“මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩාකොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශීර්වාදලද්දෝය.” (මතෙව් 5: 11). "ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද තැනැත්තෝ ආශීර්වාදලද්දෝය" ලෙස පැවසූ මීට පෙර පදයට සමාන වුව ද, මෙහිදී යේසුස් වහන්සේ වැදගත් වූ පැහැදිලි වෙනසක් දක්වන සේක.
10 වන පදය සහ 11 වන පදය අතර ඇති වෙනස නම්, 10 වන පදයේ ඔබ නිවැරදි දේ වෙනුවෙන් නැඟී සිටීමයි. ක්‍රිස්තියානි නොවන අය පවා සමහර විට හරි දේ වෙනුවෙන් නැඟී සිටිති. රැකියා අහිමි වූවන්, නිවැරැදි තීන්දුවක් දුන් නිසා මරා දැමූ විනිසුරුවරුන්, සාධාරණ දේ වෙනුවෙන් නැඟී සිටීම නිසා සතුරන් විසින් මරා දැමූ ව්‍යාපාරිකයින්, දේශපාලනඥයින් සහ තවත් අය සිටිති. මෙය කරන්නේ කිතුණුවන් පමණක් නොවන අතර, කිතුණුවන් යැයි කියා ගන්නා බොහෝ දෙනෙකුට වඩා කිතුණුවන් නොවන අය සමහර විට අවංකභාවය වෙනුවෙන් නැඟී සිටීමට කැමැත්තෙන් සිටීම ලැජ්ජා සහගත දෙයකි. තමන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වන බව සිතූ එවැනි කිතුණුවන් මධ්‍යම-ප්‍රතිපදාව දරන්නන් සහ පසුගාමීන් ලෙස හෙළිදරව් වන විට විනිශ්චය දවසේදී ඔබට විශ්මයට පත්වීම් රාශියක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි. ඔබ ධර්මිෂ්ඨ නම් සහ ඔබ ධර්මිෂ්ඨකම නිසා පීඩා විඳීමට කැමති නම්, ස්වර්ග රාජ්‍යය ඔබේය. වෙනත් ආකාරයකින් නොවේ.
මතෙව් 5: 11 යේසුස් වහන්සේ උදෙසා පීඩා විදීම ගැන කථා කරයි. ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෙකු වන බවටවූ සත්‍යට නිහඩව සිටියහොත් ඔබට ඔබගේ සේවා ස්ථානයෙන් යම් ප්රතිලාභ ලබා ගත හැක. සමහර විට ඔබ ධාර්මික විය හැකි අතර එය අන් අය විසින් අගය කරනු ලැබේ, නමුත් ඔබ ගැළවීමේ මාර්ගය ලෙස යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන බවට නිහඬව සිටින්නේ ඔබට උසස්වීමක් නොලැබේ යැයි ඔබ බිය වන බැවිනි. සමහර විට ඔබ ඔබේ ප්‍රධානීන් මෙන් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් සාක්ෂිකරුවෙකු වීමට ලැජ්ජා වන ආකාරයටම ඔබ ක්‍රිස්තියානි නොවන අයෙකු බව අන් අයට විශ්වාස කිරීමට ඉඩ සළසයි. කිතුණු නොවන අය ඔවුන්ගේ ප්‍රියතම පිළිමයේ පින්තූරය සහිත දින දර්ශනයක් එල්ලා තබන රජයේ කාර්යයාල සහ බැංකු මම දැක ඇත්තෙමි, නමුත් ඔහු තමන් කිතුණුවකු බව ප්‍රකාශ කරන දේව වචනය සහිත දින දර්ශනයක් එල්ලා තැබීමට කැමති කිතුණුවකු ඔබට හමුවන්නේ ඉතා කලාතුරකිනි. මෙයට හේතුව මිනිසුන් ඔහු ගැන කුමක් කියයි දැයි ඔහු බිය වීමයි. "මගේ ලොක්කා එය දැක මාව උසස්වීමක් ලබා ගැනීමෙන් වලක්වයිද නැතහොත් මට යම් ආකාරයකින් හිරිහැර කරයිද?"
