ස්වාමීන් වහන්සේ තම ගෝලයන් හට යාච්ඤා කිරීමට ඉගැන්වූ යාච්ඤාවේ පළමු ඉල්ලීම වන්නේ, "ඔබගේ නාමය මහිමයට පත් වේවා" යන්නයි. යේසු සමිඳුන්ගේ හදවතේ ඇති වූ මූලික ආශාව මෙයයි. උන්වහන්සේ "පියාණෙනි, ඔබගේ නාමය මහිමයට පත් කළ මැනව" යනුවෙන් යාච්ඤා කළ අතර, එය පියාණන් වහන්සේගේ මහිමය සඳහා වූ බැවින් කුරුසියේ මාර්ගය තෝරා ගත්සේක (යොහන් 12:27, 28). එක් උත්තරීතර ආශාවක් ස්වාමී වූ යේසුස් වහන්සේගේ ජීවිතය පාලනය කළේය - ඒ පියාණන්ගේ මහිමයයි.
උන් වහන්සේ කළ සියල්ල පියාණන් වහන්සේගේ මහිමය උදෙසා විය. උන්වහන්සේගේ ජීවිතයේ පූජනීය හා ලෞකික මැදිරි වෙන් වෙන්ව තිබුණේ නැත. සියල්ල පරිශුද්ධ විය. උන්වහන්සේ දේශනා කර දෙවියන්වහන්සේගේ මහිමය උදෙසා රෝගීන් සුවපත් කළ තරමටම දෙවියන්වහන්සේගේ මහිමය සඳහා පුටු සහ බංකු සෑදූසේකෙ. සෑම දිනක්ම උන් වහන්සේට එකසේ පූජනීය විය; එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සඳහා වියදම් කරන මුදල් දෙවියන්ගේ වැඩවලට හෝ දුප්පතුන්ට දෙන මුදල් මෙන් පූජනීය විය.
යේසුස් වහන්සේ පියාණන්ගේ මහිමය පමණක් සෙවූ නිසාත්, තම පියාණන්ගේ අනුමැතිය පමණක් සැලකූ නිසාත්, සෑම විටම පරිපූර්ණ හදවතින් ජීවත් වූ සේක. උන්වහන්සේ තම පියාණන්ගේ මුහුණ ඉදිරියෙහි ජීවත් වූ අතර මිනිසුන්ගේ ගෞරවය හෝ ප්‍රශංසාව ගැන තැකීමක් නොකළ සේක.
තමාගෙන්ම කතා කරන තැනැත්තා තමාගේම ගෞරවය සොයන්නේය කියා යේසුස් වහන්සේ පැවසු සේක (යොහන් 7:18).
ප්‍රාණික කිතුනුවා, දෙවියන් වහන්සේගේ මහිමය සොයන ලෙස පෙනී සිටියත් හෝ එසේ මවා පෑවත්, සැබවින්ම ඔහු, ගැඹුරින්, ඔහුගේම ගෞරවය ගැන උනන්දු වෙයි. අනෙක් අතට, යේසුස් වහන්සේ කිසි විටෙකත් තමන් වහන්සේටම කිසි ගෞරවයක් නොසෙව් සේක.
මිනිසාගේ බුද්ධියෙන් ආරම්භ වී මිනිසාගේ කුසලතාවයෙන් හා තලෙන්ත තුළින් ක්‍රියාත්මක වන දේ සෑම විටම අවසන් වන්නේ මිනිසා උත්කර්ෂයට නැංවීමෙනි. ප්‍රාණයෙන් ආරම්භ වන දෙය මැවිල්ල පමණක් මහිමයට පත් කරයි.
නමුත් සදාකාලික යුගවලදී කිසිම මිනිසෙකුට ගෞරවයක් හෝ මහිමයක් ගෙන දෙන කිසිවක් ස්වර්ගයේ හෝ පොළොවේ නොවනු ඇත.
කාලයෙන් බේරී සදාකාලික ද්වාරවලට ඇතුළු වන සෑම දෙයක්ම දෙවියන් වහන්සේගෙන්, දෙවියන් වහන්සේ හරහා සහ දෙවියන් වහන්සේ වෙත වූ දේ වනු ඇත.
දෙවියන් වහන්සේගේ සැලකීමේදී යම් ක්‍රියාවකට වටිනාකමක් හා යහගුණයක් ලබා දෙන්නේ, එම ක්‍රියාව පිටුපස ඇති චේතනාවයි
අපි කරන දේ වැදගත්, නමුත් අපි එය කරන්නේ ඇයි කියන එක ඊට වඩා වැදගත් වේ.
යේසුස් වහන්සේ තම පියාණන්ගේ සැලැස්ම ලබා ගන්නා තෙක් බලා සිටි ලෙසම, එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ බලය සඳහාද පියාණන් දෙසම බලා සිටි අතර, එලෙසින් උන්වහන්සේ තම පියාණන්ගේ සියලු කැමැත්ත දෙවියන් වහන්සේගේ බලයෙන් ඉටු කළ සේක. නමුත් එපමණක් නොවේ යේසුස් වහන්සේ තම පියාණන්ට මහිමය ලබා දීම සඳහා උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ජයග්‍රහණවලින් පසු පවා යාච්ඤාවට ගිය සේක. උන්වහන්සේ තම ශ්‍රමයේ ඵලය තම පියාණන්ට පූජාවක් ලෙස පූජා කළ සේක. උන්වහන්සේ තමාට ගෞරවය සෙව්වේවත්, එය ලබා දුන් විට එය ලබා ගත්තේවත් නැත (යොහන් 5:41; 8:50). උන්වහන්සේගේ කීර්තිය බොහෝ ඈතට පැතිර ගිය විට, උන්වහන්සේ තම පියාණන්ට මහිමය දීමට කඳුකරයට ඉවත්ව ගිය සේක(ලූක් 5:15, 16). ඒ මහිමයට කිසි දිනෙක තමන් අත නොතැබීමට උන්වහන්සේ අධිෂ්ඨාන කරගෙන සිටි සේක.
එවන් ආකල්පයක ප්‍රතිඵලයක් වූයේ, යේසුස්වහන්සේගේ මිහිපිට ජීවිතය අවසානයේදී, උන්වහන්සේට අවංකව මෙසේ පැවසීමට හැකි වීමයි,
පියාණෙනි, මම පොළොවෙහි ඔබ මහිමයට පත් කළෙමි (යොහන් 17:4).
උන්වහන්සේට පියාණන්ව මහිමයට පත් කිරීමට මනුශ්‍යයෙකු ලෙස පොළොවට පැමිණීමට සිදුවුණි. උන්වහන්සේ සෑම දිනකම ජීවත් වූයේ එය තම අරමුණ කරගෙනය. උන්වහන්සේට කුමන මිලයක් දැරීමට සිදු වුවද, පියාණන් වහන්සේ පමණක් මහිමයට පත් වන ලෙස උන්වහන්සේ ඉතා ඕනෑකමින් යාච්ඤා කළ සේක. උන්වහන්සේ අවසානයේ මිය ගියේ පියාණන් වහන්සේ ස්වර්ගයේ සිටියාක් මෙන් පොළොවෙහි ගෞරවයට හා ඔසවා තැබීමටත් මහිමයට පත් කිරීමටත් ය.
අප අපෙන්ම මෙසේ ඇසිය යුතුය.
මම ජීවත් වන්නේ දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා පමණක් ද ?
©Zac Poonen – [email protected]