WFTW Body: 

අපගේ ආශාව විය යුත්තේ දෙවියන් වහන්සේව වඩ වඩාත් හොඳින් දැන හඳුනා ගැනීමයි, මන්ද මෙය සදාකාල ජීවනයයි. දෙවියන් වහන්සේ වඩ වඩාත් දැන හඳුනා ගැනීමෙන් අපි සදාකාලයම ගත කරන්නෙමු. දෙවියන් වහන්සේව දැන ගැනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට සදාකාලය නීරස නොවන්නේ මෙනිසාය. එවිට අපගේ පොළොවේ දිවියද කිසිදා නීරස නොවනු ඇත. දෙවියන් වහන්සේගේ ජීවිතය ගැන සහ උන්වහන්සේගේ මාර්ග (ජීවන රටාව) ගැන උත්පත්ති 2 හි උන්වහන්සේ ආදම් සමඟ කටයුතු කළ ආකාරයෙන් ඉගෙන ගනිමු. එහිදී ආදම්ට භාර‍්‍යයාවක් අවශ්‍ය බව දුටුවේත් එම අවශ්‍යථාවය සපයමින් ඔහුට භාර‍්‍යයාවක් සෑදූවේත් දෙවියන් වහන්සේ බව අප දකින්නෙමු. එතැන දෙවියන් වහන්සේගේ ස්වභාවය කෙබඳුද යන්න අප දකින්නෙමු. දෙවියන් වහන්සේ තම ජනතාවගේ අත්‍යවශ්‍යථා ගැන නිතරම සෝදිසියෙන් සිටින අතර එම අත්‍යවශ්‍යථා ලබා දීමට උන්වහන්සේට හැකි සෑම දෙයක්ම කරනසේක. අප මෙම දිව්‍යමය ස්වභාවයට පංඟුකාරයන් වනවිට, අපද එසේම වන්නෙමු - සැමවිටම අපවටා සිටින අයගේ අත්‍යවශ්‍යථා සහ ප්‍රශ්ණ ගැන සෝදිසියෙන් සිටිමින් ඒවා සැපයීමට අපට හැකි සෑමදේම කරන්නෙමු! මේ සඳහා අපගේ පැත්තෙන් නිතරම අති විශාල කැපකිරීමක් අවශ්‍ය වන්නේය. ඒ සඳහා මෙම දිව්‍යමය ස්වභාවයට පංඟුකාරවීමට ඇති මිළය ගෙවීමට කැමතිද යන්න අප අපගෙන්ම විමසිය යුතුය.

“දෙවියන් වහන්සේ තම ජනතාවගේ අත්‍යවශ්‍යථා ගැන නිතරම සෝදිසියෙන් සිටින අතර එම අත්‍යවශ්‍යථා ලබා දීමට උන්වහන්සේට හැකි සෑම දෙයක්ම කරනසේක”.

අපගේ, ආදම්ගේ ස්වභාවය මෙම දිව්‍යමය ස්වභාවයට හරියටම ප්‍රතිවිරුද්ධ දෙයයි. ආදම්ගේ ජීවිතය මුළුමණින්ම ආත්මාර්ථකාමී වන අතර අපව අපගේම සහ අපගේ පවුලේ සාමාජිකයන්ගේ අවශ්‍යථා ගැන පමණක් විමසිළිමත් වීමට සළස්වයි. ඇත්තෙන්ම එය කෙතරම් ආත්මාර්ථකාමී හා ඊර්ෂ්‍යාවෙන් පිරී ඇත්ද යත් අනෙක් අයගේ අත්‍යවශ්‍යතා වෙනත් කෙනෙකු විසින් හෝ සපුරාලනවාට එයට කැමති නැත. ඊට හාත්පසින් විරුද්ධව, මිනිසුන් දුක් විඳිනවා දැකීමෙන් එය සතුටු වෙති.

