WFTW Body: 

හෙබ්‍රෙව් 3:7, "අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම් නුඹලාගේ හදවත් දැඩි කර නොගනිල්ලා" යි අපට අනතුරු අඟවයි ඉන්පසු හෙබ්‍රෙව් 3:12, "නොඇදහිලිකාර නපුරු සිතක් නුඹලා තුල නොතිබෙන ලෙසට වගබලා ගනිල්ලා"යි පවසයි. කතුවරයා ස්වර්ගීය කැඳවීමට සහභාගී වුනාවූ ශුද්ධවන්ත සහෝදරයින්ට යේසුස්වහන්සේ තමන් මෙන්ම ආබව විශ්වාස නොකරන්නාවූ නොඇදහිලිවන්ත සිතක් ඇතුව අවසන් කිරීමක් ගැන අනතුරු හඟවයි. යේසුස්වහන්සේ ඔබට ආදර්ශයක් වීම පිණිස ඔබ මෙන්ම ආ බවට වන මෙම හෙළිදරව් කිරීම දෙවියන්වහන්සේ ඔබට දෙන්නේ ඔබගේ පරාජිත ජීවිතය ගැන එපා වීමක් ඇතිවූ විට පමණකි. මම වරෙක දැඩි පරාජිත ක්‍රිස්තියානි අයෙකුව සිටියෙමි. නමුත් මම මගේ පරාජිත ජීවිතය ගැන බලවත් සේ කලකිරීමට පත්ව සිටියෙමි. මම දිවා රාත්‍රි දෙවියන්වහන්සේට මොරගසමින් පැවසුවේ "ස්වාමිණී මම පිළිතුර කුමක්ද දන්නේ නැහැ. මම දේශකයෙක් නමුත් මම මගේ ඇතුලාන්ත ජීවිතයේ පාපයෙන් පරාජිතව සිටිමි. මම මගේ සිතුවිලි, මගේ වචන වල සහ මගේ පවුල් ජීවිතය තුළ පරාජිතව සිටිමි. මම නැවත උත්පාදනය ලැබූවෙක්මි සහ වතුර බෞතිස්මය ලැබූවෙක්මි. නමුත් මම පරාජිතයි. මම දැනගත යුතු කුමක්දැයි පෙන්වන්න." ඉන්පසු දෙවියන්වහන්සේ මට දේවභක්තියේ රහස පෙන්වූ සේක - ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් යුතුව පැමිණිසේක එසේම මා මෙන්ම පරික්‍ෂාවට ලක්වුණි, ඒත් පවිත්‍රවූ දිවියක් ගතකළ සේක. මම එය මුළු හදවතින් විශ්වාස කළෙමි - ඉන්පසු එය මගේ ජීවිතය වෙනස් කළේය. මෙහිදී අපට අනතුරු අඟවන්නේ අපට අවිශ්වාසවන්තවූ හදවතක් තිබේ නම්, අප දෙවියන්වහන්සේ වෙතින් වැටී යනු ඇති බවයි( හෙබ්‍රෙව් 3:12 ).

නමුත් වැටී යනවා වෙනුවට ඊලඟ පදය අපට තවත් තෝරා ගැණීමක් දෙයි" අදයයි කියන තෙක් එකිනෙකා ධෛර්‍යමත් කරපල්ලා, දිනපතා එකිනෙකාට අනුශාසනා කරපල්ලා"( හෙබ්‍රෙව් 3:13 ). හෙට සිදුවන්නේ කුමක්දැයි අප දන්නේ නැත. එනිසා අපි අද යමක් කරමු. අපි අද යම් අයෙකුව ධෛර්‍යමත් කරමු. අපි අද යම් කෙනෙකුට අනුශාසනා කරමු. මෙම පරිච්ඡේදයේ පාඨ සම්බන්ධය තුල, එහි අර්ථය නම් යේසුස්වහන්සේ අප මෙන්වුනා යන්න කෙනෙකුට සිතන්නට සැලැස්වීමයි.

