WFTW Body: 

පාවුල්තුමා පවසන්නේ, තමාගේම යහපත නොතකා, බොහෝ දෙනෙකු ගැළවෙන පිණිස ඔවුන්ගේ යහපත සෙවූ බවත්, පසුව ඔහු ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන්නාක් මෙන් ඔහුව අනුගමනය කරන මෙන් අපෙන් ඉල්ලා සිටි බවත් කියා ය (1 කොරින්ති 10: 32 සහ 11: 1 එකට කියවන්න).

රාගය, ක්‍රෝධය, තිත්තකම, මුදලට ඇති ඇල්ම වැනි යම් නිශ්චිත ක්ෂේත්‍රවලදී අපට යේසුස් වහන්සේව අනුගමනය කළ හැකි වුවත් මාංශයේ පාපයේ මුලට පහර නොදී තවදුරටත් සිටීමට පුළුවන. ලුසිෆර් සහ ආදම් පව් කළේ - කාමමිථ්‍යාචාරය කිරීමෙන් හෝ මිනීමැරීමෙන් හෝ ද්වේෂ සහගතව කථා කිරීමෙන් හෝ කේළාම් කීමෙන් හෝ ඔවුන්ගේ ඇස්වල තෘෂ්ණාවෙන් වත් නොවේ. ඔවුන් දෙදෙනාම තම වාසිය හා ප්‍රතිළාභය අපේක්ෂාවෙන් පව් කළහ. සියලු පාපයේ මුල මෙයයි - අපේම දේ සෙවීම යි (තම කැමැත්ත කිරීම යි).
 

අපගේ ජීවිතයේ මූලික දිශානතිය වෙනස් වන්නේ මෙම නපුරු මුලට පොරව තැබූ විට පමණකි. එතෙක්, අපට බොහෝ ක්ෂේත්‍රවල ජයග්‍රහණය ලබා ගත හැකි අතරම තවදුරටත් අපගේම වාසිය හා ප්‍රතිළාභය සහ ගෞරවය සොයමින් සිටිය හැකිය. පාපයෙන් ජයග්‍රහණය දේශනා කරන බොහෝ අය පවා පරිසිවරුන් ලෙස අවසන් කරන්නේ මේ නිසාය.

නමුත් තමන්ගේම දේ සෙවීම, අවසාන කිරීමට උත්සුකව කටයුතු කරන අය, පාවුල්තුමා මෙන්, ඔවුන්ද " බොහෝ දෙනෙක් ගැලවෙන පිණිස අන් අයගේ යහපත "  සොයන්නට පටන් ගන්නා බව දැන ගනීවි (1 කොරින්ති 10: 32 ). "යුදෙව්වන්, අන්‍යජාතීන් සහ සභාව" - එනම් පැරණි ගිවිසුම යටතේ සිටින අය, ගිවිසුමක් නොමැති අය සහ නව ගිවිසුම යටතේ සිටින අය යන කාණ්ඩ තුනක් ගැන පාවුල්තුමා පසු පදයේ (1 කොරින්ති 10: 33) කථා කරයි. ඔවුන් සියල්ලන්ම ගැළවීම ලබනවාට ඔහු ආශාවෙන් සිටියේය. අද අප අවට සිටින්නේ එම කාණ්ඩ තුනමය - පාපයෙන් ජය නොලබන ඇදහිළිවන්තයින් (පැරණි ගිවිසුම), නොඇදහිළිවන්තයින් (කිසිදු ගිවිසුමක් නැති) සහ පාපයෙන් ජය ගනිමින්  ජීවත් වන යේසුස් වහන්සේගේ ගෝලයන් ය(නව ගිවිසුම). මෙම මිනිසුන් කණ්ඩායම් තුන කෙරෙහිම අපගේ ආකල්පය විය යුත්තේ : "මම, මාගේම වාසිය නොසොයා, තම මාංශයෙහි වාසය කරන සියලු පාපයෙන් ඔවුන් ගැලවෙන පිණිස ඔවුන්ගේ  ප්‍රතිළාභය සොයමි” යන්නය. යේසුස් වහන්සේ ස්වර්ගයෙන් පැමිනුණු විට උන්වහන්සේ තුළද පැවති ආකල්පය වූයේ මෙයයි.

"මම, මාගේම වාසිය නොසොයා, බොහෝ අය ගැළවීම ලබන පිණිස ඔවුන්ගේ ප්‍රතිළාභය සොයමි” : යන ආකල්පය තිබෙන ඇදහිළිවන්තයින්ට පමණ ක් - සභාව, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ලෙසට ගොඩනැඟීමට හැකි වන්නේය. නොඑසේ නම් ඔවුන් රැස්වීම්වලදී ගැඹුරු විෂයයන් බෙදා ගැනීම පවා, ඔවුන්ගේම ගෞරවය සඳහා පමණක් වනු ඇත.

යේසුස් වහන්සේ කිසිවිටෙක තමන්ගේම දේ නොසෙව් සේක. උන්වහන්සේ නිතරම තම පියාණන්ගේ ගෞරවය (මහිමය) සෙවූ සේක. මෙය පමණක් සැබෑ ආත්මිකත්වය යි - මෙයට වඩා අඩු කිසිවක් නොවේය. පුද්ගලයෙකු ජීවත්වන්නාවූ පරම අරමුණ ඔහු දේව භක්තිකයෙකුද පව්කාරයෙකුද යන්න තීරණය කරයි - රාගය සහ ක්‍රෝධය ආදියෙන් ඔහු ඉඳහිට ලබන කුඩා ජයග්‍රහණ පමණක් නොවේ. - මේවා ද වැදගත් වුවත්, මන්දයත් යමෙක් තමාගේ සතුට (තෘප්තිය) සොයන්නේ නැති බව ඒවායින් ද ඔප්පු වන බැවිනි. යේසුස් වහන්සේ වෙනත් සන්දර්භයකදී පැවසූ පරිදි, “ඒ දේවලුත් නෑර මේවාත් කටයුතුව තිබුණේය”.