කර්තෘ :   සැක් පූනන් වර්ග :   සභාව
WFTW Body: 

පේදුරු ඔහුගේ දෙවන ලිපියෙන් අපට මතක් කරණුයේ, සුභාරංචිය නම්, දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දිව්‍යමය බළයෙන්, දේව භක්තියෙන් යුත් දිවියකට අවශ්‍යය සියළු දේ මෙම පොළොවේදී අපට ලබාදී ඇති බවයි. (2 පේදුරු 1: 3-4) පේදුරුට මෙන්ම වටිනාකමින් යුත් ඇඳහිල්ලක් අපට ලැබී තිබේ නම් (2 පේදුරු 1: 1) දේව ස්වභාවයට පංඟුකාර වීමට ඔහුට ලැබුණු අණුග්‍රහයම අපටද ලැබෙන්නේය. එවිට ක්‍රිස්තුස් වහන්සේගේ ස්වාභාවය (චරිත ලක්‍ෂණ) - සදාචාර ගුණාංග පිළිබඳ විශිෂ්ඨත්වය (මනුෂ්‍යයාට ආත්මයක් දුන් බැවින්, දැන් දෙවියන් වහන්සේට ගණන් දිය යුත්තෙක්‍ය), දැනගැන්ම, ආත්ම දමනය, (ස්වයං පාලනය), දැඩි වීර්‍යයෙන් උත්සාහය (නොසැළෙන), දේවභක්තිය, සහෝදර ප්‍රේමය සහ ප්‍රේමය තව තවත් වර්ධනය වෙමින් අපගේම වන්නෝය. (2 පේදුරු 1: 5-11) අප ඵළගන්වමින්, අන්ධභාවයෙන් හා දුර නොදක්නාකමින් අපව නිදහස් කරන්නෙමුව (2 පේදුරු 1: 8-9). යේසුස් වහන්සේ තුළ පවතින්නාවූ සියල්ලෝම මහත් ලෙස ඵළ දරන්ණෝය (යොහාන් 15: 5). මේ ආකාරයට ක්‍රිස්තුස් වහන්සේගේ ගුණාංග අප තුළ වර්ධනය වෙමින් ප්‍රකාශ නොවන්නේ නම්, අප යේසුස් වහන්සේ තුළ නොපවතිණ බවත්, සැබෑ දේව අණුග්‍රහය තුළ ජිවත් නොවන බවත්, එය තුළින් පෙන්ණුම් කරයි.
තමන්වම යටහත් කරගන්නාවූ අය ජයග්‍රහණය සඳහා අණුග්‍රහය ලබනවා පමණක් නොව, අන් අය සමඟ ඒකත්වයක් වීම උදෙසාද අණුග්‍රහය ලබති. එය හරියට ස්වාමිපුරුෂයාට හා බිරිඳට "ජීවනයේ අණුග්‍රහයේ හවුල් උරුමක්කාරයන්" ලෙස අණුග්‍රහය ලබා ගත හැකි අයුරින්ම, ඇදහිළිවන්තයන්ටද ක්‍රිස්තු ශරීරය තුළ අනෙකුත් ඇදහිළිවන්තයින් සමඟ හවුල් උරුමක්කාරයින් වීම උදෙසා එම අණුග්‍රහය ලබාගත හැක. යේසුස් වහන්සේගේ මෙළොව ජිවිතයේ අන්තිම රාත්‍රියේදි යාච්ඤා කලේ උන්වහන්සේ හා පියාණන් වහන්සේ ඒකත්වයක් වන්නාක් මෙන් අපද ඒකත්වයක් වන ලෙසයි. (යොහාන් 17: 21, 23) එළෙසම උන්වහන්සේ මෙම ඒකත්වය අප විසින් මෙළොවදීම අත්දකින පිණිස යාච්ඤා කළ සේක (යොහාන් 17: 22). මෙය අවබෝධයේ එක්සත් කමක් නොව ආත්මය තුළ එක්සත්කමක් වේ. මක්නිසාද අපගේ ස්වභාවයේ පාපිෂ්ඨකම හා අපගේ මනසෙහි සීමාසහිතභාවය පාපයෙන් වෙළී ඇත. මේ පොළොවහි අප එකිනෙකා සමඟ සෑම කාරණයක් ගැණම "ඇසට ඇස" නොදකින්නට පුළුවන. නමුත් එයට අපගේ ආත්මික එක්සත්භාවය සමඟ කිසිඳු සම්බන්ධතාවයක් නැත. අපගේ හදවත් තුළ අපට තව දුරටත් එක්කෙනෙක්ව සිටිය හැක.

