WFTW Body: 

අපගේ ආත්මික අධ්‍යාපනයේ කොටසක් ලෙස ස්වාමින්වහන්සේ අප සියල්ලන්ම දුෂ්කර අත්දැකීම් හරහා රැගෙනයයි. නිදසුනක් වශයෙන්, අපගේ ඇදහිල්ල නිසා අපට සමච්චල් කිරීමට උන්වහන්සේ අන් අයට ඉඩදිය හැක. අපව සමච්චලයට ලක්කරන බොහෝ මිනිසුන් "හීනමානයෙන්” පෙලෙන අය වන අතර, එබැවින් අපට ඊර්‍ෂ්‍යාකරයි. ඒ නිසා අපි ඔවුන්ගැන අනුකම්පා කළ යුතුයි. නමුත් ඔවුන්ගේ උපහාසය තුලින් අප තුළ ක්‍රියාත්මක වන යහපත නම්, අපි මිනිසුන්ගේ මත වලින් නිදහස්වීමයි. මගේ ජීවිතය දෙස ආපසු හැරී බලන විට, නාවික හමුදාවේ (මම තරුණ වියේදී) නැව්වල සිටි මගේ සහෝදර නිලධාරීන්ගෙන් මාගේ ඇදහිල්ල නිසා මා මුහුණ දුන් සියලු උපහාසයන් සහ ඉන්පසු මා මුහුණ දුන් සියල්ල - මා මිනිසුන් සතුටු කිරීමෙන් නිදහස් වීමට මට උපකාර කර ඇති බව මට දැන් පෙනේ. මෙසේ ස්වාමින්වහන්සේ මාගේ සේවය සඳහා මා සූදානම් කළ සේක.

පවුලක් ලෙස අප මුහුණ දුන් සෑම පරීක්‍ෂාවකින්ම ජයග්‍රාහී ලෙස යාමට ස්වාමින්වහන්සේ අපට දී ඇති අනුග්‍රහයට මම ස්තූතිවන්ත වෙමි. බොහෝ අය අපට ඊර්‍ෂ්‍යා කළ නිසා අපට කරදර කිරීමට සාතන් ඔවුන්ව පෙලඹුවේය. නමුත් අපට සාතන්ව පරාජය කිරීමටත්, අපට නරක ලෙස කතා කරන සහ අපට හානි කිරීමට උත්සාහ කරන සියල්ලන් කෙරෙහි ඔවුන්ගෙන් කිසිවකුට සැබවින්ම අපට හානියක් කළ නොහැකි වුවද, ඔවුන් කෙරෙහි යහපත් ආකල්පයක් තබා ගැනීමටත් අපට දෙවියන්වහන්සේගෙන් අනුග්‍රහය ලැබුණි - මිනිසුන් කළ සෑම දෙයක්ම රෝම 8:28 හි පොරොන්දුවූ පරිදි අපගේ යහපත සඳහා පමණක් ක්‍රියා කර ඇත.

අන් අය අප ගැන පවසන සියලුම නරක දෙයින් අපව නපුරු අය බවට පත් කිරීමට නොහැකි බවත්, අන් අය අප ගැන පවසන සියලු යහපත් දේ අපව යහපත් අය බවට පත් කිරීමට නොහැකි බවත් මතක තබා ගන්න. අප කුමක්ව වන්නේද යන්න අප විසින්ම තීරණය කරයි, - එය රඳා පවතින්නේ අප දිනපතා අපගේ කුරුසය රැගෙන යේසුස්වහන්සේව අනුගමනය කිරීම මත සහ අන්‍යයන් අපට කුමන දෙයක් පැවසුවත්, කුමක් කළත් ක්‍රිස්තුස්වහන්සේ මෙන් ඔවුන්ට ප්‍රතිචාර දැක්වීම මතය.

