WFTW Body: 

ආබ්‍රහම් "දෙවියන්වහන්සේගේ පොරොන්දුව දෙස බලා ඇදහිල්ලෙන් බලවත්ව, දෙවියන්වහන්සේට ගෞරව කරමින්, පොරොන්දුවූ දේ ඉෂ්ඨ කරන්ට උන්වහන්සේට පුළුවන කියා නිසැකව විශ්වාස කළේය "( රෝම 4: 20,21 ).

අපද, අපට අසීරු අවස්ථාවන් මධ්‍යයේ උන්වහන්සේව විශ්වාස කරන විට, දෙවියන්වහන්සේට මහත්වූ මහිමයක් ගෙනෙන්නෙමුව. දෙවියන්වහන්සේට විසඳිය නොහැකි කිසිම ප්‍රශ්නයක් නැතිබව අප දන්නෙමු. ඕනෑම ස්ථානයක සාතන් නිර්මාණය කරන සෑම ප්‍රශ්ණයක්ම උන්වහන්සේට විසඳිය හැක. ජනාධිපතිවරයාගේ හදවත පවා උන්වහන්සේගේ හස්තය යටතේය, එබැවින් එය අපගේ උපකාර පිණිස හැරවීමට උන්වහන්සේට පුළුවන( හිතෝපදේශ. 21,1 ).

එනිසා කුමන දෙය සිදුවුනත් අපි නිතරම දෙවියන් වහන්සේව විශ්වාස කළ යුතු අතර, දෙවියන්වහන්සේ සාතන්ව අපගේ පාද යට පොඩි කරන බවට අපගේ විශ්වාසය ප්‍රකාශ කරමු. එවිට ඌ කුමක් කළත් අප සාතන් අභිබවා ජයග්‍රහණය කරන්නෙමු. මෙය මගේම ජීවිතයේ නැවත, නැවතත් සිදුවීම මම දැක තිබනවා.

දෙවියන්වහන්සේට පොලොවේ දී අපට ආත්මික අධ්‍යාපනයක් දීමට අවශ්‍ය නිසා පාසලේදී අප අධ්‍යාපනයේ ඉහලට යනවිට අපගේ ගණිත ගැටළු අමාරුවෙන් අමාරුවට යන්නාක් මෙන් කාලය ගතවෙත්ම අපගේ ප්‍රශ්ණද, වඩවඩාත් දැඩි වීම අප අපේක්‍ෂා කළ යුත්තෙමු. නමුත් දැඩි ගණිත ගැටළුවක අභියෝගය මග හැරීම උදෙසා අප කිසිදා ආපසු පහල පන්තියකට යාමට නොකැමතිසේම අප අනුග්‍රහයෙහි වර්ධනය වීමේදී දෙවියන්වහන්සේ අපව දුෂ්කර අවස්ථාවලට මුහුණ දීමට ඉඩහැරීම ගැන අප විමතියට පත් නොවිය යුතුය. මෙසේ අප ශක්තිමත් වීමද, නිර්භීත සහ විශ්වාසවන්ත කිතුනුවෙකු බවට පත්වීමද වේ.

සෑමවේලේම කිසිම දෙයක් ගැන අපගේ හෘදසාක්ෂිය අපව වරදට පත් නොකරන බවට ප්‍රවේසම් විය යුතුයි. එවිට පමණක් අපට නිර්භීතව දෙවියන්වහන්සේගේ අභිමුඛයට ලඟාවිය හැක ( 1යොහාන්. 3:21, 22 ) එමෙන්ම අපගේ ප්‍රශ්න විසඳීම උදෙසා උන්වහන්සේගෙන් ඉල්ලා සිටිය හැක. පරීක්‍ෂාවේදී දෙවියන්වහන්සේගෙන් ප්‍රඥාව ඉල්ලීම( යාකොබ් 1:1-7 බලන්න ) යනු අප මුහුණ දෙන්නාවූ ඕනෑම ප්‍රශ්නයකට උන්වහන්සේගෙන් විසඳුම් ඉල්ලීමය. සියළු ප්‍රශ්න වලට දෙවියන්වහන්සේට විසඳුම් තිබෙන හෙයින්, යාකොබ්තුමා පවසන්නේ අප මුහුණ දෙන විවිධ ආකාරයේ පරීක්‍ෂා වලදී එය ප්‍රීතියක්සේ සලකන්න යනුවෙනි, මක්නිසාද එහිදී උන්වහන්සේ අප වෙනුවෙන් ප්‍රශ්න විසඳන විට දෙවියන්වහන්සේ ගැන අපට අලුත් අත්දැකීමක් ලබාගත හැක.

