WFTW Body: 

අවංක ඇදහිලිවන්තයන් අතර පවා මානව සබඳතාවල මතභේද වැළැක්විය නොහැකිය. කිතුනුවන් වශයෙන්, දුෂ්කර කාලවලදී අප කිසි විටෙකත් සලකා බැලිය යුතු නැති සමහර දේවල් ඇති බව අපි විශ්වාස කරන්නෙමු. නිදසුනක් වශයෙන්, අපි කලබල වූ විට, අපගේ විරුද්ධවාදියා මරා දැමීම ගැන අපි කිසි විටෙකත් නොසිතන්නෙමු. එය එසේ විය හැකි යැයි සිතීම පවා සිනහ උපදවන කරුණකි. එලෙසම, විවාහයේදී, අපගේ මතභේද නිරාකරණය කිරීමේදී දික්කසාදය විකල්පයක් ලෙස අපි සලකන්නේ නැත. විවාදයකදී මිතුරන් අතර මිනීමැරීමක් සිතාගත නොහැකි ලෙසම දික්කසාදය විවාහයේදී විවාහකයන් අතර සිතාගත නොහැකි විකල්පයක් විය යුතුය.

නොකළ යුතු දේ දැන ගැනීමට අමතරව, දුෂ්කර අවස්ථාවලදී කළ යුතු දේ දැන ගැනීම වැදගත් වේ. අපගේ ගැටුම් හිතකර, ප්‍රයෝජනවත් ආකාරයකින් විසඳා ගැනීමට කදිම ආධාරකයන් සෙවිය යුතුය.

මගේම විවාහයේදී, පහත කරුණු දෙක මතක තබා ගැනීම බෙහෙවින් උපකාරි වී ඇත:

ස්ව කැමැත්තට මැරෙන පළමු පුද්ගලයා මම විය යුතුය.

එක පාර්ශ්වයකට පමණක් 100% වරද පැටවෙන තත්ත්වයක් කිසිදා නැති තරම්ය. කිසියම් මතභේදයක් සඳහා වගකීමෙන් යම් කොටසක් දෙපාර්ශවයටම අයත් වේ. "ගෘහ ප්‍රධානියා" වශයෙන්, 99.9% ක්ම වරද තම බිරිඳ වෙත යැයි හැඟුනද, පළමුව තමාගේ කොටසට සමාව අයැදීමෙන් නායකත්වය ගැනීම පුරුෂයා විසින්ම භාර ගත යුතු යැයි මම විශ්වාස කරමි. (මෙම දැනෙන සමානුපාතය යථාර්ථය පිළිබිඹු කිරීම ඇදහිය නොහැකි තරම්ය)

මම ඉගෙන ගත් එක් දෙයක් නම් අන්‍යෝන්‍ය භාවය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සමාව නොගත යුතු බවයි. මගේ ඉලක්කය, මගේ බිරිඳව "පෙරළා මගෙන් සමාව අයැදීමට යොමු කිරීම" නොවිය යුතු අතර ඒ වෙනුවට මාගේ ඉලක්කය විය යුත්තේ මා අවංකව පාපොච්චාරණය කර මගේ වගකීම ඉටුකර ගැනීමයි. නිසැකවම, මගේ බිරිඳ සමාව ඉල්ලනවාට මම කැමති විය හැකිය, නමුත් එය මාංසික ආශාවකි. මගේ කැමැත්තට සහ මගේම ආශාවන් වලට මිය යාම මට අවශ්‍ය වන අතර, ඒ වෙනුවට ප්‍රශ්නයට තුඩු දී ඇති කාරණයේ මගේම අඩුපාඩු ගැන පමණක් වගකිව යුතු වීමට සහ සැලකිලිමත් වීමට උත්සාහ කිරීමයි.

