WFTW Body: 

සාමාන්‍යයෙන් කිතුණුවන් පහත සඳහන් වන ලෙස, කණ්ඩායම් දෙකකට වර්ගකර ඇත.

(1) රෝමානු කතෝලික සහ ප්‍රොතෙස්තන්වරුන් - උපත මත රඳා ඇත.

(2) එපිස්කෝපල් (විධිමත් ක්‍රමයකට යටත්වෙනවා) සහ නිදහස් සභාවන් (විධිමත් ක්‍රමයකට යටත්

වෙන්නේ නැත) - සභා ක්‍රමය මත රඳා ඇත.

(3) නැවත උත්පාදනය ලැබූ කිතුණුවන්සහ නාමික කිතුණුවන් - අත්දැකීම් මත රඳා ඇත.

(4) ධර්මදූත කිතුණුවන් සහ 'නිදහස් මතදාරී කිතුණුවන් - ඉගැන්වීම් මත රඳා ඇත.

(5) ශුද්ධාත්ම දීමනා ක්‍රියාකරන කිතුණුවන් සහ ශුද්ධාත්ම දීමනා ක්‍රියානොකරන කිතුණුවන් - අන්‍ය

භාෂාවෙන් කථා කිරීම මත රඳා ඇත.

(6) පූර්ණකාලීන ක්‍රිස්තියානි සේවකයින් සහ රැකියාවකයෙදී සිටින කිතුණුවන් - වෘත්තීය මත රඳා ඇත.

මෙවැනි තවත් වර්ග කිරීම් තිඛෙන්නට පුළුවන්. එහෙත්, අපගේ ස්වාමින්වහන්සේ විසඳන පිණිස පැමිණි ගැටළුවේ මුල විසඳන්නට මේ වර්ග ක්‍රියා කරන්නේ නැත. ක්‍රිස්තුස්වහන්සේ අපගේ පව් වෙනුවෙන් මැරුණු බව බොහෝ අය දනිති (1 කොරින්ති 153). එහෙත් අප වෙනුවෙන් නොව, අප වෙනුවෙන් මැරුණු උන්වහන්සේ වෙනුවෙන් අප ජීවත්විය යුතු බව බයිබලය පවසන බව බොහෝ අය නොදනිති (2 කොරින්ති 515). එම නිසා කිතුණුවන් වර්ග කිරීම සඳහා මීට වඩා ශුද්ධ ලියවිල්ලට අනුකූල වන මගක් වන්නේ 'තමන් වෙනුවෙන් ජීවත්වන අය හෝ 'තමන්ගේ කාරණා සොයන අය, නැත්නම් පොළොවේ කාරණා පළමුකොට සොයන අය සහ 'දෙවියන්වහන්සේගේ රාජ්‍යය පළමුකොට සොයන අය හෝ 'මුදල්වලට ප්‍රේමකරන අය සහ 'දෙවියන්වහන්සේට ප්‍රේමකරන අය. දෙවර්ගයටම ප්‍රේම කළ නොහැකි බව යේසුස්වහන්සේ පැවසූ සේක (ලුක් 1613).

