WFTW Body: 

ක්‍රියා 27:23 හි "මා අයිති වු සහ මම සේවය කරන දෙවියන්වහන්සේ" යැයි පාවුල් තුමා පවසයි. ඔහුගේ දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ වහලෙක්ව ඔහු සිටියේය. ඔහු තමාගේ ජිවිතේට කිසිම අයිතියක් තබා ගත්තේ නැත. තම ස්වාමියාට සෑම දෙයක්ම ඔහු දි තිබුනේය.   

දෙවියන්වහන්සේට සම්පුර්ණයෙන්ම අපි අයිතිය යන කාරණය පළමුකොටම හඳූනා ගැනිම අපේ කැපවීමට සුදූසුවූ එකම පදනමවේ. උන්වහන්සේ අපට කළ යහපත් දේ නිසා දෙවියන්වහන්සේට කළගූණ සැලකීමක් ලෙස අපේම ජිවිත උන්වහන්සේට ප්‍රධානයකිරීම යහපත් වූවත් එය ක්‍රිස්තියානි කැපවීම උදෙසා සත්‍යවූ පදනම නොවේය. ස්වාමින් උදෙසා අපේ සේවයට පෙළඹවීම  ක්‍රිස්තුවහන්සේ උදෙසා ඇති ප්‍රේමය වියහැකිය. එනමුත් අපේ ජීවිත දෙවියන්වහන්සේට කැප කළ යුතු පදනම විය යූත්තේ උන්වහන්සේ කුරුසියේදී අපව මිළදී ගත්තේය යන සත්‍යය පදනම් කරගෙන පමණක්ම විය යුතුය. එම නිසා අපට  අපි ගැනම අයිතියක් නැතුවා සේම දැන් අපි දෙවියන් වහන්සේ සතු වස්තුවකි. වහලූන් පුරාණ කාලයේ තම ස්වාමියන්ට සේවය කළේ, ඔවුන් ඔවුන්ගේ ස්වාමියන්ට ප්‍රේම කරනවාය යන මුලික හේතුව මත නොවන නමුත් ඔවුන් ඔවුන්ගේ ස්වාමින් සතු වස්තුවක් හෙයින්ය!  

එම නිසා, මනුෂ්‍යයෙක් තමාගේ මුළු ජීවිතයම දෙවියන්වන්සේට දෙනවිට, ඔහු දෙවියන්වහන්සේට මහත් උපකාරයක් කරන්නේ නැත. ඔහු දෙවියන් වහන්සේගෙන් සොරකම් කරගත් දෙයක් පමණක් නැවත උන්වහන්සේට දෙයි. මම මනුෂ්‍යයෙකුගෙන් මුදල් සොරකම් කළාට පසු, එය වරදක් ලෙස මම බාරගෙන, ඒ මුදල් නැවත ඔහුට දූන්නොත්, ඒකාන්තයෙන්ම ඒ මනුෂ්‍යාට එය මම කරන උපකාරයක් නොවෙයි. මම ඔහු වෙතට යන්නේ පසුතැවිලි වු සොරෙකු ලෙසය. අපගේ ජීවිත දෙවියන්වහන්සේ උදෙසා දීම සඳහා  උන්වහන්සේ වෙතට අපි ළඟා වෙනවිට අපට තිබිය යුතු එකම සුදූසු ආකල්පයද මෙය පමර්‍ණ. දෙවියන්වහ්සේ අපව මිළදි ගෙන ඇතිබව අපි හඳූනාගන්නේ නම් කැපවිමේ සුදූසුවූ එකම පදනමට අපි ළඟා වී ඇත.

පාවුල් තුමා දෙවියන්වහන්සේගේ ප්‍රේමවන්ත-වහලෙක්ය. හෙබ්‍රෙව් වහලෙක් මෙන් තම සේවයේ සත්වෙනි වසරේදී නිදහස්ව යාහැකි නමුත් තමන්ගේම ස්වාමියාට ඇති ප්‍රේමය නිසා සේවය දිගටම කරගෙන යාමට කැමති වුනාසේම (නික්මයාම 21:1-6), පාවුල් තුමාද ස්වාමින්වහන්සේට සේවය කළේය. ඔහු වැටුපට වැඩ කරන කුලියට ගත් සේවකයෙක් නොවන නමුත් තමා ගැන තමාටම අයිතියක් නැතිව සේවය කළ කෙනෙක්ය. ප්‍රේමනීය වහලෙකුගේ සේවය පහත දැක්වෙන කවියේ අලංකාර ලෙස කෙනෙක් ගොනුකර තිබුර්‍ණ

