කර්තෘ :   සැක් පූනන් වර්ග :   පුරුෂයා
WFTW Body: 

මෙය පසුගිය සතියේ පළවූ "ඔබේ ජිවිතයට දෙවියන්වහන්සේගේ සැලැස්ම නොලැබියාම ගැන ප්‍රවේශම් වෙන්න" යන ලිපිය අනුව යාමකි.

කුරුල්ලෙකු ගේ තටු දෙකක් එකක් අනෙකට විරුද්ධව මූහ=නලා ඇතිමූත්, එයින් පියාසර කිරිමට හැකියාව ලැඛෙන්නා සේම, බයිබලය හා සම්බන්ධ සත්‍යයන් දෙකක් මේආකාරයෙන්ම නිතරම එකිනෙකට ප්‍රතිවිරුද්ධව තිඛෙන්නාසේ පෙනිය හැකිය. මෙය හඳුන්වන්නේ පරස්පර විරෝධී ලෙසටය, නමුත් සත්‍යය නිවැරිදිව වටහා ගැනීමට නම්, එකවිටම මෙම ප්‍රතිවිරුද්ධ දෙකම එකට වැළඳගත යුතුය. ආත්මිකව - පියාසර කිරිමට අපට හැකිවනුයේ එවිට පමර්‍ණ. නැතහොත් අපි පොළවට සම්බන්ධවූ සහ අධෛර්්‍යයට පත්වන්නෝවනු ඇත.

සම්පුර්ණ සත්‍යය අන්තර්ගත වන්නේ — "එය මෙසේ ලියා තිබේ" සහ — "එසේම එය මෙසේද ලියා තිබේ" (යේසුස්වහන්සේ සාතන්ට පැවසු ලෙස) කියා පවසන විටය (මතෙව් 4:7).

අකීකරුකම තුළ ඔබේ ජිවිතයට දෙවියන්වහන්සේගේ සම්පුර්ණ කැමැත්ත නොලැබී ගියානම්, සියළුම බලාපොරොත්තු නැතිවී ගියාය කියා එයින් අදහස් නොකරයි. ඔබගේ සර්වබලධාරි ස්වර්ගීය පියාණන්ට ඔබ වෙනුවෙන් හාස්කමක් කළ හැකිබව ඔබ අදහන්නේනම් ජයගන්නෙක් වීමට තවමත් ඔබට පුළුවන්වේ. බයිබලය පටන් ගැනෙන්නේ අසමත්වු අවස්ථා  දෙකක්  පුදූමාකාර ප්‍රයෝජනයක් ලබන පිණිස දෙවියන්වහන්සේ  පරිවර්ථනය කිරිමෙර්‍ණ.  

දෙවියන්වහන්සේ අහස සහ පොළොව පරිපුර්ණව සෑදූ සේක. නමුත් සමහර දේවදූතයන් පව්කළ හෙයින්, පොළොව — "හැඩයක් නොමැති, හිස් සහ අදූරු" තැනක් බවට පත්විය (උත්පත්ති 1:2). නමුත් දෙවියන්වහන්සේ එම හැඩයක් නොමැති, හිස්, අඳූරු කොටස තුලින් ඉතාමත් අලංකාර දෙයක් සාදා අවසානයේ උන්වහන්සේම එයට — "ඉතා යහපත්" යැයි පැවසු සේක (උත්පත්ති 1:31). දෙවෙනි සිද්ධිය දෙවියන්වහන්සේ ආදම් සහ ඒවව මැව්වේ  ඔවුන්ට යහපත්වූ සැලැස්මක්ද ඇතිවය. නමුත් ඔවුන් පව්කර දෙවියන්වහන්සේගේ සැලැස්ම නිෂ්ඵල කලෝය. එනමූත් ස්ත්‍රියගෙන් පැමිණෙන බීජය සර්පයාගේ හිස පොඩිකරන බවට දෙවියන් වහන්සේ උයනට විත් ඔවුන්ට පොරොන්දූ වූසේක. එනම් ක්‍රිස්තුස් වහන්සේ කල්වරියේදි සාතන්ව පොඩිකිරිමේ පොරොන්දූවය.

