WFTW Body: 

අපේ මානූෂිකත්වයේ  දූෂ්කරතා අපගේ සහකාර ඇදහිලිවතුන්ට අවංකව ඒත්තු ගැන්වීමෙන් ඔවුන්ව දිරිගැන්වීම නිතරම අපට කළහැක.

අපව කැඳවා ඇත්තේ ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිකරුවන් වීමටය. නමුත් අපේ සාක්ෂිය තුල, අපේ ජිවිත ගැන ව්‍යාජ වැටහිමක් අන්අයට දෙන්නේනම්, නිසැකවම අපි ව්‍යාජ සාක්ෂිකරුවන් වෙමු. ඇදහිලිවතුන්ගෙන් වැඩි සංබ්‍යාවක් මේ ඝනයට වැටී ඇත. ඔවුන් ලත් විශිෂ්ඨ ජයග්‍රහණයන් ගැන මහිමවත් ගනන්දීමක් අන්අයට දෙන නමුත් ඔවුන්ගේ දූෂ්කරතා සහ අසමත්විම් ගැන වචනයක්වත් කථා නොකරයි. දෙවියන් වහන්සෙගෙන් පිළිතුරු ලැබූ බොහෝ යාච්ඤා ගැන ඔවුන් සාක්ෂි දෙන නමුත්, ඔවුන්ගේ බොහෝ යාච්ඤා සඳහා උන්වහන්සේගේ පිළිතුර නැත කියා ලැබුණු ඒවා ගැන සඳහනක්වත් නොකරයි. ඔවුන් කඳූමුදූන් වල අත්දැකිම් සවිස්තරව පෙන්වාදෙන නමුත් මෙම කඳූ මුදූන් අතර පිහිටි දිර්ඝ මිටියාවත් ගැන වචනයක්වත් සඳහන් නොකරයි. ක්‍රිස්තියානි ජිවිතය පිළිබඳ අතාත්වික චිත්ත්‍රයක්  ගෙන දෙන ඔවුන් ව්‍යාජ සාක්ෂිකරුවන්ය.

අන් කිතුණුවන්ගේ එවැනි බොහෝ සාක්ෂීන්, තරුණ කිතුණුවෙක් ලෙස ඇසීමෙන්, දෙවියන් වහන්සේට ප්‍ර්‍රසන්නව ජීවිත්වීමට ගත් ජීවිත අරගලය මට මතකය. භය සහ විසඳූම් නොමැති ගැටළු තිබුන බවත් එසේම පිළිතුරු නොලත් යාච්ඤා හෝ සමහර බයිබලයේ දේවල් ඔවුන්ටද ප්‍රහේළිකාවක්ව තිබුන බවත් දේශනා කුඩුවේ සිට හෝ පෞද්ගලික කථාබහේදීවත් මට ඔවුන් එක්කෙනෙක්වත් පැවසුවේ නැත. එමනිසාම එවැනි ගැටළු සහ ප්‍රශ්න මට විශේෂිත වු බව මම සැලකුවෙමි. ඔවුන්ගේ සියළුම සාක්ෂීන් මාව අධෛර්යයට පත්කිරිම එහි ප්‍රතිඑලය විය. තවදූරටත් ස්වාමින්වහන්සේගෙන් මාව ඈත්වීමටද හේතුව​ විය.

එවිට බලවත් අපොස්තලූවරයෙක් වු පාවුල්තුමාද නිතර වියවුල් වු  සැටි බයිබලය තුලින් මම කියෙව්වෙමි. එනම් බලාපොරොත්තුවක් නැතුව ඔහු සිටි ආකාරය, සමහර යාච්ඤා වලට ඔහුට පිළිතුරු නොලැබිම, ඔහු යාච්ඤා කල සමහර රෝගින් සුව නොවූ ආකාරය සහ ඔහු තුල භයපවා කෙසේ තිබනාද එසේම ඔහූගේ සිත් වේදනා තුලදි සහකාර ඇදහිලිවතුන් සැනසු ආකාරය වැනිදේවල්ය (2 කොරි.4:8; 1:8; 12:8,9; 2 තිමෝති 20, 2කොරි. 7:5,6). පාවුල් තුමාගේ අවංකකම මාගේ ආත්මය එසවු හෙයින් මම ඉදිරියටම ධෛර්යය මත්ව ගියෙමි.

අන්අය ඔහුගැන වැරදි හැඟිමක් ඇතිකරගන්නවාට පාවුල්තුමා කවදත් කැමති වුයේ නැත (2 කොරි 12:6). එම නිසා, ඔහු දේව දූතයෙක් නොව මනුෂ්‍යයෙක් බව පැහැදිලි වචනයෙන් ඔවුන්ට පැවසීය. දන්නාවූ පාප සියල්ලෙන් ජයගෙන ඔහු ජිවත්විය, එය එසේ වු නමුත් මාංසය මුලින්ම උපුටා නොදැමු එසේම අතපසුවිම්ද වියහැකිවූ මනුෂ්‍යයෙක්ය. පාවුල් තුමාගේ ඉලක්කයවුයේ අන් අයට උපකාර කිරිම මිස ඔවුන්ව විස්මයට පත්කිරිම නොවේය. ඔහුගේ මානුෂිකත්වය පිළිබඳ අවංකකම තුලින්, බොහෝ දෙනෙක් ධෛර්යයමත් කිරිමේ උපකරණයක් බවට ඔහු පත්විය.

අපෙන් වැඩිදෙනෙක්ම අන්අයව විස්මයට පත්කිරීමට ඇති ආශාව නිසා තම දූෂ්කරතා සහ සිත් තැවුල් පිළිබඳව ඔවුන් සමඟ අවංක වීමට නාකැමැතිවෙමු. මෙයින් පෙන්නුම් කරනදෙයක්නම් දෙවියන්වහන්සේට ළංවී ඔවුන් ගමන්කිරීම සඳහා උදව්කිරීමට ඇත්තෙන්ම අපිට කැමැත්තක් නැති බවයි. අපි ඔවුන් ඉදිරියේ තැබු යථාර්තයක් නොවු සම්මත තුල ඔවුන් අධෛර්යයට පත්විම ගැන අපට සැලකිල්ලක් නැත. අපව ඉහල සැලකිල්ලට තබා තිඛෙන තුරු අපි බොහෝ සෙයින් සෑහිමකට පත්වී සිටිමු.  

අන්අය ධෛර්යයමත් කරන ශුද්ධආත්මයාණන්ගේ මාධ්‍යයක් විමට නම් අපි මිලක් ගෙවිය යුතුය. එනම් අවංකකමේ මිලයයි.