අපගේ අතීත අසාර්ථකත්වයන් පවා - ඒවා කෙතරම් ගැඹුරු සහ මහත් වුවත් - අනාගතයේදී ඊටත් වඩා මුළු හදවතින්ම අපගේ අතීත අඩුපාඩු පිරිමසා ගැණීමට යන බව අප තීරණය කරන්නේනම්, අපගේ ජීවිත සඳහා දෙවියන් වහන්සේගේ අරමුණ ඉටුවීමට බාධා කළ නොහැක.

මම නැවත ඉපදීමෙන් පසු බොහෝ ආකාර වලින් ස්වාමින්වහන්සේව පහත් කළෙමි. නමුත් මම 1975 දී තීරණය කළා (මට වයස අවුරුදු 36කට ආසන්න වූවිට, අපි අපේ නිවසේ සභාවක් ලෙස එකට රැස්වීමට පටන් ගත් විට), මා කලාක් මෙන් ස්වාමින්වහන්සේගේ බලාපොරොත්තු සුන් නොකළ අන් අයට වඩා මම මුළු හදවතින්ම සිටිය යුතු බව. වසර ගණනාවකට පසු, දෙවියන්වහන්සේ මගේ තීරණයට ගරු කර ඇති බවත්, වසරින් වසර මට වැඩි වැඩියෙන් අනුග්‍රහය ලබා දී ඇති බවත් අද මට කියන්න පුළුවන්. එබැවින් අද මගේ පෞද්ගලික අත් දැකීමෙන් මට කියන්න පුළුවන් දෙවියන්වහන්සේ නිර්දෝෂී වාර්තාවක් ඇති අය හෝ කිසි විටෙකත් නොවැටී අසාර්ථක නොවූ අය තෝරා නොගන්නා බව. ඇත්තවශයෙන්ම උන්වහන්සේ බොහෝවිට වැඩිපුරම භාවිතා කරන්නේ, වැඩියෙන්ම අසාර්ථකවූ අයවයි. අපේ සභාවට ආ නරකම පව්කාරයන් ගැන මට ලොකු බලාපොරොත්තුවක් දීලා තියෙන්නේ මෙයයි.

ෂුනෙම්මීය ස්ත්‍රියගෙන් ඇය සහ ඇගේ දරුවා සමඟ සියල්ල හොඳින් දැයි එලිෂා ඇසූ විට, ඇගේ දරුවා මියගොස් තිබුණද, "ඔව්, සියල්ල හොඳින්" කියා ඇය පැවසුවාය (2 රාජාවලිය 4:8, 26)! එය පුදුමාකාර ඇදහිල්ලක් - ඇයට එහෙම කියන්න පුළුවන් වුනා කියන එක. දෙවියන්වහන්සේ ඇගේ ඇදහිල්ලට ගෞරව කළේ ඇගේ පුතාව මළවුන්ගෙන් උත්ථාන කිරීමෙනි! දෙවියන්වහන්සේව විශ්වාස කරන අයට දෙවියන්වහන්සේ පුදුම දේවල් කරන සේක. එවැනි අය කිසිම අවස්ථාවක ලැජ්ජාවට පත් නොවනු ඇත. - ඔබ අසීරු තැන්වල සිටිනවා කියා ඔබට දැනෙන විට, හෝ ඔබ දෙවියන්වහන්සේව අවාසනාවන්ත ලෙස අසමත් කළ විට (එයද සිදුවිය හැක), ඔබ දෙවියන්වහන්සේ කෙරෙහි එවන් ඇදහිල්ලකින් සැමදා ජීවත් වේවා.

ඕනෑම "මළ" තත්වයකින් නැවත නැඟිටීමක් ගෙන ඒමට ස්වාමින්වහන්සේට හැකි බව මතක තබාගන්න. ඔබ කළ යුත්තේ උන්වහන්සේට අවංකවීමයි. (ඔබ කිසිම මිනිසෙකුට ඔබේ පව් පාපොච්චාරණය කළයුතුනැත, නමුත් ඔබ ස්වාමින්වහන්සේට සම්පූර්ණයෙන්ම අවංක විය යුතුය).

©Zac Poonen –

[email protected]

Paste your document here