"මා නිසා පීඩා විඳින්නෝ, මා ගැන ලජ්ජා නොවන්නෝ ආශීර්වාදලද්දෝය ". ඔබ වැඩ කරන ස්ථානයේ යේසුස් වහන්සේ ගැන ඔබට ලැජ්ජාවක් තිබේද? බොහෝ ක්‍රිස්තියානි නොවන අයද බාහිරව ධර්මිෂ්ඨ බැවින් ඔබ බාහිරව ධර්මිෂ්ඨයි යන කාරණය ගැන ආඩම්බර නොවන්න. ඉන් ඔබ්බට ගොස් තවත් පියවරක් ඉදිරියට යන්න: "මමත් කිතුණුවෙක්. මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෙක් වෙමි" කියා ප්‍රකාශ කරන්න. ඔබ දෙවියන් වහන්සේ සහ උන්වහන්සේගේ වචනය වෙනුවෙන් නැඟී සිටින්නේ නම් (එය වැඩ කරන ස්ථානයේ පමණක් නොවේ, ඔබ දේව වචනයේ උගන්වා ඇති සියල්ල වෙනුවෙන් නැඟී සිටින්නේ නම්, දේශකයෙකු ලෙස වුවද), ඔබ අද ක්‍රිස්තියානි කවයන්හි රැවටීම හෙළි කිරීමට උත්සුක වන්නේ නම්, මිනිසුන් ඔබට අපහාස කරයි, ඔබට පීඩා කරයි, ඔබ ගැන නොයෙකුත් දුෂ්ඨ කථා කියයි, මන්ද ඔබ සත්‍යය වෙනුවෙන් නැඟී සිටින බැවිනි.
එය සිදු වූ විට ඔබ කළ යුත්තේ කුමක්ද? අපි, අප ගැනම කණගාටු විය යුතුද? එසේ නොවේවා ! එහි පවසන්නේ "සතුටු වී, ප්‍රීතියෙන් ඉපිළෙන්න, මක්නිසාද ස්වර්ගයෙහි ඔබගේ විපාකය මහත්ය" (මතෙව් 5: 12) යනුවෙනි. ඔබට මෙළොවෙදී විපාකයක් නොලැබෙනු ඇත - ඔබව පීඩාවට ලක් කර, නෙරපාද හැරිය හැක - නමුත් ස්වර්ගයේ ඔබේ විපාකය විශිෂ්ඨයි, මන්ද ඔවුන් ඔබට පෙර සිටි සියලුම අනාගතවක්තෘවරුන්ට පීඩා කලේ ඒ ආකාරයටමය. ඔබ පැරණි ගිවිසුමේ අනාගතවක්තෘවරුන් දෙස බැලුවහොත්, දෙවියන් වහන්සේගේ සැබෑ අනාගතවක්තෘවරුන් පීඩාවට පත්වූ බව ඔබට පෙණෙනු ඇත. කෙසේවෙතත්, ඔවුන් මුහුණ දුන් පීඩා සෑම විටම සඳහන් නොවේ. උදාහරණයකට ඉශ්රායෙල් සෙනඟට විරුද්ධව දැඩි වචන කිහිපයක් කථා කළ යෙසායා වැනි මිනිසෙකු ගන්න. ඔහු මැරුණු ආකාරය යෙසායාගේ පොතේ අපට පවසා නැත, නමුත් සම්ප්රදාය අනුව අපට පවසන්නේ ඔහු සිටියේ ලී කොටයක් තුළවූ හිස් කුහරයක බවත් ඔහුට පීඩා කළ අය ඔහුව කොටස් දෙකකට ඉරා දැමූ බවත්ය.
