WFTW Body: 

යාච්ඤාව යනු දෙවියන් වහන්සේට කථාකිරීම පමණක් නොව, නමුත්උන්වහන්සේට සවන් දීමත් ය. උන්වහන්සේට කථාකිරීමට වඩා සවන් දීම වඩාත් වැදගත් ය. මෙය සලකන්න : ඔබ දුරකථනයෙන් කථා කරන්නේ වැඩිහිටි හා වඩා දේව භක්තික පුද්ගලයෙකු සමඟ නම්, ඔබ කථා කරනවාට වඩා වැඩියෙන් සවන් දෙනු ඇත. සැබෑ යාච්ඤාවේදීද එය එසේ විය යුතු ය - ඔබ කථා කරනවාට වඩා දෙවියන් වහන්සේට සවන් දිය යුතුය.

ඔබ යමක් කිරීමට ඉතා කැමැත්තෙන් සිටින්නේ නම්, ඔබේ හෘදසාක්ෂිය ලිහිල් කිරීම සඳහා කෙටියෙන් යාච්ඤා කිරීමෙන්, එය දෙවියන් වහන්සේගේ කැමැත්ත යැයි ඔබට පහසුවෙන්ම ඔබව රවටා ගත හැකිය. ඉන්පසු එය කිරීම ගැන ඔබට "ඔබේ හදවතේ සාමයක්" දැනෙන බව ඔබටම කියාගෙන - එලෙසින් ගොස් එය කරන්න පුළුවන! එමගින් ඔබට දෙවියන් වහන්සේගේ කැමැත්ත සම්පූර්ණයෙන්ම මඟ හැරෙන්නට පුළුවන. මතක තබා ගන්න: ඔබ ගත යුතු තීරණය වඩා වැදගත් වන තරමට, ඔබ ක්‍රියා කිරීමට පෙර දෙවියන් වහන්සේ කෙරෙහි වැඩි වැඩියෙන් බලා සිටිය යුතුය.

මාංශය මූලික වශයෙන් කම්මැලි, සතුටට-ප්‍රිය කරන සහ සැප පහසුවට-ප්‍රිය කරන සුළුය. එයින් මුළා නොවන්න. දෙවියන් වහන්සේගේ කැමැත්ත සෙවීමට උත්සාහ කරන විට, ඔබේ ඉන්ද්‍රියයන් හරහා ඔබට එන හැඟීම් ඔබ ප්‍රතික්ෂේප කළ යුතුය. ඔබ සිතන ආකාරය සහ දෙවියන් වහන්සේගේ සිතුවිලි අතර අහස සහ පොළොව අතර ඇති තරම් වෙනසක් ඇත ( යෙසායා 55: 8, 9 ). දෙවියන් වහන්සේ, දේවල් කරන ආකාරය ඔබට වඩා බොහෝසේ උසස්ය. එනිසයි දෙවියන් වහන්සේට ඔබ උන්වහන්සේට යටත් වීම අවශ්‍ය වන්නේ - උන්වහන්සේගේ උපරිමය ලබා ගැනීමටය.  

ඔබට යාච්ඤාවෙන් සිටින්න වැඩි වේලාවක් නැතිවන්නට පුළුවන. නමුත් ඔබගේ තීරණ ගැනීමේදී ස්වාමින් වහන්සේ කෙරෙහි බලා සිටීමේ ආකල්පයක් ඔබට තිබිය යුතුය. එමනිසා දෙවියන් වහන්සේ සමඟ දිනපතා මිනිත්තු කිහිපයක් ගත කිරීමට ඔබවම හික්මවන්න - වඩාත් සුදුසු උදෑසනම පළමු කාර්‍යය ලෙසය. එසේ නොවුවහොත් ඔබට ඇතිවන හැඟීම් වලට, ඔබේ ජීවිතය උදෙසා දෙවියන් වහන්සේගේ කැමැත්තෙන්, ඔබව නොමඟ යැවිය හැකිය.

සෑම දිනකම ඔබ සමඟ කථා කිරීමට දෙවියන් වහන්සේට අවශ්‍යය. බයිබලයේ පළමු පිටුවෙන් ලැබෙන පණිවිඩය මෙයයි, එහි මෙසේ සඳහන් වේ. "පළමු දින දෙවියන් වහන්සේ කථා කළසේක.... දෙවෙනි දින දෙවියන් වහන්සේ කථා කළසේක....... තුන්වන දින, ........ හතරවෙනි, ........ පස්වන සහ  හයවෙනි දවසේදී දෙවියන් වහන්සේ කථා කළසේක. දෙවියන් වහන්සේ කථා කරන විට සෑම දිනකම යමක් සිදු වූ අතර අවසාන ප්‍රතිඵලය වූයේ "ඉතා හොඳයි" යන්නයි. ඔබ දිනපතා දෙවියන් වහන්සේට සවන් දෙනවා නම් ඔබේ ජීවිතයටද එය එසේ විය හැකිය. යේසුස් වහන්සේ පැවසුවේ, "දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සෑම වචනයකින්ම මනුෂ්‍යයා ජීවත් වන්නේය" කියාය ( මතෙව් 4: 3). ඔබේ ජීවිතයේ සෑම දිනකම ඔබ දෙවියන් වහන්සේට මුල් තැන නොදෙන්නේ නම්, ඉතා පහසුවෙන්ම පසුබට වීමට ලක්වීය හැකිය.

"දෙවියන් වහන්සේට ඇහුම්කන් දීම" යන්නෙන් මා අදහස් කරන්නේ බයිබලය කියවීම නොව, දවස පුරා ඔබේ හෘදය සාක්ෂිය තුළ ශුද්ධාත්මයාණන්ගේ හඬට සවන් දීමෙන්, ඔබ උන්වහන්සේට ප්‍රිය කරන දේ කිරීමෙන් සහ උන්වහන්සේට අප්‍රසන්න කිසිම දෙයකින් වැළකී සිටීමයි.

දෙවියන් වහන්සේට සැමවිටම අවශ්‍ය වන්නේ අපගේ යාච්ඤාවලට පිළිතුරු දීමටය. නමුත් අපි උන්වහන්සේගෙන් පිළිතුරක් සඳහා උනන්දුවෙන් බලා සිටිය යුතුය. විටෙක උන්වහන්සේගේ පිළිතුර ''නැත'' විය හැක. විටෙක එය ''ඉන්න'' විය හැක. රතු, කහ සහ කොළ පැහැති මාර්ග සංඥා මෙන්ම දෙවියන් වහන්සේගේ පිළිතුරද "නැත", "ඉන්න" හෝ "ඔව්" විය හැකිය.