WFTW Body: 

අපෝස්තුළු ශු:යොහාන් 1 යොහාන් 1:3 ලියා ඇත්තේ "අපගේ සහභාගීකම පියාණන් හා සමඟයි" යනුවෙනි. සැබෑ සහභාගීකම දිශාවන් දෙකකින්වේ, එය හරියටම කුරුසියේ දිශාවන් දෙක වැනිය. අප පියාණන් සමඟ සහ එමෙන්ම එකිනෙකා සමඟ අප සහභාගී කමට පැමිණෙන්නේ කුරුසිය වෙතින්ය. ක්‍රිස්තුස්වහන්සේ සහ අප අතර උන්වහන්සේ මැරුනු කුරුසිය තිබේ. එය නිසා අපට අපගේ ස්වාමින්වහන්සේ සමඟ සහභාගිකම පැවැත්විය හැක. එයින් වෙන්ව අපට දෙවියන්වහන්සේ සමඟ සහභාගීකම පැවැත්විය නොහැක මක්නිසාද අපම තුළ, කිසිදු ප්‍රමාණවත් යහපත් කමක් නැත. එසේම ඇදහිලිවන්තයින් ලෙස අප අතරද, අප එකිනෙකා අතර සහභාගීකම පැවැත්වීමට අවශ්‍ය නම්, අප එකිනෙකා ස්ව කැමැත්තට මැරෙන කුරුසියක් තිබිය යුතුමය. තිරස් හෝ සිරස් යන දෙදිසා වෙන්ම, මෙම කුරුසිය මත මරණයෙන් තොරව සහභාගීකම කිසිසේත් නොහැකිවේ. ජීවනය සහ සහභාගීකමෙහි රහස කුරුසියයි. කුරුසිය නොමැතිව ජීවනයක් නොමැත එසේම කුරුසිය නොමැතිව සහභාගිකමක්ද නොමැත. පසුගිය සදාකාලය පුරාවටම කුරුසිය දෙවියන්වහන්සේගේ සිතේ තිබී ඇත. "ලෝකයේ පටන්ගැන්මට පෙර" බැටළුවාණන් මරණයට පත්විය ( එළිදරව් 13:8 ). දෙවියන්වහන්සේ පටන්ගැන්මේ සිට අවසානය දන්නා සේක එබැවින් ත්‍රීත්වය පසුවූ සදාකාලය පුරාවටම දෙවන තැනැත්තාට මනුශ්‍යයෙකු ලෙස පොළොවට පැමින මනුශ්‍යයාගේ පාප උදෙසා කුරුසපත් වීමට සිදුවන බව දැන සිටිසේක. එය ආදම් පව්කල පසු දෙවියන්වහන්සේ තීරණය කළ දෙයක් නොවේ. එය සදාකාලයේදී පෙර දැනගත් දෙයකි. ආදම් පව්කළ විට දෙවියන්වහන්සේ ජීවනයේ වෘක්‍ෂය ඉදිරිපිට කඩුවක් තැබූසේක. එම කඩුව යේසුස්වහන්සේ මත වැටී උන්වහන්සේව නැසුවේය. එබැවින් එම කඩුව අපගේ ආදම්ගෙන් ආ ජීවිතය මතද වැටිය යුතුය - අප ජීවනයේ ගස වෙතට පැමිණීමට සහ දෙවියන්වහන්සේ සමඟ සහ එකිනෙකා සමඟ සහභාගීකම පැවැත් වීමට නම් "ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසිපත්වූවා" නමැති අපගේ ස්ථානය අප පිළිගත යුතුය( ගලාති 2:20 ).

සහභාගීකමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රීතියේ සම්පූර්‍ණකම ඇතිවන බව ශු:යොහාන් පවසයි( 1 යොහාන් 1:4 ). ප්‍රීතිය යනු ක්‍රිස්තියානි ජීවිතයේ ප්‍රධාන අංගයකි, මක්නිසාද ප්‍රීතිය ස්වර්‍ගයේ වාතාවරණයයි. ස්වර්‍ගයේ දොම්නසක් නොමැත. දේවදූතයින් කිසිදා අධෛර්‍යට පත් නොවෙති. ඔවුන් නිරන්තරයෙන් ජීවනයෙන් පිරී සහ ප්‍රීතියෙන් පිරී සිටිති. දෙවියන්වහන්සේ සමඟ අපගේ සහභාගීකම තිබේ නම් අපටද එම ප්‍රීතිය අත්කරගත හැක. ශුද්ධාත්මයාණන්වහන්සේ ස්වර්ගීය වාතාවරණය අපගේ හදවත් වලට ගෙනඒමට පැමිණ ඇත - එනිසා එහි කොටසක් නම් ප්‍රීතියේ සම්පූර්‍ණ කමයි. සාතන් ඔබට කියයි ඔබ පූර්‍ණ ලෙස ඔබගේ ජීවිතය දෙවියන්වහන්සේට දුන්නොත්, ඔබ කාලකන්නි වෙයි, දුක්වෙයි, දොම්නසට පත්වෙයි සහ බුම්මගෙන ඉන්න වෙයි.... ආදිය. අවාසනාවන්ත ලෙස එය සත්‍යයයි සමහර ක්‍රිස්තියානි අය ඔවුන්ගේ පෙනීමෙන් එවැනි හැඟීමක් ගෙනදෙයි. මම අසා තිබෙනවා එවැනි බුම්මාගෙන සිටි අයෙකු වෙනත් කෙනෙකුට සාක්‍ෂිදරා ඔහුගෙන් අසා ඇත්තේ "ඔබ කැමතිද ක්‍රිස්තුස්වහන්සේව ඔබගේ හදවතට ලබාගන්න?" එම පුද්ගලයා ක්‍රිස්තියානි කෙනාගේ මුහුන බලා පිළිතුරු දෙමින් " ඔබට ස්තූතියි, එපා මට දැනටමත් ප්‍රශ්න රාශියක් තිබෙනවා" යි පවසා ඇත. එය අපගේ පුදුමාකාර ස්වාමින්වහන්සේ උදෙසා ඉතා දුර්‍වල සාක්‍ෂියකි. ඔබගේ ජීවිතය සහ ඔබගේ නිවස ස්වාමින්ගේ ප්‍රීතිය විහිදවන්නේ නැත්නම්, එවිට ඔබගේ ජීවිතයේ යමක් වැරදිය. ඔබ දෙවියන්වහන්සේගේ කැමැත්ත යම් තැනක නැතිකරගෙන ඇත.