වර්තමානයේ කිතුනු ලෝකයේ ස්වාමිපුරුෂයා "ආත්මික නායකයෙකු" වීම ගැන බොහෝ කතා බහට ලක් වේ. අලුත විවාහ වූ සහෝදරයන්ට මා බොහෝ විට පවසා ඇති පරිදි, ආත්මික නායකත්වය මූලික වශයෙන් සමන්විත වන්නේ සම්බන්ධතාවයේ තම කැමැත්තට මිය යන පළමු පුද්ගලයා වීමෙනි. මිනිසා ප්‍රධානියා වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව ක්‍රිස්තියානි ලෝකය පුරා පැතිරී ඇති සියලුම ආකාරයේ ලෞකික අදහස් තිබේ: ගෞරවය අණ කිරීම, කීකරු වීම, නිවසේ පාලකයා වීම යනාදිය. මේ සියල්ල වැරදි අදහස් වේ. සැබෑ ආත්මික නායකත්වය යනු කුමක්දැයි ඉගෙන ගැනීමට නම්, අපගේ ආත්මික හිස ලෙස සහ උන්වහන්සේගේ සභාවේ ස්වාමිපුරුෂයා ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙස බැලිය යුතුය. අපගේම හිස දෙස බලන විට සහ උන් වහන්සේ තම සභාව ආත්මිකව ගෙන ගිය ආකාරය දකින විට, යේසුස් වහන්සේගේ ආත්මික නායකත්වය නිර්වචනය කරනු ලබන්නේ සෑම දිනකම උන්වහන්සේගේම කැමැත්ත ප්‍රතික්‍ෂේප කරමින්, තමාටම මැරෙමින්, තම පියාණන් දෙස බලා, ශුද්ධාත්මයාණන් වහන්සේ මත යැපෙමින්, උන් වහන්සේගේ කුරුසිය උසුලාගෙන, අපට පහලින් විත් ප්‍රේමයෙන් සේවය කළ අයුරුය. උන්වහන්සේ කිසි විටෙකත් ගෞරවය හෝ බලහත්කාරයෙන් කීකරුවීම ඉල්ලා සිටියේ නැත ඒ වෙනුවට පියාණන් වන දෙවියන් වහන්සේගේ කැමැත්තට නිහතමානීව යටත් වීම සහ කීකරු වීම පිළිබඳ ආදර්ශය තැබූ සේක.

නිවසේ සිටින මිනිසුන් වශයෙන් අප ද කළ යුත්තේ මෙයයි: අපගේ නායකත්වයේ ආත්මික ක්‍රියාව ලෙස දෙවියන් වහන්සේට නිහතමානීව යටත් වීමේ ආදර්ශය තබන්න.

මුලින්ම දෙවියන් වහන්සේ සමඟ මගේ සම්බන්ධතාවය නැවත ඇති කර ගැනීමට උත්සාහ කරන්න .

මගේම විවාහයේ ගැටුම්/ එකඟ නොවීම් නිරාකරණය කර ගැනීම ගැන සිතීමට මට උපකාර වූ එක් නිදර්ශනයක් වන්නේ පියානෝව වාදනය කරන දෑත් ය. මෙම දෑත් විවාහයකදී ස්වාමිපුරුෂයා සහ භාර්‍යාව සමඟ සැසඳිය හැකිය. වාදකයෙකුගේ දෑත් ලස්සනට වාදනය කරන විට ඒ ගැන සිතන්න. ඔවුන් සම්බන්ධීකරණය කරනු ලබන්නේ ඔවුන්ගේම උත්සාහයන් නිසාවත්, කැන්ගරු සාක්කුවේ එකට ගත කරන කාලයකින් නිසාවත්, යනාදි ලෙස නොව, ඔවුන් දෙදෙනාම වාදකයාගේ හිසට හොඳින් සම්බන්ධ වී ඇති බැවිනි.

විවාහයේදී, "එකමුතු සම්බන්ධතාවයකට එළැඹීම" යනාදිය සඳහා දිගු කතා කාලයන් රාශියක් ගත කිරීමට අවශ්‍ය බව මම සිතුවෙමි, එය ඇත්ත වශයෙන්ම "එකට වැඩි කාලයක් ගත කිරීම" පමණි; එය කිසි විටෙක අපව සුසර කළේ නැත! සමගිය වනාහි සම්බන්ධීකරණයේ සහ සන්නිවේදනයේ කාර්‍යයක් බව මම වැරදියට සිතුවෙමි, නමුත් වැඩි සම්බන්ධීකරණය සහ සන්නිවේදනය වැඩි එකමුතුවක් ඇති නොකරයි; බොහෝ විට, මගේම උත්සාහයන් නිසා වැඩි අසමගියක් ඇති විය.

