WFTW Body: 

යෝෂුවා 1: 1-2 හි පවසන්නේ “ස්වාමින් වහන්සේගේ සේවකයා වූ මෝසෙස්ගේ මරණයෙන් පසු ස්වාමින් වහන්සේ නූන්ගේ පුත් යෝෂුවාට කථා කොට, ‘මාගේ සේවකයා වූ මෝසෙස් මළේය . එහෙයින් දැන් නැඟි ට මේ ජෝර්දානයෙන් එතරව යන්න’”. මෝසෙස්ගෙන් පසු නායකයා ලෙස යෝෂුවා උසස් කොට පත් කළේ දෙවියන් වහන්සේමය. දෙවියන් වහන්සේම අපව එම තනතුරට පත් කරනොමැති නම්, නායකත්වය ඵළදායි ලෙස ක්‍රියාත්මක කළ නොහැක. ස්වාමින් වහන්සේ යෝෂුවාට පැවසුවේ, ඔහු පා තැබූ සෑම ස්ථානයක්ම ඔහුට ලබා දෙන බවත් ( 3 වන පදය ), සහ ඔහුගේ මුළු ජීවිත කාලය පුරාම ඔහුට විරුද්ධව කිසිවෙකුට නැඟී සිටීමට නොහැකි බවත් ය ( 5 වන පදය ). මෙය රෝම 6: 14 හි අපට දී ඇති අළුත් ගිවිසුමේ පොරොන්දුවේ සංකේතයකි, නුඹලා අනුග්‍රහය යටතේ සිටින බැවින්, පාපය නුඹලා කෙරෙහි අධිපතිකම් නොකරන්ණේය” කානාන් දේශය අතීතයේ බොහෝ යෝධයන් විසින් පාලනය කර තිබුණි. නමුත් ඔවුන් සියල්ලන්ම පරාජය වනු ඇත. එක පාපයකටවත් (කොතරම් බලවත් වුවද) අපව ජයගත නොහැක. එය අප වෙනුවෙන් දෙවියන් වහන්සේගේ කැමැත්තයි. නමුත් යෝෂුවාට සිදු වූයේ සැබවින්ම යම් ප්‍රදේශයක් මත තම පාදය තබා එය ස්වාමින් වහන්සේගේ නාමයෙන් අත්පත් කර ගැනීමටය. එය ඔහුගේ වන්නේ එවිට පමණකි. අප සමගද එය එසේම වන්නේය. අපගේ උරුමය ඇදහිල්ලෙන් අත්පත් කර ගත යුතුය. දෙවියන් වහන්සේගේ පොරොන්දු අපගේම මෙන් අප අල්ලා නොගන්නේ නම්, ඒවා අපගේ ජීවිතයෙහි කිසිවිටෙකත් ඉටු නොවනු ඇත.

සුභ-ආරංචියෙහි තම අයිතිවාසිකම් යේසුස් වහන්සේගේ නාමයෙන් පාවුල්තුමා අත්පත් කර ගැනීමේ ප්‍රතිඵළයක් වූවේ ඔහු තේජාන්විත ජීවිතයකට එළැඹීමය. ඔහු2 කොරින්ති 2: 14 හි මෙසේ පවසයි, “ අපව සෑමවිටම ජයග්‍රහණය කරා ගෙන යන දෙවියන් වහන්සේට ස්තුති වේවා.” “සෑමවිටම ජයග්‍රහණයෙහි” යනු පාවුලුතුමාගේ ජයග්‍රාහී ගීතයයි - එය අපගේ ගීතය ද විය හැකිය. නමුත් බොහෝ කිතුණුවන් කිසිවිටෙකත් මෙම ජයග්‍රාහී ජීවිතයට පිවිසෙන්නේ නැත. 600,000 ක් ඉශ්රායෙල්වරු මිසරයෙන් එළියට පැමිණියත්, නමුත් කානාන් දේශයට ඇතුල් වූයේ යෝෂුවා සහ කාලෙබ් යන දෙදෙනා පමණි. අද ද ඒ හා සමාන අනුපාතයක් (600,000 න් 2 ක්) කිතුණුවන් ජයග්‍රාහී ජීවිතයකට පිවිසේ. යෝෂුවා සහ කාලෙබ් පොරොන්දු දේශයට ඇතුළු වූයේ ඔවුන්ට මෙම ආකල්පය තිබූ බැවිනි: “දෙවියන් වහන්සේ අපට දේශය අත්පත් කර ගැනීමට පවසා තිබේ නම්, අපට එය කළ හැකිය.” එය ඇදහිල්ලයි. ඇදහිල්ල ගණනය කරනු ලබන්නේ දෙවියන් වහන්සේගේ පොරොන්දුව මත පමණක් වන අතර කිසි විටෙකත් අප මුහුණ දෙන දුෂ්කරථාවන් මත නොවේ. අනෙක් ඉශ්රායෙල්වරු කියා සිටියේ, ''මෙය කළ නොහැකිය. යෝධයෝ ඉතා විශාල හා බලවත්” කියාය. අදටත් කිතුණුවන්ට කෝපය හා ඇසේ තෘෂ්ණාවෙන් ජයගත නොහැකි බව හැඟෙන්නේ, මක්නිසාද මෙම මාංශයේ තෘෂ්ණා ඉතා බලවත් ලෙස මෙතරම් කාලයක් ඔවුන්ව පාලනය කර ඇති නිසාය. එවැනි ඇදහිළිවන්තයින් ඔවුන්ගේ මුළු ජීවිත කාලයම පරාජයට පත්වන අතර (ආත්මිකව පවසන කළ) කාන්තාරයේ විනාශ වේ.