යොහාන් තවදුරටත් පවසනුයේ, ඔබට මෙම දිවිය අවශ්‍ය නම්, සහභාගීකම සහ ප්‍රීතිය, එසේනම් ඔබ අවබෝධ කරගත යුතු පළමු දෙය නම් දෙවියන්වහන්සේ ආලෝකය බවත් උන්වහන්සේ තුළ කිසිදු අන්ධකාරයක් නැති බවත්ය( 1 යොහාන් 1:5 ) - බොරුකීම බින්දුවයි, දුරාචාරය බින්දුවයි, වෛරය බින්දුවයි, උඬඟුව බින්දුවයි, යනාදී වේ. ඔබට අවශ්‍යද එවැනි දිවියක් - කිසිදා බොරුවක් නොකියන, කිසිවෙකුට වෛර නොකරන, ඔබ කිසිවෙකුට ඊර්ශ්‍යා නොකරන සහ කිසිසේත් ආඩම්බර නොවන? ඔබ එම දිවිය තෝරා ගන්නේනම් ඔබ කිසිවිට දොම්නසට හෝ අධෛර්‍යට පත් නොවනු ඇත. ඔබ ස්වාමින්වහන්සේ ඉදිරියේ නිරන්තර ප්‍රීතියෙන් යුතු දිවියක් ගත කරනු ඇත. එවැනි දිවියක් මෙම පාපයෙන් ශාපලත් ලෝකය මත ගතකළ හැකිද? ඔව් පුළුවන්. පිලිප්පි 4:4 අපට නිතරම ප්‍රීතියෙන් සිටපල්ලායි අණකරයි. එය ලියා ඇත්තේ මේ ලෝකයේ සිටින මිනිසුන්ටයි නැතිව ස්වර්‍ගයේ සිටින අයට නොවේ! ඔබ පත්මෝස්හී යොහාන් මෙන් හිංසා පීඩාවට ලක් වුනත් හෝ ඔබ නිවසේ සුවපහසුවෙන් සිටියත් ඔබගේ ප්‍රීතිය මෙම පොළොවෙහි සම්පූර්‍ණ වන්නට පුළුවන. ඔබ සැම වේලේම දෙවියන්වහන්සේගේ ආලෝකය තුළ ගමන් කිරීමට තෝරා ගන්නේ නම්, ඔබගේ ප්‍රීතිය ඔබ මුහුණ දෙන තත්වයන් මත රැඳෙන්නේ නැත.

නමුත් අප උන්වහන්සේ සමඟ සහභාගීකම ඇතැයි කියමින් ඉන්පසු අප අන්ධකාරය තුළ ගමන් කරන්නේ නම් එවිට අප සත්‍යය ලෙස ක්‍රියා කරන්නේ නැත. තමන් දෙවියන්වහන්සේ සමඟ සහභාගීකම පවත්වනවා යයි පවසන බොහෝ ක්‍රිස්තියානි අය සිටිනවා නමුත් ඔවුන් පාපය තුළ ගමන් කරනවා. ඔබට ඔවුන්ගේ මුහුණු තුළ දකින්නට පුළුවන් ස්වාමින්වහන්සේගේ ප්‍රීතිය එහි නැහැ. ඔවුන්ගේ පියවර තුළ ඉක්මන් කමක් නැහැ ඔවුන්ගේ තොල්වල ගීතයක් නැහැ, එසේම ඔවුන්ගේ ඇස්වල දිස්නයක් නැත. ඔවුන් දෙවියන්වහන්සේ සමඟ සහභාගීකම නැතිකරගෙන තිබෙනවා. අප දෙවියන්වහන්සේ සමඟ ගමන් කරන්නෙමු නම්, ඇදහිළිවන්තයින් වශයෙන් අප මුහුකුරා යත්ම, වැඩි ප්‍රීතියක් අප තුළ ඇති වන්නේ ය.