WFTW Body: 

සාතන්ගේ ප්‍රධාන ආයුධවලින් එකක් වන්නේ "බියයි". ඌ එය නිරන්තරයෙන් භාවිතා කරයි. ඇදහිළිවන්තයින් අන් අයව බිය ගැන්වීමට හෝ අන් අයට තර්ජනාත්මකව උත්සාහ කරන විට, ඔවුන් සාතන්ගේ ආයුධ ගබඩාවෙන් ආයුධයක් භාවිතා කරන බැවින්, ඔවුන් (නොදැනුවත්ව වුවද) සාතන් සමඟ සහභාගිකම් පවත්වති. "දෙවියන් වහන්සේ අපට බයාදුකමේ ආත්මයක් දෙන්නේ නැත"(2 තිමෝති 1: 7). බිය සැමවිටම සාතන්ගේ ආයුධයකි. එබැවින් මනුෂ්‍යයින් අපට එරෙහිව පාවිච්චි කරන තර්ජන සහ බිය ගැන්වීමේ උපක්‍රමවලට අප බිය විය යුතු නැත. එවැනි මිනිසුන් තමන් "ඇදහිළිවන්තයින්" ලෙස හැඳින්වුවද, සියල්ලන්ම සාතන්ගේ නියෝජිත‍යින් වේ. මෙය අපගේ මුළු ජීවිතයටම ඉගෙන ගත යුතු පාඩමකි.

" ස්වාමීන් වහන්සේව ප්‍රසන්න කරන්නාවූ දේ ගැන අපව කෙතරම් සංවේදී කිරීමට ශුද්ධාත්මයාණන් වහන්සේට අවශ්‍ය වන්නේ ද යත්, අපට බොහෝ කටහඬවල් ඇසෙන ඕනෑම මංසන්දියකදී, දෙවියන් වහන්සේව මහිමයට පත් කරන මාර්ගය කුමක්දැයි අපි දැනගන්නෙමුව."

මිනිසුන් "බිය ගන්වන" ආකාරයකින්වත් අප දේශනා නොකළ යුතුය. නිරය ගැන මිනිසුන්ට අනතුරු ඇඟවීම සහ ඔවුන් බිය ගැන්වීමට උත්සාහ කිරීම අතර වෙනසක් ඇත. යේසුස් වහන්සේ කිසිවිටෙකත් කිසිවෙකු බිය ගැන්වීමට උත්සාහ කළේ නැත. විවිධ පද උපුටා දක්වමින් අපව ඔවුන්ට වුවමනා ආකාරයට වරදකාරිත්වයට හා හෙළා දැකීමට තර්ජනාත්මකව උත්සාහ කරන දේශකයින්ට අප කිසිවිටෙකත් බිය නොවිය යුතුය. දේශකයින් තම සභාවෙන් පිටව යන්නාවූ හා ඔවුනට දසයෙන් කොටස නොගෙවන ඇදහිළිවන්තයින්ට දෙවියන් වහන්සේගේ විනිශ්චයෙන් තර්ජනය කරති. මේ සියල්ල සාතන්ගේ උපක්‍රම වේ.

"ස්වාමීන් වහන්සේ කෙරෙහි බිය ඇතිව සිටීමට ඉවෙන් මෙන් ඉක්මන් වීම"වැදගත් වේ (යෙසායා 11: 3 වචනාර්ථයේ පරිවර්තනය). පොලිස්- සුනඛයෙකුට බොහෝ හරස් මාර්ග ඇති එමෙන්ම බොහෝ කටහඬවල් ඇසෙන හන්දියක වුවද අපරාධකරුවෙකු ඉව කළ හැකි සේ, ස්වාමීන් වහන්සේව ප්‍රසන්න කරන්නාවූ දේ ගැන අපව කෙතරම් සංවේදී කිරීමට ශුද්ධාත්මයාණන් වහන්සේට අවශ්‍ය වන්නේ ද යත්, අපට බොහෝ කටහඬවල් ඇසෙන ඕනෑම මංසන්දියකදී, දෙවියන් වහන්සේව මහිමයට පත් කරන මාර්ගය කුමක්දැයි අපි දැනගන්නෙමුව. ඔබ සියළු දෙනා මේ තත්වයන් ගැන ඉවෙන් මෙන් දැන ගැනීමට ඉක්මන් වේවා. ඔබ ජීවත් වන්නේ පාපය සහ දූෂණය පිරුණු වට පිටාවකින් යුත් නපුරු දේශයකය. ඔබව පවිත්‍රව තබාගන්න.

