WFTW Body: 

සාලමොන්ගේ ගීතිකාව 1: 5 හි - මනාලිය පවසන්නේ "මම කළු නමුත් ලස්සණයි" ඇය අදහස් කළේ ඇය ආකර්ශනීය නොවන නමුත්, ඇගේ මනාලයා ඇයව තෝරාගෙන ඇති බවයි. දෙවියන් වහන්සේ ප්‍රධාන වශයෙන් ලෝකයේ සිටින බලවතුන් හා උතුම් දක්ෂයන් මගහැර, දුප්පතුන් සහ මෝඩයින් තෝරාගෙන ඇති බව බයිබලය පවසයි (1 කොරින්ති 1: 26-29). සමහර විට අප සමහරෙකුට මෙසේ හැඟෙන්නට පුළුවනි, "මට අනිත් අය මෙන් හැකියාවක් නැත. මම බුද්ධිමත් නැත. මට අනිත් අය මෙන් කථා කරන්න බැ‍රිය. මාගේ හැකියාවන් ගෙන් මම බොහෝ සීමිතය." එහෙත් ස්වාමීන් වහන්සේ අපව තෝරාගෙන ඇත! යෙරුසලමේ ලස්සණ කාන්තාවන් සිටියත්, මනාලයා මේ කළු ජාතිකයා තෝරා ගත්තේය.

යේසුස් වහන්සේ එසේ කරන්නේ උන්වහන්සේ සොයන්නේ හදවතේ ගුණාංග මිස, පෙණුම, තළෙන්ත හෝ හැකියාවන් නොවේය. මෙහිදී අප යමක් ඉගෙන ගත යුතුය. අපගේ සියලු ස්වාභාවික හැකියාවන්, පවුල් පසුබිම සහ ජයග්‍රහණ සැබවින්ම දෙවියන් වහන්සේට කිසිදු වටිනාකමක් නැත. උන්වහන්සේ සොයන්නේ භක්තියෙන් යුත් හදවතකි. ස්වාමින් වහන්සේ තමන්වහන්සේගේ සේවකයෙකු වීමට යමෙකු සොයන විට, උන්වහන්සේ සොයන්නේ මෙයයි.

ඇය කළු වූවත්, මනාලයාගේ ඇස් හමුවේ ඇය ලස්සණ බව මනාලිය දැන සිටියාය. බොහෝ විවාහක කාන්තාවන් දුක් විඳින්නේ තම ස්වාමිපුරුෂයින් සැබවින්ම ඔවුන්ව පිළිගෙන ඔවුන් කෙරෙහි සතුටු වන බවක් නොදැනීමයි. මම මාගේ බිරිඳ කෙරෙහි සතුටු වෙමි. ඔබ සෑම ස්වාමිපුරුෂයෙකුම එසේ කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි. ඔබ ඇය කෙරෙහි සතුටු වන බව ඔබේ බිරිඳ දැන සිටීම ඉතා වැදගත් වේ. එලෙසම, බොහෝ ඇදහිළිවන්තයින් ස්වාමින් වහන්සේ ඔවුන් කෙරෙහි ප්‍රීති වන බව නොදනිති.ශෙපනියා 3: 17 පවසන පරිදි, " ඔබ අතරේ සිටින ඔබේ දෙවි ස්වාමීන් වහන්සේ බලවත් ය. උන්වහන්සේ ප්‍රීති ඝෝෂා නඟමින් ඔබ වෙනුවෙන් මොරගසයි." අපව උන්වහන්සේගේ දරුවන් ලෙස ලැබීම ගැන දෙවියන් වහන්සේ ඉතා සතුටු වනසේක. ඔබ එය දන්නෙහිද? අපි මිනිසුන්ගේ ඇස් හමුවේ අවලස්සණ වීමට පුළුවන, නමුත් දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ අපි ලස්සණය. අපි මෙය පැහැදිලිව තේරුම් ගැනීම ඉතා වැදගත් වේ.

"ලස්සණ, මනරම්, නාගරික කෙල්ලනි, මා දෙස පහත් කොට නොබලන්න" ( සාලමොන්ගේ ගීතිකාව 1: 6). ඇය අසංස්කෘතික, ගැමි ගැහැණු ළමයෙකු වූ අතර යෙරුසලමේ ශිෂ්ඨ නාගරික ගැහැණු ළමයින් ඇය දෙස පහත් කොට බැලූහ. නමුත් මනාලයා දක්ෂ, චමත්කාරජනක, නගරබද ගැහැණු ළමයින් සියල්ල නොසලකා හැර එම ගැමි දැරිය තෝරා ගත්තේය. ස්වාමීන් වහන්සේ අපව තෝරාගෙන ඇත්තේද එලෙසය. ඒ උදෙසා ස්වාමීන් වහන්සේට ප්‍රශංසාවේවා! වෙනත් ඇදහිළිවන්තයින් ඔබ දෙස පහත් ලෙස බලනවාද? අධෛර්යමත් නොවන්න, මක්නිසාද ඔබ ඔබේ ස්වාමීන් වහන්සේට අනර්ඝයි! එසකියෙල් 16 යනු අපි අපවිත්‍රව හා කුණු වී නොසලකා හරිමින්, පාර අයිනේ අසරණව වැතිර සිටියදී දෙවියන් වහන්සේ අපව ගොඩගත් ආකාරය විස්තර කරන සුන්දර පරිච්ඡේදයකි.

සාලමොන්ගේ ගීතිකාව 5: 16 හි මනාලිය ඇගේ මනාලයා විස්තර කරන්නේ ඔහු අතීශයින්ම ප්‍රියකරුය ඔහු මාගේ පෙම්බර මිතුරා" ලෙසයි. යේසුස් වහන්සේ ඔබගේ ගැළවුම්කරුවාණන් පමණක් නොව ඔබේ මිතුරාද බව ඔබට පැවසිය හැකිද? යේසුස් වහන්සේ ඔබගේ සමීපතම හා ආදරණීය මිතුරා වීමට ඉඩ හරින්න.