WFTW Body: 

අපි,

(1) අපගේ මාංසයේ ඇති සෑම තෘෂ්නාවක්ම ජය ගැනීමට,

(2) සෑම පරීක්ෂාවකදීම අප වෙනුවෙන් ඇති උන්වහන්සේගේ අරමුණ ඉටු කිරීමට,

(3) සෑම තත්වයකදීම ජයග්‍රහකයන් වීමට, සහ

(4) සෑම නපුරක් ඉදිරියේ ක්‍රිස්තුස් වහන්සේගේ ගුණ ප්‍රකාශ කිරීමට,

අපට උපකාර කරන තැනැන්වහන්සේ ලෙස සෑම විටම ස්වාමීන් කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. එවිට අපි කවදාවත් අධෛර්යමත් වන්නේ නැත.

“ඔබ දෙවියන් වහන්සේව ගෞරව කිරීමට සොයනකළ,ඔබව මවිතවත් කරන ප්‍රසන්නවත් දේ ඔබ වෙනුවෙන් වෙන්කොට තිබේ, මන්ද උන්වහන්සේ සැමවිටම ඔබ වෙනුවෙන් ප්‍රේමයෙන් නිහඬව සැළසුම් කරනසේක"

අප වෙනුවෙන් ප්‍රාතිහාර්යයන් කරන ප්‍රේමණීය පියෙකු ස්වර්ගයේ සිටින බවට අප නොඇදහිලිවන්ත පරම්පරාවකට සහ සම්මුතිවාදී ක්‍රිස්තියානි ලෝකයකට ජීවමාන සාක්ෂියක් විය යුතුය. දෙවියන් වහන්සේට ඔබේ ජීවිතය සඳහා සැලැස්මක් ඇත. ඔබ උන් වහන්සේට ගෞරව කරන විට, දිනෙන් දින, ඔබ එම සැලැස්ම සොයා ගනු ඇත. සෑම අංශයකම - සහභාගීකම උදෙසා, රැකියාව උදෙසා, නිවාස සඳහා සහ විවාහය උදෙසා (මේවාට කාලය පැමිණි විට) නියම වේලාවට, උන්වහන්සේ ඔබට නියම දොරටු විවෘත කරයි. උන්වහන්සේට ගෞරව කරන අය සෑම අංශයකින්ම, විද්‍යාලයේ ඔවුන්ගේ ශ්‍රේණි කුමක් වුවත්, ඔවුන්ට කුමන බලපෑමක් හෝ මූල්‍ය සම්පත් හිඟ වුවද, සහ ඕනෑම රටක කොතරම් අවපාතයක් තිබුණත් හොඳම දේ ලබා ගනී.

නව යොවුන් වියේ සහ විසිවයස් ගණන්වල සිටින අය අතර මෝඩකම බහුලව දක්නට ලැබේ. ජීවිත කාලය පුරාවටම ප්‍රතිවිපාක ඇති කළ හැකි බරපතළ වැරදි කිරීමෙන් ඔබව වළක්වා ගත හැක්කේ දෙවියන් වහන්සේගේ කරුණාවට පමණි. එබැවින් ඔබ සෑම විටම දෙවියන් වහන්සේට බියෙන් හා ඉතා සුපරීක්ෂාකාරීව ජීවත් විය යුතුය.

ඔබගේ ජීවිතය සඳහා දෙවියන් වහන්සේගේ සැලැස්ම අතපසු නොකරන්න. මම මගේ වයස අවුරුදු 19½ දී මගේ ජීවිතය මුළු හදවතින්ම ස්වාමින් වහන්සේට දුන්නෙමි. දැන්, වසර ගණනාවකට පසු, මට මගේ ජීවිතයට මම මගේ ඇස් වලට හරිව පෙනුනාවූ දේ කරනවාට වඩා හොඳ දෙයක් දෙවියන් වහන්සේට කළ හැකි වීයැයි ප්‍රීතියෙන් ආපසු හැරී බැලිය හැකිය. මේ අවුරුදු ගණනාව පුරාවටම මම කවදාවත් පව් කරලා නැහැ, කිසිම මෝඩ වැඩක් කරලා නැහැ, කිසිම වැරැද්දක් කළේ නැහැ යන්න නොවේ. මම ඒ සියල්ල කර ඇත - මම දැන් මගේ ජීවිතය දෙස ආපසු හැරී බලන විට මගේ මෝඩකම් සහ වැරදි ගැන මම අතිශයින්ම ලැජ්ජා වෙමි. නමුත් දෙවියන් වහන්සේ මට අනුකම්පා කළ අතර උන්වහන්සේ ඒ සියල්ල මකා දමා මා ඉදිරියට ගෙන ගියසේක. මම හිතන්නේ මගේ වැරදි තිබුණත්, මම උන්වහන්සේගේ කැමැත්ත කිරීමට අවංකවම උත්සාහ කළ බව උන්වහන්සේ දුටුසේක. නොයෙකුත් වැරදි කළත්, වෙහෙස මහන්සි වී උන් වහන්සේ සොයන සියල්ලන්ට උන්වහන්සේ විපාක දෙන දෙවි කෙනෙකි. දෙවියන්වහන්සේගේ එම යහපත්කම සහ දයාව ඔබගේ සියලු දවස්වලද ඔබ අනුව එන බව මට විශ්වාසයි (ගීතා.23:6).

