WFTW Body: 

එපීස 4:13, අප ක්‍රමානුකූලව "පරිනත මනුශ්‍යයෙකු ලෙස, ක්‍රිස්තුස්වහන්සේගේ ස්‍වරූපයට" වර්ධනය වියයුතු බව පාවුළු තුමා පවසයි. අප ඉලක්කය විය යුත්තේ අප වර්ධනයවීම සහ අන් අයට එම සම්පූර්ණත්වයට පත්වීමට උපකාර කිරීමයි. අප ළදරුවන් මෙන් නොපැවතිය යුතුය. "තවද අපි තවත් මනුශ්‍යයන්ගේ වංචාවෙන්ද ප්‍රයෝගයෙන්ද රැවටිලි සහිත උපමාරුවෙන්ද හටගන්න සියළු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඈත මෑත විසිවෙමින් ගෙනයනු ලබන්නාවූ බාලයන් නොවන පිණිසත්”(එපීස 4:14).

දෙවියන්වහන්සේ අපව රැවටීමට හා බොරු ඉගැන්වීම්වලට නිරාවරණය වීමට ඉඩ සලසයි එවිට ආත්ම විමසීම තුල අපට වර්ධනය විය හැක. අපගේ ආත්ම විමසීමේ දැනගැන්ම වෙනත් අයුරකින් වර්ධනය නොවේ. බොහෝ රැවටිලිකරුවන් සහ ව්‍යාජ ප්‍රොපේතවරුන්ට කිතුනු ප්‍රජාව තුළ සැරිසැරීමට උන්වහන්සේ අවසරදී ඇත්තේ එනිසයි. මෙලෙස අපට ආත්මය හරි කෙනාගෙන් ආත්මය වැරදි කෙනා විමසා බැලීමට හැකිවනු ඇත. අපට අන් අය විනිෂ්‍චය කිරීමට අවශ්‍ය නැත. නමුත් අප විමසා බැලිය යුතුය. එවිට අපගේ ආත්ම විමසීම අභ්‍යාසයේ(පුහුනුවේ) යෙදෙනු ඇත.

එපීස 4:15, තුල අපව " වර්ධනය උදෙසා ප්‍රේමයෙන් යුක්තව සතය කථා කරන ලෙසට " උනන්දු කරවයි. එතැනදී සත්‍ය සහ ප්‍රේමය අතර සමබරතාවය ගැන සැලකිලිමත් වන්න. අප සත්‍ය කථා කළ යුතුද? ඔව්. සැමවිටම. නමුත් එය අපට කැමති අයුරින් කථා කිරීමට අවසර තිබේද? නැත. අප සත්‍ය ප්‍රේමයෙන් යුතුව කථා කල යුතුමය. ඔබට සත්‍ය ප්‍රේමයෙන් යුතුව කථා කිරීමට නොහැකි නම්, ඔබ එවිට ඔවුනට සත්‍ය කථා කිරීම සඳහා මිනිසුන් කෙරෙහි ප්‍රමානවත් ප්‍රේමයක් ඔබට ඇතිවන තෙක් ඉවසිය යුතුය. ඔබට සත්‍ය නම් පෑන පාවිච්චි කල හැක්කේ ප්‍රේමය නම් පුවරුව මතයි. ඔබ පුවරුවක් නොමැතිව සත්‍ය ලිවීමට උත්සහ කරන්නේ නම්, ඔබ හිස් අවකාශයේ ලියනු ලබයි. ඔබ ලියන්නේ කුමක්දැයි කිසිවෙකුට අවබෝධ කර ගැනීමට නොහැක. දේශනා කූඩුව මත හෝ පෞද්ගලික සංවාද තුල සැමවිටම ප්‍රේමයෙන් යුතුව සත්‍ය කථා කිරීමෙන් අපට " උන්වහන්සේ එනම් හිසව සිටින ක්‍රිස්තුස්වහන්සේ උදෙසා සියලු දේවලදී වර්ධනය විය හැක".

