WFTW Body: 

1. යේසුස් වහන්සේ තමන් කළ සෑම දෙයකින්ම තම පියාගේ මහිමය සෙව්සේක (යොහන් 7:18).
උන්වහන්සේගේ ලොකුම ආශාව වූයේ මිනිස් සංහතියේ යහපත පවා නොවේ (එය කොතරම් හොඳ චේතනාවක් වුවද) නමුත් උන්වහන්සේගේ පියානණ්ගේ නාමයේ මහිමයයි (යොහන් 17: 4). උන්වහන්සේ තම පියානණ්ගේ මුහුණ ඉදිරියෙහි ජීවත් වූ අතර සෑම දෙයකින්ම තම පියානණ් පමණක් සතුටු කිරීමට උන්වහන්සේ උත්සාහ කළසේක. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ වචනය කතා කළේ පියාණන් වහන්සේ ඉදිරියෙහි මිස උන් වහන්සේට සවන් දෙන මිනිසුන් ඉදිරියේ නොවේ. උන්වහන්සේ මූලික වශයෙන් සේවය කළේ පියානණ්ට මිස මිනිසුන්ට නොවේ. අපිත් දෙවියන් වහන්සේට සේවය කළ යුත්තේ මෙසේය. අපව මුලින් කැඳවනු ලබන්නේ සභාවේ සේවකයන් ලෙස නොව ස්වාමින් වහන්සේගේ සේවකයන් ලෙසය. අපගේ ස්වාමීන් වහන්සේ අපට යාච්ඥා කිරීමට අණ කරන පළමු යාච්ඥාව නම්, “පියාණෙනි, ඔබගේ නාමයට ගෞරවය වේවා” යන්නයි. අප මිනිසුන්ට සේවය කිරීමට උත්සාහ කළහොත්, අප වෙනුවෙන් කීර්තියක් ගොඩනඟා ගෙන අප මිනිසුන්‍ ප්‍රසන්න කරන්නන් ලෙස අවසන් වනු ඇත.


2. යේසුස් වහන්සේ සභාව වෙනුවෙන් තමා සතු සියල්ල අත්හැරිය සේක.
සභාවේ අඩිතාලම දැමීමේදී උන්වහන්සේ කිසිවක් වළක්වා ගත්තේ නැත. “ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කළ අතර ඇය උදෙසා තමාවම දුන්සේක ” (එපී 5: 25). උන්වහන්සේගේ මරණය යෙසායාගේ අනාවැකියේ මෙසේ විස්තර කර ඇත. “උන්වහන්සේ මිය ගියේ උන්වහන්සේගේ ශුභසිද්ධිය ගැන සිතීමකින් තොරවය” (යෙසායා 53: 8) (Message paraphrase - පණිවිඩ පරාසයට අනුකූලව). ඒ ගැන සිතන්න: උන්වහන්සේගේ සුභසාධනය වෙනුවෙන් එක සිතිවිල්ලකින් තොරව උන්වහන්සේ ජීවත් වී මිය ගිය සේක! උන්වහන්සේ සම්පූර්ණයෙන්ම සභාව වෙනුවෙන් උන් වහන්සේව දුන් සේක. උන් වහන්සේ අපටත් ඇවිදීමට ආරාධනා කරන ක්‍රමය මෙයයි - මේ ආකාරයෙන් ගමන් කිරීමට කැමති අයට පමණක් නව ගිවිසුම් සභාවක් ගොඩ නැගිය හැකිය. එවැනි සභාවක් ගොඩනැඟීමට නම්, අපගේ ජීවිතයේ බොහෝ අපහසුතාවන්ට මුහුණ දීමට අප සූදානම් විය යුතුය. අපගේ දෛනික චර්‍යාව කඩාකප්පල් කිරීමට, අන් අය අපගෙන් වාසි ලබා ගැනීමට, අපගේ භූමික සම්පත් අන් අය විසින් භාවිතා කිරීමට සහ සෑම ආකාරයකම පීඩනයක් පැමිණිලි කිරීමකින් තොරව පිළිගැනීමට අප සූදානම් විය යුතුය.


3. යේසුස් වහන්සේ අපේ දුකට ඇතුල් වු සේක.
උන්වහන්සේ අපේ මට්ටමටම සම්පූර්ණයෙන්ම බැස ආසේක. අපට උපකාර කිරීම සඳහා, උන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා වුවද, දුක් විඳීමෙන් කීකරුකම ඉගෙන ගැනීමට උන්වහන්සේට මුලින් ම අධ්‍යාපනය ලැබිය යුතුව තිබුණි (හෙබ්‍රෙ 2: 17; 5: 8). උන් වහන්සේ අපගේ පෙරටුව යන්නා බවට පත් වූයේ එලෙසිනි (හෙබ්‍රෙ. 6: 20). අපගේ පීඩා මධ්‍යයේ දුක් විඳීමට සහ කීකරුකම ඉගෙන ගැනීමට අප අකමැති නම් අපට අන් අයට උදව් කළ නොහැක. අපගේ සභාවල සිටින අපගේ සහෝදර සහෝදරියන් සඳහා කුඩා පෙරටුව යන්නන් ලෙස අපව කැඳවනු ලැබේ - දේශනා කරන්නන් පමණක් නොවේ. එයට බොහෝ වේදනාකාරී හා දුෂ්කර තත්වයන් හා පීඩා විඳීම අවශ්‍ය වන අතර, එම සියලු අවස්ථාවන්හිදී දෙවියන් වහන්සේගේ දිරිගැන්වීම සහ ශක්තිමත් කිරීම අප අත්විඳින විට, අන්‍යයන්ට දිය හැකි ජීවනදායක යමක් අපට ලබා දිය හැකිය - වචනය අධ්‍යයනය කිරීමෙන් හෝ පොතක් කියවීම හෝ දේශනයකට සවන් දීම තුළින් අපට ලැබුණු පණිවිඩයක් පමණක් නොවේ. (2 කොරි 1: 4 බලන්න).