“ඔබ දෙවියන් වහන්සේව ගෞරව කිරීමට සොයනකළ, ඔබව මවිතවත් කරන ප්‍රසන්නවත් දේ ඔබ වෙනුවෙන් වෙන්කොට තිබේ, මන්ද උන්වහන්සේ සැමවිටම ඔබ වෙනුවෙන් ප්‍රේමයෙන් නිහඬව සැළසුම් කරනසේක"

(ෂෙපනියා 3:17 විස්තරාත්මක බයිබල් පරිවර්තනය). එයට ඔබේ අනාගතයේ සෑම විස්තරයක්ම ඇතුළත් වේ - භූමික සහ අධ්‍යාත්මික යන දෙකම. ඔබේ ජීවිතයේ සෑම දිනකම දෙවියන් වහන්සේට ගෞරව කිරීමට ඔබ අධිෂ්ඨාන කර ගන්නේ නම්, ඔබට දෙවියන් වහන්සේගේ හොඳම දේ ලබා ගත හැකිය. ලෞකික මිනිසුන් මෙන් අපි අපේ අනාගතය සැලසුම් නොකරන්නෙමු. දෙවියන්වහන්සේ අපේ පැත්තේ සිටින සේක, අපිට ලැබිය නොහැකි විශේෂ ප්‍රසාද දීමනා දෙනසේක, රැකියාව වැනි භූමික කාරණාවලදී පවා. එනිසා අපි අනාගතය ගැන කනස්සල්ලට පත් නොවෙමු. යේසුස් වහන්සේ අපට උගන්වා ඇති පරිදි, අපි අහසේ කුරුල්ලන් මෙන් කනස්සල්ලෙන් හා ආතතියෙන් තොරව දිනපතා ජීවත් වෙමු. ස්වාමින් වහන්සේට ප්‍රශංසාවේවා!

පාවුළු තුමාට තම වැඩය ප්‍රීතියෙන් අවසන් කළ හැකිවීම පමණක් මිස ඔහුගේ ජීවිතය වටිනා දෙයක් ලෙස ගණන් ගත්තේ නැත (ක්‍රියා 20:24 - KJV). දෙමව්පියන් තම කුඩා දරුවා පාසලට ඇතුළු කළ දින පටන්, ඔහු පාසලෙන් පිටවන දිනය එනතුරු බලා සිටිති. දෙවියන් වහන්සේ සම්බන්ධයෙන්ද එය එසේමය. උන්වහන්සේ අපේ ජීවිතය සඳහා වැඩපිලිවෙලක් සැලසුම් කර ඇත. දෙවියන් වහන්සේ මිහිපිට දී අපට වෙන් කර ඇති කාර්‍යය අප අවසන් කළ යුතුය. අපගේ භූමික ජීවිත කාලය තුළ, අප අතින් වැරදි සහ අත් වැරදීම් සිදු විය හැකි අතර, අඥාන ලෙස කාලය නාස්ති කිරීමට පවා පුළුවන.

නමුත් වාසනාවකට මෙන්, ඒවා අප පාසලේදී සමහර ප්‍රශ්ණ වරදවා ගත්තාක්මෙන් අප සියල්ලන්ම ගණිතයේදී කළ අත් වැරදීම් මෙන් වනු ඇත. දෙවියන් වහන්සේට අප වෙනුවෙන් පරිපූර්ණ සැලැස්මක් ඇත - රැකියාව, විවාහය වැනි ප්‍රධාන කාරණා වලදී. නමුත් මේ සියල්ල ඉටු කළ හැක්කේ අප ශුද්ධකමේ ක්ෂේත්‍රය තුළ උන්වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමට උත්සාහ කරන විට පමණි. අපි මුළු හදවතින්ම ශුද්ධකම ලුහුබැඳ ගියහොත්, අනෙකුත් සියලුම භූමික කාරණාවලදී, අපගේ ජීවිත සඳහා උන්වහන්සේගේ සැලැස්ම ඉටු වන බවට දෙවියන් වහන්සේ සහතික කරනු ඇත.

©Zac Poonen – [email protected]