එපීස 4:16 "උන්වහන්සේගෙන් මුළු ශරීරය එකට සන්ධි කරනු ලැබ සවිවී, එක එක කොට්ටාසයේ ප්‍රමාණයේ ක්‍රියා කිරීමේ හැටියට සහකාරවූ එක එක සන්ධිය කරණකොටගෙන ප්‍රේමයෙන් වර්ධනය වන ලෙස ශරීරය වැඩෙන්නේය"යි එතුමා කථා කරයි. මෙහිදී සන්ධි ලෙස කථා කරන්නේ සහභාගිත්‍වය ගැනයි. එක අතක පමණක් කොතරම් සන්ධි තිබෙනවාදැයි සලකා බලන්න. උරහිසේ එක් සන්ධියක් ඇත, තවත් එකක් වැලිමිටේද, මැනික් කටුව ලඟ එකක්, සහ සෑම එක් ඇඟිල්ලකම තුනක් ලෙස - අඩු තරමින් 17 ක්. ඔබගේ අත නිදහසේ ක්‍රියා කරවන්නේ සන්ධීන්ය. ඔබට ශක්තිමත් ඉහල අතක් සහ ශක්තිමත් පහල අතක් තිබෙයි නමුත් ඔබගේ වැලිමිට නොනැමෙයි නම් එම අතින් ඔබ කුමක් කරන්නේද? කිසිවක් නැත. ඔබගේ අත ප්‍රයෝජනවත් බවට කරවන්නේ ශක්තිය පමණක් නොවේ. එය ක්‍රියාකාරී සන්ධීන් නිසාද වේ. දැන් ක්‍රිස්තු ශරීරය උදෙසාද මෙහි ආදේශවීම සලකා බලන්න. මෙහි හොඳ සහෝදරයෙක් සිටී, ශක්තිමත් ඉහල අත. එසේම තවත් හොඳ සහෝදරයෙක් සිටී, ශක්තිමත් පහළ අත. නමුත් ඔවුනට එකිනෙකා සමඟ එකට සහභාගිත්වය කළ නොහැක. අද දවසේ ක්‍රිස්තු ශරීරය තුළ ඛේදවාචකය එයයි. මනුශ්‍ය ශරීරය තුළ මෙය ආත්‍රයිටීස්(සන්ධි ඉදිමීමේ රෝගය) ලෙස හඳුන්වන අතර එය ඉතා වේදනාත්මකය. බොහෝ දේශීය සභාවන් තුළ ආත්‍රයිටීස් ඇත. අපගේ සන්ධි හොඳින් ක්‍රියා කරන විට, එහි ශබිදයක් නොමැත. නමුත් ශරීරයේ ආත්‍රයිටීස් ඇතිවිට එය කිරිකිරි ගායි සහ සෑම අවස්ථාවේදීම නරක ශබ්දයක් නිකුත් කරයි. සමහර ඇදහිලිවන්තයන් අතර "සහභාගිත්වය" ලෙස හඳුන්වන්නේ හරියටම මෙයයි. එය කිරිකිරි ගායි. නමුත් සන්ධි හොදින් ක්‍රියා කරනවිට, කිසිවිට එහිදී ශබ්ද නොමැත. එකිනෙකා සමඟ අපගේ සහභාගිත්‍වය ඒ ආකාර විය යුතුමය. ඔබ සම්බන්‍ධයෙන් එය ඒ ආකාර නොවන්නේ නම්, එවිට ඔබට ආත්‍රයිටීස් සඳහා බෙහෙත් ටිකක් ගත යුතුයි: "ඔබගේමවූ ජීවිතයට"මිය යන්න. එවිට ඔබ සුවපත්වේ එසේම අන් අය සමඟ ඔබගේ සහභාගිත්‍වය මහිමාන්විතවේ. ක්‍රිස්තු ශරීරය තුළ දෙවියන්වහන්සේගේ කැමැත්ත මෙයවේ.