WFTW Body: 

පැරණි ගිවිසුමේ අනාගතවක්තෘවරුන් දෙවියන් වහන්සේගේ සෙනඟ අතර ඉතිරි වූවන් (කුඩා කොටස) ගැන කථා කළහ. ආත්මික පිරිහීමක දී දෙවියන් වහන්සේගේ සෙනඟ අතර දෙවියන් වහන්සේට විශ්වාසවන්තව සිටින කිහිප දෙනෙකු ගැන ඔවුහු කථා කළහ. අනාගතවක්තෘවරුන්ගේ තේමාව වූවේ නැවත ගොඩනැඟීමයි.

නිදසුනක් වශයෙන්, හොෂියා ආත්මික අනාචාරය සහ දෙවියන් වහන්සේගේ වෙනස් නොවන ප්‍රේමය ගැන කථා කළේය. හබක්කුක් ඇදහිල්ලේ ගැටුම සහ ඇදහිල්ලේ ජයග්‍රහණය ගැන කථා කළේය. සෙකරියාගේ බර වූයේ දෙවියන් වහන්සේගේ සෙනඟ බබිලෝනියේ සිට ජෙරුසලම දක්වා ගෙනයාමයි. හග්ගයිගේ බර වූයේ දේවමාළිගාව ගොඩනැඟීමයි. සෑම අනාගත වක්තෘවරයෙකුටම දෙවියන් වහන්සේ විසින් දෙන ලද සුවිශේෂී බරක් ඇත - නමුත් ඔවුන් සියලු දෙනාම දෙවියන් වහන්සේගේ සෙනඟ අතර ශුද්ධකම මඳවීම ගැන සැළකිලිමත් වූහ.

ශුද්ධකම සහ දෙවියන් වහන්සේගේ නොවෙනස්වන්නාවූ ප්‍රේමය සියලු අනාගතවක්තෘවරුන්ගේ බර විය : දෙවියන් වහන්සේගේ සෙනඟ ආත්මික අනාචාරයේ යෙදී නොමඟ යමින් සිටි විටදී පවා දෙවියන් වහන්සේගේ සෙනඟ තුළ ශුද්ධකම සහ ස්වකීය සෙනඟ කෙරෙහි ඇති දෙවියන් වහන්සේගේ නොවෙනස්වූ ආදරය. දෙවියන් වහන්සේගේ ආශාව වූවේ සෑම විටම තම සෙනඟ ආපසු ගෙන්වා ගැනීමටය. උන්වහන්සේව ඔවුන්ව හික්මවයි; නමුත් විනයානුකූල කිරීම අවසන් වීමෙන් පසු ඔවුන්ව නැවත උන්වහන්සේ වෙතට ගෙන ඒමට උන්වහන්සේට අවශ්‍යය.

සභාව තුළද සත්‍යවූ අනාගතවාක්‍යමය දේවසේවාව ක්‍රියාත්මක විය යුතු ආකාරය මෙයයි. අද දින සභාවේ සිටින සැබෑ අනාගතවක්තෘවරයෙකුට දෙවියන් වහන්සේගේ සෙනඟ අතර ශුද්ධකම සඳහා පැරණි ගිවිසුමේ අනාගතවක්තෘවරුන්ට තිබූ බරම ඇත. දෙවියන් වහන්සේගේ වෙනස් නොවන, දීර්ඝ ඉවසිලිවන්ත, දයානුකම්පිත ප්‍රේමයෙන් උන්වහන්සේගේ පසුබට වූ සෙනග නැවත උන්වහන්සේ වෙතටත් එලෙසම සැබෑවූ ශුද්ධකම වෙතටත් ගෙන ඒමේ නිරන්තර ආශාව ඔවුන් මෙන්ම ඔහුවද පොළඹවනු ඇත. එය දෙවියන් වහන්සේ උදෙසා යුතුලෙස ක්‍රියාත්මක වීමට හා ජීවමානව පවත්වා ගෙන යාමට නම්, සෑම සභාවකම අනාගතවාක්‍යමය දේව සේවාවක් තිබිය යුතුය.

දෙවියන් වහන්සේ ඔබේ හදවත මත තබන බර සැමවිටම පාහේ උන්වහන්සේ ඔබ වෙනුවෙන් සැළසුම් කළ දේවසේවාව පිළිබඳ ඇඟවීමකි. එබැවින් ස්වාමින් වහන්සේගෙන් බරක් ලබාගන්නා පිණිස උන්වහන්සේ කෙරෙහි බලා සිටින්න. ඔබ බරක් නැතිව ස්වාමින් වහන්සේට සේවය කරන්නේ නම්, ටික වේලාවකට පසු ස්වාමින් වහන්සේගේ වැඩ කිරීම ගැන ඔබට එපා වේවී, තවද, ඔබ බොහෝ විට මුදල්, මිනිසාගේ ගෞරවය හෝ භූමික සැණසීම සෙවීමට ඉඩ ඇත. අද ස්වාමීන් වහන්සේට සේවය කරන බව කියන බොහෝ දෙනෙකුට තම දේවසේවය උදෙසා දෙවියන් වහන්සේ විසින් දෙන ලද බරක් නොමැති වීම කණගාටුවට කරුණකි.

