WFTW Body: 

දේව වචනය "ගැලවීම" කාලයන් තුනක් තුළ කථා කරනු ලබයි - අතීත( එපීස 2:8 ), වර්තමාන( පිලිප්පි.2:12 ) සහ අනාගත( රෝම 13:11 ) - හෝ තවත් ආකාරයකින්කිවහොත්, ධර්මිෂ්‍ඨ කිරීම, පවිත්‍ර කිරීම(ලෝකයෙන් සහ පාපයෙන් වෙන් කිරීම), සහ මහිමයට පත් කිරීමයි.

1. ධර්මිෂ්‍ඨ කිරීම :

ගැලවීමට අත්තිවාරමක් සහ මතුපිට ව්‍යුහයක් ඇත. අත්තිවාරම නම් පාප කමාව සහ ධර්මිෂ්‍ඨ කිරීමයි. ධර්මිෂ්‍ඨ කිරීම පාප කමාවට වඩා වැඩි දෙයකි. එය ක්‍රිස්තුස්වහන්සේගේ මරණය, උත්ථාන වීම සහ ස්වර්ගස්ත වීමේ පදනම මත දෙවියන්වහන්සේ ඉදිරියේ අපව ධර්මිෂ්‍ට කර ඇති බව ප්‍රකාශ කිරීමක්ද වේ. මෙය අපගේ ක්‍රියාවන්වල පදනම මත නොවේ( එපීස 2: 8,9 ), මක්නිසාද අපගේ ධර්මිෂ්‍ඨ ක්‍රියාවන් පවා දෙවියන්වහන්සේ ඉදිරියේ කිලිටි වස්ත්‍ර මෙන් වේ( Vයෙසායා 64:6 ). අපව ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්‍ඨ කමේ වස්ත්‍රයෙන් සරසා ඇත( ගලාති 3:27 ). පසුතැවීම සහ ඇදහිල්ල යනු කමා කිරීම සහ ධර්මිෂ්‍ඨ කර ඇති බවට කොන්දේසි වේ ( ක්‍රියා 20:21 ). සැබෑ පසුතැවීම අප තුළ නැවත පිහිටුවීමේ ඵළ ඇති කල යුතුය - අප සන්තකව වැරදි ආකාරයට තබාගෙන ඇති හිග මුදල්, බදු(අන් අයට අයිති) ආදිය නැවත ගෙවීම, සහ හැකිතාක් දුරට අප වැරදි කර ඇති අයගෙන් සමාව ඉල්ලීම( ශු,ලූක්19:8,9 ). දෙවියන්වහන්සේ අපට කමා කරන විට ඒ ආකාරයෙන්ම අප අන් අයට කමා කිරීමද උන්වහන්සේට අවශ්‍යය. අප එසේ කිරීමට අපොහොසත් වුවහොත් දෙවියන්වහන්සේද පවිකමාව නැවත ගනු ඇත( ශු,මතෙව් 18: 23-25 ). පසුතැවීම සහ ඇදහිල්ල සමගම ජලයේ ගිල්වීමේ බෞතිස්මය විය යුතුය, එහිදී අප ප්‍රසිද්ධියේ දෙවියන්වහන්සේට, මනුශ්‍යයන්ට සහ යක්‍ෂයින්ට අපගේ පරණ මිනිසා වැලලූ බවට සාක්‍ෂි දරන්නෙමු( රෝම 6:4,6 ). ඉන්පසු අප ක්‍රිස්තුස්වහන්සේ උදෙසා අපගේ ජීවිතයෙන් සහ තොල් වලින් සාක්‍ෂි කරුවන් වීම පිණිස බලයෙන් පුරවන ශුද්ධාත්ම බෞතිස්මය ලැබිය හැක( ක්‍රියා 1:8 ). ශුද්ධාත්මයාණන් තුළට බෞතිස්මය සියළුම දෙවියන්වහන්සේගේ දරුවන් විසින් ඇදහිල්ලෙන් ලබාගත යුතු පොරොන්දුවකි( ශු.මතෙව්.3:11,ශු,ලූක්11:13 ). තමන් දෙවියන්වහන්සේගේ දරුවෙකු ලෙසට ශුද්ධාත්මයාණන්ගේ සාක්‍ෂි දැරීම ලැබීම සෑම ගෝලයෙකුගේම වරප්‍රසාදයකි( රෝම, 8:16 ) සහ සැබවින්ම ඔහු ශුද්ධාත්මයාණන් ලබා ඇති බවට සහතික කර දැනගැන්මද වේ( ක්‍රියා 19:2 ).