ඔහු හෙබ්‍රෙව් 11 හි සඳහන් කර ඇති ඇදහිල්ලේ මිනිසුන් අතරින්, කියතෙන් දෙකඩ කොට ඉරණු ලැබූ එක් අයෙකි (හෙබ්‍රෙව් 11 : 37). ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් නැඟී සිටින සියල්ලන්ටම පීඩා කරනු ලැබේ. ස්තේපන්, ක්‍රියා 7 හි නායක පූජකයින් ඉදිරියෙහි සිටගෙන සිටියදී, ඔහුගේ දිගු පණිවිඩය අවසානයේ සමූහයාගෙන් ඉතා වැදගත් ප්‍රශ්ණයක් අසයි: ඔහු ක්‍රියා 7: 52 හි මෙසේ කියයි: “ඔබේ පියවරුන් පීඩා නොකළේ අනාගතවක්තෘවරුන්ගෙන් කවරෙකුටද? ඔබේ පියවරුන් විසින් ධර්මිෂ්ඨ තැනැත්තා වන යේසුස් වහන්සේගේ පැමිණීම ගැන කළින් ප්‍රකාශ කළ අයව මරා දැමුවෝය. ඔබගේ පියවරු ඉශ්රායෙලයේ අනාගතවක්තෘවරුන්ගෙන් නොමැරුවේ කවරෙක්ද? ඔබට එක් කෙනෙකු නම් කළ හැකිද?” ස්තේපන් ඉශ්රායෙලයේ ඉතිහාසය විස්තර කරමින් සිටියේය. ඔහු ඉශ්රායෙල් ඉතිහාසය අධ්‍යයනය කර ඇති අතර ඔහු නිගමනය කළේ මුළු ඉශ්රායෙල් ඉතිහාසය පුරාම පීඩාවට පත් නොකෙරූ එකම අනාගතවක්තෘවරයෙකු හෝ නොමැති බවයි. කිසිම සැබෑ අනාගතවක්තෘවරයෙකු පැරණි ගිවිසුමේ හෝ අලුත් ගිවිසුමේ ජනප්‍රිය නොවීය.
දේවගැතිවරුන් ජනප්‍රිය විය හැකිය, එවැන්ජලිස්තවරුන් ජනප්‍රිය විය හැකිය, ප්‍රේරිතයින් පවා සමහර විට ජනප්‍රිය විය හැකිය. ගුරුවරුන් ඉතා ජනප්‍රිය විය හැකි නමුත් අනාගතවක්තෘවරයෙකු කිසිවිටෙකත් ජනප්‍රිය නොවන්නේ ඔහු සභාවක හෝ මිනිසුන්ගේ වැරදි හඳුනාගෙන හෙළි කිරීමට පැමිණෙන බැවිනි. තවද ඔහු සභාවකට පැමිණෙන්නේ ඔවුන් ඇසිය යුතු දේ කථා කිරීමට මිස ඔවුන් ඇසීමට කැමති දේ පැවසීමට නොවේ. ඔවුන් නොසලකා හරින දේවවචනයේ පැති ඔහු ඔවුන්ට පෙන්වයි. ඔවුන් දෙවියන් වහන්සේගේ ප්‍රමිතිවලින් අඩු වී සිටින ඔවුන්ගේ ජීවිතවල ක්ෂේත්‍ර ඔහු ඔවුන්ට පෙන්වයි, එවිට ඔහුට පීඩා කරනු ලැබේ. එය අදටත් සිදුවේ. "මා සහ මාගේ වචනය නිසා" යේසුස් වහන්සේ උදෙසා නැඟී සිටීම යන්නෙන් අදහස් කරන්නේ මෙයයි. ඔබ පීඩාවට පත් වුවහොත්, ඔබ ආශීර්වාද ලබන අතර, ඔබව ඊර්ෂ්‍යයාවට පත්වේ. තවත් අනුවාදයක එය පවසන්නේ, "ප්‍රීති ඝෝෂාවෙන් නටපන්න!" ඔබ අනාගතවක්තෘවරුන්ගේ අඩිපාරේ සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අඩිපාරේ සිටින නිසා ඔබ උද්යෝගිමත් විය යුතුය.