WFTW Body: 

යහපත් සමාරිථාණුවාගේ උපමාවේ, යම් අව්‍යශ්‍යථාවකින් පෙළෙන සහෝදරයෙකු දැක ඔහුට උපකාර කිරීමේ වැදගත්කම යේසුස් වහන්සේ ඉගැන්වූසේක (ලූක් 10: 25-37)

 

“අප ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය පිළිබිඹු කරන්නේ අපගේ දේව ධර්මයන් මගින් නොව, නමුත් ජීවන ගමනේදී අපට හමුවන අව්‍යශ්‍යථාවයෙන් පෙළෙණු සහෝදරයන් කෙරෙහි අපගේ ආකල්පයෙනි”.

සදාකාල ජීවනය උරුම කරගන්නේ කෙසේද යන්න ගැන බයිබල්-විශාරදයෙක් යේසුස් වහන්සේගෙන් ප්‍රශ්ණ කරන අයුරු එහි අපි දකින්නෙමු. යේසුස් වහන්සේ එයට පිළිතුරු දුන්නේ මුළු හදවතින්ම දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමෙන් සහ තමාට මෙන් තම අසල්වැසියාට ප්‍රේම කිරීමෙන් බවයි. නමුත් එම බයිබල් විශාරදයා (අද බොහෝ බයිබල් විශාරදයින් මෙන්), "ඔහුට සමහරක් මිනිසුන්ට ප්‍රේම කිරීමේ මඳකම සාධාරණීකරණය කිරීමට අවශ්‍ය වූ බැවින්" (ලූක් 10: 29 – ජීවමාන බයිබලයේ පරිවර්ථනයෙන්), 'අසල්වැසියා' යන වචනයෙන් සඳහන් කරන්නේ කාගැනදැයි යේසුස් වහන්සේගෙන් ඇසීය. යේසුස් වහන්සේ ඔහුගේ පැණයට උපමාවකින් පිළිතුරු දුන්සේක.

මංකොල්ළකරුවන්ගේ පහර කෑමට ලක්ව පාරක වැටී සිටි මිනිසෙකු ගැන යේසුස් වහන්සේ පැවසූසේක. පූජකයෙක් (දෙවියන් වහන්සේගේ ගෘහයේ වැඩිමහල්ළෙක්) ඔහුව දැක ඔහුව නොසළකා හැරියේය. ඒ දවස්වල ඉශ්‍රායෙල්හි සිටි සියල්ලෝම පැවත සිටියේ ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ්ගෙන් ය. එබැවින් අප ඇදහිළිවන්තයන් සේම ඔවුන් සියල්ලෝම සහෝදර සහෝදරියන් වූහ. ඉතින් පාරේ වැතිර සිටි මේ මිනිසා පූජකයාගේ සහෝදරයෙකි. නමුත් පූජකයා ඔහුව දුටු අතර ඔහුව නොසළකා හැරියේය. රාත්‍රියේ පාළු පාරක තනිව නොයා යුතු බව පවසමින් ඔහු ඔහුව විනිශ්චය කරන්නටද ඇත. සෙසු ඇදහිළිවන්තයෙකු දුක් විඳිනවා දකින විට, ඔහුට උපකාර කිරීමට උත්සාහ කරනවා වෙනුවට ඔහුව විනිශ්චය කිරීමට අපට කොතරම් ඉක්මන් විය හැකිද?

"මට බඩගිනි වූ නමුත් ඔබ මට කෑමට කිසිවක් දුන්නේ නැත, මට පිපාසය ඇති විය, ඔබ මට බොන්න කිසිවක් දුන්නේ නැතැයි ස්වාමීන් වහන්සේට දිනක මෙසේ අපට පවසන්නට සිදුවේවිද? මම නිර්වස්ත්‍රව සිටියෙමි, ඔබ කිසි දිනක මා පැළඳුවේ නැත. මම අසනීපයෙන් සිටියෙමි ඔබ මා බැලීමට පැමිණියේ නැත. ඔබ ඔහේ කරන්නම් වාලේ මට ගීතිකා ගායනා කළේය, මට දේශනා කළේය, නමුත් මාගේ අවශ්‍යථාවයට කවදාවත් මට උදව් කළේ නැත." එම පූජකයා අව්‍යශ්‍යථාවයෙන් පෙළෙණු තම සහෝදරයාට උපකාර කරනවාට වඩා යෙරුසලමේ රැස්වීමට නියමිත වේලාවට පැමිණීමට උනන්දු විය. නිතිපතා රැස්වීම්වලදී දේශනා කරන බොහෝ දෙනෙකුට පවා අවසානයේ නිරයට යා හැකි බව යේසුස් වහන්සේ අපට අනතුරු අඟවා ඇත (මතෙව් 7: 22,23).