මනුෂ්‍යයා පව් කළවිට දෙවියන් වහන්සේ ජීවන වෘක්ෂය ඉදිරිපිට සෑමදිසාවටම කැරකෙන්නාවූ කඩුවක් සහිත කෙරුබ්වරයෙකු එම ගසට යන මාර්ගය ආරක්ෂා කිරීම පිණිස තැබුවේය. ජීවන වෘක්ෂය සදාකාල ජීවනය සංඛේතවත් කරයි - එනම් දෙවියන් වහන්සේව දැන හැඳින ගැනීමයි. ජීවන වෘක්ෂය ඉදිරිපිට තැබූ මෙම කඩුවෙන්, දෙවියන් වහන්සේ සංඛේතාත්මකව ආදමිට පෙන්වමින් සිටියේ ඕනෑම කෙනෙකුට ජීවන වෘක්ෂයට පංඟුකාර වීමට අවශ්‍ය නම්, ඔහුට පළමුවෙන්ම ඔහුගේ ආත්මාර්ථකාමී ජීවිතය මතට කඩුව පතිත වීමේ අත්දැකීම ලැබිය යුතු බවයි. උත්පත්ති 3: 21 අප කියවනු ලබන්නේ, ආදම් සහ ඒව පව්කළ විගසම දෙවියන් වහන්සේ ඒදන්හීදී සත්වයෙකු මරා උගේ සමින් ඔවුන්ව සැරසවූ බවයි. එතැනදීද දෙවියන් වහන්සේ ඔවුන්ට එම පාඩමම ඉගැන්වූ සේක - එනම් ඔවුනට සැරසීමට හැකි එකම මාර්ගය වනුයේ පූජාවීමේ සහ මරණයේ මාර්ගය බවයි. පළමුව ආදම් සහ ඒව කිසිම "මරණයක්" නැතිව තමන්ව නිකම්ම අත්තික්කා කොළවලින් පමණක් සරසවා ගැනීමට උත්සහ ගෙන තිබුණි. නමුත් දෙවියන් වහන්සේ එම කොළ වීසි කොට නිසි ලෙස පැළඳෙන්නට සුදුසු ආකාරය ඔවුනට පෙන්වා දුන්සේක. එබැවින් පටන්ගැන්මේ සිටම දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට තමන්වහන්සේ සමඟ සහභාගීකම පැවැත්වීමටත් උන්වහන්සේගේ ස්වභාවයෙන් පැළඳී සිටීමටත් මාර්ගය, පූජාවීමක් බවට දෙවියන් වහන්සේ අවධාරණය කළසේක. 

කායින්ගේ මූලික ගැටළුව වූයේ ඔහු තම සහෝදර ආබෙල් කෙරෙහි "යහපත පැතුවේ නැති බව" යැයි දෙවියන් වහන්සේ ඔහුට පැවසූසේක (උත්පත්ති 4: 7). යූද් පොතහි "කායින්ගේ මාර්ගයේ " යන්නාවූ අය ගැන කථා කරයි (යූද් 11). ඒ අය කවුද? ඒ අය නම්, තම සහෝදරයන්ට යහපත නොපතන අය ය. මේ කාරණය සම්බන්ධව ආත්මික පරීක්ෂණයක් කිරීම අප සැමදෙනාටම හොඳය. ඔබ, ඔබගේ සභාවේ සියළුම සහෝදරයන් සහ සහෝදරියන් ගැන සහ ඔවුන්ගේ පවුලේ අය ගැන ඉතාමත්ම හොඳ දෙය පතන බව ඔබට අවංකවම කිවහැකිද? එසේම ඔබට, අන් නිකායන්වල ඔබ දන්නාවූ ඇදහිළිවන්තයන් කෙරෙහි ඉතාමත්ම හොඳ දෙය පතන බව කිවහැකිද? එසේනම් කවය තවදුරටත් පුළුල් කර ඔබ දන්න සෑම දෙනාටම ඔබගේ නෑයන්ටද, ඔබගේ සතුරන් සහ යම් ආකාරයකින් ඔබට හානිකළ අය උදෙසාද ඉතාමත්ම හොඳ දෙය පතන්නේ දැයි ඔබගෙන්ම විමසන්න. වෙන අයෙකුට හෝ ඔහුගේ දරුවන්ට යම් යහපතක් වීම ගැන ඔබට ඔබගේ හදවතේ කළබලයක් දැණේ නම් (ප්‍රීතිවනවා වෙනුවට) හෝ ඔහුට හෝ ඔහුගේ පවුලේ අයට යම් නපුරක් වීම ගැන සතුටක් දැණේ නම් (දුක්වනවා වෙනුවට) එම ආකල්ප වලින් හැඟවෙන්නේ කුමක්ද? මෙන්න මෙයයි, එනම් ආදම්ගේ ජීවිතය ඔබ තුළ සජීවී හා සක්‍රියව පවතින්නේය යන්නයි.

