WFTW Body: 

මෙම ලෝකය මෙතෙක් දැක ඇති ඉතාමත්ම අලංකාර, වඩාත්ම ක්‍රමවත්, වඩාත්ම සාමවත් සහ ප්‍රීතිමත්ම ජීවනය යේසුස් වහන්සේගේ ජීවනයයි. මෙයට හේතුව නම් දෙවියන් වහන්සේගේ වචනයට උන්වහන්සේගේ සම්පූර්ණ කීකරු කමයි. ග්‍රහතාරකා හා තාරකා තුළ අප දකින්නාසේ - දෙවියන් වහන්සේගේ වචනයට සම්පූර්ණ කීකරු කම ඇති කොතැනක හෝ එතැන පරිපූර්ණභාවය හා අලංකාරය ඇත. "දේව ගරුබිය ජිවන උල්පතකි" (හිතෝපදේශ 14: 27) - යේසුස් වහන්සේ "දේව ගරුබිය තුළ මුළු දවස මුළුල්ලේ ජීවත් වන්න" යන ආඥාවට කීකරු වූසේක. (හිතෝපදේශ 23: 17).

"ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයට මෙම අවුරුද්දේ අපට පරිවර්ථනය වන්නට අවශ්‍ය නම්, ඉතාමත්ම වැදගත් දේ වන්නේ, අප සැමදාම දෙවියන් වහන්සේගේ හඬ අසා එයට කීකරු වීමය".

යේසුස් වහන්සේ පොළොවෙහි ඇවිද්ද කළ, මිනිසුන්, ස්වර්ගික ජීවනය උන්වහන්සේ තුළ දුටුවෝය. උන්වහන්සේගේ අනුකම්පාව (දයාව), උන්වහන්සේගේ අන් අය කෙරෙහි වූ සැළකිලිමත්කම, උන්වහන්සේගේ පවිත්‍රභාවය, උන්වහන්සේගේ පරාර්ථකාමී ප්‍රේමය හා යටහත්කම යන සියල්ලම දෙවියන් වහන්සේගේම ජීවනයෙහි ස්වභාවයෙහි අන්තර්ගත වූ ප්‍රකාශණයි. ශුද්ධාත්මයාණන් වහන්සේ දැන් පැමිණ තිබෙන්නේ, මෙම දෙවියන් වහන්සේගේම ජීවනය හා ස්වර්ගයෙහි වාතාවරණය (ආශ්‍රය) අපගේ හදවත් තුළට ගෙනෙන පිණිසයි. දෙවියන් වහන්සේ විසින් අපව පොළොවෙහි තබා තිබෙන්නේ, මෙම ස්වර්ගික ජීවනය ලෝකයාට ප්‍රකාශ කරණ පිණිසයි.
අප එක් එක්කෙනාගේ ජිවිතවලට දෙවියන් වහන්සේට විශේෂිත වූ සැළැස්මක් ඇති බව එපීස 2: 10 හි අප කියවන්නෙමු. අප ජීවත් විය යුත්තේ කොතැනකද, හා අප සෑම දිනම කළ යුත්තේ කුමක්ද කියා උන්වහන්සේ සැළසුම් කර ඇත. උන්වහන්සේගේ තෝරා ගැනීම, සියළුම කරුණු තුළ, විශිෂ්ඨම විය යුතුයි. මන්ද උන්වහන්සේ අපිව හොඳාකාරව දන්නා සහ සෑම කරුණක්ම සැළකිල්ලට භාජනය කර ඇති බැවින්. එසේ නම් ලොකු හෝ කුඩා වේවා - වඩාත්ම නුවණැති දේ වන්නේ සියළු කරුණක් තුළම උන්වහන්සේගේ කැමැත්තට යටහත් වීමයි.
අසන්නෙකු වෙන්න
දෙවියන් වහන්සේගේ කැමැත්ත අප සෑමදාම කරන්නට නම්, යේසුස් වහන්සේ මරියා ගැන කී පරිදි (ලූක් 10:42), දෙවියන් වහන්සේට සෑමදාම සවන් දීමේ පුරුද්ද අප වැඩි දියුණු කළ යුතුයි. අන් හැම දෙයටම වඩා අපට අවශ්‍ය එක් දෙය නම් උන්වහන්සේගේ වචනයට සවන් දීමයි. බයිබළයේ මුල් පරිච්ජේදයේහිම, දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනය සෑමදාම කථා කළ බව අප කියවන්නෙමු - එහි ප්‍රතිඵලයක් වශයෙන් පොළොව ටිකින් ටික සෑමදාම පරිවර්ථනය වූවේය. ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයට මෙම අවුරුද්දේ අපට පරිවර්ථනය වන්නට අවශ්‍ය නම්, ඉතාමත්ම වැදගත් දේ වන්නේ අප සැමදාම දෙවියන් වහන්සේගේ හඬ අසා එයට කීකරු වීමයි.