එහෙත් මෙවැනි වර්ග කීරිමක් පාවිච්චි වන බව, මම කිසිදිනෙක දැක නැත්තෙමි. මේ වර්ග කිරීම් ක්‍රියාකරන්නේ කිතුණුවාගේ අභ්‍යන්තර ජීවිතය සහ දෙවියන්වහන්සේ සමඟ තිඛෙන පුද්ගලික සම්බන්ධතාවය මතයි. එහෙත්, මීට පෙර සඳහන් කළ කාරනා වනාහි, ඔහුගේ ජීවිතයේ පිටස්තර කරුනු සම්බන්ධව ක්‍රියාකරයි. එහෙත්, කිතුණුවන්ව ස්වර්ගය වර්ග කරන්නේ මේ දෙවනුව සඳහන් කළ අන්දමටයි. ඒ කාරණාව මෙසේ නම්, එවිට වැදගත් වන්නේ මේ වර්ග කිරීම පම යි. මේ ක්‍රමය අනුව, අනිත් අයට අපව වර්ග කරන්ට නොහැක. අපම අපව වර්ග කළ යුතුයි. මක්නිසාදයත් අපගේ අභ්‍යන්තර චේතනා සහ ආශාවන් දන්නේ අපම පම යි. අපගේ භාර්යාවන් පවා අප කුමක් වෙනුවෙන් ජීවත්වෙනවාද කියා නොදැන සිටින්ට පුළුවනි. අපගේ ස්වාමින්වහන්සේ මූලිකව පැමිණියේ මනුෂ්‍යයන්ට උගන්වන්නට හෝ සභා ක්‍රමයක් ඇතිකරන්නට හෝ අන්‍ය භාෂාවෙන් කථා කිරීමට සැලැස්වීමට හෝ ඔවුන්ට අත්දැකීමක් දෙන්නට නොවේ. උන්වහන්සේ පැමිණියේ 'අපව පාපයෙන් ගළවන්නටයි. උන්වහන්සේ පැමිණියේ පොරවගසේ මුලට තබන්නටයි. පාපයේ මුල වන්නේ අප මත කේන්ද්‍රවීමයි. අපගේම කාර ා සෙවීම සහ අපගේම කැමැත්ත කිරීමයි. ස්වාමින්වහන්සේට අපගේ ජීවිතයෙන් මේ 'මුලට පොරොවෙන් පහරක්දී, උගුල්ලන්නට ඉඩ දෙන්නේ නැත්නම්, අප කිතුණුවන් වන්නේ මායාවට පමණි. අපගේ ඉගැන්වීම් හෝ අපගේ අත්දැකීම් හෝ අපගේ සභා ක්‍රමය නිසා අප අනිත් කිතුණුවන්ට වඩා ඉහළ පන්තියක සිටිනවා කියා සාතන්ට අපව රැවටීය හැකිය.

අපි අප වෙනුවෙන් ජීවත්වෙනවා නම් (මෙය 'පාපයේ ජීවත්වීම යන්නට තව වචන මාත්‍රයක් වන බව සටහන් කරගන්න.) අප නිවැරදි ඉගැන්වීම්, අත්දැකීම් සහ සභා ක්‍රමය අනුව සිටීම ගැන සාතන් කරදර වන්නේ තමන්ගේ කැමැත්ත සොයන, තමන් වෙනුවෙන් ජීවත්වෙන කිතුණුවන් අද කිතුණු ලෝකය තුළ බහුල වශයෙන් දක්නටලැබේ. එහෙත් අන් කිතුණුවන්ට වඩා දෙවියන්වහන්සේ ඔවුන්ව ඉහළ මට්ටමින් නිරීක්‍ෂන​ය කරන බව ඔවුන් සිතන්නේ මූලිකවම ඔවුන්ගේ ඉගැන්වීම් හෝ සභා ක්‍රමය හෝ අත්දැකීම්වල ඇති වෙනස නිසාය. මෙයින් පෙනීයන්නේ, සාතන් කිතුණු ලෝකය තුළ ඉතා මහඟු දෙයක් කිරීමට සමත්වී ඇති බවයි.

යොහන් 638 තුළ අපගේ ස්වාමින්වහන්සේ ස්වර්ගයේ සිට පොළොවට ආවේ මේ කරුනු නිසා බව වදාළ සේක.

  1. උන්වහන්සේ මිනිසෙකු ලෙස පොළොවට පැමිණෙන විට උන්වහන්සේගේ මානුෂික කැමැත්ත ප්‍රතික්ෂේපකොට,
  2. මිනිසෙකු ලෙස තම පියාගේ කැමැත්ත ඉටු කළ සේක. එලෙස උන්වහන්සේ අපගේ ආදර්ශය වූ

සේක.

