WFTW Body: 

මහා ආඥාවඉටු කරන කාරණයේදී සමබරථාවයක් ඇති කර ගැනීම මාගේ හදවතේ පවතින්නාවූ බරයි. යේසුස් වහන්සේ මෙළොව හැර යාමට මොහොතකට පෙර තම ගෝලයින්ට දුන් “මහා ආඥාව” ලෙස හඳුන්වන දේ ඉටු කිරීම කොතරම් වැදගත් දැයි සියලුම කිතුණුවන් දනිති.

එමමහා ආඥාවේ පළමු කොටස මාර්ක් 16: 15 හි දක්නට ලැබේ, “නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට ශුභාරංචිය ප්‍රකාශකරන්න. අදහාගන්නාවූ බව්තීස්මය ලබන්නාවූ තැනැත්තේ ගළවනු ලබන්නේය; නුමුත් අදහා නොගන්නා තැනැත්තේ වරදට පත්කරනු ලබන්නේය.” එනමුත් මෙමමහා ආඥාවේ තවත් කොටසක් ඇත -- අනෙක් භාගය, එසේ පවසන්නේ -- එය මතෙව් 28: 18-20 හි විස්තර කර ඇති බැවිනි. එහි යේසුස් වහන්සේ මෙසේ පවසන සේක “ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී ඇත. එබැවින් ඔබ ගොස් සියලු ජාතීන්ව ගෝලයින් කර, පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ඔවුන් බෞතීස්ම කර, මා ඔබට අණ කළ සියල්ල පිළිපදින්නට ඔවුන්ට උගන්වන්න; මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.

“ප්‍රථම වරට මෙම ආඥාව ඇසූ මුල් ප්‍රේරිතයින්ට ඔවුන්ගේ මණසෙහි කිසිදු සැකයක් නොතිබුණි”

මම නැවත උත්පාදනය ලැබීමෙන් පසු ගෙවුණු වසර 52ක කාලය තුළ කිතුනු ලොව -- නැවත උත්පාදනය ලැබූ කිතුනුවන්, ධර්මදූත සේවාවන් සහ ක්‍රිස්තියානි සභාවන් නිරීක්ෂණය කර ඇති අතර, එහිදී බොහෝ කිතුණුවන්මහා ආඥාවේ මාර්ක් 16: 15 අංගය පමණක් අවධාරණය කරන බව මට පෙනී ගියේය. ඉතා සුළු පිරිසක් අනෙක් භාගය, මතෙව් 28: 19 අවධාරණය කරති. මගේ අනුමානය නම් 99% ක් මාර්ක් 16: 15 ට ඔවුන්ගේ මූලික අවධානය යොමු කරන අතර 1% ක් පමණ මතෙව් 28: 19-20 ට ප්‍රමුඛත්වය දෙන බවයි. එය මිනිසුන් සිය දෙනෙක් එක්ව දර කොටයක් උසුලාගෙන යාමට උත්සාහ කරනා විටදී, කොටයේ එක් කෙළවරක පුද්ගලයින් 99 ක් සහ අනෙක් කෙළවරේ එක් අයෙකු පමණක් එම කොටය උසුලා ගැනීමට වෙහෙසෙන නිදර්ශනයකට සමානය. මා එය දකින ආකාරය එලෙස වේ.

එබැවින්, ස්වාමින් වහන්සේ මට දුන් තළෙන්තුව ලෙස වචනය ඉගැන්වීමට පටන් ගත් විට, උන්වහන්සේ මට දුන් සේවය, මහා ආඥාවේ අනෙක් අංගය අවධාරණය කිරීම බව මට පෙනී ගියේය, එය 1% කින් පමණක් ඉටු වෙමින් පැවතුණි, මන්ද සැබෑ සමතුලිතතාවය විය යුත්තේ 50-50 යි. මහා ආඥාවේ පළමු කොටස නම් අපි එවැන්ජලිස්ත සේවය ලෙස දන්නෙමු. එය සාමාන්‍යයෙන් මිෂනාරි සේවය ලෙස හඳුන්වනු ලබන අතර, බොහෝ විට නොගිය ප්‍රදේශවලට යෑම අවශ්‍ය වේ. ශුභාරංචියේ පණිවිඩය (මිනිසා පාපයේ සිටින බවත්, සියල්ලන්ම පව් කර දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීන වී ඇති බවත්, ක්‍රිස්තුස් වහන්සේ ලෝකයේ පාප උදෙසා මිය ගිය බවත්, පියාණන් වෙත ඇති එකම මාර්ගය උන්වහන්සේ බවත්, ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ බවත්, උන්වහන්සේව විශ්වාස කර බෞතීස්ම වූ තැනැත්තා ගැළවීම ලබන බවත්, විශ්වාස නොකරන තැනැත්තා හෙළා දකින බවත්) මෙම ළඟා නොවූ ප්‍රදේශවලට ගෙන ඒම ඉතා අත්‍යවශ්‍ය වේ.

නමුත් එය එතැනින් නතර වීමට ස්වාමින් වහන්සේට අවශ්‍ය වූවාද? පුද්ගලයෙකු විශ්වාස කළ පසු, ඔහු පව්කාරයෙකු වන බවට සත්‍යථාවය පිළිගත් පසු, ක්‍රිස්තුස් වහන්සේ ගැළවුම්කරුවෙකු ලෙස පිළිගත් පසු, එය එපමණද? කොහෙත්ම නැත. මතෙව් 28: 19 හි, උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේ සියලු ජාතීන් වෙත ගොස් ගෝලයින් බිහිකරන මෙන්‍ ය.

ප්‍රථම වරට මෙම ආඥාව ඇසූ මුල් ප්‍රේරිතයින්ට "ගෝලයින්" යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ගැන ඔවුන්ගේ මණසෙහි කිසිදු සැකයක් නොතිබුණි, මන්ද යේසුස් වහන්සේ එය ලූක් 14 හි ඔවුන්ට ඉතා පැහැදිළිව විස්තර කර තිබූසේක. අප ලූක් 14: 25 හි කියවන පරිදි, උන්වහන්සේ සමඟ විශාල ජනකායක් පැමිණෙන බව යේසුස් වහන්සේ දුටු විට උන්වහන්සේ හැරී, උන්වහන්සේ කිසිවෙකුට කථා කළ තදබලම වචන කථා කළසේක.

ඉදිරි සති කිහිපය තුළ, අපි මෙම එක් එක් “ගෝලයෙකු වීමේ කොන්දේසි” ගැඹුරින් සලකා බලමු. අපවම සෝදිසි කර බැලීම යහපත්ය: යේසුස් වහන්සේ නිර්වචනය කරන පරිදි අප ගෝලයෙකු වී තිබේද? තවද, මහා ආඥාවේ සහ යේසුස් වහන්සේගේ ගෝලයෙකු වීම කෙරෙහි අවධාරණය කිරීම් පිළිබඳව අපගේ අවබෝධය තුළ අපට නිසි සමතුලිතථාවයක් තිබේද?

©Zac Poonen – [email protected]