ඔබ, ඔබ ගැනම අවංක නම්, ඔබ කායින්ගේ මාර්ගයේ ගමන් කරන්ණේද නැද්ද යනවග ඉක්මණින් දැනගන්නට යනනේ ය. දෙවියන් වහන්සේගේ ගින්න සහ ආලේපය ඔබ මත නිරතුරුව පැවතීමට ඔබට අවශ්‍ය නම්, ආදම්ගේ එම දුෂ්ඨ ජීවිතය ඔබ ඇතුළෙතෙහි තිබෙන බව දකින විටම එය මරණයට පත් කිරීමට ඔබ ඉක්මන් විය යුතු ය.

තිරිඟු බීජය පොළොවට වැටී සම්පූර්ණයෙන්ම මැරුණු විට පමණක් ඵළදාව බොහෝ ඇතිවන්නේය. අන් අය කුමක් කළත් නොකළත් තමාවම මුළුමණින්ම මරණයට පත් වූ තැනැත්තා කිසි විටෙකත් අමනාප නොවනු ඇත. ඔහු සියළු දෙනා කෙරෙහි සැමවිටම යහපතම ප්‍රාර්ථණා කරයි. ඔහු තමාම ගැන කිසිවිට කිසිම දෙයකට කෝපවන්නේ නැත එසේම කිසිවෙකු සමඟ කිසිවිටෙකත් දබර කරන්නේ ද නැත. ආත්මාණුකම්පාවෙන් ඔහු කිසිවිටෙකත් එක් කඳුළක්වත් හෙළන්නේ නැත - මන්ද, සැබවින්ම මළ මිනිසුන් ඔවුන්ගේ මිණිවල් තුළ වැළපෙන්නේ නැත!!

කායින් ඔහුගේ සහෝදරයා කෙරෙහි යහපත නොපැතූ විට ඔහුගේ මුහුණ බුම්මාගෙන වෙනස්ව තිබුණි (උත්පත්ති 4: 6). අපට ඒගැන අවබෝධයක් නොතිබෙන්නට පුළුවන, නමුත් අපගේ හදවතෙහි ආකල්පය නිතර අපගේ මුහුණෙන් දිස්වේ. ඔබ සියළු දෙනා කෙරෙහි යහපත පතන්නේ නම්, ඔබගේ මුහුණ නිතරම ස්වාමින් වහන්සේගේ ප්‍රීතියෙන් බැබළේ. බොහෝ ඇදහිළිවන්තයින් කායින්ගේ මාර්ගයේ ගමන් කරති. ඔවුන්ගේ දුර්වල සිනාවෙන් සහ ඔවුන්ගේ තොල්වලින් නික්මෙන "ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරව් (Praise the Lord)” කියනවාට යටින් තම සහෝදර ඇදහිළිවන්තයන් කෙරෙහි ඇති වැරදි ආකල්පයන් දක්නට ලැබේ. මිනිසුන් ඔබට එරෙහි වනවිට සහ ඔබට නපුර කරන විට, දෙවියන් වහන්සේ ඔබට හදවතේ සැබෑ තත්ව පරීක්ෂණයක් (scan) ලබා දීම පිණිස ඔවුන්ව පාවිච්වි කරයි. ඔබට ඔවුන්ට ප්‍රේම කිරීමට නොහැකි නම්, ඔබගේ හදවත් පරීක්ෂණය ඔබ දෙවියන් වහන්සේගේ ස්වභාවයට පංඟුකාරවී නොමැති බව පෙන්වා දෙනු ඇත, මන්ද දෙවියන් වහන්සේගේ ස්වභාවය තම සතුරන්ට පවා ප්‍රේම කරන්නකි. යේසුස් වහන්සේ යුදාස් ඉස්කාරියොත් කෙරෙහි ද යහපත පැතූසේක.

දෙවියන් වහන්සේ සියළු මිනිසුන් කෙරෙහි ඉතාමත්ම යහපත පතනසේක. සුභ-ආරංචි පණිවිඩය නම් අපටද මෙම ස්වභාවයට පංඟුකාරවිය හැකි බවයි. මෙළෙස සුභ-ආරංචිය තේරුම් නොගත් අය සුභ-ආරංචිය කිසිසේත් තේරුම් ගෙන නැත.