WFTW Body: 

අපි ස්වර්ගයට ගිය විට, අපි පෘථිවියේ පාරවල්වල ගමන් කරන විටදී අපව ආරක්‍ෂා කළ දේවදූතයන්ව අපට පෙනෙනු ඇත. අවසාන දිනයේ අපගේ මුළු ජීවිතයේම වීඩියෝ පටය නැවත විකාශනය කරන විටදී, අප විසින් ස්තුති දියයුතු, අපව ආරක්‍ෂා කළ දේවදූතයන් දහස් ගණනක් සිටින බව අපට පෙනී යනු ඇත. දැන් අපි දන්නේ මග තොට දී සිදුවුණු "යාන්තමින් බේරුණා"වූ සිද්ධීන් කිහිපයක් පමණි. නමුත් එදාට අපිව ගලවා ගත් තවත් එවැනි " ගැලවීමේ අවස්ථා" තවත් බොහොමයක් තිබුණු බව අපට පෙනී යනු ඇත. එබැවින් ස්තුතිවන්ත වන්න.

සියලුදේම අපගේ යහපත පිණිස එකට ක්‍රියා කරනු ඇත. මීට වසර කිහිපයකට පෙර මා මුහුණ දුන් අනතුරෙන් පසු මම මෙසේ කීවෙමි, "ස්වාමීනි, ඔබ මා වෙනුවෙන් කල්වා රියේදී හිදී කළ දේට මම තවමත් මගේ කෘතඥතාවය සම්පූර්ණයෙන් ප්‍රකාශ කර ඉවර නැත ඒ නිසා "ස්තූති කරන්නට" කරුණාකර මට තව ටිකක් කල් දෙන්න. ඊට පස්සේ මම මේ වැකිය ගැන සිතුවෙමි : ස්වාමින් වහන්සේ කුරුසිය මතදී අප වෙනුවෙන් කළදේ උදෙසා අපගේ ජීවිත , උන්වහන්සේට නිරන්තර කෘතඥථාව ප්‍රකාශවීමක් විය යුතුයි"

දෙවියන් වහන්සේ හට සෑම දෙයකදීම අරමුණක් ඇත. යාකොබ් ගැන එහි පවසන්නේ "ඇදහිල්ලෙන් ඔහු තම සැරයටිය මත හේත්තු වී දෙවියන් වහන්සේට නමස්කාර කළ බවයි (ඇත්ත වශයෙන්ම එය කිහිලිකරුවක් විය, දෙවියන් වහන්සේ ඔහුගේ කලවා විස්ථාපනය කළ බැවින් ඔහුට එය නොමැතිව තවදුරටත් ගමන් කළ නොහැකි විය) සහ යාකොබ් අන් අයට ආශීර්වාද කළේය" (හෙබ්‍රෙ. 11: 21). එම සැරයටිය (කිහිලිකරු), ශක්තිමත් එමෙන්ම සෑම විටම තම අභිමතය මත ම ක්‍රියා කළ යාකොබ්ට, සෑම දෙයකදීම දෙවියන් වහන්සේ කෙරෙහි අසරණව බලා සිටිය යුතු බව නිරන්තරයෙන් මතක් කිරීමක් බවට පත් විය. ඔහු, ඊශ්‍රායෙල් - දෙවියන් වහන්සේ සමඟ සහ මිනිසුන් සමඟ බලය ඇති දෙවියන් වහන්සේගේ කුමාරයෙක්, බවට පත් වුණේ එලෙසය. අනුන්ට ආශිර්වාද කරන්න හැකියාව ලැබුනේ ඔහු ඒ දුර්වල තත්ත්වයට පත් වූ විටදීය(ඒ පදයේ කියන ආකාරයට). ඔබත් එම අත්දැකීමෙන් යමක් දැනගන්නා ලෙසට මම යාච්ඥා කරමි - ඔබේ මිනිස් ශක්තියෙන් බිඳීම තුළින් ඔබ දෙවියන් වහන්සේ මත පමණක් රඳා සිටීම නිසා ඔබට වෙන කවරදාටත් වඩා අන් අය හට වඩා විශාල ආශීර්වාදයක් වන්නට පුළුවන් වන පිණිසත්. මම යාඤා කරමි.

දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයේ සෑම කරුණක්ම පරිපූර්ණ ලෙස සැලසුම් කර ඇත - සෑම කාරණයක්ම. යේසුස් වහන්සේට පහර දීමට සාතන්ට ඉඩ දුන් සේම, උන්වහන්සේ ඔබටද පහර දීමට සාතන්ට ඉඩ දෙනසේක. නමුත් යේසුස් වහන්සේ තම ආත්මය පිරිසිදුව තබාගත් අතර ඔබට ඔබේ ආත්මයද පිරිසිදුව තබාගත හැක. "දෙවියන් වහන්සේ ඔබට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ සෑම විස්තරයක්ම දනී" (යෝබ් 23:10 - ජීවමාන බයිබල් පරිවර්තනය), ඔබ දුෂ්කර තත්වයන් තුළ සිටින විටදී පවා; උන්වහන්සේ සෑම දෙයක්ම සැලසුම් කරනසේක (රෝම 8:28). ඒ නිසා ඒ තුළින් ඔබේ සැනසීම සොයා ගන්න. "මිනිසාගේ උපකාරය නිෂ්ඵලයි" කියා ඔබ දකින තත්වයන් තුළ, දෙවියන් වහන්සේ මත පමණක් රඳා සිටීම අත්විඳීම හොඳය. ආත්මිකව වර්ධනය වීමට ඇති එකම මාර්ගය එයයි. "මම දුෂ්කර මොහොතක සුඛෝපභෝගීත්වයට කැමතියි, මන්ද එවිට දෙවියන් වහන්සේ මා වෙනුවෙන් කරන ආශ්චර්‍යය කුමක්දැයි මට දැක ගත හැකිය" කියා C. T. ස්ටඩ් වරක් පැවසුවේය.

පියවූ දෙවියන් වහන්සේ අපව තෝරා ගත් බවත්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් උන්වහන්සේගේ රුධිරයෙන් අපව මිළ දී ගෙන ඇති බවත්, ශුද්ධාත්මයාණන් වහන්සේ දැන් අපව දෙවියන් වහන්සේගේම බවට මුද්‍රා කර ඇති බවත් අප වටහා ගන්නා විට එය අප තුළ විශාල නිදහසක් ගෙන එනු ඇත (එපීස 1:1-13). අපගේ ගැලවීම සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් විය. දෙවියන් වහන්සේ අප "ඔව්" කියා පවසන තෙක් බලා සිටි අතර පසුව උන්වහන්සේ සියල්ල කළසේක (එපීස 2:1-8). අපි රොබෝවරු නොවන නිසා අපේ අවසරය ලබා නොගෙන උන්වහන්සේට අපව ගලවා ගත නොහැක.

දෙවියන් වහන්සේ ලෝකයේ අත්තිවාරම් දැමීමට පෙර - අප හොඳ හෝ නරක කිසිවක් කිරීමට පෙර අපව තෝරා ගත්සේක (රෝම 9:11) - එසේම - ක්‍රිස්තුස් වහන්සේ තුළ ආත්මයාණන්ගේ සෑම ආශීර්වාදයකින්ම අපට ආශීර්වාද කිරීමට තීරණය කළ සේක. ඒ නිසා උන්වහන්සේ දැන් අපි ගැන හිතන විදිහ වෙනස් කරන්නට යන්නේ නැත.

©Zac Poonen – [email protected]