WFTW Body: 

දේවත්‍වයේ සියළු සේවාවන් තුල වඩාත් අදෘශ්‍යමාන සේවය නම් ශුද්ධාත්මයාණන්ගේ සේවයයි. උන්වහන්සේ අදෘශ්‍යමාන ලෙස නිහඬව ධෛර්‍යමත් කරමින්, උපකාර කරන්නේ, අඩු තරමින් තමන්ව හඳුන්වාදීමක් හෝ උන්වහන්සේගේ සේවයට ගෞරවයක් ලැබීමේ අවශ්‍යථාවයක් නොමැති අයුරිනි. මිනිසුන් පියාණන්වහන්සේට සහ යේසුස්වහන්සේට ප්‍රශංසා කිරීම ගැන සහ එම තිරයෙන්ද පිටුපසින් සිටීමෙන්ද උන්වහන්සේ ඉතා සෑහීමට පත්වන සේක. මොන තරම් අලංකාර සේවයක්ද.

එසේනම් එවැනි ආත්මයකින් පිරී සිටීම යන්නෙහි අදහස කුමක්ද? එහි අර්ථය වන්නේම අප උන්වහන්සේ මෙන්ම වියයුතු බවයි - උන්වහන්සේගේ මෙන් සේවයක් ලැබීමෙන් සෑහීමට පත්වීමයි - නිශ්ශබ්ද, අදෘශ්‍යමාන, කිසිදු ගෞරවයක් නොලබන සහ අන් අය වෙතට ගෞරවය යෑමේදී සෑහීමට පත් වීය හැකිවූ. අප සැබෑ ලෙසම මෙම ආත්මයෙන් පිරී සිටින්නෙමුද?

අද දවසේ "ශුද්ධාත්මයෙන් පිරී සිටින්නේ යැයි" කියාපාන බොහෝ දෙනා කෙසේ හෝ ක්‍රිස්තියානි වේදිකාවල තම දීමනා භාවිතා කිරීම තුලින්, තමන්ව ප්‍රසිද්ධ කරගැණීමෙන් ප්‍රමුඛත්‍වය, සහ තමන්ට මුදල් ලබාගැණීමට බලාපොරොත්තුවේ. මේ සියල්ල ඕනෑ දෙයක් විය හැකියි නමුත් ශුද්ධාත්මයාණන් නොවේ. මේ සියල්ල ශුද්ධාත්මයාණන්ව අනුකරණය කරන වෙනත් ව්‍යාජ ආත්මයක් වේ, එසේම අපගේ කාර්‍යය විය යුත්තේ සභාව තුල එවැනි අනුකරණ සහ රැවටීම් නිරාවරණය කිරීමයි.

ශුද්ධාත්මයෙන් පිරී සිටීම හඳුනා ගැනීමේ සලකුණ කුමක්ද? යේසුස්වහන්සේ මෙය ක්‍රියා 1:8 ඉතා සුපැහැදිලි කළ සේක. එය බලය ලැබීමයි. ශුද්ධාත්මයෙන් පිරී සිටීන බවට සාක්‍ෂිය අන්භාශාව බවට උන්වහන්සේ එක වචනයක් පැවසුවේ නැත. අපෝස්තුළු වරුන්ද ඒ ගැණ වචනයක් සඳහන් නොකළෝය. ඔබ ඒ බලාපොරොත්තුවෙන් බලා සිටියාවූ ගෝලයින් වෙතට ගොස් අසා තිබුණා නම්, "ඔබ කොහොමද දැනගන්න යන්නේ ඔබ ශුද්ධාත්මයෙන් පිරීසිටින බව?" ඔවුන් කියන්නට ගියේ නැහැ ඔවුන් අන්භාශාවෙන් කථා කළයුතු බව. ඔවුන් කියන්නට ගියා ඔවුන් බලය ලබනවා යයි යේසුස්වහන්සේ පැවසූ බව. "මෙම බලය මට ලැබී ඇති බව මම දැනගන්නේ කොහොමද" යි ඔබ අසන්නට පුළුවන්. දෙවියන්වහන්සේ හරියටම අපගේ පාප කමා කල බව අපට සහතික කලාක් මෙන්ම අපට ඒ ගැන සහතික කරන්නට පුළුවන්. අපගේ පාප කමා කලබවට ශුද්ධාත්මයාණන් අපගේ ආත්මය සමග සාක්‍ෂි දරන්නාක් මෙන්ම අප බලයෙන් පිරී සිටින බවටද සාක්‍ෂි දරනු ඇත. මෙම වැදගත් කරුණු දෙක ගැන ඔබට සහතිකයක් දෙන ලෙසට දෙවියන්වහන්සේගෙන් ඉල්ලන්න. එනිසා ඔවුන් බලය උදෙසා බලා සිටියෝය. නමුත් ඔවුන් බලය ලබන විට නොදන්නා භාෂා(අන්භාෂා) කථා කිරීමේ දීමණාවද ලැබුවෝය.