එහෙත් ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සර්ව සදාකාලිත්වයේ සිටම වූ දෙවියන් වහන්සේගේ සැලැස්මේ කොටසකි. උන්වහන්සේ ගැන අපට සඳහන් කරන්නේ “ලෝකය පටන් ගැන්මේ සිට මරනලද බැටළු පැටවාණෝ˜ ලෙසටය (එළිදරව් 13:8). මේදක්වා, ආදම් සහ ඒවගේ පාපය නිසා පමණක් ක්‍රිස්තුස්වහන්සේ මළබව අපි දනිමු. එබැවින් තර්කානුකුළවම කථා කරනවානම්, ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයේ පාපය උදෙසා නසින පිනිස එවීමෙන් දෙවියන්වහන්සේ ගේ ශ්‍රෙෂ්ඨ සැලැස්ම සම්පුර්ණවූයේ, ආදම්ගේ  අසමත් වීමේදීත් නොව, ආදම්ගේ අසමත්විම හේතු කොටගෙනයයි අපට කිව හැකියæ ආදම්ගේ පාපය නොවුනා නම්, කල්වරි කන්දේදී දැක්වූ දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපි දැන නොගන්ට ඉඩ තිබුණි!

“නුඹේම නුවණෙහි නොපිහිටා" කියා ශුද්ධ වු ලියවිල්ලේ පවසන්නේ මෙය අපේ තර්කයට අවහිර  කරන නිසාය (හිතෝප. 3:5). දෙවියන්වහන්සේ ගණිතමය තර්කයට අනුව ක්‍රියා නොකරයි!! ගණිතමය ගැටළුවක් විසඳීමේදී, ඕනෑම පියවරකදී ඔබ වැරැද්දක් කළොත්, අවසාන උත්තරය නිතරම වැරදිය.  එවැනි තර්කයට අනුව, ඔබගේ පසුගිය ජිවිතේ ඕනෑම අවස්ථාවක ඔබ දෙවියන් වහන්සේගේ සැලැස්ම අතපසු කර ඇතිනම්, දෙවියන්වහන්සේගේ උතුම් සැලැස්ම සම්පුර්ණ කිරිමට දැනුත් ඔබට නොහැකිය.

නමූත් "මාගේ මාර්ග නුඹලාගේ මාර්ග නොවේ" යැයි ස්වාමීන්වහන්සේ පවසන සේක (යෙසායා 55:8,9). ගණිතමය තර්කය අනුව උන්වහන්සේගේ සැලැස්ම ක්‍රියා නොවෙයි. එය එසේවුවා නම්, දෙවියන්වහන්සේගේ උතුම් සැලැස්ම සම්පුර්ණ කිරිමට එක මනුෂ්‍යයෙක්ටවත් නොහැකි වෙයි. මන්දයත් අපි සියළුදෙනාම කවදාහරි දෙවියන්වහන්සේ උදෙසා අසමත් වී ඇත්තෙමූව. අපි ඇදහිලිවතුන් වුවාට පසුව පවා පව් කර ඇත. නමුත් තවමත් අපි සෑම කෙනෙක්ටම බලාපොරොත්තුවක් තිබිම පුදූමාකාර සත්‍යයකි.

ගණිතමය තර්කයට අනුව දෙවියන්වහන්සේ ක්‍රියාකළා නම්, ක්‍රිස්තුස්වහන්සේගේ පොළොවට පැමිණීම දෙවියන් වහන්සේගේ උතුම්වූ දෙවැන්න බව අපිට කිව හැකිය. එනමුත් එසේ පැවසීම අවමන් කිරිමකි. දෙවියන්වහන්සේ අපට කියන්ට උත්සහ කරන්නාවූ පණිවිඩය කුමක්ද? එනම් නිරන්තරයෙන්ම අසමත්වු මනුෂ්‍යයෙක්ව දෙවියන් වහන්සේ රැගෙන තවමත් උන්වහන්සේගේ සම්පුර්ණ සැලැස්ම ඔහු තුලින් කරවීමට හැකි බවය.  

කෙනෙක් අසමත්වීම පවා දෙවියන්වහන්සේගේ සම්පුර්ණ සැලැස්මේ කොටසක්ව තිබීමත්, අමතක කළනොහැකි පාඩම් කිහිපයක් ඔහූට ඉගැන්වීමත් මෙයට හේතුව වේ. අපි දෙවියන්වහන්සේ ගැන දන්නේ ඉතා අල්පයක් බැවින්, මෙය තේරුම් ගැනීම මනුෂ්‍ය තර්කයෙන් කළ නොහැකිය. බිඳුනාවු පුරුෂයන් සහ ස්ත්‍රීන්ව පමණක් දෙවියන්වහන්සේට උපයෝගී කරගත හැක. එක් පැත්තකින් නිතරම සිදුවන අසමත්විම් තුලින් උන්වහන්සේ අපව බිඳින සේක.