යෝෂුවාට විරුද්ධව නැඟී සිටීමට කිසිවෙකුට නොහැකි වූවේ මම නුඹ සමඟ සිටිමි යි” කියා ස්වාමින් වහන්සේ යෝෂුවාට සහතික වූ නිසාය. යම් දේවධාර්මික ඉගැන්වීමක් විශ්වාස කිරීමෙන් හෝ යම් අත්දැකීමක් ලැබීමෙන් අපිට පාපය ජය ගත නොහැක. නැත කිසිසේත් ම නැත. අපට ජයගැනීමට බලය ලැබෙන්නේ ස්වාමින් වහන්සේ නිරන්තරයෙන් උන්වහන්සේගේ ආත්මයෙන් අප සමඟ සිටීමෙන් පමණකි. ඔවුන්ගේ හදවත් වල පවිත්‍ර කම නිසා ඔවුන්ට සහයෝගය දක්වා අනුමත කළ හැකි එවැනි නායකයින්ව කිතුනු ලොව තුල අද දවසේදී ද දෙවියන් වහන්සේ සොයන සේක. ස්වාමින් වහන්සේ යෝෂුවාට මෙසේ වදාළ සේක: “ශක්තිමත් වී ධෛර්යවත් වන්න. මෙතරම් කාලයක් සතුරන් විසින් පාලනය කරනු ලැබූ මේ දේශය, ඔබ මෙම සෙනඟ සන්තකයේ තබා ගැනීමට මෙහෙය වනු ඇත ”( 6 පදය ). අපි කිසිම පාපයකට බිය නොවිය යුතුයි. අප පිටතට ගොස්, තම ශරීර වසර ගණනාවක් තිස්සේ පාපය කරණකොටගෙන පාලනය කරනු ලැබුවා වූ දෙවියන්වහන්සේගේ සෙනඟව, ඔවුන්ගේ ශරීරයේ පාපය ජය ගැනීමට හැකිවන පරිදි දිරිගැන්විය යුතුය. ඔවුන්ව ඇදහිල්ලට සහ බෞතීස්ම දෙකට ගෙන ඒම පමණක් ප්‍රමාණවත් නොවේ - රුධිරය උළුවහු මත ගෑම, රතු මුහුද තරණය කිරීම සහ වළාකුළෙන් ආවරණව සිටීම. එය ආරම්භය පමණි. එය බාලාංශ පාඩම පමණි. අපේ දරුවන් බාලාංශ පංතිය සමත් වූ පසු අපි ඔවුන්ගේ අධ්‍යාපනය නතර කරන්නේද? නැත. නමුත් අද කිතුණු සමූහය තුළ සිදුවන්නේ එයයි.

වළා ටැඹ - ශුද්ධාත්ම බෞතීස්මය - ඔවුන්ව පොරොන්දු දේශය වෙත ගෙන යාමට පැමිණියේය. ඔවුන් වසර 2 කින් ඇතුල් විය යුතුව තිබුණි, නමුත් ඔවුන්ට අවුරුදු 40 කටත් ඇතුළුවන්නට නොහැකි වූයේ, ඔවුන්ගේ නායකයන් විශ්වාස නොකළ නිසාය. ඇදහිල්ල පැමිණෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගෙන් (ශුද්ධාත්මයාණන් කරණකොටගෙන) ඇසීමෙනි” ( රෝම 10: 17 ). සභා-රැස්වීම්වලදී ඇදහිළිවන්තයින්ට මෙම සත්‍යථාවයන් උගන්වා නොමැති නම්, ඔවුන් විශ්වාස කරන්නේ කෙසේද? එසේනම් ඔවුන් පාපය ජය ගන්නේ කෙසේද?

ස්වාමින් වහන්සේ යෝෂුවාට මෙසේ පැවසූ සේක. ශක්තිමත් වී ධෛර්යවත්ව දෙවියන් වහන්සේගේ වචනයේ ලියා ඇති සෑම දෙයක්ම කිරීමට ප්‍රවේසම් වන්න. වමටවත් දකුණටවත් නොහැරෙන්න (1: 7 ) පාපයට ඔබ කෙරෙහි ආධිපත්‍යයක් නැතැයි” ( රෝම 6: 14 ) , දෙවියන් වහන්සේගේ වචනය කියන්නේ නම්, එය විශ්වාස කර පිළිගන්න. වමටවත් දකුණටවත් නොහැරෙන්න. එහි තේරුම: “එම පොරොන්දුවේ පළල අඩු නොකරන්න.සමහර පව් පමණක් ඇතුළත් වන තත්වයට එය අඩු නොකරන්න. ඒ අතරම, එය පවසන දෙයට වඩා වැඩි යමක් අදහස් කිරීමෙන් වළකින්න. මේ පොළොවෙහි ක්‍රිස්තුස් වහන්සේ මෙන් අපට පරිපූර්ණ විය හැකි යැයි නොකියන්න. අපට මේ පොළොවේ පව් රහිතව පරිපූර්ණ විය නොහැක. එම පොරොන්දුවෙන් පවසන්නේ එය නොවේ. එයින් සඳහන් වන්නේ අපට පාපයක් යැයි දැනුනාවූ (හෘදසාක්‍ෂියට දැනුනා වූ පව්) පාප උදෙසා ජයහ්‍රහණය පමණි. අපට සම්පූර්ණයෙන්ම ක්‍රිස්තුස් වහන්සේ මෙන් විය හැක්කේ උන්වහන්සේ නැවත පැමිණෙන විට පමණි. 1 යොහන් 3: 2 ඒ පිළිබඳව ඉතා පැහැදිලිය. එබැවින් අපි ශුද්ධ ලියවිල්ලෙන් ඔබ්බට නොයමු, ශුද්ධ ලියවිල්ල පොරොන්දු වන දේට වඩා අඩුවෙන් විශ්වාස නොකරමු.