යේසුස්වහන්සේ පොළොවෙහි ගතකළ ජීවිතය පුරා - එම්, උන්වහන්සේගේ මුළු වසර 33 1/2 පුරා උන්වහන්සේ තම කැමැත්ත එපාකොට, එතුමාගේ පියා න්ගේ කැමැත්ත කළ සේක. උන්වහන්සේගේ ගෝලයන් වීමට කැමැති අයද, ඒ මාර්ගය ඔස්සේ යා යුතු බවද, උන්වහන්සේ තම ගෝලයන්ට පැහැදිලිවම පැවසූ සේක. උන්වහන්සේ පැමි ියේ අපගේ ජීවිතය තුළ තිඛෙන පාපයේ මුල වන 'අපගේ කැමැත්ත කිරීමට පහරදෙමින්, එයින් අපව මුදවන්නටයි. විද්‍යාවට අනුව, මිනිස්සු අවුරුදු දසදහස් ගණනාවක් මුළුල්ලේ පොළොව විශ්වයේ කේන්ද්‍රය බව වරදවා වටහාගත්හ. මිනිස් ඇසට එලෙස පෙනුණි - මන්ද ඉර, සඳ සහ තාරකා පොළොව වටා, සෑම පැය 24කට වතාවක් බ්‍රමණ ය වන බව පෙනුණි. කොපර්නිපස් නැමති මිනිසෙකුගේ ධෛර්යය නිසා, අවුරුදු 500කට පමණ පෙර, මේ ජනප්‍රිය අදහස ප්‍රශ්ණ කරමින්, ඒ අදහස අසත්‍ය වන බවත්, පොළොව විශ්වයේ මැද විනා, සූර්ය්‍යා පද්ධතිය පවා මැද නොමැති බව පෙන්වා දුන්නේය. පොළොව සූර්යයා තුළ කේන්ද්‍ර කිරීම සඳහා මවන ලද බව ඔහු පෙන්නුවේය. මිනිසාගේ කේන්ද්‍රය වැරදි එකක්ව තිබුණු බැවින් ඔහුගේ විද්‍යා ගණනය කිරීම් සහ නිගමන වැරදි විය. මක්නිසාද ඔහුගේ කේන්ද්‍රය වැරදුණි. නමුත් මිනිසා නිවැරදි කේන්ද්‍රය සොයාගත් විට ඔහුගේ ගණනය කිරීම් සහ නිගමන නිවැරදි විය.

අපි 'දෙවියන්වහන්සේ කේන්ද්‍ර නොකර 'අපව කේන්ද්‍ර කරන විට ඒ කාරණාව අපටද සිදුවේ. බයිබලය සහ දෙවියන්වහන්සේගේ කැමැත්ත පිළිබඳ අපගේ අවබෝධය (අපගේ ගණනය කිරීම් සහ නිගමන) වැරදී යයි. (අප පෙර දුටු ලෙස) මිනිසුන් වසර 5,000කට වැඩි කාලයක් නිවැරදි යයි සිතු දේ, අපත් නිවැරදි යයි සිතිමු. එලෙසම අපත් නිවැරදි යැයි අපට සිතෙන්නට පුළුවන. එහෙත් ඇත්තටම අප 100]ක් වැරදිවන්නට පුළුවන. වර්තමානයේ ජීවත්වෙන බොහෝ 'යහපත් කිතුණුවන් අතර පවා මෙය දැකිය හැක. බයිබලය සම්බන්ධව ඔවුන් වෙනස් මත දරති. මෙය ව්‍යාජ ශුභාරංචියකි. මන්දයත්, 'පශ්චාත්තාපය පිළිබඳව එහි කිසිත් සඳහන්වී නොමැත. යොහන් බව්තිස්ත, යේසුස්වහන්සේ, පාවුල්, පේතෘස් සහ සෑම ප්‍රේරිතයෙක්ම පළමුකොට දේශනා කළේ පශ්චාත්තාපය පිළිබඳවයි. එහෙත් වර්තමානයේ දේශනාව අවසානයේදීවත් පශ්චාත්තාපය පිළිබඳව සඳහන් නොකිරීම කණගාටුවට කරුණකි.

දෙවියන්වහන්සේ කේන්ද්‍ර කරගත් ශුභාරංචිය මනුෂ්‍යයන්ව පශ්චාත්තාපවීමට කැඳවයි. පශ්චාත්තාපය යනු කුමක්ද යන්න පහත සඳහන් කරු ණු වලින් විස්තර කරයි.

1) යමෙකුගේ ජීවිතය තමකම මත කේන්ද්‍ර කිරීම, තමාගේ කැමැත්ත කිරීම, තමන් විසින් තෝරාගන්නා ලද මාර්ගයේ ගමන් කිරීම, මුදල්වලට ප්‍රේම කිරීම, ලෝකය සහ ලෝකයේ දේවල්වලට (මාංශයේ තෘෂ්ණාව, සහ ජීවිතයේ අහංකාරකම) ප්‍රේමකිරීම යනාදි දේවල්වලින ඉවත්වීම සහ දෙවියන්වහන්සේ වෙතට කෙනෙකුගේ මුළු සිතින් හැරී, තමාගේ ජීවිතය දෙවියන්වහන්සේ කේන්ද්‍ර කරගනිමින්, උන්වහන්සේගේ කැමැත්ත කිරීම යනාදියයි.