සාතන්ගේ තවත් මූලික ආයුධයක් වන්නේ අධෛර්‍යමත් වීමයි. අධෛර්‍යමත් වීම සෑමවිටම සාතන්ගෙන්ය - ඔව්, සෑමවිටම - එය කිසිවිටෙකත් දෙවියන් වහන්සේගෙන් නොවේය. එබැවින් කිසිවිටෙක ඔබව අධෛර්‍යමත් කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න - ශාරීරිකව, භෞතිකමයව අධ්‍යාපනය තුළ හෝ ආත්මිකව හෝ වෙන මොනයන්ම දෙයකදි වුවද වේවා.

සාතන්ගේ අරමුණ ඔබව මුලින්ම අධෛර්‍යමත් කිරීමෙන් පාපයට යොමු කිරීමයි. ඔබ පරෙස්සම් නොවන්නේ නම් - තනිකම සහ ගෙදර යෑමට ඇති ආශාව ද අධෛර්‍යමත් කිරීමේ මූලාශ්‍ර බවට පත්විය හැකිය. ඔබ ඒවා සමඟ සටන් කර ජය ගත යුතුය. දෙවියන් වහන්සේ ඔබට අනුග්‍රහය ලබා දෙනු ඇත.

ඔබ සැලකිල්ලට නොගත් සාධක සහ ඔබට දැකිය නොහැකි එහෙත් උන්වහන්සේ ඔබට කලින් දකින අනතුරු ගැන ස්වාමින් වහන්සේ කල්තියා ඔබට අනතුරු අඟවා දෙන සේක්වා. ස්වාමීන් වහන්සේ ඔබට ප්‍රඥාව ලබා දී ඔබව ආරක්ෂා කරන සේක්වා.

ඇදහිල්ලෙන් උන්වහන්සේගෙන් ඉල්ලන අයට දෙවියන් වහන්සේ ප්‍රඥාව පොරොන්දු වී ඇත (යාකොබ් 1: 5). ඔබ නොඉල්ලන්නේ නම් හෝ ඔබ ඉල්ලුවත්, ඔබට අත්‍යවශ්‍ය ප්‍රඥාව දෙවියන් වහන්සේ නියත වශයෙන්ම ලබා දෙන බව විශ්වාස නොකරන්නේ නම්ද, ඔබට එය ලැබෙන්නේ නැත.

කෙසේ වෙතත් දෙවියන් වහන්සේගේ අරමුණ ඔබට වැඩිපුර මුදල් ඉපයීමට උපකාර කිරීම නොව, නමුත් ඔබව වඩාත් ක්‍රිස්තුස් වහන්සේ මෙන් සෑදීම බව මතක තබා ගන්න. දෙවියන් වහන්සේ ඔබට ලබා දීමට සුදුසු යැයි පෙණෙන ඕනෑම භූමික සමෘද්ධියක්, උන්වහන්සේ ඔබට දෙනු ඇත. නමුත් එය ප්‍රාථමික නොවනු ඇත - මක්නිසාද මුදල් රැස් කිරීමේ කාර‍්‍යයභාරය දෙවියන් වහන්සේ විසින් ලබාදී ඇත්තේ ලෞකික මිනිසුන්ට (පව්කාරයින්ට) මිස - අපට නොවේය (දේශනාකාරයා 2: 26 බලන්න).

©Zac Poonen – [email protected]