WFTW Body: 

අපෝස්තුළුවරුන්ගේ යැවුම් පත්‍රවල සඳහන් අවසාන පොරොන්දුවලින් එකක් නම්, “අපව වැටී යාමෙන් වැලැක්විමට ස්වාමින් වහන්සේට හැකියාව ඇතැයි” කියාය (යූද් 24). මෙය සත්‍යයකි - ස්වාමීන් වහන්සේට නිසැකවම අපව වැටීයාමෙන් (පැකිළීමෙන්) වැලැක්විය හැකිය. නමුත් අපි සම්පූර්ණයෙන්ම උන්වහන්සේට යටත් නොවන්නේ නම්, අපව වැටීයාමෙන් වැලැක්වීමට උන්වහන්සේට නොහැකි වනු ඇත - මන්ද උන්වහන්සේ කිසිවිටෙකත් උන්වහන්සේගේ කැමැත්ත කරන ලෙස කිසිවෙකුට බල නොකරයි.

“ඔබ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්නේ නම් , ඔබ උන්වහන්සේ උදෙසා ඔබව පවිත්‍රව තබා ගනු ඇත .”

ඇදහිළිවන්තයින් වශයෙන්, ක්‍රිස්තුස් වහන්සේ සමඟ අපගේ සම්බන්ධථාවය සසඳණු ලබන්නේ විවාහ ගිවිසගත් කන්‍යාවක් තම විවාහ මංගල්‍යය බලාපොරොත්තුවෙන් සිටින්නාක් මෙන්‍ ය (2 කොරින්ති 11: 2; එළිදරව් 19: 7). ඊළඟ පදයේ (2 කොරින්ති 11: 3)

මනාලිය ලෝකය සමඟත් පාපය සමඟත් වේශ්‍යාකම් කළහොත් ඇගේ මනාලයා ඇයව විවාහ කර ගැනීම ප්‍රතික්ෂේප කරයි. මෙය අවසානයේ ස්වාමින් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරණු ලබන, බබිලෝනීය ලෙස (එළිදරව් 17හි) හඳුන්වන වේශ්‍යා සභාවයි.

"ඔබ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්නේ නම් , ඔබ අවට සිටින අනෙකුත් ඇදහිළිවන්තයින් ලෝකය සමඟ සහ පාපය සමඟ වේශ්‍යාකම් කරන බව ඔබ දුටු විට පවා, ඔබ උන්වහන්සේ උදෙසා ඔබව පවිත්‍රව තබා ගනු ඇත. අන්තිම දවස්වලදී, බොහෝ දෙනාගේ ප්‍රේමය හීන වන්නේ ය. (මෙම වාක්‍යය නිසැකවම ඇදහිළිවන්තයින් ගැන සඳහන් කරයි, මන්ද ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන එකම අය ඔවුන් පමණි.) නමුත් අන්තිමය දක්වා ස්ථීරව සිටින්නාම ගැළවෙන්නේ ය" (මතෙව් 24: 11-13).

සාතන් අප සියල්ලන්වම මුළාකිරීමට සොයයි. නමුත් අපි “ගැළවෙන පිණිස සැබෑ කමට ප්‍රේම වීම පිළිනොගන්නෙමු නම් බොරුව විශ්වාස කරන හැටියට” දෙවියන් වහන්සේද අපව මුලා වීමට ඉඩ හරින බවට බයිබලය අපට අනතුරු අඟවන්නේ ය (2 තෙසලෝනික 2: 10, 11).

දෙවියන් වහන්සේගේ වචනයේ ලියා ඇති සත්‍යය අප පිළිගන්නේ නම් සහ ශුද්ධාත්මයාණන් අපට පෙන්වන අපගේම ජීවිතයේ පාපයන් පිළිබඳ සත්‍යයට අප මුහුණ දෙන්නේ නම් සහ එම සියලු පාපවලින් ගැළවීමට අප උනන්දු වන්නේ නම්, එවිට අපි කිසිදා මුළා නොවන්නෙමු.

නමුත් දෙවියන් වහන්සේගේ වචනයේ පැහැදිළිව ලියා ඇති දේ අප පිළි නොගන්නේ නම් හෝ පාපයෙන් ගැළවීමට අප කැමති නොවන්නේ නම්, “සදාකාලීන ආරක්ෂාව” පිළිබඳ කාරණයේදී පමණක් නොව නමුත් වෙනත් ක්ෂේත්‍රවලත් දෙවියන් වහන්සේ අපව මුළාවීමට සහ අසත්‍ය දේ විශ්වාස කිරීමට ඉඩ සළසයි.

මෙන්න එසේනම් මේ සම්පූර්ණ කාරණයේ නිගමනය:

අපි ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්නේ, උන්වහන්සේ අපට ප්‍රථමයෙන් ප්‍රේම කළ නිසාත්, උන්වහන්සේ අපගේ සියලු පව් අපට කමා කළ නිසාත් ය. එබැවින්, උන්වහන්සේගේ අණුග්‍රහයෙන්, අපි සෑමවිටම අපගේ හෘද-සාක්ෂිය නිරවුල්ව තබාගෙන, අපි උන්වහන්සේට ප්‍රේමකොට අවසානය දක්වාම උන්වහන්සේව අනුගමනය කරන්නෙමු - එළෙස අපි සදාකාලීනව සුරක්ෂිතව සිටින්නෙමු.

යේසුස් වහන්සේව අනුගමනය කරන උන්වහන්සේගේ සෑම ගෝලයෙකුම සදාකාලීනවම සුරක්ෂිතය.

නමුත් තමා සිටගෙන සිටින්නේ යැයි සිතන තැනැත්තේ නොවැටෙන පිණිස වග බලාගනීවා (1 කොරින්ති 10: 12).

අසන්නට කණ් ඇත්තෝ, අසත්වා.

©Zac Poonen – [email protected]

කර්තෘගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදු නොකළයුතුය.