WFTW Body: 

සභා ඉතිහාසය තුළ අප මහත්වූ පාඩමක් දකින්නෙමු. දෙවියන්වහන්සේට තම ජනතාව උදෙසා යමක් කිරීමට අවශ්‍ය සෑම විටම උන්වහන්සේ නිතරම එය මනුශ්‍යකු සමගින් ආරම්භ කරයි. ඉශ්‍රායල් වරුන්ව ගලවා ගැණීමට ප්‍රතම උන්වහන්සේට සුදුසු මනුශ්‍යකු සොයා ගැණීමට යුතුවිය. එම මනුශ්‍යයාව පුහුණු කිරීමට අවුරුදු 80 ක් ගතවිය - එසේම එය අධ්‍යාපනික පුණුවක් පමණක්ම නොවීය. මෝසෙස්ව ඊජිප්තුවේ හොඳම අධ්‍යාපන ආයතනවල පුහුණුවට ලක් කෙරුණි, නමුත් එය ඔහුව දෙවියන්වහන්සේගේ වැඩ සදහා සුදුසු කම් ලත්තෙකු නොකලේය. මෝසෙස් වචන සහ ක්‍රියා යන දෙකම තුළ බලවත්ව සිටි බව ස්තේපන් ක්‍රියා 7 තුළ පවසයි. වයස අවුරුදු 40 දී ඔහු ශක්තිමත් සහ ව්‍යක්ත දේශකයෙකු (කථාවේ දක්‍ෂ) විය. ඔහු මහත්වූ හමුදා නායකයෙකු වූවේය, ඉතා ධනවතෙකු වූ අතර ලෝකයේ ඉතාම දියුණු රටකට දියහැකි උසස්ම අධ්‍යාපනයකින් අධ්‍යාපනය ලත් අයෙකු විය - මන්ද ඒ කාලයේදී ඊජිප්තුව ලෝකයේ එකම සුපිරි බලවතා වූවේය. එහෙත් ඒ සියල්ල අවසානයේදී ඔහු දෙවියන්වහන්සේට සේවය කිරීමට නුසුදුස්සෙකු විය. දෙවියන්වහන්සේ ඔවුන්ව නිදහස් කරගැණීම සඳහා තමන්ව නැඟිටෙවූ බව ඉශ්‍රායෙල්වරුන් විසින් දැනගනු ඇතැයි මොසෙස් සිතූ බව ස්තේපන් පවසයි. නමුත් ඔවුන් ඔහුව තම නායකයා ලෙස හඳුනා නොගත්තෝය. දෙවියන්වහන්සේ ඔහු සඳහා සූදානම් කර තිබූ කාර්‍යයට ඔහුව සූදානම් කිරීමට ඔහුගේ සියළුම ලෞකික කීර්තිය සහ හැකියාවන් වලට නොහැකි විය.

අද දවසේ බොහෝ ක්‍රිස්තියාණීන් සිතන්නේ තමන් සතු බයිබල් දැණුම, සංගීත හැකියාවන් සහ බොහෝ මුදල් ඇති පමණින් තමන්ට දෙවියන්වහන්සේට සේවය කළ හැකි බවයි. නමුත් ඔවුන් වරදවාගෙන ඇත. ඔවුනට මෝසෙස්ගේ ජීවිතයෙන් පාඩමක් ඉගෙන ගතයුතුව ඇත: අවුරුදු 40 ක් පුරාවට ලෝකයට ඔහුට දීමට හැකිවූ හොදම දෙයට පවා ඔහුව දෙවියන්වහන්සේගේ සේවය උදෙසා සූදානම් කිරීමට නොහැකි විය.