සැබෑ ආත්මිකත්වයට පැමිණෙන්නේ අපගේ සිය කැමැත්ත ප්‍රතික්‍ෂේපකොට (ආත්ම පරිත්‍යාගය) දෙවියන් වහන්සේගේ කැමැත්තට දවස ගානේ ස්ථිරව කීකරු වීමෙන්‍ය. යේසුස් වහන්සේට, පියාට ඉතා-ප්‍රසන්න විය හැකි වූවේ, දවස ගානේ පියාගේ කැමැත්තට මෙවැනි ස්ථිර කීකරු වීම තුළින් ය. මෙම නව අවුරුද්දේ සෑම දිනම අප එම මාර්ගය තෝරා ගත්තොත්, අපටද දෙවියන් වහන්සේගේ ඉතා-ප්‍රසන්න අය විය හැකිය.

යේසුස් වහන්සේ මුල් අවුරුදු තිහ ජීවත් වු ආකාරය ගැන කරුණු දෙකක් සඳහන් වී ඇත. "උන්වහන්සේ හැම අයුරින්ම අප වාගේ පරික්‍ෂාවලට මුහුණ පෑ නමුත් පාප රහිත වූවේය" (හෙබ්‍රෙව් 4: 15). සහ "උන්වහන්සේ කිසි විටක උන්වහන්සේව සතුටු කළේ නැත" (රෝම 15: 3). යේසුස් වහන්සේ සෑම අවස්ථාවකම, පරික්‍ෂාවට විරුද්ධව විශ්වාසවන්තව සටන් කෙරුවේය හා උන්වහන්සේ කිසිම කරුණක් උදෙසා උන්වහන්සේගේ තෘප්තිය සෙවුවේ නැත". නව අවුරුද්දේ දී යේසුස් වහන්සේව අනුගමණය කිරීම නම්, මූලිකව උන්වහන්සේව මෙම කරුණු දෙක තුළ අනුගමණය කිරීමය.

අපගේ ශරීරයේ වැඩි වශයෙන් සෑමදාම පාවිච්චි කරණ අවයවය නම් අපගේ දිවයි. යේසුස් වහන්සේ අන් අය දිරිගැන්වීමට උන්වහන්සේගේ දිව පාවිච්චි කෙරුවේය, එහෙයින් එය දෙවියන් වහන්සේගේ හස්තයෙහි ජීවමාන භාජනයක් බවට පත්කෙරුවේය. උන්වහන්සේ විඩාවට පත් වූ අයගේ, බර වූ ආත්ම ඔසවන ලෙසට නිවැරදි වචනය කථා කළේය. යේසුස් වහන්සේ සෑමදාම උන්වහන්සේගේ පියාගේ හඬට සවන් දුන් බැවින්, උන්වහන්සේගේ ජිවිතයෙහි මුණ ගැසුණු විඩාවට පත් වු සෑම ප්‍රාණයකට වචනයක් තිබුණේය යැයි යෙසායා 50: 4 හි සඳහන් කරයි. සෑමදාම දෙවියන් වහන්සේට සවන් දීමේ පුරුද්ද වැඩි දියුණු කළ හොත්, අප අවට විඩාවට පත් වු සෑම ප්‍රාණයකට මෙවැනි ආශිර්වාද ලත් සේවාවක් මෙම අවුරුද්දේ සෑමදාම අපහටද ලබා ගත හැක, අපගේ දිනපතා සංවාදයේ, අප නොවටින දේ කථා කිරීම ප්‍රතික්‍ෂේප කර, අගනා දේ පමණක් කථා කරන්න තෝරා ගන්නෙහි නම්, දෙවියන් වහන්සේ, උන්වහන්සේගේ වචන අපට දී, උන්වහන්සේගේ මුඛය මෙන් කරන්නේය - උන්වහන්සේ ජෙරමියාව සෑදු වාගේ (ජෙරමියා 15: 19). නමස්කාර කරන්නෙකු වන්න !