එවිට, ලෙවී වරයෙක් (දේව ගෘහයේ සහෝදරයෙක්) ද ඒ අසලින් ගිය අතර, ඔහු ද තම අව්‍යශ්‍යථාවයෙන් පෙළෙණු සහෝදරයාව නොසළකා හැරියේය. ඔහු ද පරීක්ෂණය අසමත් විය. ඔහුටද නියමිත වේලාවට රැස්වීමට යාමට අවශ්‍ය විය. මෙම මිනිසුන් දෙදෙනාට දෙවියන් වහන්සේ ඔවුන්ට කථා කරණු ඇසීමට රැස්වීමට යාමට අවශ්‍ය විය. නමුත් රැස්වීමට යන අතරමඟදී අව්‍යශ්‍යථාවයෙන් පෙළෙණු සහෝදරයෙකුට උපකාර කිරීමට දෙවියන් වහන්සේ ඔවුන්ට දැනටමත් කථා කර ඇති බව ඔවුන් දැන සිටියේ නැත. එහෙත් ස්වාමින් වහන්සේ කියන දේ අසන්නට තරම් ඔවුන්ට කණ් තිබුණේ නැත. එමනිසා, එදින උදෑසන ඔවුන්ගේ ගීතිකා සහ යාච්ඤාවන් සියල්ල දෙවියන් වහන්සේට වටිනාකමක් නොවුණි. දේවභක්තික මිනිසුන්ගේ දුක් වේදනා බොහෝ විට, ඔවුන් දුක් විඳින බව දකින අයගේ හදවත් පරීක්ෂා කිරීම පිණිස දෙවියන් වහන්සේ භාවිතා කරන සේක. යෝබ්ගේ කථාව සළකා බලන්න. යෝබ්ගේ දුක් වේදනා තුළින් දෙවියන් වහන්සේ ඔහුගේ මිතුරන් තිදෙනාගේ හදවත් පරීක්ෂා කළසේක. ඔවුන් තිදෙනාමද පරීක්ෂණය අසමත් වූවෝය.

යේසුස් වහන්සේගේ කථාවේ එම පූජකයා සහ ලෙවීවරයා තුළ අප අපවම දකිනවාද? එසේ නම්, අපි පසුතැවිලි වී ඉදිරි දිනවලදී රැඩිකල් ලෙස සම්පූර්ණයෙන්ම වෙනස් වීමට උත්සාහ කරමු. පූජකයා සහ ලෙවීවරුන් පැරණි-ගිවිසුමේ මිනිසුන් විය. නමුත් අපි නව ගිවිසුමේ කිතුණුවන් ලෙස වැඩි උසකට නැඟී ඇති බව කියා සිටිමු. එසේ නම්, අපව කැඳවණු ලබන්නේ යේසුස් වහන්සේම නියෝජනය කිරීමටය. ඒ වගේම අපි උන්වහන්සේව නිසිලෙස නියෝජනය කරන්නේද කියා අපෙන්ම ඇසිය යුතුය.

අවසාන වශයෙන්, එම දුප්පත්, තුවාල වූ මිනිසාට උපකාර කළේ අවමන් සහගත සමාරිථාණුවරයෙක්ය (අද සංකේතවත් කරන්නේ, බොහෝ වැරදි ඉගැන්වීම් ඇති බැබිලෝනියානු නිකායකට අයත් සහෝදරයෙක්). ඒ සමාරිථාණුවරයා වැඩිමහල්ලෙක් හෝ දේශකයෙක් නොවුවේ ය. ඔහු ඔහුගේ ක්‍රියාවන් ගැන කිසිවෙකුට දැන ගැනීමට ඉඩ නොදී - අවශ්‍යථා ඇති ඕනෑම කෙනෙකුට උදව් කිරීමට සැමවිටම සූදානම්ව සිටින නිහඬ මිනිසුන්ගෙන් එක් අයෙක් පමණි. තුවාල වූ ඒ පුද්ගලයා දුටු විට තමාටද මෙවන් විපතක් සිදුවන්නට හැකියැයි ඔහුට වැටහුණි. එබැවින් ඔහු තමාවම ප්‍රතික්ෂේප කර, තම අව්‍යශ්‍යථාවයෙන් පෙළෙන සහෝදරයාට උපකාර කිරීමට තම කාලය සහ මුදල් වැය කළේය.

 

ස්වාමින් යේසුස් වහන්සේගේ සැබෑ ගෝලයෙකු වීමේ තේරුම මෙහිදී අපට පෙණේ. අප ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය පිළිබිඹු කරන්නේ අපගේ දේව ධර්මයන් මගින් නොව, නමුත් ජීවන ගමනේදී අපට හමුවන අව්‍යශ්‍යථාවයෙන් පෙළෙණු සහෝදරයන් කෙරෙහි අපගේ ආකල්පයෙනි. එයින් අදහස් කරන්නේ සෑම කෙනෙකුටම යහපත හා ප්‍රේමය හා දයාව දැක්වීමයි.

අපි සැමට මෙලෙස යන්නට ස්වාමින් වහන්සේ සැමවිටම උපකාර කරත්වා. ආමේන්.