සෑම ක්‍රිස්තියානි අයෙකුම බලය ලැබීම සැබවින්ම දෙවියන්වහන්සේගේ කැමැත්තයි. බලය ලැබීම යන්නෙන් ඔබ ගිනිවැනිවූ ඉවැන්ජලිස්ත වරයෙකු වියයුතු බව අදහස් වන්නේ නැත. ක්‍රිස්තු ශරීරයේ ඔබගේම සේවය සම්පූර්‍ණ කරන පිණිස ඔබ බලය ලබනු ඇත. මිනිස් ශරීරය සලකා බලන්න. අපගේ ශරීරයේ අවයවයක් වීම සඳහා, එම අවයවය තුලින් ලේ ගමන් කල යුතුමය. කෘතිම අතකට ශරීරයේ අවයවයක් වීමට නොහැක මක්නිසාද එම අවයවය තුලින් ලේ ගමන් කරන්නේ නැත. ඒ ආකාරයටම, ක්‍රිස්තුස්වහන්සේගේ ලේ වලින් සේදුනාවූ අයෙකුට පමණක් ක්‍රිස්තු ශරීරයේ අවයවයක් වීමට හැක. නමුත් අතක් තුලින් ලේ ගමන් කලත්, තවදුරටත් එය අකර්මන්‍යව පැවතිය හැකියි - එනිසා එය ප්‍රයෝජනවත් නොවන අවයවයක් වනු ඇත. අකර්මන්‍යභාවය සුවවූ විට, ඉන්පසු අත බලය ලැබූ විට එය දිවක් වන්නේද? නැත! එය බලවත් අතක් වනු ඇත. මේ ආකාරයෙන්ම, අකර්මන්‍යවූ දිවක් බලය ලැබූ විට එය අතක් බවට පත් නොවනු ඇත. එය බලවත්වූ දිවක් වන්නේය. එබැවින් දෙවියන්වහන්සේ ඔබව මවක් වීමට කැඳවා ඇත්නම් සහ ඔබ ශුද්ධාත්මයෙන් පිරෙන්නේ නම්, ඔබ ඉවැන්ජලිස්තවරියෙකු බවට පත් නොවේ; ඔබ බලවත් ආත්මයෙන් පිරුණු මවක් බවට පත්වේ.

එහි සිටි සෑම දෙනාගේම හිස මත පතිතවූ ගිනිදිව පෙන්වා දෙන්නේ අලුත් ගිවිසුම් යුගයේ දෙවියන්වහන්සේ විසින් පාවිච්චි කරන අපගේ ශරීරයේ වැදගත්ම කොටස දිව බවයි - ශුද්ධාත්මයාණන් විසින් සෑම වේලේම තම පුර්ණ පාලනය යටතේ ගිනි දැල්වූ දිවකි. මෙය එලෙසම අන්භාෂා දීමණාව ගැන සලකුනේ කොටසකි. ඔබ දේශකයෙක් නිසා පමණක් නොව, නමුත් මිනිසුන් සමග ඔබගේ සාමාන්‍ය සංවාදයේදීද ඔබගේ දිව අන් අයව ආශිර්වාද කිරීමට පාවිච්චි කිරීමට දෙවියන්වහන්සේට අවශ්‍යය. නමුත් මෙය උදෙසා, ඔබගේ කථාව දවසේ පැය 24 ම, සතියේ දින හතේම ශුද්ධාත්මයාණන් විසින් සම්පුර්‍ණ පාලනය කිරීමට ඉඩ හැරිය යුතුය.