2. පවිත්‍ර කිරීම (ලෝකයෙන් සහ පාපයෙන් වෙන් කිරීම):

පවිත්‍ර කිරීම ගොඩනැගිල්ලේ මතුපිට ව්‍යුහයයි. පවිත්‍ර කිරීම( "වෙන් කිරීම"යන්නෙහි අරුත පාපයෙන් සහ ලෝකයෙන් වෙන් කිරීම) යනු අලුත් උත්පාදනය සමඟ ඇතිවන ක්‍රියාවලියකි( 1 කොරි. 1:2 ) එමෙන්ම එය අපගේ දිවිය පුරාවට දිගටම පැවතිය යුතුය( 1 තෙස. 5:23,24 ). මෙය දෙවියන්වහන්සේ විසින් ශුද්ධාත්මයාණන් මගින් අප තුල කරන්නට මුල පුරන කාර්‍යයකි, අපගේ හදවතේ සහ සිතේ උන්වහන්සේගේ ආඥා ලිවීම; නමුත් අපගේ ගැලවීම බියෙන් හා වෙව්ලීමෙන් යුතුව ඉෂ්‍ඨ කර ගනිමින් අප අපගේ කොටස ඉටුකළ යුතුය. ආත්මයාණන් අපට දෙන බලය තුළින් ශරීරයේ ක්‍රියා නැසිය යුත්තේ අපමය( රෝම,8:13 ). දේවබිය තුළ ශුද්ධකම සම්පූර්ණ කරමින්, මාංසයේද ආත්මයේද අපවිත්‍ර කම පවිත්‍ර කලයුත්තේ අපමය( 2 කොරි. 7:1 ). මෙම කාර්‍යයේදී ශුද්ධාත්මයාණන් සමග සහයෝගීතාවයේදී ගෝලයා දැඩිමතධාරී(යමක් ඒ අයුරින්ම කළයුතු යයි සිතන) සහ පූර්‍ණ හදවතින් යුතු නම් පවිත්‍ර කිරීමේ කාර්‍යය ඔහුගේ ජීවිතය තුල වේගයෙන් වර්ධනය වනු ඇත. පැහැදිලිව පෙනෙන ලෙස ශුද්ධාත්මයාණන්ගේ මග පෙන්වීමට ඇති ප්‍රතිචාරය ඉතා දුර්‍වල හෝ සෙමින් වන අයෙකුගේ ජීවිතය තුල මෙම කාර්‍යය සෙමින් සිදුවේ. පවිත්‍ර කිරීමට ආශාවීමේදී ඇති සම්පූර්‍ණ කැමැත්ත සැබැවින්ම උරගා බැලෙන්නේ පරික්‍ෂාවට ලක්වන අවස්ථා වලදීය. පවිත්‍ර කරනු ලැබීම යනු ව්‍යවස්ථාවේ ධර්මිෂ්‍ඨකම අපගේ හදවත් තුල සම්පූර්‍ණ කිරීමයි - නමුත් පරණ ගිවිසුම යටතේවූ ආකාරයට භාහිරව පමණක් නොවේ( රෝම 8:4 ). මතෙව්. 5:17-48 යේසුස්වහන්සේ අවධාරණය කළේ මෙයයි. ව්‍යවස්ථාවේ නියමයන් යේසුස්වහන්සේ විසින් මුළු හදවතින් දෙවියන්වහන්සේට ප්‍රේමකිරීම සහ අපට මෙන්ම අප අසල්වාසියාට ප්‍රේමකිරීම ලෙස සංක්‍ෂිප්ත(කෙටි)කරන ලදී( මතෙවි.22:36:40 ). දැන් දෙවියන්වහන්සේ අපගේ හදවත් වල ලියන්නට සොයන්නේ මෙම ප්‍රේමයේ ව්‍යවස්ථාවයි මන්ද එය උන්වහන්සේගේම ස්වභාවයයි( හෙබ්‍රෙව්.8:10; 2 පේත්‍රැස්.1:4 ). මෙහි භාහිර ප්‍රකාශනය සියළු දැනුවත් පාප වලින් ජයග්‍රහණය සහ යේසුස්වහන්සේගේ සියළුම ආඥාවලට කීකරුවීම වනු ඇත ( යොහාන්14:15 ). පළමුව යේසුස්වහන්සේ විසින් තබා ඇති ගෝලත්වයේ කොන්දේසි( ශු:ලූක් 14:26 – 33 ) සම්පූර්‍ණ කිරීමෙන් තොරව මෙම ජීවිතයට ඇතුළු වීම කිසිසේත් නොහැක. මේවා නම් ප්‍රාතමිකව අපගේ සියළුම නෑයන්ට වඩා සහ අපටත් වඩා ස්වාමින්වහන්සේට මුල්තැන දීම සහ අයෙකුගේ ද්‍රව්‍යමය වස්තුව සහ දේපළ වලට බැඳී නොසිටීමයි. අපට පළමුව ඇතුළු වීමට ඇති පටු දොරටුව මෙයයි. ඉන්පසු පවිත්‍ර කිරීමේ පටු මාවත තිබේ. පවිත්‍ර කමට අනුව යන්නට උත්සාහ නොකරන කිසිවෙකු ස්වාමින්වහන්සේව නොදකිනු ඇත( හෙබ්‍රෙව්.12:14 ).