දෙවියන් වහන්සේ එක් මිනිසෙකුට දරුවන් අතර වැඩ කිරීමේ බරක් ද තවත් කෙනෙකුට එවැන්ජළිස්ත සේවය සඳහා බරක් දිය හැකිය. එලෙසම දෙවියන් වහන්සේගේ සෙනඟට ඉගැන්වීමට තවත් කෙනෙකුටද බරක් ලබා දිය හැකිය. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ විවිධ අවයව වලට දෙවියන් වහන්සේ විවිධ බර ලබාදෙන සේක ( එපීස 4: 11-12 ). අපි වෙනත් කෙනෙකුගේ දේවසේවාවක් අනුකරණය කිරීම හෝ ඔහුගේ බර අප මත ගැනීමට උත්සාහ නොකළ යුතුයි. ඔබේ බර, අන් අයට ලබාගන්නා පිණිස බල නොකරන්න; තවද වෙන කිසිවෙකුට ඔහුගේ බර ඔබට දීමට ඉඩ නොදෙන්න. දෙවියන් වහන්සේටම ඔබට බරක් දීමට ඉඩ දෙන්න - උන්වහන්සේ ඔබ වෙනුවෙන්ම සැළසුම් කළ එක.

අපි දෙවියන් වහන්සේගේ හදවත සමඟ වැඩි වැඩියෙන් සහභාගිකම් පවත්වන තරමට, අපි උන්වහන්සේගේ බර බෙදා ගනිමු. දෙවියන් වහන්සේ ඔබව එවැන්ජළිස්තවරයෙකු වන්නට කැඳවා තිබේ නම්, නැතිවූ ආත්මයන් ගැන උන්වහන්සේ ඔබට අනුකම්පාවක් ලබා දෙනු ඇත. දෙවියන් වහන්සේ ඔබව ගුරුවරයෙකු ලෙස කැඳවන්නේ නම්, අන්ධභාවයට පත් වූ සහ ජයග්‍රාහී ජීවිතයකට ඇතුළු නොවන ඇදහිළිවන්තයින් කෙරෙහි දෙවියන් වහන්සේ ඔබට දයාණුකම්පාවක් ලබා දෙනු ඇත. අපගේ දේවසේවය ඵළදායි ලෙස ඉටු කිරීමට නම්, උන්වහන්සේගේ දයාණුකම්පාව බෙදා දීමේ දෙවියන් වහන්සේගේ හදවතත් සමඟ සහභාගිකම පැවැත්වීම අත්‍යවශ්‍යය.

ඔවුන්ගේම විශේෂිතවූ සේවය වෙනුවෙන් බරක් ගන්නා මෙන් - ඒ නිතරම ඉවැන්ජලිස්ත සේවය ගැනයි - බොහෝ අය මගෙන් උදක්ම ඉල්ලා තිබෙනවා. නමුත් මම හැමවිටම එවැනි බලපෑම් වලට විරුද්ධ වුණෙමි. දෙවියන් වහන්සේ තව කෙනෙකුට දුන් බර ලබා ගැනීමට මම උනන්දු නොවෙමි. දෙවියන් වහන්සේ මට නිශ්චිත බරක් දී ඇති අතර මම ඉටු කරන එකම දේවසේවය එය පමණක් බව මම අධිෂ්ඨාන කරගෙන සිටිමි. දෙවියන් වහන්සේ ඔවුන්ට දුන් දේවසේවාවෙන් හා බරෙන් ඔවුන්ව ඈත් කර දැමීමට අනාගතවක්තෘවරුන් කිසි විටෙකත් කිසිවෙකුට ඉඩ දුන්නේ නැත.

ඔබට කිසිම බරක් නොමැති නම්, ඔබ දෙවියන් වහන්සේ වෙතට ගොස් උන්වහන්සේගෙන් බරක් අයැදිය යුතුය. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙහි ඔබට ඉටු කළ යුතු නිශ්චිත කර්තව්‍යයක් උන්වහන්සේට ඇති අතර එය කුමක්දැයි ඔබ දැන සිටිය යුතුය.

බොහෝ දේශකයෝ එක් දේවසේවයක සිට තවත් සේවාවකට මංමුලාව යති - එසේ තමන්ට වැඩිම වැටුපක් ලබා දෙන ඕනෑම ක්‍රිස්තියානි සංවිධානයකට සම්බන්ධ වෙති. නිදසුනක් වශයෙන්, ඔවුන් පැහැදිලි බරක් ඇතිව ගුවන් විදුලිය ඔස්සේ කරන දේව සේවාවක් සමඟින් ආරම්භ කරයි. නමුත් යම් ළමා-එවැන්ජළිස්ත සංවිධානයක් එවිට ඔවුන්ට ඉහළ වැටුපක් ලබා දෙන්න පොරොන්දු වේ නම්, ඔවුන් හදිසියේම ළමා-එවැන්ජළිස්ත සේවය සඳහා “බරක්” ඇති කර ගනී! මඳ වේලාවකට පසු, ක්‍රිස්තියානි සාහිත්‍ය සංවිධානයක් විසින් ඔවුන්ට ඊටත් වඩා ඉහළ වැටුපක් ලබා දෙන්නේ නම්, ඔවුන්ගේ “බර” හදිසියේම සාහිත්‍ය සේවාවකට මාරු වේ!! එවැනි දේශකයන් ස්වාමින් වහන්සේට සේවය කරන්නේ නැත. ඔවුන් බබිලෝනියානු "ව්‍යාපාර" වල නියැලී සිටින ආගමික ව්‍යාපාරිකයින් ය.

දෙවියන් වහන්සේ ඔබට බරක් දෙන විට, යම් වෙනත් සංවිධානයක් ඔබට වඩා හොඳ භූමික ප්‍රතිලාභ ලබා දෙන්න පොරොන්දු වූ නිසාම, ඔබට එය අත්හැරිය නොහැක.