"නුබේ දෙවි සමිදුන් වහන්සේ හට නමස්කාර කරන්න, උන්වහන්සේට පමණක් සේවය කරන්න" යයි යේසුස් වහන්සේ කී සේක (මතෙව් 4: 10). මෙහිදී සේවයට ඉදිරියෙන් නමස්කාරය ඇති බව සැළකිලිමත්වන්න. "පියාණන් වහන්සේ මෙවැනි නමස්කාර කරන්නන් සොයන බව" යේසුස් වහන්සේ තවද කී සේක (යොහාන් 4: 23).

දෙවියන් වහන්සේට නමස්කාර කිරීම යනු ඉරිදා උදේ ගීතිකා ගැයීම නොව, නමුත් අනික් අතට සෑමදාම උන්වහන්සේවම පමණක් අභිලාෂය කිරීම මිස පොළොවෙහි වෙන කිසිම දෙයක් නොව (ගීතාවලිය 73: 25). මෙම නව අවුරුද්දේ ඔබ ද්‍රව්‍යමය හෝ භූමික කිසි දෙයකටවත් ඇලුම් නොකරණ වගත්, නමුත් සෑමදාම ශුද්ධාත්මයාණන් ගෙන් පිරී, උන්වහන්සේ උදෙසා පමණක් ජීවත් වෙන්නට යයි, ස්වාමින් වහන්සේට ඔබගේ හඳවතින් කියා සිටින්න. ඔබ අවංක ලෙස එය අදහස් කරන්නේ නම්, ස්වාමින් වහන්සේ ඔබගේ අභිලාෂය ඉටු කර, ලබන්නා වු නව වසර ඔබ ලැබුවා වූ වසර අතරින් උතුම්ම වසර වන්නේය. දෙවියන් වහන්සේ ඔබ වෙතට ලංවී, ක්‍රිස්තුස් වහන්සේගේ ස්වාභාවයට තව ටිකක් ඔබව පරිවර්ථනය කර, අන් අයවද ඔබ තුළින් ආශිර්වාද කරන්නේය.

"හිමිතුමන් නිරතුරු මා අභියස තබා ගත්තෙමි. මා දකුණු පස එතුමාණන් වැඩ වසන බැවින්, මම නොසැලෙන්නෙමි" යයි ගීතාවලිය 16: 8 හි සඳහන්වේ. යේසුස් වහන්සේ ජීවත් වූවේ මෙයාකාරයටය (ක්‍රියා 2: 25). උන්වහන්සේ කිසි විටක නොසැළුණේ, උන්වහන්සේ පියාණන්ගේ අභිමුඛයේ සැමවිට ජීවත් වූ නිසාය. එබැවින් උන්වහන්සේ නිරතුරුව ප්‍රීතියෙන්ද පිරී සිටියේය (ගීතාවලිය 16: 11). දෙවියන් වහන්සේට අවශ්‍ය අපද මෙයාකාරයෙන් ජීවත් වීමයි.

පියාණන්, යේසුස් වහන්සේ ගෙන් බලාපොරොත්තු වූ අවමය කුමක් දැයි සොයන්න උන්වහන්සේ ඇළුම් නොවූවත්, එහෙත් අනික් අතට, උන්වහන්සේ, පියාණන්ට පූජා කළ හැකි උපරිමයටය. අපගේද ආකල්පය විය යුත්තේ : "පොළොවෙහි මාගේ එක් ජීවනයෙන් ස්වාමින් වහන්සේ හට මෙම නව වසරෙහි මාගෙන්, ලබා ගත හැකි උපරිමය කුමක්ද"? යන්නය
එබැවින් දෙවියන් වහන්සේට ඇහුම්කන් දෙන්නෙකු වී, නමස්කාර කරන්නෙකු වන්න.
එවිට ඔබට ආශිර්වාද ලත් නව වසරක් වේවි !! ආමෙන්.