3.මහිමයට පත්කිරීම :

අපගේ හෘදසාක්‍ෂිය තුළ පරිපූර්‍ණව දැන් සිටියහැකි මුත්( හෙබ්‍රෙව්.7:19;9:9,14 ), යේසුස්වහන්සේගේ නැවත පැමිණීමේදී අපට මහිමාන්විතවූ ශරීරයක් ලබන තුරු පාපයෙන් තොරවූ පරිපූර්‍ණත්වයෙන් සිටීම කිසිසේත් නොහැකිවේ( 1 යොහාන්.3:2 ). අපට උන්වහන්සේ මෙන් විය හැක්කේ එවිට පමණි. නමුත් දැන් පවා අප උන්වහන්සේ ගමන් කළාක් මෙන් ගමන් කිරීමට සෙවිය යුතුමය( 1 යොහාන්.2:6 ). අපව කෙතරම් පවිත්‍ර කරනු ලැබූවත් මෙම දූෂිත ශරීරය තිබෙන තාක්, දැනුවත් නොවූ පාප එහි තුළ හමුවනු ඇත( 1 යොහාන් 1:8 ). නමුත් අපගේ හෘදසාක්‍ෂිය තුළ අපට පරිපූර්‍ණ වියහැක( ක්‍රියා 24:16 ) සහ දැනුවත් පාප වලින් නිදහස් වියහැක( 1 යොහාන්.2:1 ආ), දැන් පවා අප පූර්‍ණ හදවතින් යුතු නම්( 1 කොරි.4:4 ). මෙසේ අප ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීමට සහ අපගේ මහිමවත් වීම උදෙසා ඉවසිල්ලෙන් සිටිමු - අපගේ ගැලවීමේ අවසාන කොටස, එනම් අප පව්නැතිව පරිපූර්‍ණවීම උදෙසා ( රෝම8:23;පිලිප්.3:21 ).