WFTW Body: 

පාවුල් තුමා "මායාවක් නොවන ශුද්ධකම" ගැන කතා කරයි (එපීස 4:24 - J.B. පිලිප්ස් පරිවර්තනය). මෙය පැමිණෙන්නේ දේවධර්‍මය අවබෝධ කරගැනීමෙන් නොව යේසුස්වහන්සේම අප තුළින් උන්වහන්සේගේ ජීවිතය ජීවත්වීම තුළින්‍ ය. 1 තිමෝති 3:16 හි සඳහන් දේව භක්තියේ රහස නම් යේසුස් වහන්සේ අපගේ මාංසයෙන් පැමිණි බව ට ඇති දේවධර්‍මය නොවේ, නමුත් අපගේම මාංසයෙන් පැමිණි යේසුස් වහන්සේමය. කිසිම දේවධර්මයක් දෙස නොව යේසුස්වහන්සේ දෙසම බැලීමෙන් අප උන්වහන්සේගේ සමානත්වයට පරිවර්තනය වනු ඇත (2 කොරි. 3:18). මෙය ඔබේ ජීවිත කාලය පුරාම මතක තබා ගන්න.

"සභාව යනු රෝහලක් වැනිය,අසාධ්‍යම තත්ත්වයේ සිටින අයව සාදරයෙන් පිළිගනී. ඔවුන් සියල්ලන්වම සුව කළ හැකිය. කිසිවෙකුට තමා හෝ ඇය උපකාර ලැබිය නොහැකි තරම් කාලකණ්ණි යැයි හැඟිය යුතු නැත. "

සෑම දේව ධර්‍මයකටම ඔබව නොමඟ යැවිය හැකිය: (1) ඔබ ස්වාමින් වහන්සේ කෙරෙහිම ඔබේ ඇස් තබා නොගන්නේ නම්, (2) උන් වහන්සේට ප්‍රේම කරන සියල්ලන්ටම, ඔවුන් කුමන කණ්ඩායමක සිටියත්, ඔවුන් කුමන දේව ධාර්මීක මතයන් දැරුවත්, ඔබ ඔවුන්ට ප්‍රේම නොකරන්නේ නම්. යේසුස්වහන්සේම උන්වහන්සේගේ ශරීරය වන සභාවේ හිසව සිටින සේක. නමුත් යම් දේව ධර්ම මතවාදයක් හිස වන්නේ නම්, මිනිසුන් ඵරිසිවරුන් බවට පත්වනු ඇත - එවිට දේව ධර්‍මය පිරිසිදු වන තරමටම, මහත් ඵරිසිවරුන් උත්පාදනය කරනු ලැබේ! "වරක් එය ආශීර්වාදය විය, දැන් එය ස්වාමින් වහන්සේමය" යන ගීතිකාවේ වචන මතක තබා ගන්න.

සභාවක් ලෙස අප ඉදිරිපත් කරන ප්‍රතිරූපය යේසුස් වහන්සේ අපට පියාණන් වහන්සේව ඉදිරිපත් කළ රූපයට අනුකූල විය යුතුය - විශේෂයෙන්ම අපි යොහාන් 8: 1-12 හි දකින දේ, උන්වහන්සේ ආගමික පරිසිවරුන්ට එරෙහිව පසුතැවිලි වූ කාමමිථ්‍යාචාරිකාවගේ පැත්තේ සිටිසේක. යේසුස් වහන්සේ මිහිපිට මෙතෙක් දේශනා කර ඇති උසස්ම ශුද්ධකමේ ප්‍රමිතිය දේශනා කළ නමුත් උන්වහන්සේ නරකම පව්කාරයන් සමඟ එකට හැසුරුණ සේක (උදා: උත්ථාන වූ ස්වාමින් වහන්සේ දැකීමට ප්‍රථම වරප්‍රසාදය ලබා දුන් මරියා මග්දලේනා). උන් වහන්සේ කිසි විටෙකත් එවැනි පව්කාරයන්ව විවේචනය කළේවත් ඔවුන්ගේ අතීතය මතක් කළේවත් නැත. සභාවක් ලෙස අපගේ කැඳවීම මෙයයි - යේසුස් වහන්සේ දේශනා කළ ශුද්ධකමේ ප්‍රමිතියම දේශනා කිරීමටත්, නමුත් නරකම පව්කාරයන් සහ පසුගාමීන්ට උණුසුමක් වීමටත්, ඔවුන් යේසුස් වහන්සේ වෙතට ඇද ගැනීමටත් ය.

අපේ සභාව ඉතාමත් අසාධ්‍යථම රෝගීන් පිළිගන්නා රෝහලක් වැනිය. ඔවුන් සියල්ලන්වම සුව කළ හැකිය. කිසිවෙකුට තමා හෝ ඇය උපකාර ලැබිය නොහැකි තරම් කාලකණ්ණි යැයි හැඟිය යුතු නැත. සමහර සභාවන් පොහොසතුන් සහ ආත්ම තෘප්තියට පත් අය එකට මුණගැසෙන සමාජ ශාලා වැනිය. ඒත් අපිට අවශ්‍ය වන්නේ නරකම පව්කාරයන්ගේ රෝහලක් වන්නටය.

දෙවියන්වහන්සේගේ රාජ්‍යය සහ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සෑම විටම පළමුවෙන් සොයන්න. එවිට ඔබ කරන සෑම දෙයකින්ම ඔබ සමෘද්ධිමත් වන අතර දෙවියන් වහන්සේ බලවත් ශූරයෙකු මෙන් ඔබ වෙනුවෙන් ක්‍රියා කරනු ඇත (යෙරෙමියා 20:11). මෙය මම මගේ ජීවිත කාලය පුරාම අත්විඳ ඇති දෙයයි.

දෙවියන් වහන්සේගේ රාජ්‍යය සෙවීම මූලික වශයෙන් එවැන්ජලිස්ත සේවයට හෝ මිෂනාරි සේවයට යොමු නොවේ. එයින් අදහස් කරන්නේ දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයේ පාලකයා බවට පත් කිරීම, සෑම විටම දෙවියන් වහන්සේගේ අධිකාරිය යටතේ ජීවත් වීම සහ මුදල්, භූමික සැප සම්පත් සහ මිනිසාගේ ගෞරවයට වඩා උන්වහන්සේගේ ස්වර්ගීය වටිනාකම්වලට මුල් තැන දීමට ඉඩ දීමයි.

දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පළමුවෙන් සෙවීම යන්නෙන් අදහස් වන්නේ උන්වහන්සේගේ ස්වභාවය ඔබගේ අභ්‍යන්තර ජීවිතය තුළ සහ ඔබගේ බාහිර හැසිරීම් වල සෑම අංශයකින්ම ප්‍රකාශ වීමට ආශා කිරීමයි.

මෙම සත්‍යය ඔබගේ මුළු දිනයන්හිම ඔබ ග්‍රහණය කරගනිත්වා. එමෙන්ම ඔබට දරුවන් සිටින විට, ඔබ ඔබේ දරුවන්ටද මෙම සත්‍යය ඉගැන්විය යුතුය, එවිට ඔවුන්ටද ඔවුන්ගේ ජීවිතවල එම ප්‍රතිඵලය සොයාගත හැකිය. මේ අනුව, පරම්පරාවෙන් පරම්පරාවට ස්වාමින් වහන්සේ නැවත පැමිණෙන තෙක් මිහිපිට උන්වහන්සේට සාක්‍ෂිකරුවෙකු සිටිනු ඇත.

©Zac Poonen –

[email protected]