WFTW Body: 

“මා ගැන ඉවසන්න,” කියා පවසමින් දාසයා මොරගැසූවේ ඔහු තම සෙසු දාසයාගෙන් දයාව ඉල්ලා සිටින විටදීය (මතෙ. 18:29)‍. ගෘහණියන් සහ මව්වරුන් ලෙස අපට දිනපතා මුහුණ දිය යුතු වන බොහෝ දෙනෙකුගෙන් අපට ඇසෙන්නා වූ නිහඬ මොරගැසීම ද මෙයවේ. නමුත් එම මොරගැසීම අපට ඇසීමට නම් අපි අපගේ ආත්මය තුළ සංවේදී විය යුතුය - මන්ද එය අප්‍රකාශිත දෙයකි.

එය අපේ දරුවන්ට අපි නැවත නැවතත් කියා දෙන්නට උත්සාහ කරන දෙයක් ඉගෙන ගැනීමට ප්‍රමාද වීම නිසා ඔවුන් සමඟ නොඉවසිලිමත් වීමට අප දැඩි ලෙස පෙළඹීම විය හැකිය. "මාත් එක්ක ඉවසන්න, මම ඒක හරියට කරන්න උපරිම උත්සාහ කරනවා" යැයි පවසන්නාවූ ඔවුන්ගේ නිහඬ මොරගැසීම අපට ඇසෙන්නේ නම්, ඔවුන් සමඟ කෝප වීමට ඇති පෙළඹවීම ජය ගැනීමට අපට පහසු වනු ඇත.

සමහර විට නිවස තුලදී අපගේ වැඩවලට අපට උපකාර කරන සේවිකාව තරමක් අපරික්‍ෂාකාරී වන විටදී සහ අපට අවශ්‍ය තරම් පිරිසිදුව නොසිටින විටදී, ඇය කෙරෙහි දැඩි ලෙස හැසිරීමට අප පෙළඹේ. නමුත් ඇයගේ නිහඬ මොරගැසීම නම්, "මා සමඟ ඉවසන්න. මට තවත් අවස්ථාවක් දෙන්න, මම දියුණු වන්නෙමි" - එසේ අපට වඩාත් මෘදු වීමට තවත් අවස්ථාවක් ලබා දී ඇත.

එසේත් නැතිනම් අපේ වියපත් දෙමාපියන්, මහලු සහ ආබාධිත නිසා දැන් අපෙන් යැපෙන්නට පුළුවන. ඔවුන්ගේ දුර්වල, අප්‍රකාශිත මොරගැසීම ද "මා සමඟ ඉවසන්න, මට ඔබට කරදර කිරීමට අවශ්‍ය නැත, නමුත් මට දැන් ඔබේ උදව් අවශ්‍යයි" යන්නයි. අපි ඔවුන්ගේ හැඟීම්වලට සංවේදී නම්, අපි ඔවුන්ගේ හැඬීමේ හඬ අසා, ඔවුන්ගේ ගෞරවය අහිමි නොකර, ඔවුන්ගේ අප මත යැපීම ඔවුන්ට දැනෙන්නට ඉඩ නොදී ඔවුන්ට උදව් කරන්නෙමු.

සමහර විට සභාවේ අපේ සහෝදර සහෝදරියන්ගේ හැසිරීම අපට පරීක්ෂාවක් විය හැකිය. ඔවුන්ගේ අප්‍රකාශිත මොරගැසීම ද "මා සමඟ ඉවසන්න, මට තවමත් බොහෝ ප්‍රඥාව අඩුය." අපි වගේම ඔවුන්ද පරිපූර්ණත්වයට අරගල කරන බව එවිට අපට වැටහෙනු ඇත.

එවැනි අවස්ථාවලදී, අප සියලුදෙනාම අපගේ මාංසයේ එම අනුකම්පා විරහිත දාසයා මෙන් වීමේ නැඹුරුවාවක් දකින්නෙමු. එසේ වුවද, දෙවියන් වහන්සේ අපට කොපමණ සමාව දී ඇත්ද යන්නත්, අපගේම මෝඩකම් සමඟ අන් අය කෙතරම් ඉවසිලිවන්ත වී ඇත්ද යන්නත් අප නැවත සිහිපත් කරගත යුතු අවස්ථාවන් වේ.

එබැවින් අපගේ සෙසු වහලුන්ගෙන් - බාල සහ මහලු යන දෙඅංශයෙන්ම අප වෙත එන ඉවසීම සඳහා වන මොරගැසීමට සවන් දීමට අපගේ ආත්මීක කන් සෑම විටම සංවේදී කර ගත යුතුය.

නුමුත් නුඹලා කිසිවකින් අඩුව නොසිට සියලු ආකාරයෙන්ම සම්පූර්ණව සිටින පිණිස ඉවසීමට එහි පරිපූර්ණ කාර්‍යය කිරීමට ඉඩ දෙන්න ! (යාකොබ් 1:4).