පාපය තුළින් ලබන සෑබෑ ජයග්‍රහණය නිතරම ගැඹුරු යටහත්කමක් සමඟ සම්බන්දව සිදුවෙයි. නිතර අසමත්විම් අපගේ ආත්ම විශ්වාසය විනාශ කිරිමට උදව්වන බැවින්, දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් තොරව පාපය  ජයග්‍රහණය කළනොහැකි බව අපට අවබෝධ කරගතහැක. එසේනම්, අපි  ජයග්‍රහණය ලබනවිට, ඒ ගැන කවදාවත් පාරට්ටු කර නොගතයුතුය. තවදූරටත්, අපේ අසමත්වීම් නිතර නිතර සිදුවනවිට අපි, තවත් අසමත් වන්නෙකු=ට අවමන්කිරීමක් අපට කළ නොහැක. ජිවිත අවුල් කරගත් අය කෙරෙහි අනුකම්පාව දැක්වීමට අපට හැකිවන්නේ අපේම අප්‍රමාණික වැටිම් තුලින් අපේම මාංසික දූර්වලතා අපි හඳුනාගත් බැවිර්‍ණ. “අපි දූර්වලකමින් වටව සිටින බැවින්, අ×නයන්ද මුළාවෙන්නන්ද ගැන මෘඳූකමින් හැසිරෙන්ට" අපට හැකිවනු ඇත (හෙබ්‍රෙව් 5:2). ඔබ දැන් මෙසේ පවසන්නේ නම්, "නමුත් මම දේවල් බොහෝවර පටලවාගෙන තිබේ. දැන් උන්වහන්සේගේ සම්පුර්ණ සැලැස්මට මාව ගෙන ඒමට දෙවියන්වහන්සේට නොහැකිය", එවිට එය කිරිමට උන්වහන්සේට නොහැකිවන්නේ ඔබ වෙනුවෙන් එය කිරිමට උන්වහන්සේට හැකිබව ඔබ නොඅදහන හෙයින්ය. “නුඹලාගේ විශ්වාසයේ ප්‍රකාරයට නුඹලාට වේවා" (මතෙව් 9:29) යන්න දෙවියන්වහන්සේගේ ආ×වයි. අපේ ඇදහිමේ තරම අපි ලබාගනිමු. අපි වෙනුවෙන් යමක් කිරිමට දෙවියන්වහන්සේට නොහැකිබව අපි විශ්වාස කරන්නේනම්, එය අපට සිදූ නොවෙයි.

ඔබට වඩා ජිවිතය මහත් අවුලක් කරගත් තවත් ඇදහිලි වන්තයෙකුගේ ජිවිතයට දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ සැලැස්ම තම ජිවිතයට ඉටුකරගත්බව ක්‍රිස්තුස්වහන්සේ ගේ විනිශ්චය ආසනයේදි ඔබට එලිදරව්වූයේනම් - එසේවූයේ ඔහුගේ ජීවිතයේ කැඩුනාවු කොටස් උන්වහන්සේ රැගෙන “ඉතා යහපත්˜ දෙයකට සෑදීය හැකියැයි විශ්වාසයක් ඔහුට තිබූනූ හෙයින්ය. අතීතයේදී අපි කොයිතරම්  අසමර්ත වුවත්, එමනිසා අපේ අසමත්විම අපි පිළි ගෙන, අපිවම යටහත් කරගෙන සහ පුදූම ක්‍රියා කරන, සර්වබලධාරි පියාණන් කෙරෙහි අදහනවානම් පමනි තරුණ මහලු අපි සියළු දෙනාටම බලාපොරොත්තුවක් තිඛෙන්නේ.  

මෙලෙස අපේ අසමත්විම් තුලින් පාඩම් ඉගෙනගෙන අපේ ජිවිත උදෙසා දෙවියන් වහන්සේගේ පුර්ණ සැලැස්ම ඉෂ්ඨ කරගත හැක. මේ ආකාරයෙන් පැමිනෙන්ට තිඛෙන කාලවලදී, තම ජීවිත සම්පුර්ණයෙන්ම අසමර්ත කරගත් අන් අයගේ ජිවිත වලට දෙවියන්වහන්සේට කළ හැකි දේ, උන්වහන්සේ අපව උදාහරණයක් ලෙස  ගෙන ඔවූන්ට පෙන්වනවා ඇත."ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අප කෙරෙහි ඇත්තාවු කරුණාවන්තකම නිසා තමන්වහන්සේගේ අනුග්‍රහයේ ඉතා මහත් සම්පත" තුලින්, උන්වහන්සේට අපතුළ කළහැකි දේ උන්වහන්සේ අපට පෙන්නුම් කරයි (එපීස 2:7). හාලේලූය!

ආමෙන් ආමෙන්