WFTW Body: 

" විනිශ්චය " යන වචනය වැරදි ලෙස වටහා ගැනීම නිසා - අන් අයව විනිශ්චය කිරීම නිවැරදිද නැද්ද යන්න පිළිබඳව කිතුනුවන් අතර බොහෝ වැරදි වැටහීමක් ඇත -

ඇදහිලිවන්තයන් වශයෙන්, අප අන් අයව විනිශ්චය කළ යුත්තේ අප මිනිසුන්ව ආත්ම විමසීමෙන් දැන ගත යුතුය යන අභිප්‍රායෙනි. දෙවියන්වහන්සේගේ වචනය පවසන්නේ, යමෙකු දේශනා කරන විට අප සවන් දෙන විට, "ඔහුගේ පණිවිඩය විනිශ්චය කළ යුතුය" (1 කොරි. 14:29). එබැවින් සෑම කෙනෙකුගේම දේශනා කිරීම විනිශ්චය කිරීමට ශුද්ධාත්මයාණන් වහන්සේ අපට අණ කර සිටින සේක. අද ක්‍රිස්තියානි ලෝකයේ බොහෝ රැවටිලිකාර දේශකයන්ගෙන් නොරැවටී සිටිය හැකි එකම මාර්ගය එයයි.

දෙවියන් වහන්සේගේ වචනය ද පවසන්නේ, " ප්‍රේමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන්වහන්සේගෙන්දැයි පරීක්‍ෂා කර බලන්න (විනිශ්චය කරන්න) " කියාය (1 යොහන් 4:1).

අපි අන් අයව විනිශ්චය කළ යුත්තේ කෙසේද යන්නත් යේසුස්වහන්සේ ද අපට පැවසූ සේක. උන්වහන්සේ පැවසුවේ, " ඔබේ විනිශ්චයේදී අවංක වන්න , මතුපිටින් හා පෙනුමෙන් තීරණය නොකරන්න, නමුත් සාධාරණව හා ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන්න " කියාය (යොහන් 7:24).

එසේ නම්, " විනිශ්චය නොකරන්න " යනුවෙන්ද යේසුස් වහන්සේ පැවසූ විට දී (මතෙව්. 7:1 හි), උන්වහන්සේ අදහස් කළේ කුමක්ද?

" විනිශ්චය " යන වචනයේ තේරුම "හෙළාදැකීම"ද වේ (මුල් ග්‍රීක පිටපත් වල). මෙම පදයේ ඇම්ප්ලිෆයිඩ් බයිබල් පරිවර්තනය මෙසේ කියවේ: "ඔබවම හෙළා නොදකින පිණිස අන් අයව හෙළා නොදකින්න " (මතෙව්. 7: 1- විස්තාරණය).

තවද යේසුස් වහන්සේ තමන් ගැනම පැවසුවේ, "මම කිසිවෙකු හෙළා නොදකිමි හෝ දඬුවම් නොකරමි" (යොහන් 8:15 - ඇම්ප්ලිෆයිඩ් බයිබල් පරිවර්තනය).

එබැවින් අන් අයව (වාචිකව හෝ අපගේ මනසින්) හෙළා දැකීම සහ දඬුවමට පත්කිරීම තහනම් කර ඇත. එය කිරීමට අයිතිය තියෙන්නේ දෙවියන්වහන්සේට පමණි.

නමුත් අප විසින් ආත්ම විමසා පරීක්ෂා කර බැලිය යුතුය.

යේසුස් වහන්සේ ගැන අනාවැකි පවසා ඇත්තේ උන් වහන්සේ කිසිවිටෙක කිසිවෙක් "උන්වහන්සේගේ ඇසින් දුටු දෙයින් හෝ කනින් ඇසීමෙන් කිසිවෙක් විනිශ්චය නොකරනු ඇත, නමුත් මිනිසුන්ව ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරනු ඇත" කියාය (යෙසා. 11: 3, 4). අපි ද උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කළ යුතු අතර අප දකින හෝ අසන දෙයින් පමණක් කිසිවක් හෝ කිසිවෙකු විනිශ්චය නොකළ යුතුය. අපි කාරණයක් හොඳින් විමර්ශනය කර, පසුව අපක්‍ෂපාතීව ධාර්මිකව සාධාරණ ලෙස විනිශ්චය කළ යුතුයි.

දෙවියන්වහන්සේගේ පවුලේ සාමාජිකයන් වශයෙන්, අප ප්‍රථමයෙන් අපවම විනිශ්චය කළ යුතු බවද අපට පවසා ඇත (1 පේතෘස් 4:17). නමුත් අප අපවම විනිශ්චය කළ යුත්තේ අප තුළම බලා නොවේ. නැත. අපි යේසුස් වහන්සේගේ ආදර්ශය දෙස බලා උන් වහන්සේගේ ජීවිතයේ ආලෝකයෙන් අපගේම අඩුපාඩු දැකීමෙන් පසුව අපවම විනිශ්චය කළ යුතුය. ලියා ඇති පරිදි, "ස්වාමීනි, ඔබගේ ආලෝකයෙන් අපි ආලෝකය දකිමු" (ගීතා. 36:9).

දෙවියන් වහන්සේගේ ආලෝකයෙන් අපව විනිශ්චය කිරීම කිතුනු ජීවිතය තුළ අප ඉගෙන ගත යුතු වැදගත්ම පාඩම් වලින් එකකි. බොහෝ දෙනෙක් මෙය කිසි විටෙකත් ඉගෙන නොගන්නා අතර ඔවුන් කිසි විටෙකත් අධ්‍යාත්මික ප්‍රගතියක් නොලබයි.

මෙන්න පුදුම පොරොන්දුවක්, දැන් විශ්වාසවන්තව තමන්ව විනිශ්චය කරන අයව අවසාන දවසේදී දෙවියන් වහන්සේ විසින් විනිශ්චය නොකරනු ඇත: "අපි අපවම නිවැරදිව විනිශ්චය කරන්නේ නම්, අපව විනිශ්චය කරනු නොලැබේ " (1 කොරින්ති 11:31).

අපි අන් අයව විනිශ්චය නොකළත්, පාපයට එරෙහිව දැඩි ලෙස දේශනා කළ යුතුයි. කෝපය, කෙනෙකුගේ ඇස්වලින් ලිංගික ආශාවන් ඇති කරගැනීම, මුදලට ආදරය කිරීම, කනස්සල්ලට පත් වීම, බිය, නපුරු සිතුවිලි, බොරු කීම, මිනිසාගේ ගෞරවය සෙවීම, තම සතුරන්ට වෛර කිරීම වැනි විශේෂිත පාපවලට එරෙහිව යේසුස්වහන්සේ දැඩි ලෙස කතා කළසේක (මතෙව්. 5, 6 සහ 7). අන්තර්ජාලයේ අසභ්‍ය දර්ශන නැරඹීම වැනි නූතන පාපවලට එරෙහිව ද අප කතා කළ යුතුය - නමුත් මිනිසුන් හෙළා දැකීමකින් තොරව. යේසුස් වහන්සේ පැමිණියේ ලෝකය හෙළා දැකීමට නොව ලෝකය ගලවා ගැනීමටය (යොහන් 3:17). දෙවියන් වහන්සේ පමණක් සියලු මිනිසුන්ගේ විනිශ්චයකරු සහ නීතිදායකයා වේ (යාකොබ් 4:12).

©Zac Poonen – [email protected]