කුරුසිය මත ක්‍රිස්තුස්වහන්සේගේ මර ය කෙරෙහි විශ්වාස කරන මනුෂ්‍යයෙකුට සමාව දෙන්නට පුළුවන් වන්නේ ඔහු පශ්චාත්තාප වුවහොත් පමණි. එවිට දිනපතා ඔහුගේ කැමැත්ත (තමකම) එපා කොට, දෙවියන්වහන්සේ කේන්ද්‍ර කරගත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන බලය ශුද්ධාත්මයා න්වහන්සේගෙන් ලබාගත හැක.

ව්‍යාජ ශුභාරංචිය දොරටුව පුළුල්කොට, මාර්ගය පළල් කරයි (ඇවිදීමට පහසු කරයි. මන්දයත් යමෙකුට සිය කැමැත්ත එපා කිරීමට අවශ්‍ය නැත හෝ තමා වෙනුවෙන් ජීවත්වීම නතර කළ යුතු නැත සහ තමාට ප්‍රියමනාප සහ

තමාට වාසිය ගෙනදෙන දේවල් නතර කිරීමට අවශ්‍ය නැත). මෙවැනි ව්‍යාජ ශුභාරංචියක් දේශනා කරන රැස්වීම්වලට දශලක‍ෂ ගණන් රොක්වෙති. බොහෝ සෙනඟ මේ දොරකඩින් ඇතුල් වී මේ මාර්ගය ඔස්සේ ගමන් කරන්නේ මෙය ජීවනයට ගෙනයන මාර්ගය යැයි සිතන නිසාය. එහෙත් සැබවින්ම මෙය විනාශයට ගෙනයන මාර්ගයයි. කෙසේ වෙතත් ඔවුන්ගේ රැස්වීම් තුළ, 'අත් ඔසවා ක්‍රිස්තුස්වහන්සේ පිළිගන්නට තීරණ ගත්ත විශාල පිරිස ගැන ශුභාරංචිය ප්‍රකාශ කරන ඉවැන්ජලිස්තවරුන් මහත්සේ පාරට්ටු කරමින් වාර්තා කරති. එහෙත් ඒ සියලූම දේ රැවටිල්ලක්ය. සමහරු මෙම රැස්වීම් තුළ සැබවින්ම හැරුනත්, ඔවුන්ලෙන් බොහෝ දෙනෙකු 'නිරයේ දරුවන් බවට පත්වෙති

(මතෙව් 2315) - ඔවුන්ගේ සැබෑ තත්වය නොදැන ඔවුහු මුළාවෙති. එනමුත් සැබෑ ශුභාරංචියේ දොරකඩ කුඩා සහ පටු මගක් වේ. එය සමහර 'දැවැන්ත ආත්මික ලබ්ධීන් කරන ලෙස, යේසුස්වහන්සේ සෑදුවාට වඩා කුඩා හෝ පටු කරන්නේ නැත - එහෙත් යේසුස්වහන්සේ කළ ලෙසම, එම ප්‍රමා යටම සෑදිය යුතුය. ජීවනයේ මාර්ගය සොයා ගන්නා සංඛ්‍යාව ස්වල්ප දෙනෙකි. මේ ශුභාරංචියේ ධර්මදූත ප්‍රචාරකයාට වාර්තා කිරීමට වැඩි දෙයක් නැත. තවද සංඛ්‍යාත්මක වාර්තාව විස්මයට පත්කරන්නේ නැත. නමුත් මේ ශුභාරංචිය මගින් මනුෂ්‍යයන්ව යේසුස්වහන්සේ වෙතට මඟ පෙන්වයි.

ඔබ සවන්දෙන දෙය ගැන විමසිලිමත්වන්න. තමා ඇසූ දෙයට කීකරුවන්නාට, තව ආලෝකය සහ දැනගැනීම

ලැඛෙන්නේය. එහෙත් තමා ඇසූ දෙයට කීකරු නොවන්නාට ඔහු තුළ තිඛෙනවා යැයි සිතන දෙයද ඔහු වෙතින් අරගනු ලබන්නේය (ලුක් 818 සරල පරිවර්ථනය).

අසන්නට කන් ඇත්තෝ අසත්වා`