දෙතැනක පමණක් "යේසුස්වහන්සේ පුදුමයට පත්වූ බව " බයිබලය කියවන විට අපට දක්නට තිබේ - එක මොහොතක උන්වහන්සේ ඇදහිල්ල දකින විටදී සහ අනෙක් මොහොතේ උන්වහන්සේ අවිශ්වාසය දකින විටදීය. යේසුස්වහන්සේ එක් වදනක් පැවසූ විට තම දාසයා(සැතපුම් ගණනාවක් ඈත සිටි) සුවපත්වේ යයි රෝම ශතාධිපතියා කීවිට යේසුස්වහන්සේ පුදුමයට පත්වූ සේක( ශු:මතෙව් 8:10 ). ඉන්පසු යේසුස්වහන්සේ තම උපන් ගමට පැමිණිවිට, ඔවුන් උන්වහන්සේ කෙරෙහි විශ්වාස නොකීරීමේදී, එවිටද උන්වහන්සේ ඔවුන්ගේ අවිශ්වාසය ගැන පුදුමයට පත්වූ සේක( ශු:මාර්ක් 6:6 ). ශතාධිපතියා ඉතා යටහත් කෙනෙකු විය මන්ද ඔහු ස්වාමින්වහන්සේට පැවසුවේ අඩු තරමින් උන්වහන්සේ තම නිවසට වඩින්නටවත් තමන් නොසුදුසු ලෙස සලකන බවයි.

වරක් තම දියණිය(සැතපුම් ගණනාවක් ඈතින් සිටි) සුව කරන මෙන් ස්වාමින්වහන්සේගෙන් ඉල්ලූ කානානීය ස්ත්‍රියද තම ඇදහිල්ල ගැන යේසුස්වහන්සේ විසින් අගය කරනු ලැබූ අයෙකි( ශු:මතෙව් 15:28 ). යේසුස්වහන්සේ දරුවන්ගේ ආහාර බල්ලන්ට නොදෙන බවට උපමාවක් භාවිතා කළ මොහොතේ දී, ඇය වහාම සම්පූර්‍ණ යටහත් කමින් මේසයක් යට සිටින බල්ලෙකුගේ සමාන කමින් ඇගේ තත්වය පිළිගත්තාය. ඇය අමනාපයට පත් නොවූවාය. මෙම සිද්ධීන් දෙකෙහිම අප පොදුවේ එක් දෙයක් දකින්නෙමු: එනම් ඇදහිල්ල සහ යටහත් කම අතර ඉතා සමීප සම්බන්‍ධථාවයක් තිබේ. අප වඩා යටහත් වන තරමට, අප කෙරෙහි අඩු විශ්වාසයක් තබන්නෙමු, එසේම අපගේම තලෙන්ත සහ නිපුණත්‍වය ගැන අප අඩුවෙන් සිතන්නෙමු, අපට වැඩියෙන් ඇදහිල්ල ලැබිය හැක. අප වඩා ආඩම්බර වන විට අඩු ඇදහිල්ලක් ලබන්නෙමු. අප ස්වාමින්වහන්සේ අභිමුඛයේ සිටින්නට නොසුදුසු බව සෑම විටම අප විසින් අවබෝධ කරගත යුතුය. එසේ ක්‍රියා කිරීමට උන්වහන්සේ අපට ඉඩ දීම දෙවියන්වහන්සේගේ මහත්වූ අනුග්‍රහයකි. අප එය කිසි විටෙකත් සුළුකොට තැකිය යුතු නොවේ. එනිසා ඔබගේ මුළු හදවතින් යටහත්කම කරා හඹා යන්න.