WFTW Body: 

ඔබ පළමුව දෙවියන් වහන්සේගේ රාජ්‍යය සොයන්නේ නම් සහ දෙවියන් වහන්සේ පමණක් සතුටු කිරීමට ඔබ කැමති නම්, ඔබගේ ජීවිත තුළ සිදුවන සෑම සිදුවීමකදීම - දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු වීම කිසිවෙකුට වැළැක්විය නොහැක. මක්නිසාද පොළොවේ සියලු ආධිපත්‍යයක්ම ඇත්තේ අපගේ ස්වාමීන් වහන්සේගේ අතෙහිය. යේසුස් වහන්සේ පිලාත් ඉදිරියේ වැදගත් ප්‍රකාශ දෙකක් කළ සේක.

"අපගේ විශ්වාසය හා නිසැකකම සැමවිටම තිබිය යුත්තේ දෙවියන් වහන්සේ කෙරෙහි පමණි"

(1) "මාගේ රාජ්‍යය මේ ලෝකයට අයත් නොවේ, එබැවින් මම භූමික දේ සඳහා සටන් නොකරමි" (යොහාන් 18: 36).

(2) "මා කෙරෙහි ක්‍රියා කිරීමට මාගේ පියාණන් වහන්සේ ඔබට අවසර දෙන දෙය හැර, ඔබට මා කෙරෙහි බලයක් තිබිය නොහැක" (යොහාන් 19: 11).

ස්වාමීන් වහන්සේ උදෙසා යහපත් සාක්‍ෂිකරුවෙකු වන ලෙස තිමෝතිට පැවසූ විට පාවුල්තුමා තිමෝතිට මතක් කළේ මෙම ද්විත්ව ප්‍රකාශනයයි (1තිමෝති 6: 13, 14).

දුෂ්කර තත්වයන්ට හා දුෂ්කර මිනිසුන්ට මුහුණ දෙන විට මමද දෙවියන් වහන්සේට සහ සාතන්ට සහ මිනිසුන්ට කළ ප්‍රකාශනය මෙයමය. 

ඔබට සැමවිටම විශාමිකව සිටිය හැක්කේ ඔබේ ජීවිතයේ කිසිම පිළිමයක් (දෙවියන් වහන්සේට හිමි ස්ථානය ගන්නා, ඕනෑම දෙයක් හෝ කෙනෙකු) නොමැති නම් පමණි. හොඳ රැකියා, නිවාස සහ භූමික සැප සම්පත් බොහෝ කිතුණුවන්ගේ පිළිම බවට පත්ව ඇත. එය ලී හෝ ගල් පිළිමයකට නමස්කාර කිරීමෙන් වෙනසක් නොමැත! නමුත් බොහෝ කිතුණුවන් මෙය තේරුම් නොගනිති. දෙවියන් වහන්සේ දෙන ආත්මික දීමනා (සේවයක් වැනි) පවා, ඊසාක් ආබ්‍රහම්ට වූවාක් මෙන් පිළිමයක් බවට පත්විය හැකිය. දෙවියන් වහන්සේම පමණක් අපට සියල්ල වන විට සහ අපට අපගේ හදවත් වලින් ස්වාමින් වහන්සේට සැබවින්ම පැවසිය හැකි නම්, "ස්වාමීනි, ඔබ හැර මා ආශා කරන කිසිවක් සහ කිසිවෙකු මිහිපිට නැත" කියා (ගීතාවලිය 73: 25), එවිට පමණි අපට කිව හැකි හැකි වන්නේ "අපි රූප වන්දනාවෙන් නිදහස් වී ස්වාමීන් වහන්සේට නමස්කාර කිරීමට පටන් ගතිමු" කියා. ඔබ සියලු දෙනාම සෑම පිළිමයකින්ම මිදී ස්වාමින් වහන්සේටම පමණක් නමස්කාර කරන ලෙස මම ප්‍රාර්ථනා කරමි.

යෙරෙමියා 17: 5, 6 හි සඳහන් ශාපය අපව සිඳ නොදමන පිණිස අපගේ විශ්වාසය හා නිසැකකම සැමවිටම දෙවියන් වහන්සේ කෙරෙහි පමණක් විය යුතුය - මිනිසුන් තුළ නොවිය යුතුය: "ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයා කෙරෙහි විශ්වාස කරන්නාවූ, මාංසය තමාගේ හස්තයකොට තබාගන්නාවූ, හදවතින් ස්වාමීන් වහන්සේ කෙරෙන් පහවයන්නාවූ මනුෂ්‍යයා ශාපලද්දෙක්‍ ය. ඔහු කාන්තාරයේ පඳුරකට (රෝතෙම් ගසකට) සමානවී, යහපත පැමිණෙන විට එය නොදැක, ලුණු භූමියක්ව තිබෙන්නාවූ, වැසියන් නැත්තාවූ කාන්තාරයේ වියළි තැන්වල වාසය කරනවා ඇත”.

අපගේ සැබෑ ධනය මිළ කළ යුත්තේ මුදලින් හෝ දේපළවලින් නොව, අසාර්ථකත්වයන් සහ ගැඹුරු පරීක්‍ෂාවන් තුළින් පැමිණෙන ස්වාමින් වහන්සේ පිළිබඳ දැණුම මතය. යෙරෙමියා 9: 23, 24 (ජීවමාන බයිබල් පරිවර්ථනය) මෙසේ පවසයි: "ප්‍රඥාවන්තයා තම ප්‍රඥාවෙහිද, බලවන්තයා තම බලයෙහිද, ධනවතා තම ධනයෙහිද සතුටු නොවෙත්වා යැයි ස්වාමින් වහන්සේ පවසනසේක. ඔවුන් මේ ගැන පමණක් පාරට්ටු කරගනිත්වා. ඔවුන් මා සැබවින්ම දන්නා බවත්, මා ප්‍රේමයේ ස්ථීර වූ ස්වාමින් වහන්සේ බවත්, මා මේ ආකාරයෙන් සිටීමට ප්‍රිය කරන බවත් තේරුම් ගනිත්වා." අවසානයේ වටිනාකමක් ඇති එකම දෙය එයයි. එයට සාපේක්‍ෂව ලෝකයේ සෑම ජයග්‍රහණයක්ම කසළය. එම සත්‍යථාවය ක්ෂණිකව සොයා ගන්නා තරමට අපි ප්‍රඥාවන්ත වන්නෙමු.