රජ මාලිගයට වඩා වෙනස්මවූ වටපිටාවක, ඔහුව සන්නද්ධ කිරීම පිණිස, මෝසෙස්ව තවත් අවුරුදු 40 ට වනන්තරය තුළ රැගෙන යාමට දෙවියන්වහන්සේට සිදුවිය. ඔහුට තම මිනිස් ශක්තියෙන් කැඩීමට ලක්වන්නට සිදුවිය. එබැවින් දෙවියන්වහන්සේ ඔහුව බැටළුවන් බලාගන්නට සැලැස්වීමෙන් සහ ඔහුගේ මාමණ්ඩිය සමග ජීවත්වී අවුරුදු 40 ක දීර්ඝ කාලයක් ඔහුට සේවය කරවීම තුලින් එය සම්පූර්ණ කළසේක. අවුරුද්දකට පමණක් වූවත් තම මාමණ්ඩිය සමග ජීවත්වීම මිනිසෙකුට ඉතා ලජ්ජා සහගත වියහැක! ඉන්දියාවේ බොහෝ විවාහක ස්ත්‍රීන් තම දිවිය පුරාවට තම මාමණ්ඩියන් සමග ජීවත්වන බව මම දන්නවා. නමුත් මිනිසෙකුට තම භාර්‍යාවගේ පියා සමග ජීවත්වී වැඩ කරන්නටද සිදුවීම ඉතා වෙනස් දෙයකි. එය මනුශ්‍යයෙකුට ඉතා යටහත් අත්දැකීමක් වන්නට පුළුවන. නමුත් දෙවියන්වහන්සේ මෝසෙස්ව කැඩුවේ ඒ අයුරිනි. දෙවියන්වහන්සේ යාකොබ්වද කැඩුවේ ඒ ආකාරයටමය. ඔහුටද තම මාමණ්ඩිය සමග අවුරුදු 20 ක් ජීවත් වන්නට සිදුවිය. දෙවියන්වහන්සේ තම දරුවන් කැඩීමට මාමාලා සහ නැන්දම්මලා යොදාගනී. ඊජිප්තුවේ සියළුම විශ්ව විද්‍යාල තුලින් මෝසෙස්ට ඉගැන්වීමට බැරිවූ දේ, ඔහු වනන්තරයේදී බැටළුවන් බලාගනිමින්, තම මාමණ්ඩියට සේවය කරමින් ඉගෙන ගත්තේය. අවුරුදු 40 ට පසු, මෝසෙස් බොහෝ සෙයින් කැඩීසිටි අතර වරක් තමන් බොහෝ ව්‍යක්තව සිටිමින් තමන්ට ඉශ්‍රායෙල් වරුන්ව නිදහස් කරගත හැකියැයි සිතූ ඔහු, දැන් පවසන්නේ."ස්වාමිණී, මම නුසුදුස්සෙක්. මට සුදුසු ලෙස කතා කරන්නට බැහැ. කරුණාකර ඔබගේ ජනතාවට මඟ පෙන්වීමට වෙන කව්රු හරි යවනු මැනව" එවිටයි දෙවියන්වහන්සේ මෙසේ පැවසුවේ " දැන් නුඹ සූදානම්. මම දැන් නුඹව පාරාවෝ හමුවීමට යවන්නෙමි"( නික්මයාම 4: 10 – 17 ).

අප යාකොබ් හා මෝසෙස් ගෙන් ඉගෙන ගන්නා පාඩම කුමක්ද? ඒ මෙයයි: ඔබ සූදානම් යයි ඔබ සිතන විට, ඔබ සූදානම් නැත. ඔබට හැකියි, ඔබ ශක්තිමත්, ඔබට දැණුම තිබෙනවා, ඔබට කතා කරන්නට පුළුවන් සහ ගායනා කරන්නට පුළුවන් සහ සංගීත භාණ්ඩ වාදනය කරන්නට පුළුවන්, එසේම දෙවියන්වහන්සේ උදෙසා පුදුමාකාර දේ කරන්නට පුළුවන් යයි සිතන විට, දෙවියන්වහන්සේ පවසන්නේ, නුඹ නුසුදුසුයි, නුඹ කැඩෙන තුරු මට බලා ඉන්නට සිදුවේවි. "යාකොබ් සම්බන්ධයෙන් එයට අවුරුදු 20 ක් ගතවිය, මොසෙස් සම්බන්ධයෙන් එයට අවුරුදු 40 ක් ගතවිය, පේත්‍රැස් සම්බන්ධයෙන් එයට අවුරුදු 3 ක් ගතවිය,එසේම පාවුළු සම්බන්ධයෙන් අඩු තරමින් අවුරුදු 3 ක් ගතවිය. අප සම්බන්ධයෙන් එයට කොපමණ කල් ගතවේවිද? එය රඳා පවතින්නේ කොතරම් ඉක්මණින් අප දෙවියන්වහන්සේගේ බලවත් හස්තය යටතේ කීකරුවීම ඉගෙන ගන්නවාද යන්න මතයි. මෙහි අපට පණිවිඩයක් සහ අනතුරු ඇඟවීමක් ඇත. දෙවියන්වහන්සේට ඔබගේ ජීවිතය උදෙසා සැලැස්මක් තිබෙන්නට පුළුවන. නමුත් ඔබ කැඩෙන තුරු එය සම්පූර්‍ණ වන්නට යන්නේ නැත. ඔබ කෙරෙහි උන්වහන්සේ අවුරුදු 10 ක් තුල සැලසුම් කර ඇති දෙය සඳහා අවුරුදු 40 ක් ගතවිය හැක. එනිසා අපගේ මාවත හරහා උන්වහන්සේ එවන්නාවූ සිදුවීම් අදාලව දෙවියන්වහන්සේගේ බලවත් හස්තය යටතේ නිතරම ඉක්මණින් අපව යටත් කර ගැණීම හොඳය.

