේක (ලූක් 9:62 - ජීවමාන බයිබලයේ පරිවර්ථනය).