WFTW Body: 

සොල්දාදුවන්ට තම දේශය ස්වාධීනව හා නිදහස්ව තබා ගැනීම උදෙසා තම දේශය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළ හැකි නම්, සාතන්ව ලජ්ජාවට පත් වන පිණිස, අපගේ ස්වාමින් වහන්සේට සෑම ආකාරයකින්ම අපගේ ජීවිත තුළින් ගෞරවය ලැබෙන පරිදි, සියල්ල (අපගේ ජීවිත පවා) පරිත්‍යාග කිරීමට අප කොපමණ කැමති විය යුතුද?

ඔබගේ කර්තව්‍යයන්හිදී ඔබ ආශ්චර‍්‍යයමත් ලෙස දෙවියන් වහන්සේගෙන් අනුග්‍රහය ලබාගන්නේ යැයි මම බලාපොරොත්තු වෙමි. ඔබේ අධ්‍යාපනය සහ රැකියාව උදෙසා අදහස් ලබා දෙන ලෙස ඔබට දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිය හැකිය. දෙවියන් වහන්සේ ඔබට උපකාර කරනු ඇත. ඇදහිල්ලෙන් ඉල්ලා - උන්වහන්සේට ඔබ වෙනුවෙන් කළ හැකි හාස්කම් මොනවා දැයි අත් දකින්න. එවැනි අවස්ථාවන්හි අප තුළින් උන්වහන්සේගේ ප්‍රකාශවීම ඔප්පු වීමෙන් උන්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ශක්තිමත්වේ. සෑමවිටම දෙවියන් වහන්සේට ගෞරව කරන්න. උන්වහන්සේට ගෞරව කරන අය නිතරම ජීවිතයේ සෑම ක්ෂේත්‍රයකම හොඳම දේ ලබා ගනී. මම නැවත ඉපදුන දා පටන් එය මාගේ ජීවිතයේ කොතෙක් දුරට ඔප්පු කර ඇත්දැයි කිවහොත්, පහත සදහන් කරුණු මා ළොව වටා ගොස් සෑමතැනම සිටින සියළු මනුෂ්‍යයින්ට කීමට ලැබේ යැයි ප්‍රාර්ථනා කරමි.

- සෑම ක්ෂේත්‍රයකම දෙවියන් වහන්සේට ගෞරව කරන්න.

- සෑමවිටම ඔබේ සෙනෙහසෙහි මුල් තැන දෙවියන් වහන්සේට දෙන්න.

- සෑමවිටම ඔබේ හෘද-සාක්ෂිය පවිත්‍රව තබා ගන්න.

ප්‍රයෝජනවත් ජීවිතයක් ගත කිරීමට ඔබට හැකි වන්නේ එවිටය.

මේ දේවල් වලට වැදගත්කමක් නොදෙමින්, තමන්ගේ දක්‍ෂථාවයෙන්, තමන්ගේ භූමික නිපුණතාවයන් තුළින් ප්‍රයෝජනවත් ජීවිතයක් ගත කළ හැකි යැයි සිතා සිටින්නාවූ අය මේ ලෝකෙ ඉන්න ලොකුම අඥානීන් වෙති. මෙවැනි අය කිසිවෙකුට අවසානයේ කිසිවෙකු තෘප්තිමත් කළ නොහැක.

යොහාන් 15 යනු අපූරු පරිච්ඡේදයකි. බැඳී පැවතීම යනු කනස්සල්ලෙන් හෝ ආතතියකින් තොරව පරිපූර්ණ විවේකීව සිටීමේ පින්තූරයකි (මිදිවැලෙහි අත්තක් ලෙස) - එය අපගේ ජීවිතයේ සෑම දෙයක් කෙරෙහිම දෙවියන් වහන්සේ සැලකිළිමත් වන බවට ඇදහිල්ලේ ප්‍රතිඵළයකි. වෙහෙස මහන්සි වී ක්‍රියා කිරීමට සිදුවනු ඇතත්, කනස්සල්ලට පත්වීමක් හෝ කිසි ආතතියක් එහි නැත. ගසේ සිට අත්තට සාරය නිරන්තරයෙන් ගලා යාමෙන් පෙන්ණුම් කරන්නේ ශුද්ධාත්මයාණන්ගේ නිරන්තර පිරවීමේ අත්‍යවශ්‍යථාවයයි.

කරුණු දෙකක් සඳහා ස්වාමීන් වහන්සේව සොයන්න:

(1) ඔබ අද දක්වා කිසි දිනක පව් නොකළාක් මෙන් උන්වහන්සේ සැබවින්ම ඔබව දකින තරමට උන්වහන්සේගේ ධර්මිෂ්ඨ කිරීම කෙතරම් බලවත්ද යන්න උන්වහන්සේගේම වචනයෙන් උන්වහන්සේ ඔබට පෙන්වා දෙන පිණිසත්,

(2) මා ගැන වූසියලු මිනිසුන්ගේ මතවලින් සම්පූර්ණයෙන්ම නිදහස් වීම පිණිසත් ය.

මනුෂ්‍යයින් අප ගැන හිතන දේට අපි කොපමණ වහල් වී ඇත්ද කියා අපිට තේරෙන්නේ නැත. ඔබ මෙම කරුණු දෙක මත ක්‍රියා කරන්නේ නම්, ඔබට ස්වාමින් වහන්සේගේ හස්ථයේ ඉතා ඵළදායී භාජනයක් විය හැකිය. සාතන් බොහෝ විට උත්සාහ කරන්නේ අපගේ අතීත අසාර්ථකත්වයන් මතකයේ තබා ගනිමින් අප යටහත් යැයි සිතීමට අපව පෙළඹවීමටයි. නමුත් අපගේ අතීත අසාර්ථකත්වයන් ගැන අප සිතිය යුතු එකම අවස්ථාව වන්නේ, වෙනත් අයෙකුට දැඩි ලෙස ක්‍රියා කිරීමට අපව පෙළඹෙන විටය (2 පේතෘස් 1: 9) - වෙනත් අවස්ථාවක නොවේය.

මෙම කරුණු දෙක පිළිබඳව ඔබ පැහැදී සිටී නම්, ඔබව පොළොවෙහි බැඳ තැබිය හැකි කිසිවක් නොමැතිව ඔබේ ජීවිතය රොකට්ටුවක් මෙන් ඉහළ යනු ඇත. මෙම කරුණු ගැන තර්කාන්විතව හෝ බුද්ධිමය වශයෙන් තර්ක කිරිමෙන් තේරුම් ගැනීමට උත්සාහ නොකරන්න. දෙවියන් වහන්සේගේ වචනය අදහමින්, එය කෙරෙහි විශ්වාසය තබන්න.

ස්වයං - හෙළාදැකීම සහ අධෛර‍්‍යයට පත්කිරීම සැමවිටම සාතන්ගෙන් ය. ඔබ කිසිවිටෙකත් අතීතයේ ජීවත් නොවිය යුතුය. ඔබේ අතීත අසාර්ථකත්වයන් මෙන්ම ඔබේ අතීත සාර්ථකත්වයන් ගැනත් සිතීම නවත්වන්න. ඔබ වැටෙන විට, වහාම නැඟිට, දිවීම දිගටම කරගෙන යන්න. කවදාවත් අත්නොහරින්න.

©Zac Poonen – [email protected]