විලාප ගී 3:27 පවසන්නේ "තමාගේ බාල වයසේදී වියගහ දැරීම(තමාව යටත් කර කැඩීමට පත් වීම) මනුෂ්‍යයෙකුට යහපත" යනුවෙනි. ඔබ තරුණ වියේදීම ඔබව කැඩීමට දෙවියන්වහන්සේට ඉඩහරින්න. ඔබගේ දිවිය තුළ දෙවියන්වහන්සේ ඉඩහරින්නාවූ සිදුවීම් සමග සටන් නොකරන්න මන්ද එය දෙවියන්වහන්සේගේ සැලසුම් ප්‍රමාද කරනවා පමණි. ඔබගේ සියළුම බයිබලීය දැනුම්, සංගීත හැකියාවන් සහ මුදල් වලට, දෙවියන්වහන්සේගේ සේවය සඳහා ඔබව සන්නද්ධ කළ නොහැකිය. කැඩුනු බව අත්‍යාවශ්‍ය වේ. ඔබට සැබෑ සභාවවූ යෙරුසලම ගොඩනැඟීමට අවශ්‍ය නම් ඔබ කැඩීමට පත්විය යුතුය. දෙවියන්වහන්සේ විසින් ඔබව සිදුවීම් තුලින් සහ මිනිසුන් තුලින් යටහත් කළ යුතුමය. ඒ සිදුවීම් වලදී ඔබ කැරලි නොගසන්නේ නම් දෙවියන්වහන්සේට ඔබ තුළ ඉක්මන් කාර්‍යයක් කළ හැක.

නික්මයාම 17 අප කියවනු ලබනවා ජලය ගලන්නට පටන් ගත්තේ පර්‍වතයට තදින් පහර දුන්විට පමණක් බව. පර්‍වතය පහර නොකෑවේ නම්, ජලය නොගලනු ඇත. ස්ත්‍රියක් සුවඳ විලවුන් බඳුන යේසුස්වහන්සේ පාමුල බින්දාය, සුගන්දය නිවස පුරා පැතිරුනේ එවිට පමණි. බඳුන බිඳෙන තුරු කිසිවෙකු එහි සුවඳ ආග්‍රාහනය නොකලේය. යේසුස්වහන්සේ පාන් ගෙඩිය ආශිර්වාද කළ විට කිසිවක් සිදු නොවුණි. නමුත් උන්වහන්සේ එය කැඩූවිට, පන්දාහක් දෙනා පෝෂණය වුනි. මේ සියළු උදාහාරණ වල ඇති පණිවිඩය කුමක්ද? කැඩුණාවු බිඳුණාවූ තත්වය ආශිර්වාදයේ මාර්ගයයි. පරමාණුවක් බිඳෙන විට මොන තරම් බලයක් නිදහස් වන්නේද! එයට මුළු නගරයකට විදුලිය දිය හැක! සිතා බලන්න, කුඩා පරමානුවක් - ඔබට අන්වීක්‍ෂයකින් පවා නොපෙනෙන තරම් කුඩා පරමානුවක් බිඳෙන විට මොන තරම් බලයක් නිදහස් වන්නේ ද! ස්වභාව ධර්මයේ වගේම බයිබලය තුල පණිවිඩය නම් මෙයයි: දෙවියන්වහන්සේගේ බලය කැඩුනු බව තුළින් නිදහස් වේ. එම පණිවිඩය ඔබගේ ජීවිතය ග්‍රහණය කර ගනීවා.