එක්සත්කමේ දුලභකමට හේතුව වන්නේ අපගේම කැමැත්ත කිරීමට ඇති අවශ්‍යතාවය මිස, අපගේ හිසෙහි (යේසුස් වහන්සේගේ) කැමැත්ත නොව. අපගේ දේව ධර්මය පිළිබඳ අවබෝධය (මතය) සමඟ එයට කිසිම සම්බන්ධතාවයක් නැත. එය රඳා පවතින එකම දෙය නම්, අප අපගේම කැමැත්ත එපා කර පියාණන්ගේ කැමැත්ත පමණක් කිරීමට කැමති වනවා ද යන්නය තුළයි.

යේසුස් වහන්සේ නිතරම උන්වහන්සේගේ පියාණන් වෙතින් ඇසුණු හඬට කීකරු විය. උන්වහන්සේගේ ආහාරය වූයේ, පියාණන් වහන්සේගේ කැමැත්තට කීකරුවීමය (යොහාන් 4: 34). යේසුස් වහන්සේ පියාණන් සමඟ ඒකත්වයෙන් විය. දෙවියන් වහන්සේගේ සැබෑ අණුග්‍රහය තුළින්, අපවද කැඳවා ඇත්තේ මෙම ඒකත්වය තුළටමය. යේසුස් වහන්සේ සෑමවිටම නපුර යහපත් කමින් පරාජය කළ සේක. නපුරට උන්වහන්සේ කෙරෙහි බළයක් නොතිබුණි, මක්නිසාද උන්වහන්සේ සෑමවිටම යහපත කිරීමෙහි මුල් බැස සිටි බැවිණි. "යහපත් කමින් නපුර පරාජය කරපල්ලා" (රෝම 12: 21) යන වචනයට අපද කීකරු වන්නේ නම් අප සමඟද එය එසේම වන්නේය. අන් අය අපව ද්වේශ කර, සදාචාර ගුණාංග පිළිබඳ අපට දෝෂාරෝපණ ගෙනෙන විට, ඔවුනට යහපත කිරීමෙන් ඔවුන්ගේ නපුර අපට පරාජය කළ හැක. දෙවියන් වහන්සේගේ සැබෑ අණුග්‍රහය ලබන කළ, මෙය අපට කළහැකි දෙයකි. එවිට යේසුස් වහන්සේ යාච්ඤා කළ ලෙස ලෝකයෙහි ඇති නපුරෙන් (යොහාන් 17: 16) අප ආරක්‍ෂා වන අතරම, එම මාර්ගය තුළ ගමන් කරණ අන් සියළු දෙනා සමඟ අප ඒකත්වයට පැමිනෙන්නෙමු.
යේසුස් වහන්සේ ගොඬනගණ සභාව අණුග්‍රහය ලද සභාවයි - දෙවියන් වහන්සේගේ සැබෑ අණුග්‍රහය - ක්‍රිස්තුස් වහන්සේ වන, හිස යටතේ එක්ව එක්සත්කම තුළ ගොඬනැඟීම පිණිස වේ. පාතාළයේ දොරටු පරාජය කර, උසස් ලෙස විජයග්‍රහණය ලබන්නේ එවැනි සභාවක් පමණය (මතෙව් 16 : 18).