අත් එකිනෙකට අනුකූලව වාදනය වන්නේ නොමැති බව මම දුටු විට, එහි අදහස නම් අත් දෙකෙන් එකක් වාදකයාගේ හිසෙන් විසන්ධි වී ඇති බවට වටහා ගත හැකි විය! විසන්ධි වීම අංශභාගය වන අතර, අත පණ නැති වූ පියානෝ වාදකයෙකු ලස්සනට වාදනය කරනු ඇතැයි අපට අපේක්‍ෂා කළ නොහැක. ඒ හා සමානව, විවාහයේදී, අපි අංශභාග රෝගීන් ලෙස එකට වැඩි කාලයක් ගත කිරීමට අවශ්‍ය නැත; අපගේ හිස සමඟ පරිපූර්ණ සම්බන්ධතාවයකට නැවත පැමිණීමට අප උත්සාහ කළ යුතුය!

මුලින්ම දෙවියන් වහන්සේව තනි තනිව සෙවීම, මගේම හදවත පරීක්‍ෂා කිරීම (සහ මගේ හදවත සෝදිසි කර එහි වරදක් තිබේදැයි හෙළි කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටීම), උන්වහන්සේ මට හෙළි කරන ඕනෑම දෙයක් නිවැරදි කිරීමට උනන්දුවෙන් අධිෂ්ඨාන කර ගැනීම, මගේ භූමික සම්බන්ධතාවය යථා තත්ත්වයට පත් කිරීම උදෙසා, විවිධ දෘෂ්ටිකෝණ සහ උපක්‍රම යෙදීමෙන් සාකච්ඡා කිරීමට වඩා, ඉතා කාර්‍යක්‍ෂම හා ඵලදායී මාර්ගයයි.

අප මෙය සිදු කර ඇති බැවින්, වැඩිදුර සාකච්ඡා අවශ්‍ය නොවන ලෙස අපගේ බොහෝ එකඟ නොවීම් සම්පූර්ණයෙන්ම මැකී ගොස් ඇත. අපි වැඩිදුර සංවාදයකට කැමති වූ විට, සෞඛ්‍යය සම්පන්නව ප්‍රතිෂ්ඨාපනය වූ සාමාජිකයන් මෙන් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන, නිරෝගී දෑත් ලෙස ලෙස අපට ඵලදායී ලෙස කටයුතු කළ හැකිය.

අපගේ සියලු මිනිස් සබඳතා (තිරස් කුළුන) දෙවියන් වහන්සේ සමඟ ඇති අපගේ සම්බන්ධතාවයේ සන්දර්භය තුළ (දිගු සිරස් කුළුන) විස්තර කිරීමට සහෝදර සැක් පූනන් කුරුසයේ පින්තූරය භාවිතා කර ඇති අතර, මෙම පින්තූරය විවාහයේදී නියත වශයෙන්ම සත්‍ය වේ: තිරස් භාවයට . කැඩුණු සිරස් භාවයක් සමග සමෘධිමත් විය නොහැක ; සහ සියළුම බිඳුණු තිරස් භාවයන් සියල්ලම පාහේ බිඳුණු සිරස් භාවයක් නිසාය.

අපගේ විවාහයන් සඳහා දෙවියන් වහන්සේගේ කැමැත්ත නම්, ඔවුන් අප කෙරෙහි ඇති උන් වහන්සේගේ මිදීමේ ප්‍රේමයේ අසිරිය විදහාපෙන්වීම, උන්වහන්සේ සමඟ පරිපූර්ණ එකමුතුකමට අපව සමාදාන කිරීමයි (එපීස 5:31-32). මෙම ආධාරකයන් අපගේ විවාහයන් දෙකඩ වීමට තර්ජනය කරන එකඟ නොවීම් තුළ උන්වහන්සේගේ ප්‍රේමය පිළිබිඹු කිරීමට අපට පුද්ගලිකව සෙවිය හැකි ක්‍රම කිහිපයකි.

©Zac Poonen – [email protected]