  "මම එනමුත් වහලෙක්මි.  මටම කියා නිදහසක් මට නැත."  මගේ කැමැත්ත පරිදි - කුඩාම දෙයක තේරිමක්වත් මට කළනොහැක. මගේ ස්වාමියාගේ ඉල්ලීම් ඉටු කරමින් සිටිමි.  රාත්‍රියේ හෝ දහවලේ මට කථා කිරිමට ඔහුට හැකිය. මම සේවකයෙකු වූයේ නම් වැටුපක්වත් ඉල්ලන්න තිබුනා -  කොයිහැටි වුවත්, සමහරවිට නිදහස මට ඇතත්, එනමුත් මාව මිළදි ගෙන ඇත - මාගේ ස්වාමියා මා වෙනුවෙන් ගෙවු මිළය ලෙයයි, දැන් මම ඔහුගේ වහලෙක්මි- සදාකාලේටම එසේම වන්නෙමි. මාව ඔහු එතැනට ගෙන යයි, ඔහු මාව මෙතැනට ගෙනඑයි, කළයුතු දේ මට ඔහු පවසයි.  මම එකහෙලා කිිකරු වෙමි, එපමණයි- මමද උන්වහන්සේව විශ්වාස කරමි!

ප්‍රේමවන්ත වහලෙක් යන්නෙහි අදහස මෙයයි.

තම කැමැත්තට අනුව දෙවියන්වහන්සේට කළයුතු දේ ගැන කාර්යය බහුල නොවී -දෙවියන්වහන්සේගේ කැමැත්ත පරිදි තමන් කළ යුත්තේ කුමක් දැයි නිතරම උන්වහන්සේ දෙස බලමින්, එසේම උන්වහන්සේට බොහෝසෙයින් අවනත වන්නාවු අයව දෙවියන්වහන්සේ සොයන සේක. වහලෙක් තමුන්ට කැමති දේ කරමින් සෑමතැන නොයයි. නැත. වහලා තම ස්වාමියාගෙන් අසනුයේ, "ස්වාමිනි, මා කුමක් කරනවාට ඔබ කැමතිද ?" එසේම ඔහු පවසන දේ වහලා සිදූ කරයි. බයිබලයේ පවසන්නේ, "තම ස්වාමියා තමාට කිරීමට පවසන දේ පමණක් කිරීම සේවකයෙක් තුළ තිබිය යුතු වැදගත් දෙයකි." යන්නය.(1 කොරි 4-2 ඉංග්‍රිසි ජිවමාන බයිබලයේ අනුවාදයකි).

ස්වාමින්වහන්සේ සොයන ආකාරයේ මනුෂ්‍යයෙකු ගැන කෙනෙක් ඉතා අලංකාර ලෙස මෙසේ ඉදිරිපත් කොට ඇත.

කැඳවන මගේ හස්තය, මගේ දෙනෙත දෙස  රැඳී සිටිමින් බලන කෙනා මම සොයමි.  එසේම මා පවරන්නාවූ කාර්යයන් මගේ ප්‍රකාරයට කරන සහ  මම නොපවරන්නාවූ කාර්යයන්  මග හැරයන කෙනා මම සොයමි.  මෙවැනි කෙනෙක් මට සොයාගැනිමට හැකි වු විට,  අහෝ කොපමණ ප්‍රිතියක් මට එය ගෙනදෙයිද,  මගේ සියළුම කැමැත්ත කරන මනුෂ්‍යයා  තමාගේ ස්වාමියාගේ සිත අධ්‍යයනය කරනේය.

"මම මනුෂ්‍යයෙක් සෙව්වෙමි"යි වරක් ස්වාමින්වහන්සේ පැවසු සේක,  "නමුත් මට කිසිවෙක් සම්බ නුණේය" (එසකියෙල් 22:30). අද උන්වහන්සේ ප්‍රේමයේ වහලූන් සොයන සේක. නමුත් ඉතා ස්වල්ප දෙනෙකු උන්වහන්සේට සම්බවේ.

   මම වහලෙක්මි!