සෑම දවසකම, අපගේ කැඳවීම නම් යේසුස්වහන්සේව එසවීමටයි. අපගේ හැසිරීම සහ අපගේ වචන සෑම විටම කියමින් සිටිය යුතුයි "යේසුස්වහන්සේ දෙස බලන්න. උන්වහන්සේ මොනතරම් පුදුමාකාර ගැලවුම් කරුවෙක්ද! උන්වහන්සේ මගේ පාප කමා කෙරුවා පමණක් නොවේ, නමුත් උන්වහන්සේ මගේ ජීවිතය වෙනස් කෙරුවා. උන්වහන්සේ මගේ පවුල් ජීවිතය වෙනස් කර තිබෙනවා, උන්වහන්සේ ස්වාමින්වහන්සේගේ ප්‍රීතියෙන් මාව පුරවා තිබෙනවා එනිසා මට නිතර ප්‍රීති වියහැකියි. උන්වහන්සේ මරණය කෙරෙහිවූ මගේ බිය ඉවත් කර තිබේ. බලන්න යේසුස්වහන්සේ දෙස" සෑම දවසකම අපගේ ජීවිතය අන් අයට අභියෝගයක් සහ ධෛර්‍යමත් කිරීමක් විය යුතුයි. මිනිසුන් ඔබගේ මුහුන දෙස බලන විට ඔවුන් දෙවියන්වහන්සේගේ මහිමයේ යම් දෙයක් එහි දැකිය යුතුයි.

පසුබට වන්නෙක් වීමට ගතවන්නේ පැය 24 ක් පමණක් බව හෙබ්‍රෙව් 3:13 අපට අනතුරු හඟවයි. අප දිනපතා එකිනෙකාට අනුශාසනා කොට ධෛර්‍යමත් කළයුතු වන්නේ එනිසයි. ක්‍රිස්තු ශරීරය තුල අපට එකිනෙකා වෙනුවෙන් වගකීමක් ඇත. කායින් "මම මගේ සොහොයුරාගේ රැකවලා නොවේ" යැයි කීවේය. නමුත් ක්‍රිස්තු ශරීරය තුල අප අපගේ සොහොයුරන්ගේ රැකවලුන්ය, අප අපගේ සොහොයුරියන්ගේ රැකවලුන්ය. ඔබ යම් කිසිවෙකු දුර්‍වලවනු දකින්නේ නම්, ඔහුව ධෛර්‍යමත් කරන්න. ඔබ යමෙකු වැටෙන බව දකින්නේ නම්, ඔහුව නඟා සිටවන්න.

ඔබව ධෛර්‍යමත් කිරීමට හෝ එසවීමට කෙනෙකු නොමැති නම් ඔබට ශුද්ධාත්මයාණන් සහ බයිබලය තිබේ. අපෝස්තුළු පාවුළු තුමා බයිබලය තුල ඇති ඔහුගේ වචන වලින් මාව බොහෝ දිනවල පෞද්ගලිකව අනුශාසනා කර ධෛර්‍යමත් කර තිබේ. පේත්‍රැස්, යාකොබ් සහ යොහාන් යන අයද මාව අනුශාසනා කර ධෛර්‍යමත් කර ඇත. බොහෝ අවස්ථාවල මාව ධෛර්‍යමත් කිරීමට මගේ සහෝදරයන් මා ලඟ නැතිවූ විට මෙම අපෝස්තුළු වරු බයිබලයේ ඇති පිටු තුලින් මා ලඟට පැමිණ මාව ධෛර්‍යමත් කර තිබේ. අපව දිනපථා ධෛර්‍යමත් කිරීමට පේත්‍රැස්, පාවුළු සහ යොහාන් අප කාමර තුල අපට සිටීම පුදුමාකාර නොවේද? ඇයි ඔබ ඔවුන්ට ඔබව ධෛර්‍යමත් කිරීමට ඉඩ දෙන්නේ නැත්තේ? ඇයි ඔබ ඔවුන්ව පොත ඇතුලේ අගුළු දමා ඈතින් තබා ඇත්තේ?

බයිබලය ගැන කතා කරන අනෙක් සෑම පොත් වලට වඩා ඔබ බයිබලයම කියවීම අවශ්‍ය වේ. පේත්‍රැස්ගේ, පාවුළුගේ සහ යොහාන්ගේ ලිපි ගැන සියළුම ශ්‍රේෂ්‍ඨ බයිබල් පඬිවරුන්ට කියන්නට ඇත්තේ කුමක්දැයි දැනගන්නට මට අවශ්‍ය නැහැ. මට ඒවා ඍජුව ඇසීමට අවශ්‍යයයි. එනිසා මම බයිබලය ගැන ඇති පොත් නොව බයිබලයම කියවමි.